Kg/dedi/Ihalagama sri seelarathana k.v

  • Home
  • Kg/dedi/Ihalagama sri seelarathana k.v

Kg/dedi/Ihalagama sri seelarathana k.v school

15/05/2025

මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්යක්ශකවරයා... සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ..ඒ නිසයි මේක ලියන්නම හිතුනේ..

යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ප්රදානවශයෙන්ම... ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..

යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න..

" යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..

දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.

සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අයගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..

කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට..

තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා..අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා...

කෝන් ෆ්ලවර්...යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්.

සාමාන්යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...

මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය
උපුටා ගැනිමක්.

- C e y l o n P a g e -

09/05/2025

අවුරුදු 1-6 දරුවන්ගේ හැසිරවීමේ කුසලතා (Manipulative skills) වර්ධනය කරන්නේ කොකොමද? මේක මෙච්චර වැදගත් ඇයි?

හැසිරවීමේ කුසලතා යනු දරුවෙකුට තම අත් හෝ පාදවලින් වස්තූන් හැසිරවීමට, චලනය කිරීමට හෝ පාලනය කිරීමට ඇති හැකියාවයි.

හැසිරවීමේ කුසලතා ඇති දරුවන්:
• වස්තූන් නිසි ලෙස ග්‍රහණය කිරීම, මුදා හැරීම(බෝල ඇල්ලීම විසි කිරීම)
• අත් සහ ඇස් සම්බන්ධීකරණය කරන්න (hand and eye coordination)
• නිවැරදි ක්‍රියා සඳහා කුඩා චලනයන් පාලනය කරන්න.

හැසිරවීමේ කුසලතා සඳහා උදාහරණ:

• කමිසයක් බොත්තම් කිරීම
• කතුර, දත් බුරුසුව, කට්ලරි භාවිතා කිරීම
• ගොඩනැගිලි බ්ලොක් සමඟ සෙල්ලම් කිරීම
• බෝලයක් අල්ලා ගැනීම හෝ විසි කිරීම
• පැන්සලක් අල්ලා ගැනීම

හැසිරවීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාකාරකම්:

1. කුඩා දරුවන් සඳහා (අවුරුදු 1–3):
• කුට්ටි ගොඩගැසීම
• පුවරු පොත්වල පිටු හැරීම
• හැඩතල වර්ග කරන්නෙකුට පළ කිරීම
• විශාල පබළු සමඟ සෙල්ලම් කිරීම (නූල් කිරීම)

2. පෙර පාසල් දරුවන් සඳහා (අවුරුදු 3–5):
• ක්‍රීඩා පිටි ගුලිය අච්චු කිරීම සහ ඇණ ගැසීම
• ළමා ආරක්ෂිත කතුරෙන් කඩදාසි කැපීම
• හැඩතල තුළ ඇඳීම හෝ වර්ණ ගැන්වීම
• ප්‍රහේලිකා (විශාල සහ කුඩා කැබලි)
• නූලක පබළු හෝ පැස්ටා නූල් දැමීම
• ස්පොන්ජ් මිරිකීම (ජලය මාරු කිරීම)
• කුඩා වස්තූන් ලබා ගැනීමට කරකැවිල්ල භාවිතා කිරීම

3. ප්‍රාථමික පාසල් දරුවන් සඳහා (අවුරුදු 6+):
• ඔරිගාමි හෝ කඩදාසි නැමීම
• කර්සිව් ලිවීමේ පුහුණුව
• කලා සහ අත්කම් (කැපීම, ඇලවීම, එකලස් කිරීම)
• ටයිප් කිරීමේ ක්‍රීඩා
• ඉවුම් පිහුම් කාර්යයන් (මිශ්‍ර කිරීම, වත් කිරීම, මැනීම)

09/05/2025

- දරුවන්ට සැර කිරීම සහ සමබර හැසිරීම-

දරුවන්ට සැර කරන හේතු -

අපි දරුවන්ට සැර කරන්නේ හේතු කිහිපයක් නිසා විය හැකිය.

1. දරුවා කරන වැරදි නිසා.
2. කාලය කළමනාකරණය කරගැනීමේ අපහසුව නිසා.
3. දරුවන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු එකවර කරන කරදර නිසා.
4. අධික කාර්යබහුලබව නිසා.
5. පවුලෙන් ඔබට නොලැබෙන සහයෝගය නිසා.
6. ඔබටත් ලැබෙන අවධානය අඩුබව නිසා.

මේ කුමන හේතුවක් නිසා හෝ ඔබ දරුවාට සැර කරනවානම් එය එපා යැයි කීම ප්‍රායෝගික නැත.

නමුත් යම් යම් සීමාවන් අපිටම මේ වගේ තත්ත්වවලදී පනවාගන්න සිදුවේ.

👉දරුවාගේ වැරදිවලට ප්‍රතිචාර දැක්වීම

දරුවා කරන සෑම වැරැද්දකටම කෑ ගැසීම, බැණීම හෝ ගැසීම දිගු කාලීනව සාර්ථක උපක්‍රමයක් නොවේ.

එය දරුවාගේ මානසික තත්ත්වයට විශාල පහරක් විය හැකිය.

එම නිසා අපිට සිදුවන්නේ,

- දරුවන් කරන වැරදි එක හෙලා ප්‍රතික්ෂේප කරන අතරම
- දරුවාගේ මානසිකත්වයට හානියක් නොවන ආකාරයට එය සිදු කිරීමයි.

වඩා හොඳ විකල්ප ක්‍රම -

1. විනය නීති මාලාවක් දරුවා සමඟ ඇති කරගැනීම.

උදාහරණ -

- ගත්ත දේ ගත්ත තැනින් තැබීම.
- සෙල්ලම් බඩු සියල්ල අම්මා සමඟ රාත්‍රියට අස් කිරීම.
- නිදාගන්න පෙර අනිවාර්යයෙන් දත් මැදීම, ඇඟ සේදීම හා නිදි ඇඳුමකට මාරු වීම.
- කඩයකදී හෝ වෙනත් ස්ථානයකදී දේවල් ඉල්ලා කරදර නොකිරීම.

මෙවැනි දරුවාගේ වයසට ගැළපෙන සාධාරණ විනය නීති කිහිපයක් දරුවාට පැහැදිලි කර දෙන්න.

2. ඔබත් ආදර්ශවත් වීම.

දරුවා ඉල්ලන්නේ අනවශ්‍ය දෙයක් හෝ අහිතකර දෙයක් නම් ඔබ එය එක හෙළා ප්‍රතික්ෂේප කළ යුතුයි. "තාම පොඩියිනේ දුන්නට කමක් නෑ" හෝ "ඕවා ලොකු වුණාම හරි යයිනේ" වැනි හේතු මත දරුවාට ඒවාට අනුබල දී පසුව දුක් වීමෙන් හෝ තරහ ගැනීමෙන් පලක් නැත.

3. බැන වැදුණු විට සමාව ඉල්ලීම.

යම් අවස්ථාවක දරුවාට බැන වදින්නේ නම්, එදින නින්දට යන්න පෙර අනිවාර්යයෙන් ඒ ගැන දරුවා සමඟ කතා කරන්න:

- "අම්මට තරහ ගියේ බබා වරදක් කරපු නිසයි"

- "ඒ වෙලාවේ තරහ ගිහින් බැන්නට සමාවෙන්න, මගේ මැණික/පුතේ"

මෙසේ කියමින් දරුවා සිප වැළඳගෙන සමාව ඉල්ලන්න. එහෙත් හැමදාම බැණ හැමදාම සමාව ඉල්ලීම දරුවාට සෙල්ලමක් විය හැකිය. එනිසා ඔබ ඔබවම පාලනය කරගැනීම වඩාත් වැදගත් බව මතක තබාගන්න.

4.දරුවන් තේරුම් ගැනීම.

දරුවන් යනු තවමත් ලෝකය දැකීමට පටන් ගත් අයයි. කිසිදු දෙයක් වැරදි හෝ හරි යැයි ඔවුන් දන්නේ නැත. ඔවුන් සියලු ක්‍රියාවන් සහ ප්‍රතික්‍රියාවන් ඔබෙන් ඉගෙන ගනිමින් සිටිනවා.

මේ නිසා,
- දරුවා දරුවෙකු ලෙස දකින්න.
- දැඩි දඬුවම් මෙන්ම දැඩි ආදරයත් වැරදි දිශාවකට හැරවිය හැකිය .
- මධ්‍යස්ථව හිතන්න.
- වැරදි දේ වැරදි ලෙස දකිමින් දරුවාට එය ආදරයෙන් තේරුම් කරවන්න.
- කිසිම අවස්ථාවක දරුවාගේ වැරදි දැක අහක බලාගැනීමෙන් වළකින්න.

අනාගතයේ දරුවන් අන් අයට හිංසාකාරී නොවන, බිඳුණු චරිත නොවන, සාර්ථක වැඩිහිටියන් බවට පත් කිරීමට නම්, නිවස දරුවාට ආදරය, ගෞරවය සහ ආරක්ෂාව සපිරුණු තැනක් විය යුතුම වේ.

- කෞශල්‍යා පෙරේරා | Brain Boosters

2025 බක්මහ උළෙල
07/05/2025

2025 බක්මහ උළෙල

Address

Ihalagama

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/dedi/Ihalagama sri seelarathana k.v posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram