Nikaweratiya Base Hospital

Nikaweratiya Base Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikaweratiya Base Hospital, Nikaweratiya.

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..!
29/05/2026

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..!

27/05/2026

මූලික රෝහල නිකවැරටිය - OPD Barcode පද්ධතිය ඔබගේ ප්‍රතිකාර සේවාව තවත් වේගවත් හා නිවැරදි කරයි.

Barcode එක scan කිරීමෙන් ඔබගේ පෙර ප්‍රතිකාර, රෝග ඉතිහාසය හා වෛද්‍ය තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි වන අතර waiting time ද අවම වේ.

🙏 කරුණාකර ඔබගේ Barcode පත්‍රය සෑම විටම රැගෙන එන්න.

❗ නැවත නැවත අලුතින් ලබාගැනීම රෝහලේ කාලය, මුදල් හා පරිශ්‍රමය අපතේ යාමට හේතු වේ.

❤️ නිවැරදි සෞඛ්‍ය දත්ත — ඔබේ ප්‍රතිකාරය සුරක්ෂිත කරයි.

The OPD Barcode Registration System at Base Hospital Nikaweratiya helps provide faster, safer, and more accurate patient care.

By scanning your barcode, your previous treatments, medical history, and diagnosis can be accessed instantly, helping to reduce waiting time and improve efficiency.

🙏 Please carry your barcode with you every time you visit the hospital.

❗ Replacing it repeatedly wastes time, effort, and public resources.

Accurate health data helps us provide better care for you.

#නිකවැරටිය #නිකවැරටියරෝහල

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි , මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන් , වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව .න...
27/05/2026

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි , මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන් , වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව .

නිකවැරටිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය.

25/05/2026

නිකවැරටිය මූලික රෝහල ...

වසර ගණනාවක් පුරා ජනතා සෞඛ්‍ය සේවයට කැපවූ අපේ රෝහලේ ඉතිහාසය, වර්ධනය සහ කැපවූ කාර්ය මණ්ඩලය පිළිබඳ සරල හැඳින්වීමක් මෙවර ඔබ වෙත ගෙන එයි.

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය කරමින් ජනගහනය 43,407කට සෘජුවම සේවය කරන අපේ රෝහල, පුළුල් ප්‍රදේශයක ලක්ෂ 2.5කට අධික ජනතාවගේ විශ්වාසනීය සෞඛ්‍ය ආරක්ෂාව බවට පත්ව ඇත.

Base Hospital Nikaweratiya

A simple introduction to the history, growth, and dedicated staff of our hospital that has been serving the community for many years.
Directly covering 42 Grama Niladhari divisions in the Nikaweratiya Divisional Secretariat area with a population of 43,407, our hospital also serves as a trusted healthcare institution for more than 250,000 people in surrounding areas.

සැලකිය යුතුයි - අප රෝහල 1978 දී මූලික රෝහලක් ලෙස උසස් උන අතර 2017 දී අද පවතින type A කාණ්ඩයේ මූලික රෝහලක් බවට පත් වූ බවට නිවැරදි විය යුතුයි.


#නිකවැරටිය #නිකවැරටියරෝහල

23/05/2026

මූලික රෝහල - නිකවැරටිය, නිල වීඩියෝ මාලාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

රෝහලක් යනු ප්‍රතිකාර ලබාදෙන ස්ථානයක් පමණක් නොව, බලාපොරොත්තුව, කරුණාව සහ සෙනෙහස පිරුණු ස්ථානයකි.

මෙම වීඩියෝ මාලාව හරහා රෝහල් පද්ධති, ක්‍රියාපටිපාටි, සේවාවන් සහ ජනතාව දැනගැනීමට කැමති විශේෂ තොරතුරු ඔබ වෙත ගෙන එන්න අප බලාපොරොත්තු වෙමු.

අපගේ රෝහලේ හදවතට ඔබව තවත් සමීප කරන මේ ගමන සමඟ එක්වන්න.

Welcome to the official video series of Base Hospital Nikaweratiya 💙
A hospital is more than a place for treatment — it is a place of hope, care, and compassion.

Through this video series, we hope to share important information about our hospital system, procedures, services, and many special things the community would love to know.

Stay connected with us as we bring you closer to the heart of our hospital.

#නිකවැරටිය #නිකවැරටියරෝහල

20/05/2026

හෙද දිනය වෙනුවෙන් ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරිනියගේ ගායනය...

ඇය රෝගීන්ට කරුණාවන්ත හෙද සේවාවක් ලබා දීම සඳහා, අපගේ සියලු හෙද කාර්ය මණ්ඩලයටම මඟපෙන්වීමක් හා ශක්තියක් වන ආදරණීය නායකත්වයක් දරන්නීය.

අපගේ රෝහලේ බහුදක්ෂ හෙද සේවයේ සුන්දරම උදාහරණයක් ලෙස ඇය එදින සියල්ලන්ගේම හදවත් දිනාගත්තා.

20/05/2026

ජාත්‍යන්තර හෙද දින සැමරුම - 2026.5.13
මූලික රෝහල – නිකවැරටිය

සුදු ඇඳුමකින් සැරසුණු ඔවුන්
රෝගියෙකුගේ ජීවිතයට
බලාපොරොත්තුවක් ගෙන එන නිහඬ වීරයන්ය…

වේදනාවෙන් පිරුණු මොහොතක
සැනසීමක් වීමටත්,
බියෙන් කම්පිත හදවතකට
විශ්වාසයක් ලබාදීමටත්,
දිවා රෑ නොබලා කැපවෙන
අපගේ හෙද හෙදියන්
සෞඛ්‍ය සේවාවේ සැබෑ ශක්තියයි...

රෝහලක හදවත වන්නේ,
ආදරයෙන් සත්කාර කරන හෙද සේවයයි......

ජීවිත වෙනුවෙන් කැපවන
සියලුම හෙද හෙදියන්ට
අපගේ උණුසුම් ගෞරවය හා කෘතඥතාවය පුද කරමු.

තාක්ෂණික හිඟයට අගනා අත්වැලක්.මූලික රෝහල නිකවැරටියට නවීන දුරකථනයක් හා බර මැනීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම. මූලික රෝහල නි...
18/05/2026

තාක්ෂණික හිඟයට අගනා අත්වැලක්.

මූලික රෝහල නිකවැරටියට නවීන දුරකථනයක් හා බර මැනීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

මූලික රෝහල නිකවැරටිය තුළ සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂම හා නවීන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ තාක්ෂණික පහසුකම් සපයා දීමේ අරමුණින්, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ව්‍යාපාරික මහත්මයෙකු වන ඉම්රාන් මහත්මයා විසින් රෝහල වෙත අලුත්ම ජංගම දුරකථනයක් සහ බර මැනීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

රෝහල තුළ ක්‍රියාත්මක වන IT සේවා හා ඩිජිටල්කරණ වැඩසටහන් වලදී තාක්ෂණික පහසුකම් නොමැතිවීම හේතුවෙන් බොහෝ අපහසුතා ඇතිව තිබූ අතර, විශේෂයෙන් රෝහලේ නිසි සන්නිවේදනය සඳහා WhatsApp ගිණුමක් ස්ථාපිත කිරීම ද අභියෝගයක් වී තිබුණි.
මෙම වටිනා පරිත්‍යාගයත් සමඟ එම හිඟය සාර්ථකව පියවා ගැනීමට හැකිවීම සතුටට කරුණකි.

මෙම සාර්ථක සම්බන්ධීකරණය සඳහා විශේෂ දායකත්වයක් ලබාදුන් රෝහල් සංවර්ධන කමිටු සාමාජික රිස්වාන් මහත්මයා වෙත ද අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

සමාජයේ යහපත වෙනුවෙන් අත දිගු කරන මෙවැනි දානශීලී හදවත් රෝහලට මහත් ශක්තියකි.
ඔබ දෙපළටම නිරෝගී සුවය හා සියලු යහපත් කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

ICU ඒකකය සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණයක්...2026 මැයි 18 වන දින, Provincial Director of Health Services විසින් Base ...
18/05/2026

ICU ඒකකය සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණයක්...

2026 මැයි 18 වන දින, Provincial Director of Health Services විසින් Base Hospital Nikaweratiya හි දැඩි සත්කාර ඒකකය (ICU) සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණයක් වන Defibrillator යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.

Defibrillator යනු හදිසි හෘද අක්‍රියවීම්, අසාමාන්‍ය හෘද ස්පන්දන සහ cardiac arrest වැනි ජීවිතාපදාන තත්ත්වයන්හිදී රෝගියාගේ හෘද ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කරන අතිශයින් වැදගත් ජීවිතාරක්ෂක උපකරණයකි. තත්පර කිහිපයක් ඇතුළත නිවැරදි ප්‍රතිචාර ලබාදීමෙන් ජීවිත බේරාගැනීමට මෙම උපකරණය විශාල දායකත්වයක් සපයයි.

විශේෂයෙන් ICU වැනි අධි අවදානම් රෝගීන් ප්‍රතිකාර ලබන ඒකකයක Defibrillator යන්ත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, හදිසි අවස්ථාවලදී වෛද්‍ය කණ්ඩායමට කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රතිකාර ලබාදීමට මහත් ශක්තියක් වේ.

මෙම වටිනා පරිත්‍යාගය මඟින් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාව තවදුරටත් ශක්තිමත් වන අතර, රෝගීන්ට වඩාත් සුරක්ෂිත හා ගුණාත්මක සත්කාරයක් ලබාදීමට ඉවහල් වනු ඇත.

මෙවන් මහඟු දායකත්වයක් ලබාදුන් සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

13/05/2026

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සිදුකරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන.

2025 නොවැම්බර් මස 27 දින.

Address

Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Nikaweratiya Base Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share