Gampaha Ayurveda Medical Center

Gampaha Ayurveda  Medical  Center Spreading medicine awareness for a healthier tomorrow. නීරෝගි හෙට දවසක් උදෙසා ඖෂධ දැනුම බෙදා ගමු. Medical & Health

🛑❌💊අනිත් අයට දුන්න බෙහෙත් ඔයත් බොනවද? එහෙනම් දැන්ම ගිහින් මේ video එක බලන්න.
18/11/2025

🛑❌💊අනිත් අයට දුන්න බෙහෙත් ඔයත් බොනවද? එහෙනම් දැන්ම ගිහින් මේ video එක බලන්න.

Check out Pharmacy4Life’s video.

🎯 අද කතා කරන්නේ  Doctor කෙනෙක්ගේ නිර්දේශයක් නැතුව බෙහෙත් බොන එක ගැන! 💊බොහෝ දෙනෙක් සුළුවෙන් සැලකූවාට මේ දේ අපේ ජීවිතේට ලො...
08/11/2025

🎯 අද කතා කරන්නේ Doctor කෙනෙක්ගේ නිර්දේශයක් නැතුව බෙහෙත් බොන එක ගැන! 💊
බොහෝ දෙනෙක් සුළුවෙන් සැලකූවාට මේ දේ අපේ ජීවිතේට ලොකු risk එකක්! 😱

🗣️ එහා ගෙදර අක්කාටත් ඔහොම වෙලා අර පෙත්ත අරන් හොඳ උනා කියලා ඔයත් ඒකම අරන් බොනවද?."
😬කලින් ලෙඩකට දුන්න බෙහෙත් එකම ආයෙත් ෆාමසියකින් ගිහින් ඉල්ලගන්නවද...
ඔයත් එහෙම දේවල් කරලා තියෙනවා නම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! 👇
ඇයි මේක එපා කියලා කියන්නෙ? මොකක්ද මේකෙ තියෙන අවධානම?
💥 Why you should NEVER take medicine without a doctor’s advice:

ඖෂධ කියන්නේ හිතුමතේට අරන් කටට දාගන්න පුළුවන් කෑමක් වගේ දෙයක් නෙමෙයි. ඒවා රසායනික සංයෝග. Doctor කෙනෙක් නිර්දේශ නොකර මේ drugs ගත්තම ජීව්තයට තියෙන අවධානම මෙන්න.
1️⃣ Drug Interactions 💣
බෙහෙත් එකිනෙක clash වෙලා life-threatening reactions වෙන්න පුළුවන්! සරලවම කිව්වොත් සමහර drugs එකිනෙක ප්‍රතික්‍රියා කරලා විෂ වෙන්න පුළුවන්.

2️⃣ Allergies 🚨
ඔයාට එක බෙහෙතකට ආසාත්මික නම් , ඒ කාණ්ඩයේ සියලුම ඖෂධ වලට ආසාත්මික වීමේ ඉඩකඩ වැඩියි.

3️⃣ Antibiotic Resistance 🦠
ඕනේ ඕනේ විදිහට antibiotic ගත්තොත් future එකේදී ඔයාගේ ඇගට ඒ බෙහෙත් වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්.

4️⃣ Not suitable for your condition 🩺
ඇදුම තියෙන අයට සමහර beta blockers (heart drugs) දුනනොත් හුස්ම ගැනීමේ අමාරුකම් වෙන්න පුළුවන්.

5️⃣ Kids & elders 👶👴
සමහර බෙහෙත් පොඩි ලමයින්ට හෝ වැඩිහිටියන්ට dangerous. ලොකු අයට දෙන බෙහෙතම ගෙදර ඉන්න පොඩි එක්කෙනාට දෙන්න යන්න එපා.

6️⃣ Addiction 😵‍💫
දිගටම ගත්තොත් addict වෙන්න පුළුවන්. Doctors ලා ඒ බෙහෙත් ලියන්නේ යම්කිසි කාල සීමාවකට විතරයි.

7️⃣ Severe Side Effects 🤕
ඔයා නොදැන බෙහෙත් ගත්තොත් පස්සෙ බරපතළ අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

8️⃣ Pregnancy Risk 🤰
ගර්භණී / කිරි දෙන අම්මලාට බොහෝ බෙහෙත් safe නෑ. නිසි උපදෙස් වලින් තොරව බෙහෙත් ගත්තොත් මවට මෙන්ම දරුවාටද හානි සිදු වෙන්න පුළුවන්.

9️⃣ Misdiagnosis 🕵️‍♀️
සමහර විට මොකක් හරි කැක්කුමට කියලා බෙහෙත් පෙත්තක් බිව්වට ඊට වඩා බරපතළ දරුණු ගනයේ ලෙඩක් ඇතුළතින් තියෙන්න පුළුවන්. ඒ බව හරියටම නිර්ණය කරගන්න පුළුවන් කම ලැබෙන්නෙ වෛද්‍යවරයෙක් ගාවට ගිහින් සමහර වෙලාවට සමහර tests පවා කරලා. ඒ නිසා ආවට ගියාට බෙහෙත් ගත්තොත් තියෙන ලෙඩේත් උත්සන්න වෙන්න පුළුවන්.

💡 Remember:
Medicine isn’t food! 🍽️
බෙහෙත් නියමිත උපදෙස්ට අනුව විතරක් ගන්න.
සැලකිලිමත් වෙන්න , ජීවිතේම රැකගන්න ❤️

👩‍⚕️ Advice ගන්න ඕනේ Doctor හෝ Pharmacist ගෙන් විතරයි!

📢 Follow ❤️ | Like 👍 | Share 🔄
මේ message එක තවත් කෙනෙකුට දැනගන්න සහ ඔවුන්ගේ life එක safe කරගන්න share කරන්න! 💊✨

𝗗𝗶𝗳𝗳𝗲𝗿𝗲𝗻𝗰𝗲 𝗯𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝗖𝗿𝗲𝗮𝗺 𝗮𝗻𝗱 𝗢𝗶𝗻𝘁𝗺𝗲𝗻𝘁Cream: Contains both oil and water (less greasy), absorbs quickly, suitable for moi...
07/11/2025

𝗗𝗶𝗳𝗳𝗲𝗿𝗲𝗻𝗰𝗲 𝗯𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝗖𝗿𝗲𝗮𝗺 𝗮𝗻𝗱 𝗢𝗶𝗻𝘁𝗺𝗲𝗻𝘁
Cream: Contains both oil and water (less greasy), absorbs quickly, suitable for moist or weeping skin.

Ointment: Mostly oil-based (more greasy), forms a protective layer, better for dry or scaly skin.

📝💊ඖෂධ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව සෑම රෝගියෙකුම දැන ගත යුතු කරුණු අපගේ සෞඛ්‍යය රැකගැනීමේදී ඖෂධ වලට ඉතාම වැදගත් භූමිකාව...
07/11/2025

📝💊ඖෂධ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව සෑම රෝගියෙකුම දැන ගත යුතු කරුණු

අපගේ සෞඛ්‍යය රැකගැනීමේදී ඖෂධ වලට ඉතාම වැදගත් භූමිකාවක් ඇත. රෝග සුව කිරීම, රෝග ලක්ෂණ අඩු කිරීම සහ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ඖෂධ භාවිතා වේ. නමුත් ඖෂධ නිවැරදිව භාවිතා නොකිරීම මෙන්ම, අධික ලෙස හෝ වැරදි ලෙස භාවිතා කිරීම අපගේ සෞඛ්‍යයට හානි කරයි. එබැවින් සෑම රෝගියෙකුම සහ ඔවුන්ගේ පවුලේ සාමජිකයින් දැනගත යුතු මූලික කරුණු කිහිපයක් මෙම ලිපියේදී සාකච්ඡා කරනු ලැබේ.

1)ඔබ ලබා ගන්නා ඖෂධය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්න.

▪️ඖෂධයේ නාමය දැනගන්න (වෙළඳ නාමය සහ Generic name)

▪️එය ඔබට ලබා දී ඇත්තේ ඇයිදැයි යන්න තේරුම් ගන්න. “මේ බෙහෙත් මට කුමකටද?” කියා ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් අසා දැනගන්න.

2)නිවැරදි මාත්‍රාව සහ කාලය

▪️වෛද්‍ය උපදෙස් මත නිසි ලෙස ගන්න. මාත්‍රාව අමතක වුවහොත් දෙගුණයක් ගන්න එපා.
▪️ආහාරයට පෙරද, සමගද, නැතහොත් පසුද ගත යුතුදැයි දැනගන්න.

3)අතුරුඵල (Side Effects) පිළිබඳ දැනුවත් වන්න.

▪️ඕනෑම ඖෂධයකට අතුරුඵල තිබිය හැක. ඒ පිළිබඳව සුලු හෝ අවබෝධයක් තබා ගන්න.

4)ඖෂධ අන්තර් ක්‍රියා (Interactions)

▪️සමහර ආහාර පාන ඖෂධ වල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට හෝ අඩාල කිරීමට හේතු විය හැක. වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයාව දැනුවත් කරන්න.

5) ඖෂධ ගබඩා කිරීම

▪️සුදුසු උෂ්ණත්වයක, වියළි තැනක ගබඩා කරන්න.
▪️කුඩා දරුවන්ට නොගැටෙන, නොපෙනෙන තැන්වල තබන්න.

6) ඖෂධ බෙදා නොගන්න.

▪️වෛද්‍යවරයෙකු ඔබට විශේෂයෙන් ලියා දුන් ඖෂධය වෙනත් පුද්ගලයෙකුට නොදෙන්න. මක් නිසාදයත් වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළ බෙහෙතක් වෙනත් කෙනෙකුට එසේ සුදුසු නොවීමට හැකියාවක් ඇත.

▪️විශේශයෙන්ම ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් වලින් තොරව හිතුමතේ ඖෂධ ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

7)කල් ඉකුත් වන දින පරීක්ෂා කරන්න.

▪️කල් ඉකුත් වූ ඖෂධ වල කාර්‍යක්ෂමතාව අඩු විය හැකිය. සමහර විට හානි ද කළ හැක.
▪️කල් ඉකුත් වූ ඖෂ්ධ නිසි ලෙස බැහැර කරන්න.

🟥ඖෂධ ඔබගේ ජීවිතය බේරා ගන්නා දේවල් වන නමුත් ඒවා නිවැරදිව සහ දැනුවත් ව භාවිතා කළ විට පමණක් සුරක්ෂිත වේ. රෝගීන්ට ඖෂධවේදියෙකුගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට නිදහස තිබිය යුතුය. ඖෂධ නිවැරදිව භාවිතය රෝගීන්ගේ, පවුලේ සහ සෞඛ්‍ය පද්ධතියේ සමූහ වගකීමකි.

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු යහපත් පැතුම් ඉටුවන නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!Wishing you all a happy,...
14/04/2023

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු යහපත් පැතුම් ඉටුවන නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!
Wishing you all a happy, peaceful, prosperous, healthy and winning Sinhala and Tamil New Year..!
🙏💛🌾

ඔබත්  අතෙහි ඇගිලිවල කලක සිට හිරිවැටීමක් හා ඒ සමගම උරහිස් හා අතෙහි ඇගිලි වලට යොමුවූ වේදනාවකින් පීඩා විදිනවාද? 🤔🤔එහෙමත් නැ...
07/02/2023

ඔබත් අතෙහි ඇගිලිවල කලක සිට හිරිවැටීමක් හා ඒ සමගම උරහිස් හා අතෙහි ඇගිලි වලට යොමුවූ වේදනාවකින් පීඩා විදිනවාද?
🤔🤔එහෙමත් නැත්නම් ඔබගේ පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකු කියනවා අසා ඇද්ද ?

👉මෙයට හේතුව ඔබගේ මැණික් කටු සන්දිය ආශ්‍රිතව හෝ කශේරුකා ආශ්‍රිතව ස්නායු තෙරපීමක් බොහෝ විට විය හැක. නමුත් ඔබට මෙම ලක්ෂණ බෙල්ලේ වේදනාව සමග තිබෙන්නේ නම් ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුය.

වර්තමානයේ බොහෝ දෙනා පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනි ආශ්‍රිතව දවසේ වැඩි කාලයක්‌ ගත කිරීම නිසා බෙල්ල ආශ්‍රිත වේදනාවන්ගෙන් පෙළීම බහුල වී ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් ජංගම දුරකථන භාවිත කරමින් අන්තර් ජාලයේ වැඩි කාලයක්‌ ගත කිරීමේදී බෙල්ල නවාගෙන සිටීම නිසා ඇතිවන බෙල්ලේ වේදනාව මේ වන විට ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන්ගෙන ඇත. එබැවින් බෙල්ලේ වේදනාව පිළිබඳව අප යම් අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත්ය .

✅ බෙල්ලේ වේදනාව ඇතිවීමට බොහෝ කරුණු බලපාන බව අප අවබෝධ කරගත යුතුයි.

🔹වැරදි ඉරියව් අනුව සිටීම නිසා ඇතිවන මාංශ පේශී, බන්ධනී හෝ කණ්‌ඩරා අතර ඇතිවන ඇදීමකට හෝ තදවීමක්‌ (උලුක්‌කුවක්‌) නිසා බෙල්ලේ වේදනාවක්‌ ඇතිවිය හැකිය

🔹ඊට අමතරව අන්තර් කශේරුකා මඬල ගෙවීමට ලක්‌වීමේ රෝගයට( ඔස්ටියෝආතරයිටිස්, ස්පොන්ඩිලොසිස් වැනි රෝග තත්වයන්) ලක්‌වූ විටද බෙල්ලේ වේදනාව ඇතිවෙනවා.

🔹මෙම හේතුවලට අමතරව කලාතුරකින් කශේරුකා එකිනෙක සම්බන්ධ වන අස්‌ථි අතර ඇතිවන ආතරයිටීස්‌ රෝගය නිසා සහ කශේරුකා මඬල තුළට විෂබීජ ආසාදනය වීම නිසාද බෙල්ලේ වේදනාව මතුවිය හැකියි.

🔹නමුත් බහුලවම දක්‌නට ලැබෙන්නේ වැරදි ඉරියව් වල හිඳිමින් කටයුතු කිරීම නිසා මතුවන බෙල්ලේ වේදනාවයි.

බෙල්ලේ වේදනාව මතුවීමට බලපාන බහුලව දක්‌නට ලැබෙන වැරදි ඉරියව් මොනවාද?
ප්‍රධාන වශයෙන්ම වර්තමානයේ දක්‌නට ලැබෙන්නේ ජංගම දුරකථන ඔස්‌සේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා වැඩි වේලාවක්‌ බෙල්ල පහත් කරගෙන කටයුතු කිරීමයි.

ඊට අමතරව බෙල්ල පහත් කරගෙන වැඩි වේලාවක්‌ කරන කටයුතු අතර පොත්පත් කියවීම, ලියන කියන කටයුතුවල යෙදීම, මැහුම් කටයුතුවල යෙදීම ආදිය දැක්‌විය හැකියි.

මේ අතර වර්තමානයේ ඇතැම් දෙනා පුටුවල නිදාගෙන බෙල්ල හරවාගෙන වැඩි වේලාවක්‌ රූපවාහිනිය නැරඹීමට යොමුවීම නිසාද බෙල්ලේ මාංශ පේශී ඇදීමට ලක්‌වීම හෝ අස්‌ථි තදවීම නිසා බෙල්ලේ වේදනාව මතුවිය හැකියි.

✅ බෙල්ලේ වේදනාව අත දිගේ ගමන් කරන්නේ ඇයි? අතේ ඇගිලි හිරිවැටීම සිදුවන්නේ ඇයි?

එය ඉතාමත් වැදගත් කාරණයකි. බෙල්ලේ වේදනාව නිසා පීඩාවට පත්ව සිටින බොහෝ දෙනා පවසන තවත් රෝග ලක්‍ෂණයක්‌ වන්නේ අත දිගේ වේදනාව ගමන් කිරීම සහ අතේ හිරි වැටීමක්‌ ඇතිවන බවය. මීට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ බෙල්ලේ වේදනාවට හේතුවන මාංශපේශී සහ බන්ධනීවල තදවීම නිසා අස්‌ථි අතරින් පිටතට ගමන් කරන ස්‌නායු ශාඛා තෙරපුරමට ලක්‌වීමේදීය. දෑත්වලට ගමන් කරන ස්‌නායු ශාඛා සුෂුම්නාවෙන් පිටතට පැමිණෙන්නේ කශේරුකා අතරිනි. එනිසා බෙල්ලේ අස්‌ථි තදවීමකදී මාංශපේශී හෝ බන්ධනී තදවීමකට ලක්‌වීම නිසා අත දිගේ වේදනාවක්‌ ගමන් කිරීම, හිරිවැටීමක්‌ ඇතිවීමක්‌ හටගත හැකිය.

✅ බෙල්ලේ වේදනාව ඇති ඇතැම් පුද්ගලයිනට හිසරදය, ක්ලාන්ත ගතියක් ‌ ඇතිවිය හැක්‌කේ ඇයි?

මෙයට හේතු දෙකක් ඇත.

බෙල්ලේ ගෙල ප්‍රදේශයේ ඇති කොඳුඇට නහර පේලිය අතරින් මොළයට රුධිරය ගෙන යන ධමනී තදවීමට ලක්‌වීමෙන් මොළයට යන රුධිරය ප්‍රමාණය අඩුවීම නිසා ක්‌ලාන්තය ඇතිවිය හැකිය.එලෙස යම් පුද්ගලයකුට ක්‌ලාන්තයක්‌ මතු වූ විට වහාම කළ යුත්තේ එම පුද්ගලයා බිම දිගා කරවීමය. එවිට මොළයට රුධිරය ගමන් කිරීම යම් ප්‍රමාණයකට ඉහළ යැම නිසා එම පුද්ගලයාගේ ජීවිතයට සිදුවිය හැකි හානි අවම කරගත හැකිය.

තවද දීර්ගකාලීන බෙල්ලේ වේදනාව/ බෙල්ලේ කශේරුකා ගෙවීයාම් නිසා බෙල්ලේ මාංශ පේශි, බෙල්ල හා උරහිස් අතර මාංශ පේශි තදවීමක්/ දැඩිවීමක් සිදුවිය හැකිය. මෙමගින් එම මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ ( කුඩා මාංශ පේශි ගැටිති) නිර්මාණය විය හැකිය. මෙම ලක්ෂ නිසා ඔබට බෙල්ලේ සිට හිස දක්වා ‍යොමුවූ වේදනාවක් ඇතිවිය හැකිය. ඔබට හිසරදය ඇතිවන්නේ මෙය නිසාය. මෙම ආකාරයේ හිසරදයට සර්වයිකොජෙනික්/ cervicogenic headache හිසරදය ලෙස හදුන්වනු ලබයි.

✅ බෙල්ලේ වේදනාවට/ අතෙහි ඇගිලි හිරිවැටීමට ඇති ප්‍රතිකාර මොනවාද?

මෙය සදහා ප්‍රතිකාර කිරීමේදී බටහිර (allopathic medicine ) වෛද්‍යවරයකු විසින් ඔබට වේදනා නාශක ඖෂධ, කෝටිකෝස්ටෙරොයිඩ් එන්නත් නිර්දේශ කර හැකිය. බෙල්ලේ ස්නායු තෙරපීම පාලනය කර නොහැකි නම් එයට ශල්‍යකර්මයක් සිදුකරනු ලබයි. නමුත් බෙල්ලේ ශල්‍යකර්මයකට තිබෙන දැඩි අවදානම නිසා මෙය ශල්‍යකර්මයකට නොයා පාලනය කරගත හැකි නම් වඩාත් යෝග්‍ය වන අතර 💪💪ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යා වේ සාර්ථක ප්‍රතිකාර ක්‍රම බොහොමයක් ඇත.👊👊

ප්‍රතිකාර කිරීමේදී පමණක්‌ නොව බෙල්ලේ වේදනාව ඇතිවීම වළක්‌වා ගැනීමේදීද වැදගත්ම කටයුත්ත වනුයේ නිවැරැදි ඉරියව් අනුව කටයුතු කිරීමය.

නිවැරැදි ඉරියව් යනු බෙල්ල, අත්, කඳ සහ දෙපා එකිනෙකට සාපේක්‍ෂ වන පරිදි සිටින ආකාරයයි. නිවරැදි ඉරියව්වක්‌ අනුගමනය කිරීමේදී කොඳු ඇට පෙළට ඇතිවන තෙරපුම අවමවේ.

බෙල්ල පහත් කරගෙන හෝ හරවාගෙන යම් කටයුත්තක නිරතවීමේදී දිගු වේලාවක්‌ එම ඉරියව්වේම නොසිට විනාඩි පහළොවකට වරක්‌ වත් බෙල්ලේ ඉරියව් වෙනස්‌ කළ යුතුය.
නිදා ගැනීමේදී ඝණකම් නොමැති සැහැල්ලු තුනී කොට්‌ටයක්‌ භාවිත කළ යුතුය. ඝනකම් උස කොට්‌ට භාවිත කිරීමේදී බෙල්ල වැරදි ඉරියව්වල පැවතීම නිසා වේදනාව හටගනී.
බෙල්ලේ ඇතිවන වේදනාවට ප්‍රතිකාර කිරීමේදී ඊට බලපා ඇති හේතුව හඳුනා ගැනීම වැදගත්ය. වැරදි ඉරියව් නිසා හටගත් බෙල්ලේ වේදනාව එම ඉරියව් නිවැරැදි කර ගැනීමෙන් සහ ව්‍යායාම කිරීම මගින් සුවපත් කර ගත හැකිය.

එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට නොහැකි අයුරින් බෙල්ලේ වේදනාව හා ඇගිලි හිරිවැටීම මතුවේ නම් වහාම වෛද්‍යවරයකු කරා යොමුවීම යෝග්‍යවේ

සටහන:
ආයුර්වේද වෛද්‍ය
M.W.M.පීරිස්
BAMS University of Kelaniya
(SLAMC Reg No 15303)
HND in Family Counselling
Certificate in Accupuncture and Yoga

Gampaha Ayurveda Medical Center
35, Jayahhilaka Mawatha, Panadura
0715423688/ 0715407062

ඔයාටත් දැන් පඩිපෙළක් නැගීමේදී ඇවිදීමේදී ඔබේ දණහිසත් කරදර දෙනවාද? එහෙනම් මේ ලිපිය  ඔබ වෙනුවෙන් . සන්ධිගත වාතය / Osteo Art...
30/01/2023

ඔයාටත් දැන් පඩිපෙළක් නැගීමේදී ඇවිදීමේදී ඔබේ දණහිසත් කරදර දෙනවාද? එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන් .

සන්ධිගත වාතය / Osteo Arthritis / Degenerative Joint Disease

බොහෝවිට වයස්ගතවීමත් සමග ඇතිවේ.
වයස අවුරුදු 40ට වැඩි අයට ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.
සන්ධිය ආශ්‍රිතව ප්‍රධානවම,
ඉදිමුම
වේදනාව

වේදනාව සන්ධිය ක්‍රියාකිරීමේදී ඇතිවේ.
එනම් දිගහැරීම, නැමීම යන අවස්ථාවලදී ( Flexion & Extension )
ඉදිමුම ; ස්පර්ශයට වාතය පිරවූ බැලුමක් වැනි ඉදිමුමකි. ( Non - pitting Oedema )
බොහෝවිට බරදරන සන්ධි වල ඇතිවේ.

රෝග හේතු ,

සීතල ආහාර, දිරවීමට අපහසු ආහාර අධික වශයෙන් ගැනීම.
ආහාර ගත් විගස යළි ආහාර ගැනීම.
එදිනෙදා කටයුතු වලදී වැරදි ඉරියව්.
නිතර පයින් ගමන් කිරීම.
නිතර පඩිපෙල් නැගීම.
වැඩිවේලාවක් සිටගෙන සිටීම.
රාත්‍රී නිදි වැරීම සහ දිවා නින්ද.
අධික ව්‍යායාමය.
වැටීම්, තැලීම් වැනි අනතුරු.

රෝග ලක්ෂණ ,

ස්පර්ශ කිරීමේදී වේදනාව. ( Tenderness )
සන්ධි නැවීම, දිගහැරීමේදී වේදනාව.
සන්ධි ආශ්‍රිත ඉදිමුම.
සන්ධි ආශ්‍රිත තදගතිය. ( Stiffness )
- විවේකයෙන් සිට සන්ධි
ක්‍රියාකරවීමේදී තදගතිය වැඩියි.
සන්ධි ක්‍රියාකිරීම අඩපණවීම. ( Restricted Joint Movements )
සන්ධිය ක්‍රියාකරනවිට ශබ්දය ඇතිවීම. ( Crepitations )
X කිරණ වාර්තා වලට අනුව සන්ධි අතර පරතරය අඩුවීම. ( Narrowing of joint space )
සන්ධි ආශ්‍රිතව කැල්සියම් තැම්පත් වීම. ( Osteophytes )

මෙම රෝගතත්වයට නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව සන්ධි ආශ්‍රිත විකෘතිතා ඇතිවේ.
( Structural Deformities )

ප්‍රතිකාර ,

මෙම රෝගතත්වය නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකිය.
රෝගතත්වය පැවති කාලය හා රෝගලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාගතයුතු කාලසීමාව හා ලබාදියයුතු ප්‍රතිකාර පද්ධතිය වෙනස් වේ.
මෙහිදී අභ්‍යන්තර ඖෂධ හා බාහිර ප්‍රතිකාර ලෙස කොටස් 2 කින් ප්‍රතිකාර පද්ධතිය සමන්විත වේ.
බාහිර ප්‍රතිකාර ලෙස

තෛල අභ්‍යංගය,
පොට්ටනි මගින් තැවීම,
නාඩි ස්වේද,
පත්තු දැමීම අවස්ථානුකූලව සිදුකළ යුතුය.

ඊට අමතරව වස්ති ප්‍රතිකාර ( කටී වස්ති, ග්‍රීවා වස්ති, ජානු වස්ති ) තෛල පිචු ප්‍රතිකාර ආදියද අවස්ථානුකූලව සිදුකළ යුතුය.

මෙයට අමතර ව විවිධ ව්‍යායාම අවශ්‍යතාවය මත සිදු කරනු ලබයි.

ආහාර,

අධික ශීතල ආහාර ගැනීම අවම කළ යුතුය.
eg : වම්බටු, මෑකරල්, මුංඇට, කිරිබත්
ශීතකරණයේ තබන ලද ආහාර නැවත නැවත භාවිතයෙන් වැළකීම.
මිරිස්, තෙල්, ලුණු බහුල ආහාර වර්ග භාවිතය අවම කිරීම.
කෘතිම රසකාරක බහුල ආහාර, කෙටි කෑම වර්ග හැකිතරම් අවම කිරීම.
හැකි සෑම විටම පානය කිරීම සදහා උණුවතුර භාවිතා කිරීම.

විහරණ,

සවස් කාලයේ ස්නානය කිරීමෙන් වැළකීම.
( ස්නානය කරන විට හැකි සෑම විටම උදෑසන 10 ත් සවස 2 ත් අතර හොදින් අව්ව වැටෙන වේලාවට සිදුකරන්න )

හැකි සෑමවිටම ස්නානය කිරීමට හා ඇඟ සේදීමට උණු වතුර භාවිතා කරන්න.
රාත්‍රී නිදි වැරීම අවම කරන්න.
නිවැරදි ඉරියව් භාවිතය.
අඩි උස පාවහන් පැළදීම අවම කරන්න.
පඩිපෙල් නැගීම හැකිතරම් අවම කරන්න.

මෙවැනි රෝගතත්වයකින් ඔබ පෙළෙන්නේනම් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීම මගින් රෝග තත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගැනීමේ හැකියාව පවතී.

පානදුර අවට ඉන්නා ඔබ වෙනුවෙන් අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය දැන් උදේ 9.30සිට සවස 6.30 දක්වා විවෘතව ඇත.

වෛද්‍ය ඒම්.ඩබ්.එම්. පීරිස්
BAMS කැලණිය විශ්ව විද්‍යාලය
SLAMC Reg No15303

HND in Family Counselling

0715423688/0715407062
Gampaha Ayurveda Medical Center
No.35, Jayathilaka Mawatha , Panadura

සෑම විටම නිවැරදි ඉරියව් භාවිතා කරමු....🫴
28/01/2023

සෑම විටම නිවැරදි ඉරියව් භාවිතා කරමු....🫴

හිසකෙස් වල හා හිසේ බාහිර නිරෝගීතාවය රැක ගැනීමට, හිසකෙස් පැසීම වළකාලීමට දේශීය පිළිවෙත් අනුගමනය කරමු...            Departm...
28/01/2023

හිසකෙස් වල හා හිසේ බාහිර නිරෝගීතාවය රැක ගැනීමට, හිසකෙස් පැසීම වළකාලීමට දේශීය පිළිවෙත් අනුගමනය කරමු...



Department of Ayurveda

මුළුතැන්ගෙය ඔබගේ ප්‍රථම වෙද මැදුරයි... of Ayurveda
28/01/2023

මුළුතැන්ගෙය ඔබගේ ප්‍රථම වෙද මැදුරයි... of Ayurveda

Address

No. 35/1/1, Jayathilaka Mawatha, & Malamulla West Panadura
Panadura
0094

Opening Hours

Monday 16:00 - 20:30
Tuesday 16:00 - 20:30
Wednesday 16:00 - 20:30
Thursday 16:00 - 20:30
Friday 16:00 - 20:30
Saturday 16:00 - 20:30
Sunday 09:30 - 12:00
16:00 - 20:30

Telephone

+94715423688

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gampaha Ayurveda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram