01/08/2025
අම්මලාට මඟ හැරෙන්න දෙන්න එපා.......
මේ ලියන්නේ මගේ ඇස් දෙකෙන්ම දැක්ක ,හිත ඉරි තලන තරමට රිදුන, තාමත් පපුව ඇතුලින් මහා බරක් දැනෙන සිද්ධියක් මුල් කරගෙන...
අවුරුදු විසි පහක් විතර ඇති...උස මහත තරුණයෙක්..එයා එකම පුතා....එයාගේ අම්මා රෝහල් ගත වෙන්නේ රෝගී තත්වෙකට.මට මතකයි හරිම ලස්සන හිනාවක් තිබ්බේ ඒ අම්මට..ඒ අම්මා ටික ටික හරිම දුකින් ඉන්නවා පේන්න ගන්නවා වෙලාවකට ඒ අර ලස්සනට හිනා වෙලා උන්නූ අම්මා එක පාර ජීවිතේ ඉවර කරනවා රෝහලේ ඇද උඩ නොහිතපු වෙලාවක.ඒ ජීවිතේ හැටි.දන්න හැම විදිහටම් උත්සාහ කලත් පැය ගානක උත්සාහයෙන් පස්සේ එයා යන්නම යනවා...
ඒ මරණය එක්කම පැයකින් වගේ පස්සේ එයාගේ පුතා දුවන් එනවා ...අර අම්මගෙ පපුවේ ඔලුව තියන් මහා හයියෙන් අඩනවා...පස්සේ මගේ ලඟට දුවන් එනවා...
"ඩොක්ට....එක පැය කාලකට මගේ අම්මව නැගිට්ටල දෙන්න...මන් එයාට කොයි තරම් ආදරෙයිද කියල මට එයාට කියන්න ඕනි..." අත් දෙක අල්ල ගෙන මගේ ඒ මල්ලී අඩනවා...මගේ අත් වෙවුලනවා...මරණ නම් එමට දැකල ඇති ..ඒත් තාමත් මගෙ හිත බරයි...ඒ එක්කම මට මොබයිල් එක බැලෙනවා
අම්මගෙන් කෝල් පහයි....කොහොම උස්සන්නද?ජීවිතයක් එක්ක මහ සටනක.!පස්සේ මන් මුලින්ම කරන්නේ අම්මට කෝල් එකක් ගන්න එක...එයාට කතා කරන එක...ආයෙනම් ඒ කෝල් එක මග ඇරෙන්න දෙන් නෑ පුලුවන් හැම වෙලාවකම.!මොකද ඒ තරුණයා වගේම රැකියාව නිසා අම්මව මහා ගොඩක් මටත් මග ඇරෙනවා...මන් බලද්දී මගේ යෙහෙලියත් අම්මට කතා කරන ගමන්!!
අම්මා කියන්නේ අපේ ජීවිත ගගෙ උල්පත....ඒ ආදරේ මේ මහා මුහුදට වඩා වැඩි ඇති...නැගිට ගන්න බැරි තරම් දනිස් අමාරු තිබ්බත්...මොන අමාරුව තිබ්බත් කොච්චර එපා කියුවත් කවමදාවත් බඩකින්නේ ගෙදරින් පිටත් කරල නෑ...ආස කෑම මාසයක් උනාත් නරක් වෙනකන් තියල තියනව..තාමත් පුංචි අසනීපයක් උනත් කිලෝමීටර් සීයකට එහා ඉන්න එයාට මන් මොකුත් නොකියම ඒක දැනෙනවා...අම්මලගේ පපු එහෙමයි...ඒ හැටි..
මේක ලියන්න හේතුවත් අපිට ජීවිතේ එයාලව විටින් විටේ මගෙ ඇරෙනවා....ඒක අපිට ජීවිතේම විදවන්න වෙන වැරද්දක් වෙන්න පුලුවන්...ඒ නිසා ඔබත් ඔබේ අම්මට මග ඇරෙන්න දෙන්න එපා...ඒ අත් වැරද්ද අපි හදාගන්නම ඕනි""!!!!!!