WWH International 9

  • Home
  • WWH International 9

WWH International 9 නිරෝගී-ලස්සන ජීවිතයේ හොඳම ආභරණය කරගන්න - සතියට පැය 3ක් ක්‍රියාශීලී වෙන්න

හෙල්ත් ටී පැක් එකත් එක්කම Online Zumba ව්‍යායාම පන්තිය සහ Online යෝග ව්‍යායාම පන්තිය යන දෙකම ඔයාට අපි ලබාදෙනවා, කිසිම කො...
30/03/2023

හෙල්ත් ටී පැක් එකත් එක්කම Online Zumba ව්‍යායාම පන්තිය සහ Online යෝග ව්‍යායාම පන්තිය යන දෙකම ඔයාට අපි ලබාදෙනවා, කිසිම කොන්දේසියක් නෑ. 🙂

🔸හෙල්ත් ටී කියන්නෙ 2017 ඉදන් ලංකාවේ ඉහලම අලෙවිය වාර්තා කර ඇති ඖෂධය, මේ වනවිට 150,000කට වඩා වැඩි පිරිසක් භාවිතාකර අපවෙත වාර්තා කරල තියෙනවා. වැඩි විස්තර: www.healthtea.lk

🔸Zumba සහ යොගා පන්ති දෙන්නේ 2004 ඉදන් පැවත එන Workout With Hiruni ආයතනයෙන්, ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තිබීම පමණක් ප්‍රමාණවත්, වැඩි විස්තර: www.wwh.lk

🔸එ එකක්ම දැනට පවතින තත්වය අපිත් එක්ක කතාකරලා අවශ්‍ය පිළියම් ලබාගන්නත් පුළුවන්, ඊට අමතරාව ප්‍රගතිය සටහන් කිරීමේ වාර්තා පොතක්, ඩයට් ප්ලෑන් එකක්, පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක් අපි කොහොමත් ලබාදෙනවා.

🔸එක වේලක මිල රු.19ක් පමණයි. අමතර ගාස්තුවකින් තොරව නිවසටම ගෙනවිත් වෙනවා, පැක් එක අතට ගත් පසු මුදල් ගෙවන්න පුළුවන්. භාවිතා කරන අතරතුර, අවශ්‍යනම් වැඩිදුර උපදෙස් ලබාගන්න පුළුවන්.

ඉතින් මේ අනගි අවස්තාව මගහරින්නේ නැතුව, මැසේජ් එකක් දාල සම්භන්ධ වෙන්න, අවශ්‍ය උපදෙස් මම කියන්නම්.

----------------------------------------------------------------------------------
කාන්තා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පාලිතරත්න DAMS M-Phil Dip H
සිලෝන් ආයුර්වේදික් හෙල්ත් ටී (පුද්) සමාගම
22/2A, පැඟිරිවත්ත මාවත, නුගේගොඩ

කතාකරන ඕන වෙලාවක වගකිවයුතු කෙනෙක් ෆෝන් ආන්සර් කරන සහ වගකීම භාරගන්න කෙනෙක් ඉන්න එකම ආයතනය: www.healthtea.lk

🔸අයේශා +94777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709 (Land Phone)
--------------------------------------------------------------

🟤සෙම නැති අයට උෂ්ණාධික බව අඩු කරගැනීමට*රසකිඳ කොළ හෝ ටෙමල් කොළ ආදිය අඹරා අත් පා පැලුණුතැන්වල ආලේප කරන්න*සුදු හඳුන් දළු, ම...
30/03/2023

🟤සෙම නැති අයට උෂ්ණාධික බව අඩු කරගැනීමට

*රසකිඳ කොළ හෝ ටෙමල් කොළ ආදිය අඹරා අත් පා පැලුණු

තැන්වල ආලේප කරන්න

*සුදු හඳුන් දළු, මුගුණුවැන්න කෑමට එකතු කර ගන්න

දිනපතා ඇල් දිය හෝ ඖෂධීය කොළ පොතු තැම්බූ වතුරින් ස්නානය කරන්න

*පොල්තෙල් ත්‍රිපලා, නීලකදී වැනි නෙල් නිස් ආලේප කර පරිබාහනය කරන්න

* සැවැන්දරා ඇල්දියෙන් අමරා සමේ ආලේප කරන්න

*පිණ්ඩ සර්වවිෂාදී සිනෝදක, වැනි තෙල් සිරුරේ ගල්වන්න

*ස්ථීරයට බාහිර වශයෙන් සුදු හඳුන් එළපිරි සමග ගල්වන්න

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

වඩා හොඳ සෞඛ්‍යයක් සඳහා මාර්ගය නිදාගන්න🛑සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා නින්ද අත්‍යවශ්‍ය වේ. සංජානන ක්‍රියාක...
29/03/2023

වඩා හොඳ සෞඛ්‍යයක් සඳහා මාර්ගය නිදාගන්න

🛑සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා නින්ද අත්‍යවශ්‍ය වේ. සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, මනෝභාවය නියාමනය කිරීම සහ විවිධ රෝග වැළැක්වීම සඳහා එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නින්ද සංජානන ක්‍රියාකාරිත්වය, මනෝභාවය වැඩි දියුණු කරන සහ රෝග වළක්වා ගන්නා ක්‍රම කිහිපයක් මෙන්න:

🛑සංජානන කාර්යය:

නින්දේදී, මොළය මතකයන් ඒකාබද්ධ කරයි, තොරතුරු සැකසීමට සහ දිවා කාලයේ එකතු වී ඇති විෂ ද්රව්ය ඉවත් කරයි. මෙම ක්රියාවලිය මතකය, ඉගෙනීම සහ ගැටළු විසඳීමේ හැකියාවන් ඇතුළුව සංජානන ක්රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. ප්‍රමාණවත් නින්දක් නිර්මාණශීලිත්වය, තීරණ ගැනීමේ හැකියාව සහ අවධානය වැඩි කරයි.

🛑මනෝභාවය:

මනෝභාවය නියාමනය කිරීමේදී නින්ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. නින්ද නොමැතිකම කෝපය, මනෝභාවය වෙනස් වීම සහ මානසික අවපීඩනයට හේතු විය හැක. නින්ද ශරීරයේ ආතති ප්‍රතිචාර පද්ධතිය නියාමනය කිරීමට උපකාරී වන අතර එය ආතතිය මට්ටම්, කාංසාව සහ මනෝභාවයේ ආබාධ අඩු කිරීමට උපකාරී වේ.

🛑රෝග වැළැක්වීම:

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් විවිධ රෝග වළක්වා ගත හැකිය. නිදන්ගත නින්ද නොයාම හෘද වාහිනී රෝග, දියවැඩියාව සහ තරබාරුකම වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නින්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එය ආසාදන හා රෝග සමඟ සටන් කිරීමට උපකාරී වේ.

💤 නමුත් ඔබ නිර්දේශිත පැය ගණනක නින්දක් ලබා ගත්තද, සෑම විටම එයින් අදහස් වන්නේ ඔබ ඔබේ ශරීරයට අවශ්‍ය ගුණාත්මක නින්දක් ලබා ගන්නා බව නොවේ. 😴

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

😋රසයෙන් සහ ගුණයෙන් පිරි බිත්තර හා කව්පි සලාදය🔸අවශ්‍ය ද්‍රව්‍යතම්බාගත් බිත්තර 2කපාගත් තක්කාලි ගෙඩි 1/2චොප්කරගත් ළූණු ගෙඩි...
28/03/2023

😋රසයෙන් සහ ගුණයෙන් පිරි බිත්තර හා කව්පි සලාදය

🔸අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර 2
කපාගත් තක්කාලි ගෙඩි 1/2
චොප්කරගත් ළූණු ගෙඩි ½
තම්බාගත් රතු කව්පි කෝප්ප 1/2
ඔලිව්තෙල් තේ හැඳි 1
ලෙමන් යුෂ තේ හැඳි 1
මස්ටඩ් ක්‍රීම් තේ හැඳි 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

බිත්තර ටික කපලා බෝල් එකකට දාගන්න. මේකට කපාගත් තක්කාලි, ළූණු, කව්පි දාගන්න.
ඔලිව්තෙල් වලට ලෙමන්, මස්ටඩ් හා රස අනුව ලුණු ගම්මිරිස්කුඩු දාලා පේස්ට් එකක් හදාගන්න. දැන් මේක සැලඩ් එකට දාලා කලවම් කරගන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🥰දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න ලීක්ස්වලින් ස්වභාවික පානයක් හදන හැටිදියවැඩියාව වැළඳුණු විටදී සුවපත් කිරීම තරමක් අපහසු වු...
27/03/2023

🥰දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න ලීක්ස්වලින් ස්වභාවික පානයක් හදන හැටි

දියවැඩියාව වැළඳුණු විටදී සුවපත් කිරීම තරමක් අපහසු වුවත් රසායනික ඖෂධ භාවිතයට වඩා ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් භාවිතා කිරීම ඵලදායී වනවා. දියවැඩියාව රෝගය ඇතිවන්නේ අග්න්‍යාශය මගින් නිසි ලෙස ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම සහ නිසි ලෙස ඉන්සියුලින් භාවිතා නොවීම නිසයි. මෙම තත්වය නිසා ශරීරය නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වෙමින් විවිධ අසමතුලිතතාවයන් ඇති වී ශරීරයට විශාල ගැටළු ඇතිවීම සිදු වනවා. දියවැඩියාව රෝගය සුවපත් කිරීම සඳහා ඉන්සියුලින් එන්නත් කරනු ලැබුවත් ඇතැම් අවස්ථාවන්හීදී දිගින් දිගටම රෝගී තත්වය උත්සන්න වන්නට ඉඩ තිබෙනවා. අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ලීක්ස් මගින් ස්වභාවික බෙහෙත් වට්ටෝරුවක් සකස් කර ඉන්සියුලින් මට්ටම නිසි ලෙස පාලනය කර දියවැඩියාව සුවකර ගන්නා අයුරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය : මුල් සහිත ලීක්ස් ගසක්, ජලය
පළමුව ලීක්ස් ගස හොඳින් පිරිසිදු කර භාජනයක් ගෙන එයට ඛනිජ සහිත ජලය එක්කරන්න. මේ ආකාරයට දිනක් පහන් වන තුරු තබා ජලය පෙරාපසුදින පුරාවටම පානය කරන්න. මේලෙස දිනපතා මෙම ඖෂධීය පානය පානය කරන්න. එමගින් ඔබේ දියවැඩියාව රෝගය සුවපත් වේවි.

දියවැඩියාව වලක්වාලීම සඳහා තවත් උපදෙස්
සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න. ඔබ ප්‍රියකරන ආහාර මග නොහැර බර ආහාර වේල් වලින් මගහැරී මේදය සහ කාබෝහයිඩ්‍රේට අවම ආහාර ලබා ගන්න.

ව්‍යායාම
ඔබේ කාර්යය බහුලතාවයෙන් මදකට මිදී දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ව්‍යායාම වල නිරත වන්න. එමගින් ඔබේ ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගන්නට පුළුවන්.

බර අඩු කර ගන්න
ශරීරයේ තරබාරුභාවය සහ දියවැඩියාව අතර මනා සම්බන්ධයක් පවතිනවා. ඔබ තරබාරු අයෙක්නම් ශරීරයේ බර තරමක් අඩු කර ගන්නට උත්සහ කරන්න. එමගින් ඔබේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පවත්වා ගන්නට පුළුවන්. ඔබ තරබාරු අයෙක් නම් ඔබේ අග්නයශය මගින් වැඩි වශයෙන් ග්ලූකෝස් නිපදවනු ලබනවා.

ක්‍රමානුකූල කාලයන් අනුව ආහාර ලබා ගන්න. ඔබට සිතෙන සෑම විටම ආහාර නොගෙන නිසි වේලාවන් තුලදී ආහාර ලබා ගැනීම මගින් ශරීරයේ බර සහ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පාලනය කර ගන්නට පුළුවන්.

වැඩි වශෙයන් ජලය පානය කරන්න. ජලය නිසි ලෙස ජලය පානය කිරීමෙන් රුධිර සංසරණය සහ රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කර ගන්නට පුළුවන්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

💁‍♀️ වැරදි ඉරියව්වලින් ව්‍යායාම වල නිරත වීම දිගුකාලීනව අයහපත් ප්‍රතිපල ගෙන දෙන බව අපි සැවොම දන්න කරුණකි.💁‍♀️ වැරදි ඉරියව...
16/03/2023

💁‍♀️ වැරදි ඉරියව්වලින් ව්‍යායාම වල නිරත වීම දිගුකාලීනව අයහපත් ප්‍රතිපල ගෙන දෙන බව අපි සැවොම දන්න කරුණකි.

💁‍♀️ වැරදි ඉරියව්වලින් ව්‍යායාම වල නිරත වීම නිසා අනාගතයේදි කොදු ඇට පේලි වල මාන්ශපේශීන්ගේ අසමතුලිතතාවය නිසා ස්පොන් ඩයලටීස්, ස්ලිප්ඩ් ඩිස්ක්, සියාටිකා, ඔස්ටියොආතරයිටීස් වනාදි කොදුඇටපෙල ආශ්‍රිත රෝගාබාධ වලට ගොදුරු විය හැක.

💁‍♀️ව්‍යායාම කිරිමේදි පලපුරුද්දක් ඇති ගුරුවරයකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වේ.නිවරදිව ව්‍යායාම කිරිමෙන් ඔබගෙ මුලු ජිවිත කාලේම සුන්දරව නීරෝගිව ගෙවන්න පුලුවන්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

💁‍♀️ළුෑණු කැබැල්ලෙන් කණේ කැක්කුම පට ගාලා හොඳ කරගන්න කෙම් ක්‍රමයක්👂💁‍♀️ඕනෑම මුළුතැන්ගෙයක ළුෑණු කියන්නේ සුලබ දෙයක්. ඒ තරමට...
15/03/2023

💁‍♀️ළුෑණු කැබැල්ලෙන් කණේ කැක්කුම පට ගාලා හොඳ කරගන්න කෙම් ක්‍රමයක්👂

💁‍♀️ඕනෑම මුළුතැන්ගෙයක ළුෑණු කියන්නේ සුලබ දෙයක්. ඒ තරමට ළුෑණු ගෘහණියන්ට අත්‍යවශ්‍යය දෙයක්. මේ ළුෑණු ආහාර රසවත් කිරිමට මෙන්ම අලංකාර කිරිමටද යොදාගන්නවා. නමුත් මේ ලිපියෙන් කියවෙන්නේ ළුෑණු මගින් අපේ සෞඛ්‍යයට ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

01. කණේ කැක්කුමට
බොහෝවේලාවට ඔබේ කණේ කැක්කුමක් හටගන්න හේතුවන්නේ කණතුල අධික ලෙස කලාදුරු සිරවුනාමයි. මේ වගේ අවස්ථාවක කුඩා ළුෑණු කැබැල්ලක් සුද්ද කරලා කණ් සිදුරෙහි තබාගන්න. නමුත් මේ ළුෑණු කැබැල්ල කණ තුලටම නොදාගත යුතුයි. හැකිනම් රාත්‍රියේදී නින්දට යාමේදී මේ ප්‍රතිකාරය කළහොත් ඔබේ කණ තුල ඇති කලාදුරු දියවී ගොස් උදෑසන වනවිට ඔබට සහනයක් දැනේවී.

02. පිළිස්සුම් තුවාල සඳහා
ඕනෑම අවස්ථාවක් පිළිස්සුම් තුවාලයක් අපට සිදුවන්නට පුළුවන්. එයිනුත් බොහෝවේලාවට මුළුතැන්ගෙයි වැඩ කරන වේලාවදී පිළිස්සුම් ඇතිවෙන්න පුළුවන් අවස්ථා බොහොමයි. මේ වගේ අවස්ථාවකදී ළුෑණු ගෙඩියක් දෙකට කපලා පිළිස්සුම ඇතිවු ප්‍රදේශයේ ආලේප කරන්න. මෙමගින් සංකූලතා වළක්වා වේදනාව අඩු කරගන්න පුළුවන්.

03. දෙඹරුන්, බඹරුන්, මී මැසි හා පත්ත දෂ්ඨ කිරිම්වලට
මෙවැනි සතුන්ගේ දෂ්ඨ කිරීම් බොහෝ භයානක වෙන්න පුළුවන්.සමහර වෙලාවට මරණීය අවධානමක් වූවද ඇති වීමට පුළුවන්. මෙවැනි අවස්ථාවක දෂ්ඨ කරපු ස්ථානයේ දළය තිබෙනවානම් එය ඉවත් කරලා ළුෑණු ගෙඩියක් දෙකට කපලා දෂ්ඨ කල ස්ථානයේ හොඳින් ආලේප කරන්න. තදින් අතුල්ලන්න එපා. ඒ වගේම පත්තෑයෙක් දෂ්ඨ කලහොත් එම ස්ථානයේ ළුෑණු පලුවක් එම ස්ථානයේ ආලේප කරහොත් කිසිඳු ඉදමීමක් නොමැතිවම විෂ ඉවත් කරගන්න පුළුවන්.

04. උණ සුවකර ගැනීමට
උණ රෝගය වැළඳුණ අවස්ථාවක මේස් දෙකක් ඇතුලේ කුඩා ළුෑණු පෙති දෙකක් දමා එය කකුල් දෙකේ දමාගෙන රාත්‍රී නින්දට යෑමෙන් ඔබට උණ සුවකර ගන්න පුලුවන්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🥬අල වෙනුවට කෝලිෆ්ලවර්...........🥬අර්තාපල් කියන්නෙ පිෂ්ඨය අධික කෑමක්. ඉතින් නිතර නිතර අල කන එකත් අපේ ශරීරය මහත් වෙන්න එක ...
14/03/2023

🥬අල වෙනුවට කෝලිෆ්ලවර්...........

🥬අර්තාපල් කියන්නෙ පිෂ්ඨය අධික කෑමක්. ඉතින් නිතර නිතර අල කන එකත් අපේ ශරීරය මහත් වෙන්න එක හේතුවක්. ඒ වෙනුවට කෝලිෆ්ලවර් ටිකක් තම්බලා පොඩි කරලා ගන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි.

🥬මොකද කෝලිෆ්ලවර් කියන්නෙ ලෝ කාර්බ් එළවළුවක්. මේකෙන් රයිස් වගේම ක්‍රිස්පි ස්නැක්ස් වගේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

💁‍♀️උගුර රිදෙනවද? උගුරේ අමාරුවකට ගෙදරදීම යොදන්න පුළුවන් පිළියම්උගුරේ අමාරුව කියන්නේ අපි හැමෝම වගේ විඳලා තියෙන අපහසුතාවයක...
13/03/2023

💁‍♀️උගුර රිදෙනවද? උගුරේ අමාරුවකට ගෙදරදීම යොදන්න පුළුවන් පිළියම්

උගුරේ අමාරුව කියන්නේ අපි හැමෝම වගේ විඳලා තියෙන අපහසුතාවයක්. බැක්ටීරියා ආසාදන, උගුරේ පටකවලට හානි සිදුවීම වගේම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්න ආසන්න වුණාමත් මේ විදිහේ උගුරේ ආසාදන ඇති වෙන්න පුළුවන්. සමහර උගුරේ ආසාදන වලට වෛද්‍ය උපදෙස් පැතීම තමයි වඩාත් සුදුසු වන්නේ. ඒත් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේ අවස්ථාවක එන උගුරේ අමාරුවට නම් අපිට ගෙදරදීම කරන්න පුළුවන් පිළියම් තියනවා.

1. ලුණු වතුරෙන් උගුර සේදීම🫗

මේක අපි ගොඩක් පොඩි කාලේ පටන් අපේ අම්මලා අපිට උගුරේ අමාරුවක් හැදුනම කරන දෙයක්. හැබැයි මේ ලුණු වතුරෙන් උගුර සේදීම ටිකක් විතර පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්. වැඩිපුර රස්නෙ වතුර භාවිතය ව​ගේම වැඩිපුර ලුණු භාවිතයෙනුත් වැළකිලා අවශ්‍ය පමණට තමයි මේ ලුණු වතුර මිශ්‍රණය හදාගන්න ඕනෙ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගැනීම තමයි වඩාත්ම සුදුසු පදම වෙන්නේ. ඒ වගේම උගුර සේදීමත් බො​හොම මෘදුව තමයි කරන්න ඕනේ.

2. මිංචි කොළ පානය☘️

මේකත් බොහොම හොඳ ප්‍රතිකාරයක්. කරන්න ඕනෙ මෙච්චරයි, උණු වතුර කෝප්පයකට මිංචි කොළ ටිකක් දාන්න. ඉන් පස්සේ ඒකට මී පැණි තේ හැන්දකුත් එකතු කරන්න. ඉන් පස්සේ මේක පානය කරන්න තමයි තියෙන්නේ. මිංචි කොළ මගින් උගුරේ වේදනාව සමනය කරනවා වගේම උගුරේ ඉදිමුම් තත්ත්වයනුත් නැති කරල දානව.

3. උළුහාල් ප්‍රතිකාරය🍵

මේකත් උගුර සේදීමේ ක්‍රමයක්. උගුරේ අමාරුවට වගේම කැස්ස​ට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් මේ උළුහාල් ප්‍රතිකාරය ගුණ දෙනවා. උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බා ගන්න. ඉන් පස්සේ මේ මිශ්‍රණය උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. උගු​රේ වේදනාවන්ට සහනයක් ලැබේවි.

4. වැල්මී🌿

වැල්මී කියන්නේ උගුරේ ආසාදන සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳම ස්වභාවික ඔසුවක්. වැල්මීවල පවතින රසායනයන් උගුරේ ඇතිවන ඉදිමුම් වේදනාවන් සමනය කරන්න වගේම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන කැස්ස අඩු කරන්නටත් උපකාරී වෙනවා. පිරිසිදු කරගත් වැල් මී කැබැල්ලක් සැපීම, උණු වතුරෙන් තම්බා පානය කිරීම වගේම වැල් මී කුඩු කරලා කහට තේ සමග පානය කිරීමත් උගුරේ අමාරු වෙලාවකදි ගුණ දෙනවා.

5. මීපැණි🍯

ස්වභාවික විෂබීජ නාෂකයක් වන මීපැණි වලින් ලැබෙන ගුණ මෙතෙකැයි කියලා නිම කරන්න බැරි තරම්. උගුරේ ආසාදන වලටත් මේ ස්වභාවික ඔසුව බො​හොම ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ උණු වතුර කෝප්පයකට මී පැණි තේ හැඳි 2ක් සහ දෙහි ඉස්ම තේ හැන්දක් මිශ්‍ර කරලා පානය කරන එක විතරයි. ඉක්මනින්ම හොඳ සහනයක් ලැබේවි.

6. කරාබු නැටි🪸

කරාබුනැටි මගින් දන්ත සෞඛ්‍යයට වගේම මුඛ සෞඛ්‍යයටත් ලැබෙන වාසි ගැන අපි ලිපි කීපයකින්ම ඔබට කියල තියනවා. කරාබු නැටි 7ක් 8ක් විතර තලාගෙන, ඒවා උණුවතුර කෝප්පයකට දමා විනාඩි 5ක් විතර වහල තියන්න. ඉන් පස්සේ මේ වතුර ටික පානය කරන්න තමයි තියෙන්නේ. උගුරේ අමාරුවට සහනයක් ලැබේවි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

💁‍♀ පපුවේ දැවිල්ලක් ආව ගමන් කන්න හොද ආහාර මොනාද කියලා බලමු...............🍌 කෙසෙල්🥛කිරි🥬 කොල පැහැති එළවළු🍵ඕට්ස්. හැබයි ඕට...
11/03/2023

💁‍♀ පපුවේ දැවිල්ලක් ආව ගමන් කන්න හොද ආහාර මොනාද කියලා බලමු...............

🍌 කෙසෙල්
🥛කිරි
🥬 කොල පැහැති එළවළු
🍵ඕට්ස්. හැබයි ඕට්ස් අඩංගු සීනී සහිත ආහාර ගන්න එපා.
🪴 කෝමාරිකා ජෙල්
🌿 වැල්මී
☀️ චුවින්ගම් = කේටය වැඩි වශයෙන් ගිල දැමීම නිසා ආම්ලිකතාවය අවම වෙයි. හැබැයි මින්ට් අඩංගු චුවින්ගම් හැපීම මගින් තවත් වැඩි වෙන්න පුලුවන්.
🍎 ඇපල් යුෂ විනාකිරි - මෙයින් තේ හැදි දෙකක් ජලය සමග මිශ්‍ර කර බොන්න.

💁‍♀️ ඉතිං ඔයාට පපුවෙ දැවිල්ලක් ආව ගමන් අත ළගම තියෙන ආහාරය ආහාරයට ගන්න අමතක කරන්නෙපා...

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🌺වදමල් වලින් සත්කාරයක්💁‍♀️හිසකෙස් හැලීයාමට එරෙහිව සටන් කරයි ඔබ හිසකෙස් ගැලවීයාම ගැන කනස්සල්ලට පත්ව සිටී නම්, වදමල් එයට එ...
10/03/2023

🌺වදමල් වලින් සත්කාරයක්

💁‍♀️හිසකෙස් හැලීයාමට එරෙහිව සටන් කරයි ඔබ හිසකෙස් ගැලවීයාම ගැන කනස්සල්ලට පත්ව සිටී නම්, වදමල් එයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන හොඳ පිළියමකි.විටමින් A සහ ​​C මෙන්ම ඇමයිනෝ අම්ල වලින් පොහොසත් වදමල් මගින් හිසකෙස් ගැලවීයාමට සටන් කර හිසකෙස් හොඳින් වර්ධනය වීමට ප්‍රතිලාභ දෙයි.ඉස්හොරි, කෙස්ගස් අග පැලීම් හා අකලට හිසකෙස් සුදුවීම වළක්වයි.

🌺වදමල් වලින් හිසකෙස් වලට සත්කාරයක්

💁‍♀️වදමල් හා කොළ 8-10 ක් පමණ සුපිරිසිදු පොල් තෙල් කෝප්ප 2 ක ප්‍රමාණයකට දමා මල් කලු වන තුරු ලිපතබා රත්කරගන්න.
තෙල් පෙරා සිසිල් විමට හරින්න.
රාත්‍රි නින්දට පෙර හිසේ එම තෙල් ගල්වා හොඳින් හිස සම්බාහනය කරන්න.
පසුදා උදෑසන ස්නානය කරන්න.
සතියකට කිහිපවරක් මේ සත්කාරය අනුගමනය කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🥥දිදුලන සම සඳහා පොල්තෙල් බොඩි ස්ක්‍රබ්.💁‍♀️අවශ්‍ය දේවල්¼ - ½ කෝප්ප කැටි කළ සීනිපොල් තෙල් කෝප්ප ½සූදානම් වීමේ කාලයවිනාඩි ...
09/03/2023

🥥දිදුලන සම සඳහා පොල්තෙල් බොඩි ස්ක්‍රබ්.

💁‍♀️අවශ්‍ය දේවල්

¼ - ½ කෝප්ප කැටි කළ සීනි
පොල් තෙල් කෝප්ප ½
සූදානම් වීමේ කාලය
විනාඩි 2 යි

💁‍♀️ප්රතිකාර කාලය විනාඩි 15 යි

💁‍♀️සාදන ආකාරය

ඔබ රළු පේස්ට් එකක් ලබා ගන්නා තෙක් අමුද්රව්ය එක් කරන්න. තෙල් රත් නොකරන්න, මෙය සීනි දිය වීමට හේතු විය හැක. ඔබේ සම පිරිසිදු කර මෙම පේස්ට් එක මත ආලේප කරන්න. මිශ්‍රණය ඔබේ සම මත මෘදු ලෙස සම්බාහනය කිරීමට ඔබේ ඇඟිලි භාවිතා කරන්න.

ඔබේ ශරීරය මෘදු ලෙස සම්බාහනය කිරීමට සහ පිට කිරීමට විනාඩි 5-10 ක් ගත කරන්න, එක් එක් කොටස සඳහා විනාඩි 1-2 ක් වැය කරන්න.
සජලනය කරන ශරීර ස්ක්‍රබ් එකක් සහ ඇල්මැරුණු ජලය භාවිතයෙන් මිශ්‍රණය සෝදා හරින්න.

💁‍♀️සතියකට 2-3 වතාවක් පාවිච්චි කරන්න .

💁‍♀️භාවිතා කරන ආකාරය

මෙම ස්ක්‍රබ් එක ඔබේ මුහුණ පිරිසිදු කිරීමට, වේශ නිරූපණය ඉවත් කිරීමට සහ මොයිස්චරයිසින් කිරීමට ද උපකාරී වේ. එය ඔබේ සම පැහැපත් කරන හිතකර සහ පහසුවෙන් පිළියෙළ කළ හැකි ප්‍රතිකාරයකි. මොයිස්චරයිසින් කිරීමට ද උපකාරී වේ.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

Address

Pangiriwatta Mawatha

10250

Alerts

Be the first to know and let us send you an email when WWH International 9 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram