Rukkho රුක්ඛෝ-උයන

Rukkho රුක්ඛෝ-උයන Arts of 🌳

පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන ‍‍රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන ‍හේතුව ‍ලෙස සැල‍කෙන්‍‍...
01/03/2026

පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන ‍‍රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන ‍හේතුව ‍ලෙස සැල‍කෙන්‍‍නේ හෘද හා වාහිණිගත ‍රෝග වන අතර ‍දෙවෙනි තැන හිමිවන්‍‍නේ පිළිකා ‍රෝගයටයි.

ස්ත්‍රි පුරුෂ ළමා මහලු ‍භේදයකින් ‍තොරව ඕනෑම ‍කෙ‍නෙකුට පිළිකා රෝගය වැළ‍දිය හැක . ශ්‍රී ලංකාව තුල වර්තමාන‍යේ ප්‍රධාන වශ‍යෙන්ම දක්නට ඇත්තේ මුඛ පිළිකා හා පියයුරු පිළිකා‍ වන අතර ගලනාල පිළිකා, ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා හා අක්මා පිළිකා ද බහුලව දක්නට ලැ‍බේ.

නිරෝගී ජිවන රටාවක් ඇතිකර ගැනීමෙන් පිළිකාවන්ගෙන් 1/3 ක් වලක්වා ගත හැකි අතර පිළිකා වලින් 1/3 ක්ම කලින් හදුනා ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුව කළ හැකි වේ. එහෙයින් මේ පිළිබදව සමාජය දැනුවත් කිරිම තුලින් මෙම තත්ත්වය අවම කර ගැනීමට හැකිවනු ඇත.

පළමුව පිළිකාවක් යනු කුමක්දැයි විමසා බලමු.
මිනිස් සිරුරෙහි කුඩාම ඒකකය සෛලයක් ලෙස හදුන්වයි. සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණ දේහ නම්වු ජාන කොටස්වල ඇති ඩී.එන්.ඒපළක 4 නම් රසායනිකය සෛල බෙදීම කෙරෙහි බලපාන අතර සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමත් පැරණි සෛලවල කාලය අවසන් වීමත් සිදු වෙයි. මෙම සෛල බෙදීම ක්‍රමිකව පාලනයක් ඇතිව සිදු වේ. නමුත් පිළිකා ඇති කරන හේතු සාධක මෙම ජාන සෑදි ඇති ඩී.එන්.ඒ පටල විකෘති කරන අතර මේ නිසා ඒවා පිළිකා ජාන බවට පත්වී පිළිකා සෛල සෑදීම ආරම්භ කරයි.

මෙම පිළිකා සෛල ඒ වටා ඇති පටකවලටද ඈතින් ඇති පටක වලටද රුධිර ලසිකා ආදි මාර්ග ඔස්සේ ශරීරය පුරා පැතිරී යයි. බොහෝ පිළිකා ඇති වීමට හේතුවු කරුණු ලෙස හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ වැරදි ජීවන රටාවයි. එදා අපේ පැරැන්නන් ස්වභාව ධර්මය හා එක්ව ඉතා සරල දිවිපෙවෙතක් ගතකළහ. ඔවුන් ස්වා‍භාවික පරිසර‍යෙන් ලබා ගත් පැලෑටි, අල වර්ග, වස විස නැති ධාන්‍ය වර්ග, එළවළු වර්ග හා පලතුරු ආහාරයට ගත්හ. පිරිසිදු වාතය ආශ්වාස කළහ. පිරිසිදු ජලය පානයට ගත්හ. මේ නිසා ඔවුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු අතර පිළිකා වැනි රෝග තත්ත්වයන් දක්නට තිබුනේ ඉතා අවම මට්ටමක බව පෙනේ.

නමුත් වර්තමානයේ අප ගත කරන්නේ සංකීර්ණ ජීවන රටාවකි. අතීතයේ මෙන් සරල දිවිපෙවෙතක් ගත කිරීම අසීරු වී ඇති නමුත් දැනුවත්වීම හා උත්සාහය තුලින් යම් ප්‍රමාණයකට ‍හෝ ඉන් මිදීමට අපට හැකියාව ඇත. පිළිකා ඇති වීමට හේතුවු ප්‍රධාන කරුණු කිහිපය අතරින් ආහාර ප්‍රධාන තැනක් ගනී. මෙය පිළිකා පමණක් නොව බෝනොවන රෝග රැසක් ඇති වීමට ද හේතුවක් වී ඇත.

මීට හේතුවී ඇත්තේ අප අද වැරදි ආහාර රටාවකට යොමු වී තිබීමයි.අවිවේකී බවත් පහසුවත් නිසා අද බොහෝ දෙනා වෙළද පොලෙන් මිළදී ගන්නා පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට පෙළඹී ඇත. එම ආහාර වල ඇති රස කාරක, වර්ණ කාරක හා කල්තබා ගැනීම සදහා යොදනු ලබන රසායන ද්‍රව්‍ය ශරීරය තුල පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ගත්කල සොසේජස්, කෘතීම බීම වර්ග, මීට් බොල්ස්, ටින්කළ ආහාර, හැම්, බේකන්,රස කාරක පැකට් සහිත නුඩ්ල්ස් හා සෝයා මීට් ආදී සකස් කරන ලද ආහාර හා කෘමි නාශක හා වල් නාශක වැනි රසායන ද්‍රව්‍ය යොදා වගා කරන ලද පළතුරු එළවළු හා ධාන්‍ය වර්ගත් හැදින්විය හැක.

අනෙක් ප්‍රධාන හේතුන් වන්නේ දුම්කොළ හා දුම්වැටි භාවිතය, බුලත් කෑම හා මත්වතුර පානයයි. මේ නිසා බොහෝ විට මුඛ පිළිකා ඇතිවේ. දුම්වැටියෙන් පිටවන දුමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය 70 කට වැඩි ප්‍රමාණයක් අඩංගු බව පර්යේෂණවලින් තහවුරු කර ඇත. මුඛ පිළිකා නිසා දිනකට අප රටෙහි දෙදෙනෙකු මිය යන බව ඔබ දන්නවාද? එසේනම් ඉහත අවදානම් සාධක වලින් මිදීමෙන් පිළිකාවෙන් ඈත්වීමට හැකිවනු ඇත.

ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවන්හී රැකියාවල නිරතවුවන්, විකිරණවේදීන්, කෘෂි රසායනික ද්‍රව්‍යයන් සමඟ නිතර ගැටෙන පුද්ගලයින්ද පිළිකා රෝග වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි බව හඳුනා ගෙන ඇත. මෙම බාහිරින් ඇති වන්නාවු හේතුන් පමණක් නොව ජානමය හේතුන්ද පිළිකා ඇතිවීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකිය.

එපමණක් නොව විවිධ ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීමෙන්ද පිළිකා ඇතිවීමේ අවදානමක් පවති.මෙය බොහෝ විට රෝගියකු වෛද්‍ය නිර්දේශයන්ගෙන් බැහැරව තමාගේ අභිමතය පරිදි ඖෂධ ගැනීමෙන් ඇතිවිය හැක. එපමණක් නොව නොයෙකුත් වෛරස් ආසාදන, වැරදි ලිංගික චර්යා, පාරිසරික හේතුන් හා මානසික ආතතියද පිළිකා ඇති කිරීම කෙරේ බලපාන බව හඳුනා ගෙන ඇත.

2012 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව එම වසරේ අළුතින් පිළිකා රෝගීන් මිලියන 14.1 ක් ඇති බව හඳුනා ගෙන ඇති අතර එම වසර තුල මිලියන 8.2 ක මියගොස් ඇති බවද පෙන්වා දෙයි. මේ අනුව 2012 මුළු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 32.6 කි. මේ අනුව 2025 වසර වන විට අළුතින් රෝගීන් මිලියන 19.3 ක්ද ඇතිවනු ඇතැයිද එම වසරේ මිලියන 13.2 ක් පිළිකා නිසා මියයනු ඇතැයිද අනුමාන කෙරේ.

කයන්හි ලියාපදිංචි වී ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 19,309 ක් වන අතර එය 2014 වන විට 26,341 දක්වා වර්ධනය වී ඇත. මෙම තත්ත්වය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහරගම පිළිකා රෝහල පමණක් නොව නුවර,කරාපිටිය,අනුරාධපුර යාපනය, බදුල්ල, මඩකලපුව, රත්නපුර හා කුරුණෑගල යන පළාත්රෝහල් වලද පිළිකා මර්ධන ඒකක ස්ථාපිත කර ඇත.

පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීම සඳහා සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වන හෙයින් ඒ පිළිබදව මෙසේ දැනුවත් කරමි.general dentistry කල් අල්ලා පවතින කැස්ස, කටහඩ ‍වෙනස් වීම, සුව ‍නොවන තුවාලයක් ගැටයක්, ලපයක් ‍හෝ ඉන්නකු‍ගේ හදිසි ‍වෙනස් වීමක් ‍හෝ සීඝ්‍ර වර්ධනයක්, පියයුරු ‍‍හෝ අන් තැනක ගැටයක් ,ඝනවීමක්, කල් අල්ලා පවතින අජීර්ණය, දිගටම පවතින උණ, ‍ලේ හිඟකම හා ශරීර‍යේ බර අඩුවීම, මලපහ සමඟ ලේ පිටවීම වැනි ලක්ෂණ හෝ ශරීරයේ දිගටම පවතින යම් වෙනසක් ඇතිනම් වහාම ‍වෛද්‍යවර‍යෙකු ‍වෙත ‍ගොස් උප‍දෙස් ලබා ගන්න.මෙහිදී කරණු ලබන විශේෂ පර්යේෂණ මගින් පිළිකාවක්දැයි හඳුනා ගැනීමට හැකි වනු ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝග සදහා ශල්‍ය ,පිළිකා නාශක ඖෂධ විකිරණ හා හෝමෝන යන ප්‍රතිකාර විධි සියල්ලක්ම අනුගමනය කෙරේ. පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී පිළිකාවේ වර්ගය, ඒ වන විට පිළිකාව පවතින තත්ත්වය වයස හා ප්‍රතිකාර වලට දක්වන සංවේදීතාවය ආදි කරුණු සැලකිල්ලට ගනී.

දේශීය වෙදකමට අනුව පිළිකාව අර්බුදයක් ලෙස හඳුන්වයි.‍‍ මුලින්ම හඳුනා ගැනීමෙන් අර්බුදයක් සහමුලින්ම ඉවත් කළ හැකිය. ශල්‍ය, ශස්ත්‍ර,ක්ෂාර. අග්නි හා ඖෂධ මගින් අර්බුදය සමුලඝාතනය කිරීමටත් එසේ නොවුනහොත් එය නැවත නැවත වැඩෙන බවත් විෂ හා අග්නිය මෙන් රෝගියා නසන බවත් “භෛජ්‍ය රත්නාවලී” නැමති වෛද්‍ය ග්‍රන්ථයෙහි සඳහන් වේ.

නමුත් වර්තමානයේ දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ප්‍රතිකාර සදහා බොහෝ විට ශාක ඖෂධ භාවිතා කරනු ලබයි.ශාක ඖෂධ විෂපළක 3 රහිත වන අතර අතුරු ආබාධ නොමැති බැවින් ප්‍රවේශම් සහිතව දීර්ඝ කාලයක් ලබා දිය හැකිය. මෙම ශාක ඖෂධ විවිධ ආකාරයෙන් ක්‍රියාකර පිළිකා නැසීමට සහාය වේ. එනම් පිළිකා ඇතිකරන රසායන ආදියෙහි විෂ නැසීම වැඩි කිරීම, ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව, අර්බුද අඩුකරන ප්‍රෝටීන් නිපදවීම, ඩී.එන්.ඒ.ක්‍රියා සමතුලිත කිරීම, සෛලයන් අතර සම්බන්ධතාවය ප්‍රකෘතිමත් කිරීම, ස්ථානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම, ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම සිදු කෙරේ.

අප එදිනෙදා ගන්නා බොහෝ ආහාරයන්ද මේ සඳහා වු ඖෂධ ලෙස ක්‍රියා කරයි .විවිධ වර්ණ සහිත ආහාර එනම් කැරට්, තක්කාලි, බීට් , වැනි එළවළු වර්ග වලද ගොටු කොළ, සාරණ, සලාද, රතු වියලි මිරිස් මෙන්ම සුදුරු ,මාදුරු, උළු හාල්,කහ,එනසාල් කරාබු නැටි ,කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ග වලද පිළිකා නාශක ගුණ අඩංගු වේ. ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා හාතාවාරිය වැනි ඖෂධීය පානයන් පිළිකා නාශක ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන ගුණයෙන් ද යුක්තය.

දෙහි, දොඩම්, නාරං, බෙලි, කටු අනෝදා, මුද්දරප්පලම්, වැනි පලතුරු වර්ගද කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය. එහෙයින් වස විස නැති මෙවැනි ආහාර රටාවකට හුරු වීම තුලින් පිළිකා වැළදීමේ අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍ය ක්‍රමය හැරුන විට වෙනත් රටවල වෛද්‍ය ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට යම් යම් සහන සලසයි. චීන කටු චිකිත්සාව මින් එක් ක්‍රමයකි. චීන කටු චිකිත්සාව මගින් පිළිකා රෝගීන්ගේ දැඩි වේදනාව ඖෂධ වලින් තොරව පාලනය කළ හැක.

ස්වභාවික වෛද්‍ය විද්‍යා හෙවත් නැචුරොපති ක්‍රමය ස්වභාවික ඖෂධ ජලධාරා ප්‍රතිකාර , ව්‍යායාම හා චිත්ත සමාධි ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට සහන සැලසිය හැකි අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද පිළිකා නාශක ඖෂධ රැසක් හදුන්වා දී ඇත.

ශාක ඖෂධවල ඇති පිළිකා වලට එරෙහි ප්‍රතිශක්ති වර්ධන ගුණය හේතුකොට ගෙන පිළිකා රෝගය සුව වීමටත් වේදනාවෙන් සහ වෙනත් අපහසුතාවයන් ගෙන් තොර සුව පහසු දීර්ඝ ජීවිතයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා ඔබට සහාය වීමට නාවින්න ආයුර්වේද පළක5පර්යේෂණායතනයේ පිළිකා සායන සෑම අගහරුවාදා හා බදාදා දිනකම ප.ව.2.00 – ප.ව.4.00 දක්වා විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

ප්‍රතිකාර වලින් පසු නිවෙස් වෙත යන රෝගියා රැක බලා ගැනීම පවුලේත් සමාජයේත් වගකීමයි. මෙහිදී රෝගය ජය ගැනීම සඳහා රෝගය වැළදුන අය හා ඔවුන් රැකබලා ගන්නන් මානසික ස්ථාවර භාවය සහ ධනාත්මක සිතිවිලි ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර වලට අමතරව ඔවුන්ගේ සුව සහනය එනම් ඔවුන්ගේ මානසික සහනය සදහා අවශ්‍ය දැ ලබා දීම ,පෝෂණය හා ශාරිරික ගැටළු අවම කර ගැනීමට සහාය විම තුලින් සුවවීම ඉක්මන් කළ හැක. එමෙන්ම ප්‍රතිකාර කිරීමේදී පැන නගින ආර්ථික ගැටළු විසදා ගැනීමට සමාජයේ සහාය ලබා දීම වැදගත් වන අතර රජයෙන් ලබා දෙන සහනාධාරද මීට එක්කර ගැනීම තුලින් යම් ප්‍රමාණයකින් මෙම ආර්ථික ගැටළු වලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

පිළිකා රෝගීන්ගේ ආර්ථික ගැටළු වලට සහාය ලබාදීම සදහා ඔවුන් වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යංශය හා පළාත් සමාජ සේවා අමාත්‍යංශ මගින් ආධාර ලබා දෙන අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සමාජ සේවා නිලධාරීන් හරහා මේ සඳහා අයදුම් කළ හැක. ඊට අමතරව ශ්‍රී ලංකා පිළිකා සංගමය ( 0112585879 ) ,පිළිකා සරණ සංගමය (0113155229 ) ඇතුළු සහන සත්කාර ස්වේච්ජා ආයතන රාශියක් ඔවුන්ට සහාය වීමට සුදානමින් සිටිති.

නමුත් අප කළ යුත්තේ නිරෝගී ජිවන රටාවක් තුලින් පිළිකා ඇතිවීම වළක්වා ගැනීමත් නැතහොත් එය කලින්ම හඳුනා ගැනීමට කටයුතු කිරිමත්ය. එමෙන්ම වස විස නැති ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමයි.මේ තුළින් පිළිකා රෝගය අප රටින් තුරන් කිරීමට හැකිවනු ඇත.

ජාතික පිළිකා මර්ධන වැඩ සටහනෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු , වෛද්‍ය ‍සුරාජ් පෙරේරා හා නාවින්න ආයුර්වේද රෝහලෙහි වෛද්‍ය ස්වර්ණා කලුතොටගේ යන මහත්ම මහත්මීන් සමඟ කරන ලද සාකච්ජාවක් ඇසුරින් සකස් කළේ

(අමිතා ප්‍රසන්ති)

රොබට් නොක්ස් සහ ගංජා...මේ දවස්වල 🕶️ සමුළුවත් එක්ක රොබට් නොක්ස් ගැන කතා ආයෙ උඩට ඇදිලා තියන නිසා මීටකලින් මම පලකරපු රොබට් ...
23/02/2026

රොබට් නොක්ස් සහ ගංජා...

මේ දවස්වල 🕶️ සමුළුවත් එක්ක රොබට් නොක්ස් ගැන කතා ආයෙ උඩට ඇදිලා තියන නිසා මීටකලින් මම පලකරපු රොබට් නොක්ස් ගැන අප්‍රකට කතාවක් ආයෙ පලකරන්න හිතුණා.මේ බටහිරට ගංජා ගෙනියන්න රොබට් නොක්ස් දුන්න දායකත්වය ගැන කතාවක්.
...................................................


රොබට් හුක් කියන්නේ 17 වෙනි සියවසේ හිටපු එංගලන්තයේ ලියනාඩෝ ඩාවින්චි කියලා හඳුන්වන විදිහේ බහුශ්‍රැතයෙක්. ඒත් ලියනාඩෝ ඩාවින්චි තරම්ම අති දක්ෂයෙක් වුණු හුක් ගැන අපි එච්චර කතානොකිරීම හරි අපරාධයක්.ඔහු එක විෂයපථයකට සීමා නොවී බහුවිධ විෂයන්ගේ පරතෙරට ගිය කෙනෙක්.

බයෝ කරපු උදවියනම් රොබට් හුක් නම දන්නවා cell කියන වචනය මුලින්ම හඳුන්වාදුන්,සෛලය මුලින්ම අධ්‍යනය කරපු කෙනා විදිහට.ඒත් එතනින් එහාට කීවොත් හුක් තමා ආලෝකයේ තරංග ස්වභාවය ගැන මුල් උපකල්පන දෙන්නේ,තාපය හමුවේ වස්තු ප්‍රසාරණය ගැන මුල් කල්පිත දෙන්නේ,නිව්ටන් ට ගරුත්ව සිද්ධාන්ත ගොඩනගන්න සහය වෙන ප්‍රතිලෝම වර්ග නියම හොයාගන්නේ හුක්.ශ්වසන ආධාර යන්ත්‍රයේ මූලාකෘතිය නොක්ස්ගේ,කඳු බිහිවෙන්නේ භූ විපර්‍යාස මත බව මුලින් කියන්නේ හුක්,ෆොසිල අධ්‍යයනයෙන් ජීවි පරිණාමය ගැන අදහස් දක්වන මුල්ම කෙනෙක් ඛුක්,අයිරිස් සටහන,දුනු තරාදිය වගේම universal joint එක හොයාගන්නේ හුක්.ඒ තුළින් අගහරු සහ බ්‍රහස්පතිගේ චලන අධ්‍යයනය කරන්න දුරේක්ෂ වැඩිදියුණු කරගන්න හුක්ට පුලුවන් වෙනවා.කොටින්ම ලන්ඩන් ගින්නෙන් විනාශ වුණු ගොඩනැගිලි ඉදිකරන්න ලොකුම සහයක් දෙන්නේ හුක්.

ඒවගේම එංගලන්තයේ ගංජාවල ඖෂධීය ගුණ මුල්ම සංවාදය ඇතිකරන්නේ හුක්.හුක්ට ඒකට උදව් වෙන්නේ අපේ රොබට් නොක්ස්.

කතාව ලොකුවට කියලා මේක පත හෑල්ලක් කරන්න මට බලාපොරොත්තුවක් නෑ.ඒනිසා සරලව කීවොත් රොබට් නොක්ස්ට කොෆිහවුස් එකකදී හමුවෙන අහඹු මිත්‍රයෙක් තමා අපේ මේ රොබට් හුක්. නොක්ස්ගේ ලංකාවේ අත්දැකීම් අතරේ තමන් පලායන්නෙක් විදිහට වෙරළබඩට යන ගමනේදි අපවිත්‍ර ජලය පානය කරන්න වීම එක්ක ආපු සංකූලතා වලින් හොඳ වෙන්න යොදාගන්න විශේෂ ඖෂධයක් ගැන විස්තර කියනවා.කුඩුකරපු පත්‍ර සාරයක් විදිහට මේ ශාකය හකුරු එක්ක කලවම් කරලා සප්පායම් වෙලා ලෙඩ හොදකරගන්න නොක්ස් මේ ප්‍රතිවිෂට (ඔහු මේ ශාකය හඳුන්වන්නේම ප්‍රතිවිෂක් -counter poyson නමින්) ටිකක් ඇබ්බැහි වෙලා එංගලන්තයටත් ටිකක් අරන් එන්න වගේම දකුණු ආසියානු කලාපයෙන් ශාක පත්‍ර සහ ඇට ගෙන්නගන්නත් කටයුතු කරනවා.මේ වෙන මොනවත් නෙවේ.Cannabis indica.ගංජා.

නොක්ස් තමන් ගංජා කුඩු සප්පායම් වීමෙන් අත්වින්ද අතුරුඵල විස්තර කරමින් ට්‍රයිකරලා බලන්න ගංජා සාම්පල් ටිකක් හුක්ටත් දෙනවා.හුක් මේවා පරික්ෂා කරලා එවකට ඔහු රාජකීය සංගමයේ සභාපති විදිහට රාජකීය ආසියා සංගමයට ගංජාවල ඖෂධීය හැකියාවන් ගැන,මානසික රෝග සඳහා භාවිතයට ගත හැකි විභවය ගැන දේශනයක් කරනවා.ඔහු ගංජා නම් කරන්නේ wholesome ඖෂධයක් විදිහට. කුඩුකරලා ගුලිකරලා හපලා ගිලදැමීමෙන් මේ ඖෂධය ලබාගත හැකි බවත් ඉන්පස්සේ භාවිතකරන්නන්ට කරන දේ මතක නොතිබුණත් ඔවුන් සතුටින් නටමින් ගයමින් සිටින බවත් ඔහු කියනවා.ඒවගේම ටික වෙලාවකින් දැඩි නිදිමතක් එක්ක තද නින්දකට වැටෙන බවත් ඉන්පස්සේ නැගිට්ටාම හොඳට refresh පිට හොඳ බඩගින්නකින් නැගිටින්න පුලුවන් බවත් ඔහු පසුව සඳහන් කරලා තියෙනවා.

හුක්ගේ මේ ගංජා ඖෂධීය ගුණ සහිතව එංගලන්ත සමාජයට ගේන්න දරන උත්සාහය හැබැයි සාර්ථක වෙන්නෑ.රාජකීය සංගමය ඔහුගේ ගංජා සොයාගැනීම් නොසලකා හරිනවා. ගංජාවල ඖෂධීය ගුණය හුක්ගෙන් පස්සේ ආයෙ එංගලන්තයේදී තහවුරු කරගන්න සමත් වෙන්නේ 1830 ගණන් තරම් ගෙන පසුකාලීනව.හේතුව විදිහට සමහරු දක්වන්නෙ නිව්ටන්ගේ මැදිහත්වීම්.මොකද ඔය කාලයේ ගුරුත්ව සොයාගැනීම් සම්බන්ධව හුක් සහ නිව්ටන් අතර විරසකයක් තිබුණා ගුරුත්ව සංකල්පයේ මුල් ගණිත අදහස්වල අයිතිකාරයා හුක් වීම නිසාම. බ්‍රිතාන්‍ය සමකාලීන විද්වතුන් හුක් හරි හොඳ සන්සුන් පරාර්ථකාමියෙක් විදිහට දක්වනකොට නිව්ටන්ගේ පැත්තෙන් ලියවෙන චරිතාපදානවල හුක් කියන්නේ ආත්මාර්ථකාමී දුෂ්ටයෙක්.

කොහොමහරි ඉතින් රොබට් නොක්ස් සහ රොබට් හුක්ගේ මිතුදම තව ඉදිරියට පවත්වාගනිමින් රොබට් නොක්ස්ගේ
A Historical Relation of the Island Ceylon නොහොත් අපි දන්න එදා හෙලදිව පොතේ පූර්විකාව ලියන්නේ රොබට් හුක්. ඒවගේම නොක්ස්ගේ මේ පොත තමා ඉංග්‍රීසියෙන් ලංකාව ගැන ලියවෙන මුල්ම විස්තරාත්මක පොත. නොක්ස් තමා ඉංග්‍රීසි වචනවලින් ලියවෙන පොතක සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන පළමුවැන්නා.ඒවගේම ඔහු රොබට් නොක්ස් එක්ක එකතුවෙලා සිංහල ඉංග්‍රීසි පදමාලාවකුත් ගොඩනඟනවා පොතට ඇතුළත් කරන්න.

Kavitha

ප.ලි- එදා හෙළදිව පොතේ දෙවෙනි රාජසිංහට එරෙහිව පැනනැගෙන ඓතිහාසික නිල්ලඹ කැරැල්ල ගැන සටහන තුළ තියෙනවානේ කැරැල්ල ඇතිවෙන්න පොළඹපු වල්ගාතරුවක් ගැන.මේ මහනුවර අහසේ දර්ශනය වුණා කියලා සැලකෙන්නේ සමකාලීන ලෝකයේ කීපතැනකම දර්ශනය වූ Comet C/1664 වල්ගාතරුව.මේ වල්ගාව නිරීක්ෂණය කළ තැනැත්තන් අතර දින පහක් පමණ කේම්බ්‍රිජයේ ට්‍රිනිටි විද්‍යාලයේ ඉඳන් මෙය නිරීක්ෂණය කරපු තරුණ අයිසැක් නිව්ටන් පවා ඉන්නවා.නිව්ටන්ගේ තාරකා විද්‍යාව පිළිබඳව ස්වයංඅධ්‍යයන්ට අඩිතාලම වැටෙන්නෙ මේ වල්ගාතරුවෙනුයි...


නිල්ලඹ කැරැල්ල සහ වල්ගාව ගැන මම ලියපු සවිස්තර හෑල්ලක්
https://www.facebook.com/share/p/1DbGZEudmH/

රොබට් හුක්, නොක්ස් සහ ගංජා ගැන සවිස්තර සටහනක් public domain review එකෙන්.
https://publicdomainreview.org/essay/how-the-english-found-cannabis/

💚
02/02/2026

💚

❤ රොසෙල්ලා
02/02/2026

❤ රොසෙල්ලා

02/02/2026

02/02/2026

I got over 150 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

බොන්සායි කලාවමොකක්ද.... මේ Clip & Grow කියන්නේ....?               බොහෝ දෙනෙක් බොන්සායි කලාව කිවූ සැණින් සිතන්නේ කම්බි දම...
24/01/2026

බොන්සායි කලාව

මොකක්ද.... මේ Clip & Grow කියන්නේ....?

බොහෝ දෙනෙක් බොන්සායි කලාව කිවූ සැණින් සිතන්නේ කම්බි දමා අතු හැඩ කිරීම (Wiring) ගැනයි. නමුත්, ලෝකයේ පැරණිතම සහ ස්වභාවිකම ක්‍රමය වන්නේ Clip & Grow තාක්ෂණයයි. මෙහිදී අප කරන්නේ ගසක වර්ධනයට බාධා නොකර, එහි හෝමෝන හැසිරීම සහ ජීව විද්‍යාව හඳුනාගෙන, කාලයත් සමඟ ගස නිර්මාණය කිරීමයි.

1. Clip & Grow කියන්නේ?
සරලවම කිවහොත්, අත්තක් නිශ්චිත දිගකට වැඩෙන්නට හැර, පසුව එය උපායමාර්ගිකව කපා ඉවත් කර, එතැනින් ලැබෙන නව අංකුර මගින් ගසේ දිශාව වෙනස් කිරීමයි. කම්බි මගින් ලැබෙන "සිනිඳු වංගු" වෙනුවට, මේ ක්‍රමයෙන් ලැබෙන්නේ ස්වභාවික ගසක දැකිය හැකි "කෝණික සහ හැඩතිල වංගු" (Angular Changes) වේ.

2. මෙහි ඇති "ගැඹුරු විද්‍යාව" හා හෝමෝන කළමනාකරණය
ගසක අග්‍රස්ථයේ (Apex) ඇති Auxin නම් හෝමෝනය මගින් අනෙකුත් අතු වර්ධනය වීම පාලනය කරයි. අප අග්‍රස්ථය කපන විට (Clip), එම පාලනය ඉවත් වී Cytokinins හෝමෝනය සක්‍රීය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස:

නිද්‍රාශීලී අංකුර (Dormant Buds) අවදි වේ.
අතු බෙදීම (Ramification) ඝන වේ.
පත්‍ර කුඩා වීම ක්‍රමයෙන් සිදු වේ.

3. "The 1/3 Rule" සහ කඳේ ක්‍රමික සිහින් වීම (Taper)
බොන්සායි ගසක වටිනාකම තීරණය වන්නේ එහි කඳ පාමුල සිට ඉහළට යද්දී ක්‍රමයෙන් සිහින් වන ආකාරය (Tapering) මතයි.
Clip & Grow හිදී අප මෙය කරන්නේ මෙහෙමයි:

ප්‍රධාන කඳ අඟල් 3ක් මහත නම්,
එය කපා ඉවත් කරන්නේ ඉන් ඉහළට විහිදෙන නව අත්ත අඟල් 1ක් (1/3ක්) මහත් වූ පසුවයි.

මෙලෙස වසර කිහිපයක් තිස්සේ කපා නැවත වර්ධනය කිරීමෙන්, ගසට වසර සිය ගණනක් පැරණි පෙනුමක් ලබා දිය හැකියි.

4. නුග (Ficus) වැනි ශාක සඳහා මෙය වඩාත් ගැලපෙන්නේ ඇයි?
නුග ගසේ ඇති "යුෂ පීඩනය" සහ වේගවත් වර්ධනය නිසා, කප්පාදු කරන තුවාල ඉතා ඉක්මනින් වැසී යයි..
(Callus formation). එමෙන්ම නුග ගසේ පත්‍ර පිහිටන රටාව අනුව, අපට අවශ්‍ය ඕනෑම දිශාවකට ගස මෙහෙයවීමේ හැකියාව ඉතා වැඩියි.

5. ඉවසීම සහ දර්ශනය
කම්බි එතූ ගසක් මාස කිහිපයකින් හැඩය ගත්තත්, සාර්ථක Clip & Grow නිර්මාණයක් සඳහා වසර 5-10ක් ගතවිය හැකියි. මෙය Wabi-Sabi හෙවත් "අසම්පූර්ණත්වයේ ඇති සුන්දරත්වය" සොයා යන ගමනකි. සොබාදහමේදී ගසකට අකුණු ගැසීමක් හෝ අත්තක් කැඩීමක් සිදු වූ විට ඇතිවන සැබෑ හැඩය මෙයින් නිරූපණය වේ.

"බොන්සායි කියන්නේ හුදෙක් ගසක් හැඩ කිරීමක් නෙවෙයි; එය සොබාදහමේ භාෂාව තේරුම් ගැනීමක්."

ඔබේ නිර්මාණ සඳහාත් කම්බිවලින් ඔබ්බට ගිය මේ සාම්ප්‍රදායික Clip & Grow තාක්ෂණය අත්හදා බලන්න.

උපුටාගැනීම

!
21/01/2026

!

Address

Romiyal Mawatha
Panagoda

Telephone

0719399899

Website

Alerts

Be the first to know and let us send you an email when Rukkho රුක්ඛෝ-උයන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share