18/03/2024
මෝහනය ?
** මෝහනය ගැන විවිධ අදහස් මිනිස්සු තුළ තියෙනව. ඇත්තටම මෝහනය කියන්නෙ ප්‍රයෝජනවත් විෂයක් ද?
ඔබ ඔය ප්‍රශ්නය අහන්නෙ මෝහනයෙන් ප්‍රයෝජනයක් නොගත් කෙනෙක් නිසා වෙන්න ඕන. ඒකට හේතුව ඔබ මෝහනයට යොමු වෙලා නැති එක. ඒකට හේතුව මෝහනයේ ප්‍රයෝජන ගැන ඔබ නොදත් නිසා... ඔබ හරියටම අද මේ කතාබහෙන් මෝහනය ගැන දැනගත්තොත් ඔබ ඉක්මනින්ම මෝහනය අතිවිඳීමට හෝ අධ්‍යයනයට යොමු වෙනව.
*මෝහනය ගැන බොහෝ දෙනා තුළ බිය මුසු අදහසක් තියෙනව කියල මට හිතෙනව.*
ඔව්. බොහෝදෙනෙක් මෝහනයට බයයි. ඒකට හේතුව ලංකාව තුළ මෝහනය ප්‍රචලිත කළ බොහෝ ගුරුවරු මනෝ ප්‍රතිකාර සහ වෛද්‍ය විද්‍යාව නොදැන මෝහන සංදර්ශන කරමින් ජනතාව තුළ මිත්‍යා අදහසක් මෝහනය පිළිබඳ ඇතිකිරීම සහ මෝහනයෙන් නිසි ප්‍රයෝජන ගන්න පුලුවන් ආකාරයට මේ වටිනා විෂය ගොඩනගපු නැති එක. අනික මෝහනය විෂයේ නව ප්‍රවේශයන් ලංකාවේ ප්‍රචාරනය නොවී සාම්ප්‍රදායික ක්‍රමයක් ගැන පමනක් ඉදිරිපත්වීම.
*ඔබ කියන ඒ නව ප්‍රවේශයන් මොනවද?*
මෝහනය විෂය මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් යොදාගැනෙන්නට පෙර හිස්ටීරියා රෝග ලක්ශන සහිත මානසික රෝගීන් සඳහා ප්‍රතිකාර ලෙස මෝහනය යොදාගැනුන.
නමුත් පසු කාලීනව මනෝවිද්‍යාවේ දියුනුවත් එක්ක මෝහන විශයයට නව ප්‍රවේශයන් එක් උනා. නමුත් එකල සිටි විෂය ප්‍රවීනයක් සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර නොවීම නිසා නව ක්‍රමවේද ලෙස දියුනු නොවීම එයට හේතු උනා. නමුත් මෑත කාලීනව නැවතත් නූතන මෝහන ශිල්ප ක්‍රම මගින් මේ වටිනා විෂයට නව ආලෝකයක් එක් උනා. විශේශයෙන්ම ඩයිනටික් ඔඩිට් ක්‍රමය අනුසාරයෙන් සහ කයිනොසියෝලොජි විෂය හරහා එක් වුන ක්‍රමශිල්ප මෝහනයේ නූතන ප්‍රවේශය ආලෝකමත් කලා
*මෝහනය මගින් පෙර ආත්ම වලට යා හැකිද ?*
මෝහනය මගින් පුද්ගලයාගේ ගැඹුරු මනසේ තැන්පත්ව ඇති මතකයන් කියවිය හැකියි. යමෙකුගේ ගැඹුරු මනසේ ඇති පෙර ආත්මය ගැන අදහස හෝ යම් කතාවක් එමගින් ඉස්මතු වෙනව. නමුත් තවමත් එය අනුමාන වශයෙන් මිස විද්‍යාත්මකව සනාථ කරල නැහැ. නමුත් කුමන ලෙසකින් හෝ එකී පුද්ගලයාගේ වර්තමාන ජීවිතයට එම යටි හිතේ ඇති අදහස බලපානවා. මෙතනදි වැදගත්වෙන්නෙ කතාවේ සත්‍ය අසත්‍ය බවට වඩා එම කතාවේ බලපෑම වර්තමාන මනසේ ක්‍රියාවලියට සුබවදීව යොදාගන්නෙ කොහොමද කියන එකයි. ඒකට ප්‍රතිකාරාත්මක මෝහන ශිල්ප ක්‍රම යොදාගෙන ඵලදායී මනසක් නිර්මානය කරගෙන ජීවිතයට නැවුම් බවක් එක් කළ හැකියි.
*මෝහනය මගින් රෝග සුව කළ හැකිද ?*
මෝහනය මගින් වේදනා අවම කිරීම නූතන ප්‍රවේශයේදී ප්‍රතික්ෂේප කරන දෙයක්. ඒකට පැහැදිලි හේතු තියෙනව.
නමුත් රෝග සුවයට මෝහනය යොදාගර්හ හැකි ක්‍රමය නූතන ඩයිනටික් සම්ප්‍රදාය තුළ ඉතාම හොඳින් පැහැදිලි කරල දෙනව.
මනෝ කායික වේදනා සහ කායික රෝග වල මනෝ මූලික රෝග මූලයන් මෝහනයෙන් ඉවත් කළ හැකියි. එයින් සුවය ලබන අයෙක් එයින් විදින සුවය මෙතකැයි කියන්න බැරි තරම්. සමහර අයට හිතාගන්න බැහැ ඒ තරම් සුවයක් තමන්ට උරුම වෙලා තිබුනද කියල. ඒක අත්විඳින කෙනාම අත් දකින යමක්.
*මෝහනයෙන් මානසික රෝග සුව කරන්නෙ කොහොමද?*
මානසික රෝග සහිත පුද්ගලයින්ට මෝහොනය ප්‍රතිකාරයක් ලෙස යෙදීම හෝ නොයෙදීම තීරණය කරන්න තරම් මෝහන ප්‍රතිකාරකවරයා දක්ශ විය යුතුයි. මොකද සමහර රෝග තත්ත්ව හදුනා නොගෙන තිබිය හැකියි. ඒ නිසා ඉතා සූක්ශමව රෝගියා නිරීක්ශනය කර ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාරය යෙදිය යුතුයු.
මෝහනය මගින් සුවකල හැකි මානසික අක්‍රමතා තත්ත්ව තිබෙනව. ඒ තත්ත්ව වලට නියමාකාරයෙන් මෝහනය යෙදීමෙන් ඉතාම පහසුවෙන් මනස සුවපත් කළ හැකියි.
*ඒ මොන වගේ මානසික තත්ත්ව වලටද?*
රෝගවල නම් සඳහන් නොකර පහත ලක්ෂන ගැන විතරක් මම යම් සඳහනක් කරන්නම්. නමුත් ඔබ ප්‍රවෙසම් වන්න මේ ලක්ශනයක් තිබූ පමනින් ඔබ මානසික රෝගියෙක් නොවන බව. පහත ලක්ෂන නිසා ඔබට සහ ඔබගේ සමීපතම අය අපහසුතාවයට පත් වනවානම් සරළව කිවහොත් ඔබ සරල සුව සත්කාරයක් සඳහා යොමුවීම වටිනව. මොකද ඒ තත්ත්ව නිසා ඔබේම ජීවිතයේ ගොඩනැගීම්, ජීවිතයේ ලස්සන දේවල් ඔබටම අහිමි වෙන නිසා.
මේ වගේ ලක්ෂණ නිසා ඔබ මානසිකව පීඩාවෙන් හෝ ඔබේ සමීපතමින් පීඩාවෙනවද බලන්න.
1- මානසික ව්‍යාකූල බව.
2- එකම සිතිවිල්ලක් මනසේ නිතර සිහිපත් වීම
3- සරළ සාමාන්‍ය දේටත් අධික කේන්තියක්, නුරුස්නා ස්වභාවයක්, පලිගැනීමේ සිතිවිලි නිතර එනවද.
4-ලෝකය, ඉපදීම, සමහර පුද්ගලයින් ගැන අධික කලකිරීමක්
5- අහේතුකව යමක් හෝ කෙනෙක් ගැන සැක සිතීම හෝ සැක සිතිවිල්ලක් නිසා කරදරකාර ලෙස අධික සැලකිල්ලක් දැක්වීම.
6- ජීවිතය සහ අනාගතය ගැන ඍනාත්මක සහ අසුභවාදී අදහස්, තීරණ වල එල්බ සිටීම
7- කායික හෝ මානසික ඇබ්බැහිවීම්.- මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික චර්යා, ස්ථාන, අඳුර, හුදෙකලාව,
8- සමහර චර්‍යා හෝ සිදුවීම් නිසා තමන්ට හෝ තමන්ගේ සමීපතමයින්ට කරදර, ජීවිත හාබි සිදුවේ යන සැකට අදිකව අහේතුකව නිතර සිතට ඒම.
9- එකම චර්‍යාව කීපවරක් කිරීමට සිතීම.
10- නින්ද නොයාම,
11- අන් අයට නොපෙනෙන දර්ශන පෙනීම, ශබ්ධ ඇසීම, මනස තුලින් / හිස ඇතුලින් වෙන හඩක් කතා කිරීම, මානස තුළ වෙන අයෙක් සමඟ සංවාද කරමින් සිටීම.
12- එකවර තමන් නියලෙමින් සිටි දේවල් අත් හැරීම, වෙනස් කිරීමට තරම් තදබල සිතිවිලි ඇතිවීම.
13- වෙනත් අයකු නිතර තමන් දෙස බලා සිටිනවා යැයි සිතීම.
14- අධිකව දුක් වීම, (අධික සතුටට පත්වෙමින් වියදම් කිරීමට සිතීමද සැලකිලිමත් වියයුතු තත්වයකි)
15- පෙර මතකයන්, සිදුවීම් නිතර කරදරකාරී ලෙස මතක් වෙමින් පීඩා වීම.
16- යම් ස්ථාන, දේවල්, සිදුවීම්, අවස්තා වැනි දේවලට අධික ලෙස බිය වීම.
මේ ආකාරයේ මානසික ලක්ෂණ සහිත නම් මෝහන ප්‍රතිකාර මෙන්ම මනෝ ප්‍රතිකාර වලට යොමුවීම වැදගත් වේ.
*මේ වගේ ලක්ෂණ සහිත අය ප්‍රතිකාර වලට යොමු නොවන්නෙ ඇයි?*
මේ තත්ත්ව වලින් පෙලෙන මනස ඒක අපහසුතාවයක් විදියට දකින්නෙ නෑ. ඒ නිසා ඒ තත්ත්වයෙන් විඳවන්න ඒ මනස හුරු වෙනව. ඊට පෙර හෝ එය තේරුම් ගත්තොත් ඒ ලක්ශණ සහිත පුද්ගලයා සරල සුව සත්කාරයට යොමුවෙලා මානසික ඉහිලනයක් ලබාගෙන සුවපත් මනසකින් ජීවත් වෙන්න පටන් ගන්නව.
ඒ වගේම තමයි මේ වගේ ලක්ෂණ තියෙන බොහෝ අයට ජීවිතයේ රහසිගතව කතා කරන්න හෝ පැහැදිලි කරගන්න දේවල් තියෙනව. ඒකට ඒ කතාව තේරුම් ගන්න තරම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් එයාලට හමුවෙලා නැතිවෙන්න පුලුවන්. අන්න ඒ හේතුව නිසා එයාල හිතනව මගේ මේ තත්වය සාකච්ඡා කරන්න සුදුසු අවබෝධයක් සහිත අයෙක් නැහැ කියල. සමහර අය ඒ දේවල් කතා කරන්න තෝරගත්ත අයට ඒකට ඇහුම්කන් දෙන්නවත් නොතේරෙනව කියල එයාලට තේරෙනව. ඒ වගේ අයට ඉතාම හොඳ සේවයක් මේ ඩයිනටික් මගින් ලැබුනු ක්‍රමවේද තුළ තියෙනව. එතනට යොමු උන අය ඉතාම කැමැත්තෙන් ඒ මනස සුවපත් කරගන්න යොමුවෙනව.
ඒ කියන්නෙ ප්‍රධාන හේතුව තමයි මේ ක්‍රමය ගැන ජනතාව නොදන්නා බව සහ සුදුසුකම් සහ පුහුනුව සහිත මෝහන ප්‍රතිකාරවේදීන් හිඟ වීම.
*මෝහනය ඕනෑම අයෙකුට ඉගෙන ගන්න පුලුවන් ද?*
මම අවුරුදු ගානක් පුරා ලද අත්දැකීම් සහ වෛද්‍ය දැනුම උපයෝගී කරගෙන විධිමත් පාඨමාලාවක් නිර්මාණය කරල තියෙනව. ඒක පළමු අදියර ඕනෑම අයෙකුට පහසුවෙන් හදාරන්න පුලුවන්. ඒකෙදි මම ස්වයං මෝහන අභ්‍යාස වලට ඒ පුද්ගලයාට අදාල වන ආකාරයෙන් යොමු කරනව. ඒකෙදි මානසික බාධාවන් ඉවත්වෙලා, පූර්ණ අවබෝධය සහිත සුවපත් මනසක් නිර්මානය වෙනව. එතනින් පසුව ඔහුට හෝ ඇයට තීරනය කරන්න පුලුවන් මෝහන ප්‍රතිකාර සුවවේදීවරයෙක් ලෙස පුහුනුව බලනවද නැද්ද කියල. ඒකෙනුත් පසුව Hypno 3rd Degree Level එකේදී ඉතා ගැබුරු අභ්‍යාස මගින් මානසික අවබෝධයේ උපරිම තලයට යන්න හැකියාව ලැබෙනව.
මේ පාඨමාලාව ඇත්තවශයෙන්ම අපූරුම ගවේශනයක්. මේ මාර්ගය තුළ ඉතා අපූරුවට ගොඩ නැගෙන්න මම එයාලට උදව් කරනව.
වෛද්‍ය චමත් කාරියවසම්
Reg No: SLHMC 326
M.HSc. BfA, Grand Master in Reiki. Hypno Master, Bansuri Flute Vishard...