MOH Office Panadura

MOH Office Panadura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office Panadura, Health & Wellness Website, MOH office, Galle Road, Panadura.

අධික උෂ්ණත්වය:  ආරක්ෂිතව සිටින්න!අධික උෂ්ණත්වය නිසා ඇතිවන හදිසි සෞඛ්‍ය ගැටලු ඔබ සිතනවාට වඩා වේගයෙන් සිදු විය හැක. නමුත් ...
22/04/2026

අධික උෂ්ණත්වය: ආරක්ෂිතව සිටින්න!

අධික උෂ්ණත්වය නිසා ඇතිවන හදිසි සෞඛ්‍ය ගැටලු ඔබ සිතනවාට වඩා වේගයෙන් සිදු විය හැක. නමුත් එහි රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් ජීවිතයක් බේරා ගැනීමට ඔබට හැකියාව ලැබේ. ☀️🌡️

ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට අදාළ කෙටි මඟ පෙන්වීමක් පහතින් දැක්වේ:

1. රෝග ලක්ෂණ හඳුනා ගන්න 🔍

පූර්ව අනතුරු ඇඟවීම්: සම සුදුමැලි වීම, සීතල වීම හෝ ඇලෙන සුළු ස්වභාවයක් ගැනීම සහ වේදනාකාරී මාංශ පේශි පෙරළීම් (Cramps).

අන්තරාදායක තත්ත්වය (Heat Stroke):

දැඩි ව්‍යාකූල බව, සම රත් වීම සහ වියළි බව (දහඩිය නොදැමීම) සහ ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම. මෙය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු හදිසි අවස්ථාවකි.

2. වහාම ගත යුතු පියවර 💧
ප්‍රතිජලනය (Rehydrate): වතුර, ජීවනී හෝ තැඹිලි වතුර ස්වල්පය බැගින් නිතර පානය කරන්න.

ස්ථානය මාරු කිරීම: වහාම සිසිල්, සෙවණ ඇති ස්ථානයකට යන්න.

ශරීරය සිසිල් කිරීම: තද ඇඳුම් ලිහිල් කර සම මතට සිසිල් ජලය ඉසින්න.

කකුල් එසවීම: වැතිරී සිටින අතරතුර රුධිර සංසරණයට සහාය වීම සඳහා පාද මදක් ඉහළට ඔසවා තබන්න.

3. වැළකී සිටිය යුතු දේ 🚫

කැෆේන් (Caffeine) අඩංගු පාන, සෝඩා සහ මත්පැන් පානයෙන් වළකින්න. මේවා මඟින් විජලනය තවත් වැඩි කළ හැක. ඒ වෙනුවට ජලය සහ ඉලෙක්ට්‍රොලයිට් (Electrolyte) බහුල පාන භාවිතා කරන්න.

උදවු ලබාගත යුත්තේ කුමන අවස්ථාවකදීද? 🚑

රෝග ලක්ෂණ දරුණු වන්නේ නම්, පැයක් ඇතුළත සහනයක් නොලැබෙන්නේ නම් හෝ යමෙකුට 'Heat Stroke' රෝග ලක්ෂණ පවතී නම්, වහාම ගිලන් රථයක් කැඳවන්න.

හැකිතාක් අව් රශ්මියෙන් වැළකී සිටින්න, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න, සහ එකිනෙකා පිළිබඳව අවධානයෙන් සිටින්න!

2026 වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් සංවිධානය කරන දන්සල් සංවිධායකයින්  වෙත කෙරෙන දැනුම් දීමයි..ඔබ දන්සල් සංවිධායකයෙක් නම් ඔ...
22/04/2026

2026 වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් සංවිධානය කරන දන්සල් සංවිධායකයින් වෙත කෙරෙන දැනුම් දීමයි..

ඔබ දන්සල් සංවිධායකයෙක් නම් ඔබේ දන්සල පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

ලියාපදිංචි වන දන්සල් සංවිධායකයින් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී පැවැත්වේ.

ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමේ හා නීතිමය ක්‍රියාමර්ග ගැනීමේ වැඩසටහන් කිහිපයක් පසු ගිය දිනවල දී පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිල...
04/10/2025

ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමේ හා නීතිමය ක්‍රියාමර්ග ගැනීමේ වැඩසටහන් කිහිපයක් පසු ගිය දිනවල දී පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය ආවරණය කරමින් පැවැත්වූ අතර එහිදී සෞඛ්‍යආරක්ෂිත නොවන ආහාර පරිහරණ ආයතන සදහා පානදුර මහේස්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.🕵️

26/09/2025
“ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය” වෙනුවෙන් පැවති ජාතික වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාග...
22/09/2025

“ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය” වෙනුවෙන් පැවති ජාතික වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාගේ මූලිකත්වයෙන් සැප්තැම්බර් 20 දින උදෑසන පානදුර වෙරළ උද්‍යානයේදී පැවැත්විය.💚💚

පානදුර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් රිවිදෙව්ගම සිතුමිණ පෙරපාසලේදී පැවැත්වුණි. ඒ සදහ...
20/09/2025

පානදුර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් රිවිදෙව්ගම සිතුමිණ පෙරපාසලේදී පැවැත්වුණි. ඒ සදහා පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පාසල් දන්ත චිකිත්සකවරියන් හා කාර්‍යමණ්ඩලය සහභාගී විය.♥️

පානදුර සිරි සීවලී විදුහලේ දරුවන් වෙනුවෙන් පැවති ප්‍රජනක සෞඛ්‍ය හා ජීවන නිපුණතා පිළිබද යොවුන් සෞඛ්‍ය වැඩසටහන..♥️
20/09/2025

පානදුර සිරි සීවලී විදුහලේ දරුවන් වෙනුවෙන් පැවති ප්‍රජනක සෞඛ්‍ය හා ජීවන නිපුණතා පිළිබද යොවුන් සෞඛ්‍ය වැඩසටහන..♥️

නව යොවුන් වියේ ඉලක්ක ජයගැනීම සහ අභියෝග  වලට මුහුණ දීම පිළිබඳ ව පානදුර දියමන්ති ජුබිලි විද්‍යාලයේ පැවති යොවුන් සෞඛ්‍ය වැඩ...
20/09/2025

නව යොවුන් වියේ ඉලක්ක ජයගැනීම සහ අභියෝග වලට මුහුණ දීම පිළිබඳ ව පානදුර දියමන්ති ජුබිලි විද්‍යාලයේ පැවති යොවුන් සෞඛ්‍ය වැඩසටහන..♥️

මේ දිනවල වෙළඳපොලේ විකිණීම සඳහා ඇති පොල්තෙල් වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ අරමුණින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ...
15/09/2025

මේ දිනවල වෙළඳපොලේ විකිණීම සඳහා ඇති පොල්තෙල් වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ අරමුණින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල් ලබාගෙන ඒවා රජයේ අනුමත රස පරීක්ෂක වෙත යොමු කිරීමේ කටයුතු අද දින පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලදී..🕵️

එලුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, පහන්ගම ප්‍රදේශයේ පැවති සුනඛයින් සදහා ජලභීතිකා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන 🐕💉💉💉
13/09/2025

එලුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ, පහන්ගම ප්‍රදේශයේ පැවති සුනඛයින් සදහා ජලභීතිකා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන 🐕💉💉💉

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ෆයිනාස්,දිලීප් පෙරේරා හා චන්දිමාල් යන මහ...
02/09/2025

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ෆයිනාස්,දිලීප් පෙරේරා හා චන්දිමාල් යන මහත්වරුන් සහ පරිත්‍යාගශීලී ප්‍රදේශවාසී ජනතාව විසින් ලබා දුන් සහයෝගයෙන්,25/08/26 වන දින කෙසෙල්වත්ත මාතෘ හා ළමා සායනයට රූපවාහිනී යන්ත්‍රයක් හා ශීතකරණයක් පරිත්‍යාග කරන ලදී...💚

මාරාන්තික මී උණ රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ මී උණ රෝගය සදහා පුර්ව ප්‍රතිකාර ඖෂධ බෙදාදිමේ වැඩසටහනක් හිරණ මහජ...
29/08/2025

මාරාන්තික මී උණ රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ මී උණ රෝගය සදහා පුර්ව ප්‍රතිකාර ඖෂධ බෙදාදිමේ වැඩසටහනක් හිරණ මහජන සෞඛ්‍ය පරික්ශක කොට්ඨාසය මූලික කර ගනිමින් 2025.08.27 වන දින හිරණ ළමා හා මාතෘ සායනයේදී පවත්වන ලදී. ඒ සදහා සහයෝගය දුන් සැමට ස්තූතීයි.💚

Address

MOH Office, Galle Road
Panadura

Website

Services

Specialties

Alerts

Be the first to know and let us send you an email when MOH Office Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share