Arogya Caregivers

  • Home
  • Arogya Caregivers

Arogya Caregivers " ආරෝග්‍යා පරමාලාභා "

27/02/2023
31/01/2023

● බුදු සරණයි ✅😢🙏❤️
_______________________
අහක බලන් යන්නේ නැතිව
අදහන ආගමකින් පුංචි ආශිර්වාදයක් කරන්න 🙏🥺
බොහොම පිං ❤️🙏😢

මේ පුංචි පැටියට දෙවි වරු වන්
වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ඉක්මන් සුවය ලැබේවා ❤️🙏😢

31/01/2023

ඉක්මන් සුවය ලැබේවා! 🥺🙏😓

31/01/2023

ඉක්මන් සුව මැණික..🙏🙏😥
අහක බලන් යන්න එපා. 🙏🙏
මගේ දරුවා හුස්ම ගන්න අමාරුයි. පෙනහළු වලට විෂබීජයක් ගිහින්. දොස්තරමහත්වරු කියනවා පෙනහළුවල දැන් ප්‍රශ්න වැඩියි කියලා. මම ඉල්ලන්නේ ඔයාලගේ ආශිර්වාදය විතරයි. මගේ දරුවාට ඉක්මනින් සුව වෙන්න කියලා ඔයාලා අදහන ආගමට අනුව ප්‍රාර්ථනා කරන්න. මගේ දරුවා බේරල දෙන්න ඔබට පුළුවන් උපරිම දේ කරන්න මට සල්ලි එපා
ඔයාලගේ අශිර්වාදය ගොඩක් ශක්තිමත්. පිං සිද්දවෙනවා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏

- උපුටාගැනීමකි -

If you are don't eat healthy food as medicine , one day you will have to take medicines as your food. Arogya Caregivers
21/01/2023

If you are don't eat healthy food as medicine , one day you will have to take medicines as your food.

Arogya Caregivers

We care you... Arogya Caregivers
21/01/2023

We care you... Arogya Caregivers

22/12/2022

දේශීය ආහාර වර්ග පිළිබඳව ජනතාව තුළ වර්තමානය වෙද්දී වැඩි අවධානයක්  යොමු වෙමින් යනවා. වස විස එකතු කරපු ආහාරපාන ගන්නව...

22/12/2022

♥️

22/12/2022

හරිම ආඩමිබරයි සහෝදරි..!

22/12/2022
15/12/2022

ඒක බලන්නම වටින දර්ශනයක් 😍

..**-බතලේ උපත..*-**=====================================                         අයිපෝමියා බටාටාස් යන උද්දිත විද්‍යාත්මක...
14/11/2022

..**-බතලේ උපත..*-**
=====================================

අයිපෝමියා බටාටාස් යන උද්දිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බතල ජීවිතයේ එක් වරක් හෝ ඔබ රස බලා ඇතිවාට සැක නැත.ග්මේ ගොඩේ කොයි කවිරුත් කියන්නෙ බත්වල ගුණය තියෙන අල වර්ගයක් බතල කියලා.ඇත්තෙන්ම ප්‍රති ඔක්සිකාරකයක් වන බතල වල ගුණ අපමණය.

එහි අඩංගු පෝෂක කොටස් පිළිබදව සලකන විට, සෑම බතල වර්ගයකම ප‍්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට පවතින නිසා මිනිස් සිරුරට අවශ්‍ය ශක්තිය සපයන ආහාරයක් ලෙස බතල හඳුන්වා දිය හැකිය. මේ අතරින් ඉතාම වැදගත් කරුණ ලෙස හඳුනා ගත හැක්කේ මේ සෑම බතල වර්ගයකම වියලි බරෙන් 10% කට වඩා වැඩි ප‍්‍රමාණයක් තන්තු අඩංගු වීමයි. අර්තාපල් කනවාට වඩා මෙවා ගුණ වෙන්නෙ ඒකයි.විවිධ වර්ණ වලින් යුතු බතල වර්ග 25ක් පමන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. වැඩි වශයෙන්ම පෝෂක පවතින්නේ බතල වල පොත්තේ නිසා හොඳින් පිරිසිදු කර අවම වශයෙන් පොත්ත ඉවත්නොකරන ලද බතල ආහාරයට ගැනීමෙන් ඔබට ඒ පෝෂක කොටස් වැඩි ප‍්‍රමාණයක් ඔබේ සිරුරට ලබා ගැනීමට හැකියාව ලැබෙන බව මතක තබාගන්න.එදිනෙදා ජීවිතයේ වැයවෙන පෝෂණ ගුණය හා ශක්තිය බතල අපට සපයනවා.

මෙවනි ගුණ ඇති බතල උපන් හැටි ඔබ දැන හිටියාද?දැනගෙන නොහිටියානම් අද දැනගන්නකෝ.මේ බතල උපන් විදිහ ජන වහරේ පවතින ජන කතාවක් ඔබලා මේ කතාව කියවලා දරුවන්ටත් කියා දෙන්න.අපේ දේ අපි පරම්පරාවට රැකල දෙන්න එපැයි.මෙන්න මේකයි බතලේ උපත.
ඔන්න එක් ගමක අම්මයි තාත්තයි දූල දෙන්නයි ජීවත් වෙනවා තාත්තා අකාලයේම මොය යනවා අම්මා මේ දූල දෙන්න ලොකුමහත් කරලා නිසි කාකෙදී විවාහ කරලා දෙනවා.ඉතින් විවාහ උන දූලා දෙන්න වෙනම පැලක් හදාගෙන මහ ගෙදරට ටිකක් දුරින් පදිංචි වෙනවා.කාලයත් එක්ක අම්මා වයසට ගිහින් දුබල වෙනවා.ඒත් අම්ම මහ ගෙදා තනියමයි ඉදලා තියෙන්නේ. දවසක් මේ අම්මා තමන්ගෙ ගමට ආසන්නයේ පදිංචිවෙලා හිටපු පොඩි දුවගෙන් දවල්ට බත් කටක් කන්න ඕනි කියලා හිතාගෙන බොහෝම අමාරුවෙන් පයින්ම යනවා පොඩි දූගෙ ගෙදරට.
ඉතිම් මහන්සියෙන් ඇවිත් දූගෙ ගෙට ගොඩ උනු අර අම්මා ඈත තියාම පොඩි දුව දකිනවා.ඒ වෙලාවේ දුව බත උය උයයි හිටියේ.අම්ම දකිද්දිම දුව හිතනවා.අම්මත් එන්නෙ කන වෙලාව්ටමයි මේ උයපු බත මටයි ලමයිටයි මදි වෙනව මෙයාට දුන්නොත්.ආය මට උයන්න බෑ.ගෙදර හාලුත් නෑ කියල හිතලා මුට්ටිය නෑබිලියෙන් වහලා යනවා අම්මව බලන්න.අම්ම ලගට ගිහින් කියනවා"අම්මේ අද දවල්ට අපි ඉව්වෙ නෑ ගෙදර හාල් ඇටයක්වත් නෑ.කහට ටිකක් බීල ඉන්නෙ අපිත්.අම්ම ඉක්මනට අක්කලා දිහා යන්න එහෙනම් උයල ඇති" කියලා.

ඒ අම්මා ඉතින් හා දුවේ කියල පිටත් වෙලා බඩගින්නේම ආපහු ගෙදරට එන්න පිටත් වුනේ "උබලාට කන්න බොන්න හිගයක් නෙවේවා" කියලා ප්‍රාර්තනා කරල.අම්ම යන්න ඇරලා දුව ළමයිටත් බත් කන්න එන්න කියලා බත් බෙදන්න මුට්ටියේ නෑබිලිය ඉවත් කරනකොට අර බත් මුට්ටියෙ බත් සේරම ලේ වෙලා මට්ටියෙන් එකයිලු.මේක දැක්ක දුව අම්මට නොදී කන්න හිටපු නිසා මේක උන බව දැනගෙන දුක් වෙනවා.ඊට පස්සෙ ඒ මුට්ටිය වත්ත පහලට ගිහින් හලනව මෙන්න බත ලේ උනා කියලා.ඒ ලේ පහලට ගලාගෙන් යනවා.කාලයක් යනකොට ඒ ලේ ගලාන ගිය තැනින් රතුපාට වැල් වගයක් එනව..ඒවා වත්ත පුරාම බෝවෙනවා.ගලවලා දැම්මත් ආය හැදෙනවා.එවායේ ලොකූ අලත් හැදිලා තියෙනවා.මේවා මොනාද කියල අහනකොට මිනිස්සුන්ට මේ දුව කීවලු මේව බතලේ උන වැල් කියලා.ඒ නිසා මිනිස්සු මේවට බතලේ වැල් කියන්ට පටන්ගත්තලු.

කාලයත් එක්ක අම්මට නොදී කන්න හිටපු දුව හොදටෝම දුප්පත් උනාලු.කන්න දෙයක් නැත්තටම නැති වෙලා බඩගින්නේ ඉන්නකොට අර බතලේ වැල් වල අල හාරගෙන ඇවිත් තම්බලා කෑවලූ මැරුණත් කමක් නෑ කියලා.ඒවා පුදුම රසක් දැනුනලු කිසි දෙයක් උනෙත් නැති නිසා ළමයින්ටත් කන්න දුන්නා.ඒක පුරුද්දක් විදිහට කනකොට මේ අයල ලස්සන වෙලා නිරෝගිව පෙනුනලු.ගමේ අය මේ ගැන හොයා බලද්දි මේ බතලේ වැල්වල අල කන නිසා කියල දැනගෙන ගමේ අයත් කන්න පටන්ගත්තලු.එදා ඉදන් බත ලේ උන බතෙන් හැදුන බතල අල හැමෝම කන්න ගත්තලු.ඔන්න ඔහොමයි බතලේ උපත උනා කියල ගම්මැද්දෙන් අහන්ට ලැබෙන්නේ.
දෙමාපියන්ට නොදී කන්න හොදනැති බවත් මේකෙන් අපට කියා දෙනවා.ඒ වගේමයි දෙමාපිය ආශිර්වාදය අපට පිහිටක් වෙන බවත් කියා දෙන ආදර්ශමත් කතාවක් ...

(උපුටා ගැනිම. අන්තර් ජාලයෙන් .)

14/11/2022
14/11/2022
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති.  ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැති...
06/11/2022

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

#උපුටාගැනීමකි.

04/11/2022

අපි නිරන්තරයෙන්ම ආහාරයට ගන්නා සාම්ප්‍රදායික එළවළු හැරුනහම බොහෝ දෙනෙක්ට අමතක වෙන බොහෝ දෙනෙක්ට මග හැරෙන අපූර්ව ඖ.....

Address

"Geethanjalee" , Maha Ela Road , Near The Hospital Garden , Nikaweratiya/

60470

Telephone

+94779879933

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Caregivers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share