Ayu Care Yoga Ashram

Ayu Care Yoga Ashram Do yoga
No roga

https://youtu.be/MLjQ1iQy4NI?si=gnDpWNwiGsKeP6xk
21/11/2025

https://youtu.be/MLjQ1iQy4NI?si=gnDpWNwiGsKeP6xk

යෝග යනු ව්‍යායාම පද්ධතියක් පමණක්ම නොවේ. මෙහිදී කායික, මානසික, අධ්‍යත්මික සුවතාවය පිළිබඳව සාක්ච්චා කෙරේ. යෝග කිරී.....

Jetwing lagoon හෝටලේ පැවැත්වූ යෝග වැඩසටහන
15/04/2024

Jetwing lagoon හෝටලේ පැවැත්වූ යෝග වැඩසටහන

Yoga clinic Negombo 0718578722
27/08/2023

Yoga clinic Negombo
0718578722

ඔයාටත් දැන් පඩිපෙළක් නැගීමේදී ඇවිදීමේදී ඔබේ දණහිසත් කරදර දෙනවාද? එහෙනම් මේ ලිපිය බොහෝ විට ඔබ වෙනුවෙන් . සන්ධිගත වාතය / O...
31/05/2023

ඔයාටත් දැන් පඩිපෙළක් නැගීමේදී ඇවිදීමේදී ඔබේ දණහිසත් කරදර දෙනවාද? එහෙනම් මේ ලිපිය බොහෝ විට ඔබ වෙනුවෙන් .

සන්ධිගත වාතය / Osteo Arthritis / Degenerative Joint Disease

බොහෝවිට වයස්ගතවීමත් සමග ඇතිවේ.
වයස අවුරුදු 40ට වැඩි අයට ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.
සන්ධිය ආශ්‍රිතව ප්‍රධානවම,
ඉදිමුම
වේදනාව

වේදනාව සන්ධිය ක්‍රියාකිරීමේදී ඇතිවේ.
එනම් දිගහැරීම, නැමීම යන අවස්ථාවලදී ( Flexion & Extension )
ඉදිමුම ; ස්පර්ශයට වාතය පිරවූ බැලුමක් වැනි ඉදිමුමකි. ( Non - pitting Oedema )
බොහෝවිට බරදරන සන්ධි වල ඇතිවේ.

රෝග හේතු ,

සීතල ආහාර, දිරවීමට අපහසු ආහාර අධික වශයෙන් ගැනීම.
ආහාර ගත් විගස යළි ආහාර ගැනීම.
එදිනෙදා කටයුතු වලදී වැරදි ඉරියව්.
නිතර පයින් ගමන් කිරීම.
නිතර පඩිපෙල් නැගීම.
වැඩිවේලාවක් සිටගෙන සිටීම.
රාත්‍රී නිදි වැරීම සහ දිවා නින්ද.
අධික ව්‍යායාමය.
වැටීම්, තැලීම් වැනි අනතුරු.

රෝග ලක්ෂණ ,

ස්පර්ශ කිරීමේදී වේදනාව. ( Tenderness )
සන්ධි නැවීම, දිගහැරීමේදී වේදනාව.
සන්ධි ආශ්‍රිත ඉදිමුම.
සන්ධි ආශ්‍රිත තදගතිය. ( Stiffness )
- විවේකයෙන් සිට සන්ධි
ක්‍රියාකරවීමේදී තදගතිය වැඩියි.
සන්ධි ක්‍රියාකිරීම අඩපණවීම. ( Restricted Joint Movements )
සන්ධිය ක්‍රියාකරනවිට ශබ්දය ඇතිවීම. ( Crepitations )
X කිරණ වාර්තා වලට අනුව සන්ධි අතර පරතරය අඩුවීම. ( Narrowing of joint space )
සන්ධි ආශ්‍රිතව කැල්සියම් තැම්පත් වීම. ( Osteophytes )

මෙම රෝගතත්වයට නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව සන්ධි ආශ්‍රිත විකෘතිතා ඇතිවේ.
( Structural Deformities )

ප්‍රතිකාර ,

මෙම රෝගතත්වය නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකිය.
රෝගතත්වය පැවති කාලය හා රෝගලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාගතයුතු කාලසීමාව හා ලබාදියයුතු ප්‍රතිකාර පද්ධතිය වෙනස් වේ.
මෙහිදී අභ්‍යන්තර ඖෂධ හා බාහිර ප්‍රතිකාර ලෙස කොටස් 2 කින් ප්‍රතිකාර පද්ධතිය සමන්විත වේ.
බාහිර ප්‍රතිකාර ලෙස

තෛල අභ්‍යංගය,
පොට්ටනි මගින් තැවීම,
නාඩි ස්වේද,
පත්තු දැමීම අවස්ථානුකූලව සිදුකළ යුතුය.

ඊට අමතරව වස්ති ප්‍රතිකාර ( කටී වස්ති, ග්‍රීවා වස්ති, ජානු වස්ති ) තෛල පිචු ප්‍රතිකාර ආදියද අවස්ථානුකූලව සිදුකළ යුතුය.

මෙයට අමතර ව යෝග අභ්‍යාසද අවශ්‍යතාවය මත සිදු කරනු ලබයි.

ආහාර,

අධික ශීතල ආහාර ගැනීම අවම කළ යුතුය.
eg : වම්බටු, මෑකරල්, මුංඇට, කිරිබත්
ශීතකරණයේ තබන ලද ආහාර නැවත නැවත භාවිතයෙන් වැළකීම.
මිරිස්, තෙල්, ලුණු බහුල ආහාර වර්ග භාවිතය අවම කිරීම.
කෘතිම රසකාරක බහුල ආහාර, කෙටි කෑම වර්ග හැකිතරම් අවම කිරීම.
හැකි සෑම විටම පානය කිරීම සදහා උණුවතුර භාවිතා කිරීම.

විහරණ,

සවස් කාලයේ ස්නානය කිරීමෙන් වැළකීම.
( ස්නානය කරන විට හැකි සෑම විටම උදෑසන 10 ත් සවස 2 ත් අතර හොදින් අව්ව වැටෙන වේලාවට සිදුකරන්න )

හැකි සෑමවිටම ස්නානය කිරීමට හා ඇඟ සේදීමට උණු වතුර භාවිතා කරන්න.
රාත්‍රී නිදි වැරීම අවම කරන්න.
නිවැරදි ඉරියව් භාවිතය.
අඩි උස පාවහන් පැළදීම අවම කරන්න.
පඩිපෙල් නැගීම හැකිතරම් අවම කරන්න.

මෙවැනි රෝගතත්වයකින් ඔබ පෙළෙන්නේනම් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීම මගින් රෝග තත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගැනීමේ හැකියාව පවතී.

මීගමුව අවට ඉන්නා ඔබ වෙනුවෙන් අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය දැන් උදේ 9.00සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව ඇත.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
SLAMC Reg No14430

ආයු කෙයාර් සෙන්ටර්, 105/02, ගුඩ්ෂෙඩ් පාර, මීගමුව

0718578722/ 0763418894/
0312281034

Ayu Care Center Yoga with Dr. Saranga

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට කරන යෝග  සායනයක් දැන් මීගමුවේ දී.විශේෂයෙන් බෝ නොවන රෝග වලට අවධානම් සාධක...
17/01/2023

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට කරන යෝග සායනයක් දැන් මීගමුවේ දී.

විශේෂයෙන් බෝ නොවන රෝග වලට අවධානම් සාධක ඉවත් කරලීම හා ප්‍රතිකාරයක් ලෙසද, සන්ධි අමාරු ඇති අය සදහාද විශේෂ හෙරපි ක්‍රම භාවිතා කෙරේ.

සෙනසුරාදා හවස 5.00 සිට රාත්‍රී 07.00 දක්වා විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී
හා

ඉරිදා උදේ 06.30 සිට 8.30 දක්වා ආයු කෙයාර් සෙන්ටර්,105/02, ගුඩ් සෙඩ් පාර ,මීගමුව
යන ස්ථාන වලදී පැවැත්වේ.

Ayu Care Center/ Ayurveda and yoga
071 857 8722
https://maps.app.goo.gl/zatK7N4RXcoZMZYWA

කෝල් කරලා සම්බන්ධ වෙන්න.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
Dip yoga කැලණිය විශ්ව විද්‍යාලය
YIC, ස්වාමි විවේකානන්ද යෝග ආශ්‍රම්, ඉන්දියා

වැඩි විස්තර සදහා මෙම වට්සැප් සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/EkzL0zjT3b3LkaWjFaYUxz

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට කරන යෝග  සායනයක් දැන් මීගමුවේ විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්...
14/01/2023

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට කරන යෝග සායනයක් දැන් මීගමුවේ විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී

කෝල් කරලා සම්බන්ධ වෙන්න.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
Dip yoga කැලණිය විශ්ව විද්‍යාලය
YIC, ස්වාමි විවේකානන්ද යෝග ආශ්‍රම්, ඉන්දියා

වැඩි විස්තර සදහා මෙම වට්සැප් සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/EkzL0zjT3b3LkaWjFaYUxz

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට ප්‍රතිකාරයක් විදියට කරන යෝග තෙරපි  සායනයක් දැන් මීගමුවේ විජේපාල මෙන්ඩිස...
31/12/2022

වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවන නොයෙකුත් රෝගාබාධ වලට ප්‍රතිකාරයක් විදියට කරන යෝග තෙරපි සායනයක් දැන් මීගමුවේ විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍ය්ස්ථානයේදී

මෙහිදී විශ්ෂයෙන් බෝ නොවන රෝග අවදානම් අඩු කරලීම අරමුණු වේ.

කෝල් කරලා සම්බන්ධ වෙන්න.

වෛද්‍ය සාරංග වීරසිංහ
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
Dip yoga කැලණිය විශ්ව විද්‍යාලය
YIC, ස්වාමි විවේකානන්ද යෝග ආශ්‍රම්, ඉන්දියා

වැඩි විස්තර සදහා මෙම වට්සැප් සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/EkzL0zjT3b3LkaWjFaYUxz

10/11/2022
20/10/2022
27/09/2022

"ඇයි අංකල් ආයිත් ගල් යුගේට යන්නෙ"

මේ අතක් කැඩිල ඉස්පිරිතාලෙ ඉඳල එළියට එද්දි ඉස්සරහට සිංහල බෙහෙත් කරන්නද කියල අහපු ලෙඩකුට දොස්තර මහත්තය දීපු උත්තරේ....

අංකල් ඔය කතංදරේ කියල ඒ වගේ මහත්තුරුන්ට දෙන්න ඕන උත්තරෙත් සුද්ද සිංහලෙංම මාත් එක්ක කිව්ව..

කියන්න ගියෙ ඔය කතාව නෙවෙයි...

මේ දවස්වල ඉස්කෝලවල ළමයි ගොඩක් උදේට කලංතෙ දාල වැටෙනව...

ඉස්සරත් වැටුනලු..සාමාන්‍ය දෙයක් කියල තමයි දැනුං තේරුං තියෙන ලොකු මහත්වරු කියන්නෙ...මටනං තේරුමක් නෑ ඒ ගැන...😀🙈

මේකත් එක්ක උදේට දරුවන්ට කැඳ වීදරුවක් දෙන්න ඒවයෙ වටිනකම අත්දැකීමෙන්ම දන්න සමහර විදුහල්පතිවරු,ගුරුවරු,දෙමව්පියො වැඩපිළිවෙළවල් හදාගෙන යනව...

ගොඩක් දරුවො උදේට හිස්බඩිං ඉස්කෝලෙට එන්නෙ..ඒකට විවිධාකාර හේතු තියෙනව..

එක ඉස්කෝලෙක ⁣එහෙම බඩගින්නෙ ආපු දරුවෙකුට ⁣ඉස්කෝලෙං දුන්න කොළකැඳ බීල වමනෙත් එක්ක අපහසු ගතියක් ඇවිල්ල...

හොයල බලද්දි දරුව කැඳ කෝප්ප තුනක් බීල..

සමහරවිට රෑටත් නොකා ඉන්න ඇත්තෙ...එහෙම දරුවො අපිටත් හම්බවෙනව නිතර...

දරුවෙකුට දවසකට කැඳ වීදුරුවක් හෝ උපරිම දෙකක් ප්‍රමාණවත්..ඉන් එහා අවශ්‍ය නැහැ..

ඉතිං මේ ළමයව ඉස්පිරිතාලෙට අරං ගිහිං...

හේතු කාරණා හොයල බලපු එතන හිටිය නෝන මහත්තුරු ආයෙ එහෙම නොවෙන්න ඒ දෙමව්පියන්ට ගුරුවරුන්ට උපදෙස් ටික හොඳටම දීල..

"ඔය අනංමනං බීල ළමයෙකුට මොනාහරි උනොත් කවුද වග කියන්නෙ..."

"ඔය නොදන්න කොළ වර්ගලට ඕන වෙලාවක අසාත්මිකතාවක් එන්න පුළුවන් "

"අනික කොළ කලවං උනාම ඇඟ ඇතුලෙ හැදෙන රසායනික වර්ග මොනවද කියල කවුද දන්නෙ"

"ඒවයිං වෙන හානිය දන්නවද"

"හිස්බඩට නං කොහොමවත් නොදන්න දේවල් දෙන්න එපා.."

අපිකන කෑමබීම,බෙහෙත්,සුවඳ විලවුන්,ඇඳුම්,පරිසර තත්ව වගේ ඕනම දේකට ඕන වෙලාවක අසාත්මිකතාවක් එන්න පුළුවන්...

ඒක හරියට පාරට බැස්සම අපි හරි විදිය⁣ට නීතිගරුකව ගියත් වාහනයක් අපේ ඇඟ උඩිං යන්නෙ කොයි වෙලාවෙද කියන්න බෑ වගේ දෙයක්...

එහෙම කියල පාරට නෙැබැහැ හිටියොත් කොහොමද?

ඒ තියරියෙ විදියට කොණ්ඩෙ ඩයි කරද්දි කරන අසාත්මිකතා පරීක්ෂණේ වගේ එකක් අපි කන බත් පිඟානටත් කරන්න ⁣වෙනව...

මුලින්ම බත් පොඩ්ඩක් කාල පැය බාගයක් විතර බලන්න ..

ඊළඟට පරිප්පු චුට්ටක් කාල පැය බාගයක් ඉන්න...

පස්සෙ බැදුමට,බිත්තරේට,මැල්ලුමට,සම්බෝලෙට,හොද්දටත් ඔය ⁣වෙලාව අරගෙන බලල ලොකු අවුලක් නැත්නං බත් වෑංජන ටික හොඳට අනලත් කටක් දෙකක් කාල තව ටිකක් ඉන්න...

මොකද කවලං කොළ වලත් මේ මහත්තරු කියන විදියට ගැටළුවක් තියෙන හංද...

උපතින්ම අම්මගෙ ඇකයෙන් බිමට වැටිච්ච,ඒ වැටීමත් එක්ක ගොංකිරි තණකොළවලට හුරුවෙච්ච උගත් අප්පුච්චල අම්මණ්ඩිල ඕන තරං මේ සමාජෙ ඉන්නව...

කැඳ පොඩ්ඩක් ඇඟට වැටුනම කැසිල්ල හැදෙන,කොස් ඇටයක් කෑවම උගුරෙ හිරවෙන,අල බතල කෑවම ඉස්මුරුත්තාවට එන,පලාකොළයක් කෑවම පස්සෙං දුං පිටවෙන,අම්ම තාත්ත අඳින රෙද්ද බැනියම නුරුස්සන ඇට මැස්සො තැං තැන්වල ජරාගෙඩවල්වල අනන්තවත් වහල ඉන්නව...

උන් හිටපු ගමං අර ජරාවත් එක්ක අවට ගඳගස්සගෙන සැරිසරනව...

මහත්වරුනි,තම තමන්ට තමංගෙ දරුවන්ට කැමති ඕන දෙයක් කරගන්න...ඕන කෑමක් බීමක් දෙන්න..

හැබැයි මේ තීරණාත්මක අවස්ථාවෙ අනවශ්‍ය භීතිකාවල් ඇති කරන්න එපා...බිල්ලො මවන්න එපා....වැරදිමත සමාජගත කරන්න එපා..

මොකද මේ වෙලාවෙ දවසම කැඳ කෝප්පෙන් ගතකරන දරුවොත් අපි අතර ඉන්නව...

(මේ මහත්තුරු උම්බෑ කියන කියන සැරයක් ගානෙ කම්මැලි උනත් එකම කතාව ලියන්න වෙනව..කියෙව්වට ස්තුතියි )

උපුටා දක්වීමකි

Address

Negombo
11500

Opening Hours

Monday 06:00 - 21:15
Tuesday 06:00 - 21:15
Wednesday 06:00 - 21:15
Thursday 06:00 - 21:15
Friday 06:00 - 21:15
Saturday 06:00 - 21:15
Sunday 06:00 - 21:15

Telephone

+94718578722

Alerts

Be the first to know and let us send you an email when Ayu Care Yoga Ashram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayu Care Yoga Ashram:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram