08/04/2026
දියවැඩියාව (Diabetes) කියන්නේ අද ලංකාවේ බහුලව පවතින දිගුකාලීන රෝගයක්. රුධිරයේ සීනි මට්ටම වැඩි වීම නිසා මෙම රෝගය ඇති වෙනවා. නිසි ලෙස පාලනය නොකළහොත් හෘද රෝග, වකුගඩු හානි, ඇස් පෙනීම අඩුවීම වගේ බරපතල ගැටලු ඇතිවෙන්න පුළුවන්.
දියවැඩියාව පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස් කිරීම (diet සහ exercise) සමඟ වෛද්‍යවරයා නියම කරන ඖෂධ වැදගත් වෙනවා.
🍬අද අපි බලමු ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන දියවැඩිය ඖෂධ කිහිපයක් ගැන.
💊 1️⃣ Metformin
මෙය දියවැඩියාව සඳහා වෛද්‍යවරුන් විසින් වැඩිපුරම prescribe කරන ඖෂධයකි.
මෙය ක්‍රියා කරන ආකාරය :
✔️ අක්මාව මඟින් (Liver) සීනි නිපදවීම අඩු කරයි
✔️ ශරීරයේ insulin භාවිතා කිරීම වැඩි කරයි
උදාහරණ brand :
• Glycomet
• Glucophage
💊 2️⃣ Gliclazide
මෙය අග්න්‍යාශය මඟින් insulin නිපදවීම වැඩි කිරීමට උපකාරී වන ඖෂධයකි.
භාවිතා කරන්නේ :
👉 Type 2 Diabetes රෝගීන්ට
💊 3️⃣ Glimepiride
මෙයත් insulin නිපදවීම වැඩි කරන ඖෂධයකි.
✔️ බොහෝවිට Metformin සමඟ එකට prescribe කරනවා.
💊 4️⃣ Sitagliptin / Linagliptin
මෙය නව පරම්පරාවේ දියවැඩිය ඖෂධ ලෙස සැලකේ.
✔️ insulin release වීම වැඩි කරයි
✔️ blood sugar control කරන්න උපකාරී වේ.
මෙය බොහෝවිට Metformin සමඟ combine කරලා දෙනවා.
💉 5️⃣ Insulin
සමහර රෝගීන්ට tablets මඟින් sugar control නොවෙන විට Insulin injection භාවිතා කරයි.
✔️ Type 1 Diabetes
✔️ Type 2 Diabetes severe cases වලදී මෙය භාවිතා වේ.
⚠️ විශේෂයෙන්ම:
❗ දියවැඩිය ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව ගන්න එපා.
❗ තමන්ට හොඳ යැයි කියලා අනෙක් කෙනෙකුගේ බෙහෙත් භාවිතා කරන්න එපා.
❗ ආහාර පාලනය + ව්‍යායාම + ඖෂධ එකටම තිබ්බාම තමයි හොඳ control එකක් ලැබෙන්නේ.
✅ ඔබට දියවැඩියාව තිබෙනවානම්
• ලේ සීනි නිතර පරීක්ෂා කරන්න
• වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න
💬 ඔබට මේ ලිපිය ප්‍රයෝජනවත් නම් Share කරලා තවත් කෙනෙක්ටත් දැනුවත් කරන්න.
✍️Pharmacy4Life