29/11/2018
සටහන - තරිඳු උඩුවරගෙදර
"කාන්තාවන් කොච්චර ශක්තිමත්දැයි මම දැක්කෙ අම්මාගෙන්. ඊට පස්සෙ මං රේඛාවත් දැක්කා. කාන්තාවන්ගේ ශක්තිය ගැන මට අමුතුවෙන් ඒක පසක් කරගන්න ඕනෑ නැහැ. අපි වගේ පිරිමි පිරිමි ඒ හයියට කොච්චර බයද කියන එකත් අමුතුවෙන් පසක් කරගන්නට දෙයක් නෙවෙයි. මගේම හිත ඇතුලෙ කැරකෙන සිතුවිලිවලින් මට ඒක පසක් වෙලා තියෙනවා.
ලංකා, සමනලී, නදී, සුජානි, කෞෂල්‍යා වගේ ආදරණීය අක්කලා හෙවත් මට වඩා චුට්ටක් වැඩිමල් පරම්පරාවේ කාන්තාවන් අද මහ වැස්සේ කරපු විරෝධතාවයෙනුත් පෙනුණේ ඔවුන් විරෝධය දක්වනකොට ඒක මොන තරම් ශක්තිමත්ද කියන එක.
ලංකාවෙ සුන්දර කාන්තාවන්, විශේෂයෙන්ම සුන්දර තරු තම තමන්ගේ අවකාශවල ඉන්නේ කිසිත් නොදත් බබාලා විදියට. නැලවෙමින්. මා කියන්නේ දේශපාලුවන් හා බලවතුන්ගේ යහන් වල මුදලට නැලවෙන ඇතැම් නිළියන් හා නිරූපිකාවන් ගැන විතරක් නෙවෙයි.
මාධ්‍ය ලෝකයේ ඉන්න කාන්තා සහෝදරියන්ද විටෙක තමන් අසංවේදී බව පෙන්වමින් නැලවෙන්නට උත්සාහ කරන අයුරු මා දැක තියෙනවා. ලෝකය ගැන තමන් සංවේදී නැතැයි පෙන්වමින්, පිරිමින් ඉදිරියේ සුචච කීකරු බව පෙන්වමින්, තමන් යන ගමන ඉදිරියට යන්නට ඇතැම් කතුන් උත්සාහ කරනවා. එවැනි අය නියෝජනය කරන්නේ පුරුෂාධිපත්‍යය පමණයි. ඔවුන්ට අසංවේදී බව සාර්ථකත්වයේ රහසක්. ඔවුන්ට බොළඳ බව අවියක්.
නදී කම්මැල්ලවීර සහෝදරියගෙන් මේ ගැන අහද්දී ඇය කීවා වගේ, මේ විරෝධය මෛත්‍රීපාල සිරිසේනට ඇහෙන එකක්ම නැහැ. උද්දච්ච අත්තනෝමතිකයෙක් වන ඔහුට මේක බීරි අලින්ට වීණා වාදනයක් වේවි....
.. කිසි පලක් නැතිවේවි. ඒත් මේක සියදහස් ගණනක් රටේ පුරවැසියන්ට ඇහේවි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇහේවි. ඒ නිසාම ඒක මේ මොහොතේ තිබෙන දේශපාලන අර්බුදයෙන් එහාට කාන්තාවන්ගේ අනවරත අරගලයේ කොටසක් වේවි. ඒ නිසා මෙතැන හිටපු සහ මෙතැනට නොපැමිණියත් ලියුමට අත්සන් කරපු කාන්තාවන්ට තවත් පිරිමියෙක් වන මගේ ගෞරවය පුද කරනවා."
අද පෙත්සමට අත්සන් කළේ
ස්වර්ණා මල්ලවාරච්චි - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
අනෝජා වීරසිංහ - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
නීටා ප්‍රනාන්දු - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
චන්ද්‍රා කලුආරච්චි - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
මහාචාර්ය දුෂී මෙන්ඩිස් - (කොළඹ විශ්ව විද්‍යාලය)
ආචාර්ය සුභා මල්ලිකාහේවා -(කොළඹ විශ්ව විද්‍යාලය)
චාන්දනී සෙනෙවිරත්න - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
කෞශල්‍යා ප්‍රනාන්දු - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී/විශ්ව විද්‍යාල කථිකාචාරිනී)
දිල්හානි අශෝකමාලා - (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
දුලීකා මාරපන - (රංගන ශිල්පිනී)
ආචාර්ය කෞශල්‍යා පෙරේරා - (කොළඹ විශ්ව විද්‍යාලය)
අනෝමා රාජකරුණා - (කථිකාචාර්ය/වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂිකා)
සුබෝධ්‍යා වැලිඅමුණ (නීතීඥ)
රුවන්ති ද චිකේරා - ( විශ්ව විද්‍යාල කථිකාචාර්ය/නාට්‍යවේදිනී)
ලංකා බණ්ඩාරනායක - (කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා)
ජයනි සේනානායක - (රංගන ශිල්පිනී)
දමිතා අබේරත්න - (රංගන ශිල්පිනී)
අමා විජේසේකර - (රංගන ශිල්පිනී)
නදී කම්මැල්ලවීර - (රංගන ශිල්පිනී)
ට්‍රේසි හෝල්සිංගර් - (නාට්‍යවේදිනී)
සීතා රංජනී - (මාධ්‍යවේදිනී/ලේඛිකා)
කුමුදු කුමාරසිංහ - (රංගන ශිල්පිනී)
නදීශානි පේලිආරච්චි - (රංගන ශිල්පිනී)
සුරංගා රණවක - (රංගන ශිල්පිනී)
නදී වාසලමුදලිආරච්චි (ලේඛිකා)
තරිදි ෆොන්සේකා (මාධ්‍යවේදිනී/රංගන ශිල්පිනී)
කුමාරි කුමාරගම (ලේඛිකා/සමාජ ක්‍රියාකාරිනී)
තනුජා ජයවර්ධන - ( මාධ්‍යවේදිනී)
චිරන්ති මල්ලිකාරච්චි (ඇදුම් නිර්මාණ ශිල්පිනී)
නිල්මිණි බුවනෙක - (රංගන ශිල්පිනී)
සමාධි ලක්සිරි - (රංගන ශිල්පිනී)
චුලක්ෂි රණතුංග - (රංගන ශිල්පිනී/මෝස්තර නිරූපණ ශිල්පිනී)
රුවී ලක්මාලි හේරත් - (රංගන ශිල්පිනී)
කාංචනා තල්පාවිල - (ජාත්‍යන්තර තලයේ ඇදුම් නිර්මාණ ශිල්පීනී)
සුජානි මේනකා දහනායක - (රංගන ශිල්පිනී)
නිල්මිණි සිගේරා- (රංගන ශිල්පිනී)
සමනලී ෆොන්සේකා (රංගන ශිල්පිනී)
බිම්සරා ප්‍රේමරත්න (රංගන ශිල්පිනී)
වෙනුරි පෙරේරා (නර්තන ශිල්පිනී)
නිරංජලා මංජරී (ගායන ශිල්පිනී)
ශ්‍යාමලිකා නානායක්කාර (මවක්)
අනුරාධා කෝදාගොඩ (
රන්දුලා ද සිල්වා (
හනා ඊබ්‍රහිම් (මාධ්‍යවේදිනී)
සෙල්වි සචිතානන්දන් - (ගෘහ නිර්මාණ ශිල්පිනී/සමාජ ක්‍රියාකාරිනී)
විශාඛා වේහැල්ල (සමාජ ක්‍රියාකාරිනී)
කත්‍යානා අමරසිංහ (ලේඛිකා)
ප්‍රසාදිනී අතපත්තු - (රංගන ශිල්පිනී/ගුරුවරියක්)
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි (ලේඛිකා/ගුරුවරියක්)
හර්ෂිකා රත්නායක (නර්තන ශිල්පිනී/රංගන ශිල්පිනී)
සුලෝචනා වීරසිංහ (රංගන ශිල්පිනී)
කෞමදී ජයවීර (විශ්ව විද්‍යාල ශිෂ්‍ය)
ද්‍රෞපදී ජයවීර (නීති ශිෂ්‍ය)
භවනීතා ලෝගනාදන් (කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා)
තුෂාරි සෙව්වන්දි (මාධ්‍යවේදීනී)
අනුෂයා කොල්ලුරේ (සමාජ ක්‍රියාකාරීනී)
මනෝහාරී හේවාවසම් (මාධ්‍යවේදිනී)
නදීරා නල්ලපෙරුම - (ලේඛිකා)
හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ - (ලේඛිකා)
ආරියවතී ජයකොඩි - (මවක්)
තිළිණි රොද්‍රිගු - (ගුරුවරියක්)
අමන්දා උදානි රොද්‍රිගු - (ගුරිවරියක්)
රුචිරා තරංගනී රොද්‍රිගු - (ගුරුවරියක්)
ඉන්ද්‍රා ද සිල්වා - (මවක්)
සිරියාවති අතුකෝරළ - (මවක්)
මනෝ මංජරී -( ව්‍යාපාරික)
සමදරා මාබුලගේ - (රංගන ශිල්පිනී)
තිලක්ෂණී රත්නායක - (රංගන ශිල්පිනී)
යශෝධා රසදුනි