SANDEEPA

SANDEEPA ආයුබෝවන් | வணக்கம் | Welcome

The premier Therapeutic Clinic in Sri Lanka for kids and adults. www.rehabilitation.lk 0767 32 52 72
Established in 2012.
(1)

හැදින්වීම

සංදීපා පුනරුත්ථාපන-චිකිත්සක මධ්‍යස්ථානයේ ප්‍රධාන සායනය
මීගමුව ප්‍රදේශයේද, නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානය
දිවුලපිටිය ප්‍රදේශයේද, චැනලින් සේවා සඳහා ජා ඇල - මීගමුව - දිවුලපිටිය - දංකොටුව සහ බොරැල්ල යන ප්‍රදේශවලදී ද සේවා පහසුකම් සලසා ඇත. එහිදී මනෝවිද්‍යා උපදේශනය, මනෝ චිකිත්සක ප්‍රතිකාර, කථන භාෂා චිකිත්සක ප්‍රතිකාර, භෞත චිකිත්සක ප්‍රතිකාර, වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර, අධ්‍යාපන උපදේශන සේවා, ව

ිශේෂ අධ්‍යාපන උපකාර ඇතුළු තවත් බොහෝ සායනික ප්‍රතිකාර සේවා ලබාගත හැක. එමෙන්ම, අප සායනයේ ප්‍රතිකාර ලබාදෙන සියලු වෛද්‍ය වෘත්තිකයන් උපාධිදාරී, පළපුරුදු, ලියාපදිංචි වෘත්තිකයින් වන අතර අන්තර්ජාලය ඔස්සේ (සූම් / වට්ස්ඇප් වැනි) සහ ඔන්ලයින් වෛද්‍ය සේවා සපයන ආයතන හරහා ද සේවා ලබා ගත හැක.

අරමුණ
ඉහත සියලු ප්‍රතිකාර සහ සේවා හී ක්‍රමශිල්ප මගින් මිනිස් මනසත් ශරීරයත් අතර සවිමත් අන්තර්සබදතාවයක් නිර්මාණය කිරීම තුලින් ජීවිත ගුණාත්මකභාවය ඉහල නැංවීම.

දැක්ම
සුවැති මානසික ශක්තියකින් සපිරුණු අභිමානවත් මනුෂත්වයක් ඇති කිරීමට අවශය යහපත්
අධ්‍යාත්මික ශක්තිය ගොඩ නැගීම.

12/05/2026
භෞත චිකිත්සක ප්‍රතිකාර යනු බොහෝ කායික පීඩා වලදී භාවිතා වන චිකිත්සක ප්‍රතිකාර අංශයකි ඔබේ සෞඛ්‍යය සහ සුවතාවය වෙනුවෙන් සැමව...
11/05/2026

භෞත චිකිත්සක ප්‍රතිකාර යනු බොහෝ කායික පීඩා වලදී භාවිතා වන චිකිත්සක ප්‍රතිකාර අංශයකි

ඔබේ සෞඛ්‍යය සහ සුවතාවය වෙනුවෙන් සැමවිටම කැපවෙන,
සංදීපා භෞත චිකිත්සක ඒකකය

වේදනාවෙන් තොර, සක්‍රීය ජීවිතයක් කරා භෞතචිකිත්සක ප්‍රතිකාර... 🏃‍♂️✨
2012 වසරේ සිට වසර 14ක සායනික පළපුරුද්දක් ඇති, ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ භෞතචිකිත්සකවරුන් (Physiotherapists) වෙතින්...

📞 වේලාව වෙන්කර ගැනීමට: 076 732 5272
🌐 පිවිසෙන්න: www.rehabilitation.lk

ඔබට වෘත්තීය චිකිත්සකවරයකුගේ සහය ලබා ගත හැකි අවස්ථා මොනවාද?--------------------------------------------------------------...
11/05/2026

ඔබට වෘත්තීය චිකිත්සකවරයකුගේ සහය ලබා ගත හැකි අවස්ථා මොනවාද?
-----------------------------------------------------------------------
01. වෘත්තීය චිකිත්සක (Occupational Therapy - OT) ලෙස හඳුන්වනු ලබන්නේ, වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් (Professionals Supplimentary to Medicine) හෝ සම-සෞඛ්‍ය වෘත්තීන් (Allied Health Professions) ලෙස සැලකෙන කාණ්ඩයට අයත්, වෘත්තීය සේවාවකි.

02. ශ්‍රී ලංකාවේ වෘත්තීය චිකිත්සක නිළධාරීන් වැඩි වශයෙන් සේවය කරනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සේවාවට අනුබද්ධිතව ය. එබැවින් පෞද්ගලික අංශයේ වෘත්තීය චිකිත්සකවරුන්ගේ හිඟයක් පවතී.

03. වෘත්තීය චිකිත්සකවරුන් ජීවිතයේ සියලුම වයස් කාණ්ඩ වල පුද්ගලයන් මුහුණ දෙන කායික හෝ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා දෙයි. එසේ වුවද ඇතැම් වෘත්තීය චිකිත්සක නිළධාරීන් විවිධ ක්ෂේත්‍ර වල වැඩිදුර නිපුනත්වය ලබා ඒ ක්ෂේත්‍ර වලට අදාළව කටයුතු කරන අවස්ථා ඇත.

04. කුඩා දරුවන් සහ ළදරුවන්ගේ වර්ධන ප්‍රමාදයන්, හසුරු කුසලතා, පෙර ලිවීමේ කුසලතා, වයසට අවශ්‍ය ක්‍රීඩා කුසලතා, අධ්‍යාපන දුර්වලතා ආදී ගැටලු වල දී ඔබට වෘත්තීය චිකිත්සකවරයකුගේ සහය ලබාගත හැකිය.

05. ඔටිසම් (ASD), අධි ක්‍රියාකාරී දරුවන් වැනි චර්යාමය, ආවේදනික (sensory) සහ සන්නිවේදන ගැටලු අත්විඳින දරුවන්ට වෘත්තීය චිකිත්සකවරයකුගේ සහය අවශ්‍ය වේ.

06. යොවුන් වියේ දරුවන්ට ඇති වන ආබාධ සහ චර්යා ගැටලු වල දී වෘත්තීය චිකිත්සක සහය ලබා දීමට අවශ්‍ය විය හැකිය. විශේෂයෙන්ම ආබාධ සහිත යෞවනයන් සමාජගත කිරීමේ දී අවශ්‍ය වල පෙර වෘත්තීය කුසලතා සංවර්ධනය වෘත්තීය චිකිත්සකවරුන් විසින් සිදු කරයි.

07. ජීවිත කාලය පුරා පුද්ගලයන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටලු වලින් ඉක්මන් සහ ගුණාත්මක සුවයක් ලබාගැනීම සඳහා වෘත්තීය චිකිත්සකවරු ඔබට සහය වෙති.

08. ආඝාතය (Stroke) ආදී ස්නායු ආශ්‍රිත ආබාධ සහ රෝග වලින්, පිලිස්සුම් වලින්, කාපල් ටනල් සහලක්ෂණය (CTS) ආදී අත් ආශ්‍රිත ආබාධිත තත්ත්වයන්, ආතරයිටිස් වැනි සන්ධි සහ අස්ථි ආශ්‍රිත රෝගාබාධ, ශල්‍යකර්ම වලින් වලින් සුවය ලැබීමේ දී ආදී අවස්ථා වල දී වෘත්තීය චිකිත්සක සහය ලබාගැනීම අවශ්‍ය වේ.

09. වයස්ගත වීමත් සමඟ ඇති වන මතකය ආශ්‍රිත ආබාධ, මානසික සෞඛ්‍ය ගැටලු සහ කායික ගැටලු වල දී එදිනෙදා ජීවිතයේ කටයුතු හැකි තාක් ස්වාධින ලෙස සිදු කරගැනීමට වෘත්තීය චිකිත්සකවරු සහය ලබා දෙති.

10. වෘත්තීය චිකිත්සාව ලෝකය පුරා විද්‍යාත්මකව පිළිගත් ප්‍රතිකාර ක්‍රම භාවිතා කරමින් පුද්ගලයන්ගේ සුවය ඉක්මන් කිරීමට, එදිනෙදා ජීවිතය ස්වාධින ලෙස ගත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට සහ ජීවන තත්ත්වය ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට සහය ලබා දෙයි.
සංදීපා වෘත්තීය චිකිත්සක සායනය (Occupational Therapy Unit) 🛠️✨

"පූර්ණ නිදහස සහ ස්වාධීනත්වය කරා දරුවා සහ ඔබව රැගෙන යන වසර 14ක සායනික විශිෂ්ටත්වය"

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 732 5272

🌐 පිවිසෙන්න: www.rehabilitation.lk

දහසක් මල් මැද එකම මලයිඒ මල ලොවට මුදු සුවඳ දෙයිදහසක් දින මැද නව සදුදාවයි ඒ දින ඔබට සුබ දිරි හැගුම් දෙයි"Your Monday morni...
11/05/2026

දහසක් මල් මැද එකම මලයි
ඒ මල ලොවට මුදු සුවඳ දෙයි

දහසක් දින මැද නව සදුදාවයි
ඒ දින ඔබට සුබ දිරි හැගුම් දෙයි

"Your Monday morning thoughts determine your entire week. Think positive!"

SANDEEPA ENERGIZING GROUP
𝓢𝓻𝓲 𝓛𝓪𝓷𝓴𝓪’𝓼 𝓟𝓻𝓮𝓶𝓲𝓮𝓻 𝓝𝓮𝓽𝔀𝓸𝓻𝓴 𝓯𝓸𝓻 𝓗𝓸𝓵𝓲𝓼𝓽𝓲𝓬 𝓒𝓵𝓲𝓷𝓲𝓬𝓪𝓵 𝓔𝔁𝓬𝓮𝓵𝓵𝓮𝓷𝓬𝓮 🇱🇰
© www.rehabilitation.lk | Est. 2012



තනි පුද්ගල උපදේශනයපවුල් / යුවල උපදේශනය ලිංගික උපදේශනය කාංසාව, මානසික ආතතිය, විශාදය, ග්‍රස්ථිය අනිවාර්ය්‍ය අක්‍රමතාවය-OCD...
10/05/2026

තනි පුද්ගල උපදේශනය
පවුල් / යුවල උපදේශනය
ලිංගික උපදේශනය කාංසාව, මානසික ආතතිය, විශාදය, ග්‍රස්ථිය අනිවාර්ය්‍ය අක්‍රමතාවය-OCD, බයිපෝලාර් තත්ත්වය, ඇබ්බැහිවීම්, භීතිකා ඇතුලු තත්ත්ව සදහා උපදේශනය
පුද්ගල පෞරුෂ සංවර්ධනය, සංයම අභ්‍යාස සහ මානසික ඒකාග්‍රතා පුහුණුව, අධ්‍යාපනික උපදේශනය, චර්යා හැඩගැස්වීමේ චිකිත්සනය, ලමා උපදේශනය, දෙමාපිය උපදේශනය ඇතුළු ඔබට අවශ්‍යය මනෝ උපදේශන සේවා රැසක්; පුද්ගලිකත්වය සහ රහසිගතභාවය ආරක්ෂාකරගනාමින් පලපුරුදු ජ්‍යේෂ්ඨ වෘත්තීය මනෝ උපදේශකවරුන් වෙතින් මනෝ උපදේශනය ලබා ගැනීමට සංදීපා සමූහය අනුබද්ධිත මනෝ අංශය සමග අදම සම්බන්ධවන්න!!!

0767 32 52 72

Safe, Confidential, and Professional Counseling Services💫
Take a step toward healing today!
www.rehabilitation.lk

Since 2012

https://www.facebook.com/share/p/1dKvt1ssgk/
10/05/2026

https://www.facebook.com/share/p/1dKvt1ssgk/

කථන භාෂා චිකිත්සක ප්‍රතිකාර කවුරුන් සඳහාද? දරුවන් ගේ වයසට අදාලව කථන භාෂා කුසලතා මොනවාද? නිතරම අහන මේ ගැටලු වලට විසඳුම් මේ ලිපි වලින් බලන්න... (මෙම මාතෘකාවෙන් දැනට පලවූ ලිපි ලින්ක් කොට ඇත)

ලිපි අංක 01 - කථන භාෂා සන්නිවේදන ගැටලු ඇති විය හැකි ආකාර

https://m.facebook.com/story.php?story_fbid=2339838632979288&id=1620581198238372

ලිපි අංක 02 - මෙම ආබාධ මූලික අවධියේ දී ම හඳුනා ගැනීම

https://www.facebook.com/1620581198238372/posts/2340529012910250/

ලිපි අංක 3 - උපතේ සිට වයස අවුරුදු 2 තෙක් කථන භාෂා කුසලතා සහ කල යුතු දේ මේ ලිපියෙන් බලන්න පුළුවන්

https://m.facebook.com/story.php?story_fbid=2350081681954983&id=1620581198238372

ලිපි අංක 4 - වයස අවුරුදු 2 සිට 5 දක්‌වා කථන භාෂා කුසලතා සහ කල යුතු දේ මේ ලිපියෙන් බලන්න පුළුවන්

https://m.facebook.com/story.php?story_fbid=2387302858232865&id=1620581198238372

සචින්තනී අමුගොඩ
කථන ව්‍යාධිවේදිනී SLMC 0088
ලමා මනෝ උපදේශිකා SLNIPC 2012/1028


දරුවෙකුගේ ලෝකය හැඩකිරීමට මවක් කරන කැපවීම මිල කළ නොහැකියි. ඒ අසීමිත ආදරය සහ ශක්තිය අගය කරන දවසක්. අප සමඟ සම්බන්ධ වී සිටින...
10/05/2026

දරුවෙකුගේ ලෝකය හැඩකිරීමට මවක් කරන කැපවීම මිල කළ නොහැකියි. ඒ අසීමිත ආදරය සහ ශක්තිය අගය කරන දවසක්. අප සමඟ සම්බන්ධ වී සිටින සියලුම ආදරණීය අම්මාවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!

SANDEEPA ENERGIZING GROUP
𝓢𝓻𝓲 𝓛𝓪𝓷𝓴𝓪’𝓼 𝓟𝓻𝓮𝓶𝓲𝓮𝓻 𝓝𝓮𝓽𝔀𝓸𝓻𝓴 𝓯𝓸𝓻 𝓗𝓸𝓵𝓲𝓼𝓽𝓲𝓬 𝓒𝓵𝓲𝓷𝓲𝓬𝓪𝓵 𝓔𝔁𝓬𝓮𝓵𝓵𝓮𝓷𝓬𝓮 🇱🇰
© www.rehabilitation.lk | Est. 2012



බුදු පුදට මල් දෝතක් - ඔබේ ගෙවත්තේ පිපෙන මල්වලින් පින්කමට දායක වන්න! 🌸🙏වෙසක් පෝය දින මීගමුව අබේසේකරාරාම විහාරයේදී 8 වෙනි ...
09/05/2026

බුදු පුදට මල් දෝතක් - ඔබේ ගෙවත්තේ පිපෙන මල්වලින් පින්කමට දායක වන්න! 🌸🙏

වෙසක් පෝය දින මීගමුව අබේසේකරාරාම විහාරයේදී 8 වෙනි වරටත් පවත්වනු ලබන අපගේ "මල් සහ හඳුන්කූරු දන්සල" සඳහා වැඩිපුර මල් වර්ග සපයා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.

ඔබේ ගෙවත්තේ හෝ අවට ස්ථානයක අරලිය, පිච්ච, වතුසුදු, කහමල්, නෙලුම්, ඕලු, මානෙල් හෝ වෙනත් ඕනෑම පූජා කිරීමට සුදුසු මල් තිබේ නම්, මෙම උතුම් පින්කමට ඒවා පූජා කිරීමෙන් දායක වන ලෙස අප මෙත් සිතින් ආරාධනා කරනවා.

✅ අපට සහය විය හැකි ආකාරය:

ඔබේ ගෙවත්තේ හෝ අවට මල් තිබේ නම් අපට දැනුම් දෙන්න.

අපගේ කණ්ඩායම පැමිණ මල් නෙළා ගැනීමට (කඩා ගැනීමට) සූදානම්.

නැතහොත් ඔබට මල් නෙළා අප වෙත ලබාදිය හැකියි.

📲 දැනුම් දීමට: 0767 32 52 72 සංදීපා සමූහය
📍 ප්‍රදේශය: මීගමුව අවට

මෙම පණිවිඩය හැකිතාක් Share කර, මල් පූජාවට මල් සපයා ගැනීමට අපට උදව් වන්න. සම්බුදු පූජාව සඳහා ඔබේ මල් දෝතත් පරිත්‍යාග කර මෙත් පින් රැස් කරගන්න.☸️

ඔබේ ශ්‍රවණ සෞඛ්‍යය රැකගන්න: සංදීපා වෙතින් උපදෙස් කිහිපයක්සන්නිවේදනය යනු ජීවිතයේ සුන්දරම කොටසයි. අප අවට ඇසෙන ආදරණීයයන්ගේ ...
09/05/2026

ඔබේ ශ්‍රවණ සෞඛ්‍යය රැකගන්න: සංදීපා වෙතින් උපදෙස් කිහිපයක්
සන්නිවේදනය යනු ජීවිතයේ සුන්දරම කොටසයි. අප අවට ඇසෙන ආදරණීයයන්ගේ හඬවල් සහ සොබාදහමේ ශබ්ද අපගේ මානසික සුවයට බෙහෙවින් ඉවහල් වේ. ඔබගේ ශ්‍රවණය දිගුකාලීනව නිරෝගීව තබා ගැනීමට මෙම සරල පුරුදු අනුගමනය කරන්න:

අධික ශබ්දයෙන් ආරක්ෂා වන්න: ඉහළ ශබ්දයක් සහිත පරිසරයක සිටින විට (උදා: කර්මාන්තශාලා හෝ සංගීත ප්‍රසංග) ශ්‍රවණ ආරක්‍ෂක (Earplugs) භාවිතා කිරීමට උනන්දු වන්න.

60/60 නීතිය අනුගමනය කරන්න: හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් භාවිතා කිරීමේදී උපරිම ශබ්ද ප්‍රමාණයෙන් 60% කට වඩා වැඩි නොකිරීමටත්, එක දිගට විනාඩි 60 කට වඩා සවන් නොදීමටත් වගබලා ගන්න.

කන් පිරිසිදු කිරීමේදී ප්‍රවේශම් වන්න: කොට්න් බඩ්ස් (Cotton buds) හෝ වෙනත් තියුණු ද්‍රව්‍ය කන තුළට දැමීමෙන් කන් බෙරයට හානි විය හැක. කන යනු ස්වයංව පිරිසිදු වන ඉන්ද්‍රියයක් බව මතක තබා ගන්න.

ප්‍රමාණවත් විවේකයක් ලබා දෙන්න: අධික ශබ්දයකට නිරාවරණය වූ පසු ඔබේ ශ්‍රවණ ස්නායුවලට යථා තත්ත්වයට පත්වීමට නිහඬ පරිසරයක විවේකයක් ලබා දෙන්න.

ශ්‍රවණ පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි?
බොහෝ විට ශ්‍රවණ දුර්වලතා ඇති වන්නේ ඉතා සෙමිනි. එබැවින් වසරකට වරක්වත් වෘත්තීයමය ශ්‍රවණ පරීක්ෂාවකට (Hearing Assessment) යොමු වීම වැදගත් වේ.

ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට ශබ්ද ඇසීමේදී හෝ වචන වෙන්කර හඳුනාගැනීමේදී අපහසුවක් දැනේ නම්, ඒ පිළිබඳව විමසීමට අප සැමවිටම සූදානම්.

සංදීපා - වසර 14 ක සායනික විශිෂ්ටත්වය සමඟින්.

Hearing Clinic by SANDEEPA 👂✨
"Reconnect with the World of Sound!"

With 14 years of clinical excellence, our senior and licensed Audiology professionals provide comprehensive hearing care for all ages using the latest diagnostic technology.

🔹 Our Specialized Services:

Pediatric Screening: Early hearing detection for newborns and children to ensure healthy development.

Diagnostic Audiology: Precise hearing loss assessments for adults and seniors.

Tinnitus Management: Expert guidance and relief for ringing in the ears.

Advanced Hearing Aid Solutions: Personalized fittings with the world’s leading hearing technology.

Step into a Clearer Tomorrow Since 2012.

📞 Contact us today: 076 732 5272
🌐 Website: www.rehabilitation.lk

ඔබේ නිරෝගී සෞඛ්‍යය වෙනුවෙනි...https://www.facebook.com/share/1FSfFDoKbT/
09/05/2026

ඔබේ නිරෝගී සෞඛ්‍යය වෙනුවෙනි...

https://www.facebook.com/share/1FSfFDoKbT/

සියල්ලෝ දකිත්වා...
මීට ටික වෙලාවකට කලින් ආපු නාදුනන කෙනෙකුගෙන් මැසේජ් එකක්. මම හිතුව මේක ඔබත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. කියන බොහෝ තොරතුරු ගැන මමත් අත්දැකීමෙන්ම දන්නවා.මැලේසියාවෙත් ඕක තියනවනෙ එක එක වෙලද නාමයන් වලින්.😌📣

08/05/2026

I can and I will 💪

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when SANDEEPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share