Sahan House Of Imhotep

Sahan House Of Imhotep Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan House Of Imhotep, Negombo.

ගායත්‍රී භුවනේෂානි දුර්ගා කාල්යාදි රූපිනී
මත්ස්‍ය කූර්ම වරාහාදි නානාරූප විලාසිනී....❤️✨️

"ගායත්‍රී, භුවනේෂ්වරී, දුර්ගා, කාලී ආදී ස්වරූප වලින් පෙනී සිටින දෙවඟන...
මත්ස්‍ය, කුර්ම, වරාහ ආදී විවිධ ස්වරූප ධාරණය කරගත් දෙවඟන...."🩷🪷

🌺තිරුමේච්චූර් ලලිතාම්භිකා දේවිය     (සහස්‍රනාමයේ අපූරූ උපතේ කථාව)අරුල්මිගු ශ්‍රී ලලිතාම්භිකා සමේත මේඝනාද ස්වාමී කෝවිල මෙ...
30/03/2026

🌺තිරුමේච්චූර් ලලිතාම්භිකා දේවිය
(සහස්‍රනාමයේ අපූරූ උපතේ කථාව)

අරුල්මිගු ශ්‍රී ලලිතාම්භිකා සමේත මේඝනාද ස්වාමී කෝවිල මෙම කෝවිලේ සැබෑ නාමයයි. සත්‍යවශයෙන්ම මෙය ශිව දෙවියන්ගේ ස්ථලයකී. එහෙත් බොහෝදෙනා මෙහි පැමිණෙන්නේ ලලිතාම්භිකා දේවිය දැකීමටයී. මෙම කෝවිලේ සුවිශේෂත්වය නම් අද ඔබ මම පරායණය කරන ශ්‍රී ලලිතා සහස්‍රනාමයේ උපත සිදුවුන ස්ථලයේ මෙය බැවිනි. එම පුරාවෘත්තය මෙසේය.

තුන් ලෝකයටම හිසරදයක් වූ භණ්ඩාසුර අසුරයා දේවීය විසින් සම්හාරය කිරිමෙන් අනතුරුව දේවිය අතිශයින් උග්‍ර භවයකට. පත් වූ අතර මෙය දුටු ශිව පෙරුමාන් දේවියට තිරුමේච්චූර් ප්‍රදේශයට ගොස් ස්වයං තපසක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය. දේවිය විසින්
තිරුමේච්චූර් ප්‍රදේශයට පැමිණ මහා තපස්යාවක නිරත වී තම තාමසික ස්වභාවය යටපත් කරගනිමින් ස්වයං ශාන්ත ස්වභාවයකට පත්විය. මෙම සිද්ධිදාමය නිසා දේවියගේ සිතේ ආනන්දයක් ජනිත වූ අතර දේවිය තම වශින්යාදී වාග් දේවතාවියන් වන වශිනී, කාමේශ්වරී, මෝදිනී, විමලා, අරුණා, ජයනී, සර්වේශ්වරී, කෞලිනී යන වාග් දේවතාවියන් හට අමතන ලදී ඔවුන් මහා දේවියට "මනෝන්මනී" යනුවෙන් අමතනු ලැබු අතර මෙම කරුණ නිසා දේවියට තම සියලු නාමයන් ඇතුලත් කර සහස්‍රනාමයක් නිර්මාණය කිරිමට සිත්විය. එහිදී වාගේ දේවතාවියන් අතින් එක් පරායණයකින් පවා කෝටී පුණ්‍යයන් අත්වන ශ්‍රී ලලිතා සහස්‍රනමය නිර්මාණය කර මහා දේවිය ඉදිරියේ ගායනා කරන ලදී. එසේ මුල් වරට සහස්‍රනාමය ගායනා කල අතර පසු කලෙක හයග්‍රීව භගවාන්ගෙන් මෙම රහස්‍ය නාමයන් දැනගත් අගස්ත්‍ය සෘෂී මෙම ස්ථලයේ වෙත පැමිණ දේවියට ආර්චනා කරමින් ස්තෝත්‍රය ගායනා කරන ලදී. එහිදී දේවියගේ දර්ශනයෙන් ප්‍රමෝද වූ අගස්ත්‍ය මුණි දේවිය වෙත සැණකින් ස්තෝත්‍රයක් නිර්මාණය කල අතර එය "ලලිතා නවරත්නමාලිකා"ලෙස අද අප හදුන්වයි.
මෙහි සිටින ශිව පෙරුමාන් ද දේවිය තරම්ම වැදගත් අතර එ පුවත ද අසිරිමත්ය. වරක් සූර්යා තම රශ්මියෙන් අහංකාර වි කයිලාශ සමීපයෙන් දැඩි රශ්මියකින් ගමන් කරන ලදී. මෙම රශ්මිය නිසා පාර්වතී දේවියගේ අතක් පිළිස්සීමට ලක්විය. මෙයින් කෝප වූ ශිව දෙවියන් සූර්යයාගෙ ප්‍රභව නැති කර දමන ලදි. මෙයින් වරද වටහා ගත් සූර්යයා පෘතුවියේ මේ ක්ෂේත්‍රයේදී දෙවිදුන් උදෙසා පුජා පැවැත්වූ අතර ශිව දෙවියන් ඔහුට මේඝයක ස්වරූපයෙන් පැමිණ ශාප විමෝචනය ලබා දුන් නිසා මෙම මේඝනාද නාමය දෙවිඳුන්ට ලැබිණි එම කරුණ නිසා වර්ෂයකට එක වතාවක් මෙහි ඇති ශිව ලිංගයට සූර්ය කිරණ වැටෙන බව පැවසේ.

මෙම කෝවිලේ ඇති ප්‍රධාන උත්සවයක් ලෙස "නෙයී කුලම් දරිසනම්" හැදින්විය හැකිය. එනම් තරමක් දිගු තටාකයක් සාදා එය කොටස් තුනකට බෙදා එහි පලමු කොටස චක්කර පොංගල් ද, දෙවන කොටසේ පුලියෝදරම්/පුලි සාදම් ද, තුන්වන කොටසේ තයීර් සාදම්ද දමා චක්කර පොංගල් කොටස් මට්ටම් කොට එයට ලීටර් 500 පමණ ගිතෙල් පුරවා ලලිතා දේවියට පූර්ණ නිත්‍ය අලංකාරම් සිදු කොට දීපාරාධනා සිදු කරයී. මෙම කර්තව්‍ය ශක්ත වේවා! කුමන දේවි භක්තිකයෙකු වේවා! ජීවිතේ එකදු වතාවක් හෝ තම දෑස් දෙකෙන් දැකිය යුතුම දෙයක් ලෙස හින්දුන් සලකති. එහිදී දේවියගේ ඡායාව ගිතෙල් තුලින් දිස්වන අතර මෙය දකින. බැතිමතුන්ගේ දුක අසුරු සැණකින් දුරු වන බවට බැතිමතුන් තදින්ම විශ්වාස කරයි. මෙහිදී දේවියගේ මුවගේ එක් අර්ධයකින් රුද්‍ර ස්වාභාවයද අනික් අර්ධයෙන් සෞම්‍ය භාවයද දිස්වේ! මෙම පුජාව වර්ෂයකට 3 වතාවක් සිදු වන අතර,
1. වයිකාසී පෞර්ණමී දිනයේ ද
2. මාසී අශ්ටමී දිනයේද,
3. නවරාත්‍රී විජය දශමි දිනයේද?
මෙම අසිරිමත් පුජාව බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකිය. මෙම පුජාවට අමතරව ලලිතා සහස්‍රනාම ලක්ෂාර්චන පූජාව, සිලම්බු පූජාව(සෞභාග්‍යය සහ විවාහ සමෘද්ධිට), කස්තුරි තිලක පූජාව (මෙම තිලකය දේවියට තැබූ පසු ප්‍රසාදයක් ලෙස ලබාගත හැකිය),මනෝන්මනී පූජාව(දැනුම සහ ප්‍රඥාව ලැබීමට), නවරාත්‍රී පූජාව සහ ආඬි පූරම් යන නොයෙකුත් පූජාවෝ සිදු වෙන අතර දේවිය වදින බැතිමතුන් මේ අපූරු සිද්ධස්ථානය තම වන්දනා ගමනේ එක් ස්ථානයක් ලෙස වැදීමට අමතක නොකරතී. ඔබත් චෙන්නායි සිට කි. මී. 267 ක දුරින් පිහිටි මෙම අපූරූ දේවස්ථානය ජීවිතයේ එක් වරක් හෝ වන්දනා කර ආදී පුරුෂයන්ගේ, ආදී පරාශක්තීයගේත් අඛණ්ඩ ආශීර්වාදය ඔබේ ජීවිතයට එකතු කරගන්න.

🕉️ සර්ව ලෝක රක්ෂකී, සර්ව රෝග හරිණී, ශ්‍රී චක්‍ර වාසිනී, තිරුමේච්චූර් අරුල්මිගු ලලිතාම්බිකෛ තිරුවඩිගලේ පෝට්‍රී!

🕉️වාග් දේවතා පෝට්‍රිය ලලිතා සහස්‍රනාම නායකී, මන නිම්මදියුම් මගිල්ච්චියුම් අරුළුම් අම්මා ලලිතාම්බිකෛ පෝට්‍රී!

🌺දේවී තුනයී🌺

හේ ගෝවින්ද්මා ඔබව දැකිය යුත්තේ කෙසේද?මා ඔබව මාගේ මෑණියන් වන මහා කාලියගේ සොයුරා ලෙස දකින්නද? නැතිනම් එතුමියගේම පුරුෂ ස්වර...
29/03/2026

හේ ගෝවින්ද්
මා ඔබව දැකිය යුත්තේ කෙසේද?

මා ඔබව මාගේ මෑණියන් වන මහා කාලියගේ සොයුරා ලෙස දකින්නද? නැතිනම් එතුමියගේම පුරුෂ ස්වරූපය ලෙස දකින්නද?

එසේත් නැත්නම් ඔබව විශ්වයේ පාලකයා ලෙස දකින්නද? නැතිනම් මගේ ස්වාමියා ලෙස දකින්නද?

සියලු ජීවීන් තුල වාසය කරන අන්තර්යාමි වන දෙවියනී....
විශ්වයේ සෑම තැනකම වාසය කරන සර්ව ව්‍යාපී වන දෙවියනී....
කරුණාවේ සාගරයක් වන විශ්වය පාලනය කරන පරබ්‍රහ්ම වන පරමේශ්වරයානෙනි....

අවසන
මාද ඔබේම කොටසක් බව අවබෝධ කර ගනිමි.....❤️

🌸කාංචී මහා පෙරියවා ස්වාමීගල් විරචිතශ්‍රී කාමාක්ෂී විලාසම් ස්තෝත්‍රය සහ අර්ථ විවරණය...🌸ශ්‍රී මහා පෙරියවා විසින් බ්‍රහ්මශ්...
28/03/2026

🌸කාංචී මහා පෙරියවා ස්වාමීගල් විරචිත
ශ්‍රී කාමාක්ෂී විලාසම් ස්තෝත්‍රය සහ අර්ථ විවරණය...🌸

ශ්‍රී මහා පෙරියවා විසින් බ්‍රහ්මශ්‍රී වේදපූරි මාමා හට ගායනා කර සැම දෙනා අතරේ බෙදා හරින ලෙස උපදෙස් දුන් මෙම වටිනා ස්තෝත්‍රය, දිනපතා ස්නානය කිරීමට පෙර ගායනා කිරීමෙන් අම්බාල්ගේ අසීමිත කරුණාව සහ ආශීර්වාදය හිමිවන බව උන්වහන්සේ වදාළහ, මෙම ස්තෝත්‍රයේ වඩාත් සුවිශේෂී කාරණය ද එයයි .

කාංචි කාමාක්ෂි අම්මන්ව දිනපතා දර්ශනය කර ගැනීමට නොහැකි බැතිමතුන්ට මෙම ස්තෝත්‍රය ගායනා කිරීමෙන් එම සමාන ප්‍රතිලාභයම අත්වන බවත්, ලලිතා ත්‍රිපුර සුන්දරිය මෙහි "කාමාක්ෂි" දේවිය ලෙස පාශය, අංකුශය, උක් දඬු දුන්න සහ මල් ඊතල දරාගෙන තපස් රකින ඉරියව්වෙන් වැඩවසන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

කාමාක්ෂි යන නාමයෙන්ම සරස්වතී සහ ලක්ෂ්මී යන දේවියන්ගේ බලය ඇයගේ දෑස් තුළ අන්තර්ගත වී ඇති බව පැවසෙන අතර, ගර්භ ගෘහය තුළ පද්මාසන ඉරියව්වෙන් වැඩවසන ඇය බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර, ඊශ්වර සහ සදාශිව යන දෙවිවරුන් පිරිවරාගත් "පරබ්‍රහ්ම ස්වරූපිනී" ලෙස හැඳින්වේ.

කාංචිපුරම්හි ඇති අනෙකුත් ශිව දේවාලවල අම්බාල් සඳහා වෙනම සිද්ධස්ථාන නොමැති වීමෙන් පෙනී යන්නේ මුළු නගරය පුරාම ඇයගේ උත්තරීතර ශක්තිය පැතිර පවතින බවය.

ගායත්‍රී මණ්ඩපය සහ සිරිත් විරිත්
කාමාක්ෂි ප්‍රතිමාව තැන්පත් කර ඇති ගැබ්ගෙය 'ගායත්‍රී මණ්ඩපය' ලෙස හඳුන්වන අතර, එහි මහා බලගතු ගායත්‍රී මන්ත්‍රයේ අක්ෂර 24 නිරූපණය කරන කුළුණු 24ක් ඇත. ගායත්‍රී මණ්ඩපයේ දකුණු පසින් වරාහි, අරූපලක්ෂ්මී සහ සන්තාන ගණපති වෙනුවෙන් සිද්ධස්ථාන ඇත. එහි රිදී තහඩුවකින් ආවරණය කරන ලද 'සන්තාන ස්ථම්භය' දැකගත හැකිය.

ඇය වැඩවසන "ගායත්‍රී මණ්ඩපය" කුළුණු 24කින් සමන්විත වන්නේ ගායත්‍රී මන්ත්‍රයේ අක්ෂර 24 සංකේතවත් කරමිනි. මෙම මණ්ඩපයේ දශරථ රජු විසින් දරුවන් ලැබීමේ ආශීර්වාදය පතා කැප කරන ලද "සන්තාන ස්තම්භය" පිහිටා ඇති අතර,ත්‍රිපුරා රහස්‍යයට අනුව ශ්‍රී කාමාක්ෂි දේවිය ශ්‍රී රාම කුමරුගේ පරම්පරාවේ පවුලේ දේවතාවිය ලෙසද සැලකේ. අවසාන වශයෙන්, දේවාලයේ චාරිත්‍රයට අනුව කාමාක්ෂි අම්මන්ගේ කුංකුම ප්‍රසාදය මුලින්ම අරූපලක්ෂ්මී දේවියගේ පාමුල තබා පසුව බැතිමතුන් විසින් තම නළලෙහි තබා ගැනීම සිරිතකි.

🪷ස්තෝත්‍රය සහ අර්ථ විග්‍රහය...🪷

1. පූජනීය සීමාව

ස්වාමි පුෂ්කරිණී තීර්ථම් පූර්ව සින්ධු පිනාකිනී
සිලාහ්‍රදඃ චතුර්මධ්‍යම් යාවත් තුණ්ඩීර මණ්ඩලම්

අර්ථය: ස්වාමි පුෂ්කරිණිය, පෙරදිග සාගරය, පිනාකිනී නදිය සහ සිලාහ්‍රදය යන සතර සීමාවන් මධ්‍යයේ පිහිටි උතුම් "තුණ්ඩීර" මණ්ඩලය (කාංචීපුරය අයත් ප්‍රදේශය) ජයග්‍රහණයෙන් බැබළේවා.

2. කාමකෝෂ්ඨයේ පිහිටීම

මධ්‍යෙ තුණ්ඩීර පූවෘත්තම් කම්පා වේගවතී ද්වයෝඃ
තයෝර් මධ්‍යම් කාමකෝෂ්ටම් කාමාක්ෂී තත්‍ර වර්තතේ

අර්ථය: තුණ්ඩීර මණ්ඩලය මධ්‍යයේ ගලායන "කම්පා" සහ "වේගවතී" යන ගංගා ද්විත්වය අතර පූජනීය වූ "කාමකෝෂ්ඨය" (කාමාක්ෂී දේවාලය) පිහිටා ඇත. එහි ජගත් මාතාව වූ කාමාක්ෂී දේවිය වැඩසිටින්නීය.

3. මූල විග්‍රහය

ස ඒව විග්‍රහෝ දේව්‍යාඃ මූලභූතෝද්‍රිතාට් භුවඃ
නාන්‍යෝස්ති විග්‍රහෝ දේව්‍යාඃ කාඤ්ච්‍යාම් තන් මූල විග්‍රහඃ

අර්ථය: ඇයගේ මෙම රූපය පෘථිවියෙන් ඉබේම පැනනැඟුණු (ස්වයංභූ), විශ්වයේ මූලාරම්භය වූ සැබෑ ස්වරූපයයි. කාංචීපුරයේ වැඩසිටින මෙම මූල විග්‍රහය හැර අන් සැබෑ මූලයක් දේවියට තවත් නැත.

4. ලෝකයේ නාභිය

ජගත් කාමකලාකාරම් නාභිස්ථානම් භුවඃ පරම්
පාදපද්මස්‍ය කාමාක්ෂ්‍යාඃ මහාපීඨම් උපාස්මහේ

අර්ථය: මුළු මහත් සමස්ත විශ්වයම ඇයගේ "කාමකලා" ශක්තියේ ස්වරූපයකි. ඇය වැඩසිටින මෙම ස්ථානය පෘථිවියේ නාභිස්ථානයයි. කාමාක්ෂී දේවියගේ පාද පද්මයන් පිහිටි ඒ මහා පීඨයට මම නමස්කාර කරමි.

5. කෝටි වාරයක ඵලය

කාමකෝටි ස්මෘතස්සෝයම් කාරණාදේව චින්නභඃ
යත්‍ර කාමක්ෘතෝ ධර්මෝ ජන්තුනා යේන කේනවා

අර්ථය: ඕනෑම ජීවියෙකු විසින් මෙම ස්ථානයේදී කරනු ලබන කුඩා හෝ ධාර්මික ක්‍රියාවක්, එහි නමෙහි අර්ථය පරිද්දෙන්ම (කාම-කෝටි) කෝටි වාරයක් ප්‍රතිඵල ලබා දීමට සමත් වෙයි.

6. මන්ත්‍ර සිද්ධිය

සකෘත්වාපි සුධර්මාණාම් ඵලම් ඵලති කෝටිශඃ
යෝජපේත් කාමකෝෂ්ටේස්මින් මන්ත්‍රම් ඉෂ්ටාර්ථ දෛවතම්

අර්ථය: යමෙකු මෙම කාමකෝෂ්ඨය තුළ හිඳ තමාට අභිමත මන්ත්‍රයක් ජප කරන්නේ නම්, එයින් ලැබෙන පුණ්‍ය ඵලය කෝටි ප්‍රකෝටි වාරයකින් වැඩි වෙයි.

7. මෝක්ෂ ප්‍රාප්තිය

කෝටිවර්ණ ඵලේනෛව මුක්තිලෝකම් ස ගච්ඡති
යෝ වසේත් කාමකෝෂ්ටේස්මින් ක්ෂණාර්ථම්වා තදර්ථකම්

අර්ථය: යමෙකු මෙම පුණ්‍ය භූමියේ නිමේෂයක් හෝ වාසය කරන්නේ ද, ඔහු සියලු පව්වලින් මිදී උතුම් වූ මෝක්ෂය කරා ගමන් කරන්නේය.

8. ගායත්‍රී මණ්ඩපය

මුච්‍යතේ සර්ව පාපේභ්‍යඃ සාක්ෂාත් දේවී නරාකෘති
ගායත්‍රී මණ්ඩපාධාරම් පුනාභිස්ථානම් උත්තමම්

අර්ථය: මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී සිටින දේවිය, සියලු පාපයන් නසාලන්නීය. ගායත්‍රී මණ්ඩපය මත පදනම් වූ මෙම උතුම් නාභිස්ථානය ලෝකයේ පවිත්‍රතම තැනයි.

9. බිලාකාශ නමස්කාරය

පුරුෂාර්ථ ප්‍රදම් ශම්භෝඃ බිලාභ්‍රම් තම් නමාම්‍යහම්
යඃ කුර්යාත් කාමකෝෂ්ටස්‍ය බිලාභ්‍රස්‍ය ප්‍රදක්ෂිණම්

අර්ථය: සිව්වැදෑරුම් පුරුෂාර්ථයන් (ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ) ලබා දෙන, ශිව දෙවියන්ට පවා ප්‍රිය වූ රහස්‍ය "බිලාකාශයට" (දේවිය ඉදිරිපිට ඇති ගුප්ත සිදුර/ආකාශය) මම නමස්කාර කරමි.

10. ප්‍රදක්ෂිණාව

පදසංඛ්‍යා ක්‍රමේණෛව ගෝ ගර්භ ජනනම් ලභේත්
විශ්ව කාරණ නේත්‍රාඪ්‍යාම් ශ්‍රීමත් ත්‍රිපුර සුන්දරීම්

අර්ථය: විශ්වයේ ආරම්භයට හේතුවූ දෑස් ඇත්තා වූත්, ශ්‍රී ත්‍රිපුර සුන්දරිය වූත් දේවිය වැඩසිටින මේ භූමිය ප්‍රදක්ෂිණා කරන අය නැවත මව්කුසක උපත ලැබීමේ දුකෙන් (පුනර්භවයෙන්) අත්මිදෙති.

11. භක්තිය

බන්ධකාසුර සංහර්තීම් කාමාක්ෂීම් තාම් අහම් භජේ
පරාජන්ම දිනේ කාඤ්ච්‍යාම් මහාභ්‍යන්තර මාර්ගතඃ

අර්ථය: බන්ධකාසුර නම් අසුරයා විනාශ කළා වූ මහා කාමාක්ෂී දේවිය මම භක්තියෙන් අදහමි.

12. පූජා ඵලය

යෝර්ච්චයේත් තත්‍ර කාමාක්ෂීම් කෝටි පූජා ඵලම් ලභේත්
තත්ඵලෝත්පන්න කෛවළ්‍යම් සකෘත් කාමාක්ෂී සේවයා

අර්ථය: යමෙකු කාංචීපුරයේදී එක්වරක් කාමාක්ෂී දේවිය වන්දනා කරන්නේ නම්, ඔහු කෝටි වාරයක් පූජා පැවැත්වූවා හා සමාන ඵලයක් ලබා අමෘතය (නිවන) කරා ළඟා වෙයි.

13. ශිව-විෂ්ණු එකමුතුව

ත්‍රිස්ථාන නිලයම් දේවම් ත්‍රිවිධාකාරම් අච්‍යුතම්
ප්‍රතිලිංගාග්‍ර සංයුක්තම් භූත බන්ධම් තම් ආශ්‍රයේ

අර්ථය: ස්ථාන තුනක වැඩසිටින, ස්වරූප තුනක් ගන්නා වූ අච්‍යුත (විෂ්ණු) දෙවියන් ද, ලිංග ස්වරූපී ශිව දෙවියන් ද පිරිවරා සිටින ඒ මහා ශක්තිය මම සරණ යමි.

14. ඵලශ්‍රැතිය

ය ඉදම් ප්‍රාතරුත්ථාය ස්නාන කාලේ පඨේන් නරඃ
ද්වාදශ ශ්ලෝක මාත්‍රේණ ශ්ලෝකෝත්ඵලම් ආප්නුයාත්

අර්ථය: යමෙකු උදෑසන අවදි වී, ස්නානය කරන අවස්ථාවේ මෙම ශ්ලෝක දොළස (ද්වාදශ ශ්ලෝක) ගායනා කරන්නේ ද, ඔහු ඉහත කී සියලු උතුම් ඵලයන් අත්කර ගන්නේය.

ලිපි සැකැස්ම - හෂේන් පන්සිළු සොයුරා❤️

ඔබ සැමට සුභ චෛත්‍ර නවමි තිථියක් වේවා🪷❤️පරා ශක්ති මහා ත්‍රිපුර සුන්දරී දේවියශ්‍රී පාර්වතී, ශ්‍රී රාම සහ මහා විද්‍යා තාරා ...
26/03/2026

ඔබ සැමට සුභ චෛත්‍ර නවමි තිථියක් වේවා🪷❤️
පරා ශක්ති මහා ත්‍රිපුර සුන්දරී දේවිය
ශ්‍රී පාර්වතී, ශ්‍රී රාම සහ මහා විද්‍යා තාරා ලෙස ජන්මය ලැබූ මෙම තිථිය දේවියට අතිශය විශේෂ තිථියක් වන අතර අද දිනයේ දේවියගේ නාමාවලී පාරායණයන් හරහා එතුමියගේ ආශිර්වාද ලබා ගන්න❤️🪷

18/03/2026

ශ්‍රී රාධා සහ ක්‍රිෂ්ණ දිව්‍යමය භාවනා වැඩසටහන🩷🪷

භෝග සහ මෝක්ෂ සැපත ප්‍රදානය කරන පරම පුරුෂ පරබ්‍රහ්ම ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් සහ පරමේෂ්වරී ශ්‍රී රාධා දේවියගේ දිව්‍යමය ශක්තිය සමඟ සම්බන්ධ වී ඔබගේ ජීවිතයට දිව්‍යමය ආශිර්වාදයන් එකතු කරගන්න අප සමඟ සම්බන්ධ වන්න.

දිනය - 2026/03/18
වේලාව - රාත්‍රී 9.30

නොමිලේ පවත්වන online වැඩසටහනක් වන මෙයට සම්බන්ධ වීනට කැමති සියලු දෙනා ලියාපදිංචි වීම සඳහා +94751219184 අංකයෙන් වට්ස්ඇප් මඟින් සම්බන්ධ වන්න.

භාවනාව අවසානයේ සරස්වතී හීලින් භාවනාවක්ද සිදුකරන අතර
ලෝක පූජිත ගුප්තවේදිනී එලිසබෙත් ජැන්සන් මහත්මිය විසින් ලොවට හදුන්වා දුන් සරස්වතී ටෙම්පල් හීලින් ශක්තිය සමඟ සම්බන්ධ වීම තුලින්,
💙ගණ දෙවියන්ගේ, සරස්වතී මෑණියන්ගේ සහ ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය සහ ශක්තියට අප විවෘත වන නිසා,
❤️ජීවිතයේ බොහෝ බාධක සහ දුෂ්කරතා ඉවත් වී යයි
❤️තම ලෞකික ජීවිතයේ ඇති ගැටලු මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ ගැටලුද විසඳා ගැනීමට මඟ විවර වේ
❤️කායික රෝග සුව කර ගැනීමට අවශ්‍ය ශක්තීන් ලැබේ
❤️මානසික සුවතාවය ඇති වේ
❤️නීරෝගී භාවය වර්ධනය වේ
❤️බුද්ධිය සහ මතක ශක්තිය වර්ධනය වන බැවින් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටද බොහෝ ප්‍රයෝජනවත් වේ
❤️ධන වාසනාව, බහුලත්වය හා සෞභාග්‍ය උදා වේ
❤️ආර්ථික ප්‍රශ්න හා රැකියා ගැටලු විසඳගැනීමට අවශ්‍ය ශක්තීන් ලැබේ
❤️ජීවිතයේ ගැටලු විසඳාගෙන සාර්ථකව ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තීන් ලැබේ
ඇතුලු ආශිර්වාද වලින් පිරුණු ජීවිතයක් ලැබේ.

Radhe Radhe❤️

14/03/2026

නොමිලේ පැවැත්වෙන සරස්වතී හීලින් වැඩසටහන🩷

දිනය:-2026 මාර්තු 15
වේලාව:- රාත්‍රි 9.30 Google meet මඟින්

ලියාපදිංචි වීම සඳහා +94751219184 අංකයෙන් වට්ස්ඇප් මඟින් සම්බන්ධ වන්න.

එලිසබෙත් ජැන්සන් ගුරුතුමිය විසින් හඳුන්වා දුන් සරස්වතී ටෙම්පල් හීලින් යනු සරස්වතී, ලක්ෂ්මී සහ ගනේෂ් ඇතුලු හින්දු දෙවිවරුන්ගේ ශක්තියට සම්බන්ධ වී අපගේ සිරුර, මනස හා ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමට මෙන්ම අන් අයවද සුවපත් කිරීමට භාවිතා කළ හැකි විශේෂ හීලින් ක්‍රමයකි.

ඕස්ට්‍රේලියාව, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය මෙම හීලින් ක්රමය හින්දු දෙවිවරුන් සමඟ සම්බන්ධයක් තිබෙන එම දෙවිවරුන්ගේ බැතිමතුන්ට මෙය ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන අතර බැතිමතුන් නොවන අයටද මෙයින් ආශිර්වාද ලබා ගත හැකි බව සේවාදායකයන්ගේ අත්දැකීම් වලින් තහවුරු වී ඇත.

මෙම ශක්තිය ලබා ගැනීම තුලින්,
💙ගණ දෙවියන්ගේ, සරස්වතී මෑණියන්ගේ සහ ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය සහ ශක්තියට අප විවෘත වන නිසා,
❤️ජීවිතයේ බොහෝ බාධක සහ දුෂ්කරතා ඉවත් වී යයි
❤️තම ලෞකික ජීවිතයේ ඇති ගැටලු මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ ගැටලුද විසඳා ගැනීමට මඟ විවර වේ
❤️කායික රෝග සුව කර ගැනීමට අවශ්‍ය ශක්තීන් ලැබේ
❤️මානසික සුවතාවය ඇති වේ
❤️නීරෝගී භාවය වර්ධනය වේ
❤️බුද්ධිය සහ මතක ශක්තිය වර්ධනය වන බැවින් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටද බොහෝ ප්‍රයෝජනවත් වේ
❤️ධන වාසනාව, බහුලත්වය හා සෞභාග්‍ය උදා වේ
❤️ආර්ථික ප්‍රශ්න හා රැකියා ගැටලු විසඳගැනීමට අවශ්‍ය ශක්තීන් ලැබේ
❤️ජීවිතයේ ගැටලු විසඳාගෙන සාර්ථකව ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තීන් ලැබේ
ඇතුලු ආශිර්වාද වලින් පිරුණු ජීවිතයක් ලැබේ

අප විසින් online සරස්වතී ටෙම්පල් හීලීන් සෙෂන් එකක් මාර්තු 15වන දින නොමිලේ සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එදින සම්බන්ධ වන සියලු දෙනාට සරස්වතී ටෙම්පල් හීලින් එකක්, අනාගතය පිළිබඳව රීඩින් එකක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

💙🌕සරස්වතී දෙවඟන සහ හීලින්(ආධ්‍යාත්මික සුවපත් කිරීම්)🌕💙

"මව්වරුන් අතර ශ්‍රේෂ්ඨතම මවක් වේ ද,
ගංගාවන් අතර ශ්‍රේෂ්ඨතම ගංගාවක් වේ ද,
දෙවඟනන් අතර ශ්‍රේෂ්ඨතම දෙවඟනක් වේ ද,
ඒ සරස්වතී දෙවඟනයි"
- ඍග් වේදය💛🙏

"දෙවඟනක් ලෙස මා සියලු ශක්තීන්ගෙන් හා බලයන්ගෙන් සමන්විත වූවද මම එම ශක්තීන් භාවිතා කරන්නේ මාගේ දරුවන් වන මගේ බැතිමතුන්ගේ සැඟවුන ශක්තීන් අවදි කරගෙන තමාගේ දේවත්වය තමාටම සොයා ගැනීමට උපකාර කිරීම පිණිසය.
-සරස්වතී දෙවඟනගේ පණිවිඩය(එළිසබෙත් ජැන්සන් ගුරුතුමියගේ ලක්ෂ්මී බ්ලෙසින්ග් ඔරැකල් පොත ඇසුරිනි.)

🔮ඥානය සහ නීරෝගී බව ප්‍රදානය කරන සරස්වතී මෑණියන් විශ්වීය නිර්මාණ ක්‍රියාවලිය මෙහෙයවන බ්‍රහ්ම දෙවියන්ගේ ශක්තිය වන අතර තම දරුවන්ට සෞඛ්‍ය වාසනාව, බුද්ධිය, සියලු ආශිර්වාද සහ ජීවිතයේ සාර්ථකත්වය ප්‍රදානය කරන මව් දෙවඟනයි.

🔮සරස්වතී මාතාවගේ කොල නිල් පැහැති දිව්‍යමය ශක්තිය අපට අපගේ සිරුර, මනස හා ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමටත් අන් අයව සුවපත් කිරීමටත් භාවිතා කළ හැකිය.

🔮හීලින් යනු විශ්ව ශක්තිය හෝ දෙවිවරුන්ගේ ශක්තීන් තමාගේ සිරුර වෙත ලබාගෙන තමාව සුවපත් කරගැනීම හෝ අන් අයට එම ශක්තීන් ලබා දී ඒ අයව සුවපත් කිරීමයි.

🔮එලිසබෙත් ජැන්සන් මහත්මියගේ සරස්වතී ටෙම්පල් හීලින් පාඨමාලාවේදී සරස්වතී දෙවඟන, ලක්ෂ්මී මෑණියන්, ගනේෂ් සහ ධන්වන්තරී දෙවියන් ඇතුලු හින්දු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් කායික, මානසික සහ ආධ්යාත්මික ගැටලු විසඳා ගන්නා අයුරු,
මානසික ආතතිය,ඉගෙනීම් ගැටලු, විවිධ ඇබ්බැහි වීම්, විවිධ මානසික තත්වයන් නිසා ඇති වන ගැටලු, ශරීරයේ විවිධ ආබාධ, වේදනා, හිසරදය, ඉරුවාරදය අස්ථි වේදනා, මාංශ පේශි වේදනා ඇතුලු කායික අබාධ, ඇස් වහ කටවහ ඇතුලු අඳුරු දෝෂ, අමනුෂ්‍ය බලවේග නිසා ඇතිවන රෝග පීඩා, ධනය රැකියාව දියුණුව සම්බන්ධ ගැටලු ආදිය විසඳීමට හීලින් උපකාරී වේ.

Many Lakshmi and Saraswathi blessings❤️💙🙏

02/03/2026

ලක්ෂ්මි ජයන්ති පූජා දිනය වෙනුවෙන් ලක්ෂ්මී දේවියගේ දිව්‍යමය ශක්තිය සමග සම්බන්ධ වීමට කැමති සියලු දෙනා අද රාත්‍රී 11ට page එකට එන්න.

විවාද, යුද්ධ, ප්‍රමාදයන්, බලාපොරොත්තු සුන් වීම්, පිටරට වල,ජලය මැද, අග්නිය මැද, පර්වත වල, සතුරන් මැද, වනාන්තර වල, ඔබයි මග...
28/02/2026

විවාද, යුද්ධ, ප්‍රමාදයන්, බලාපොරොත්තු සුන් වීම්, පිටරට වල,
ජලය මැද, අග්නිය මැද, පර්වත වල, සතුරන් මැද,
වනාන්තර වල,
ඔබයි මගේ එකම රැකවරණය භවානී මෑණියනී....❤️

"විවාදේ විශාදේ ප්‍රමාදේ ප්‍රවාසේ
ජලේ චානලේ පර්වතේ ශතෘ මධ්‍යේ
අරණ්යේ ශරණ්යේ සදා මාම් ප්‍රපාහි
ගදිස් ත්වම් ගදිස් ත්වම් ත්වමේකා භවානි....❤️"

ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් පියෙක්ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් පෙම්වතෙක්ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් සැමියෙක්සදා භක්තිවන්ත...
15/02/2026

ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් පියෙක්
ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් පෙම්වතෙක්
ප්‍රාර්ථනා කරන්නෙමි නුඹ වන් සැමියෙක්
සදා භක්තිවන්තයෙක් වීමට ප්‍රාර්ථනා කරන්නෙමි
ඔබ නැති ජීවිතයක් මට නොමැත
ඔබෙන් තොර ආදරයක් මට නොමැත
මේ ආත්මයට පමණක් නොව මතු සංසාරයම ඔබ වෙනුවෙන් මා නර්ථනයේ යෙදෙමි
ඔබ වෙනුවෙන් මිය යමි යළි ඉපදෙමි
ලෝකයම මා හැරගියත් ඔබ මා අතහැර නොගියේය
ලඟින් ඉඳ හිස අතගා හැම උවදුරකින්ම මා මුදවාගත් ඔබට මා ජීවිතයෙන් ණයගැතිය
ඔබ මාගේ ආදරයයි
දිවි හිමියෙන් මා ඔබට ආදරය කරමි
ජීවිතය ලබා දෙන්නානෙනි
ජීවිතය රකින්නානෙනි
ජීවිතය ජීවත් කරවන්නානෙනි
ජීවිතයට ආදරය ලබා දෙන්නානෙනි
මාගේ මිතුරන්ගේද
මාගේ සතුරන්ගේද
දන්නා නොදන්නා සියලු සත්වයන්ගේද
මේ මුලු ලෝකවාසීන්ගේ ජීවිතද
අඳුරින් මුදවා ආලෝකය ලබා දුන් මැනව
මා ඔබට ආදරෙයි මහා දෙවියනි, ශිව දෙවියනි❤🙏

ක්රිපා සමුද්‍රම් සුමුඛම් ත්‍රිනේත්රම්- ජටාධරම් පාර්වතී වාම භාගම්
සදාශිවම් රුද්‍ර අනන්ත රූපම්-දේවාති දේවම් ජගදේක නාථම්....❤

Address

Negombo

Telephone

+94742135597

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan House Of Imhotep posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sahan House Of Imhotep:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram