DetoxAyu Medical Center

DetoxAyu Medical Center Your Health is Your Choice!

We're focus to protect the order of a healthy person and cure the disease of a sick person by utilizing the successful principles of Ayurveda & Indigenous Medicine.

🌿 Exciting News from Detoxayu Medical Center! 🌿We’re expanding our services as Detoxayu Wellness — Wellness Rooted in An...
04/11/2025

🌿 Exciting News from Detoxayu Medical Center! 🌿

We’re expanding our services as Detoxayu Wellness — Wellness Rooted in Ancient Wisdom. ✨

Our brand-new website is now live!
Now you can easily reserve and book your appointments online for Ayurveda consultations, wellness therapies, yoga sessions, and more — all from the comfort of your home

🖥️ Visit us today: detoxayu.lk

Let’s continue this journey of healing, balance, and rejuvenation together with Detoxayu Wellness 💚

At DetoxAyu Wellness , we are dedicated to protecting the well-being of healthy individuals and restoring balance in those affected by illness. Our approach combines the time-tested principles of Ayurveda and Indigenous Medicine to promote holistic healing and long-term wellness.

26/09/2025

චිකන් ගුන්‍යා රෝගය ගැන දැනුවත් වෙමු ❌👇🏻👇🏻

ඔබ සැමට නිරොගි සම්පත්තිය,දිර්ඝායුෂ පිරි නව වසරක් වේවා 🙏🏻
14/04/2025

ඔබ සැමට නිරොගි සම්පත්තිය,දිර්ඝායුෂ පිරි නව වසරක් වේවා 🙏🏻

08/02/2025

විලුඹේ වේදනාවට ආයුර්වේද විසදුමක් ☘️🌱

Dushantha Prasad

05/02/2025

⚠️️⚠️️මේ දිනවල අවධානයෙන් සිටින්න..මොනවද අපි කරන්න ඔනි දැනගන්න අහන්න.☘️💫

New year, new beginnings, and a renewed commitment to wellness! 🌿 Step into 2025 with Detoxayu ; your partner in health,...
31/12/2024

New year, new beginnings, and a renewed commitment to wellness! 🌿
Step into 2025 with Detoxayu ; your partner in health, balance, and vitality. Here’s to a year of healing and harmony! 🌱💚

Used (one day) Dyna medium size hinged knee brace available in our medical center.මෙය අත්‍යාවශ්‍ය කෙනෙක් සදහා නොමිලේ ලබා...
15/09/2024

Used (one day) Dyna medium size hinged knee brace available in our medical center.
මෙය අත්‍යාවශ්‍ය කෙනෙක් සදහා නොමිලේ ලබාදීමට ඇත.
අමතන්න - 0714771929

අද 4/03/2024 ලෝක තරබාරු දිනය.World Obesity Day ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40% තරබාරු(obesity) වලින් පෙලෙන බව දත්ත වාර්...
05/03/2024

අද 4/03/2024
ලෝක තරබාරු දිනය.World Obesity Day
ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40% තරබාරු(obesity) වලින් පෙලෙන බව දත්ත වාර්තා දක්වන අතරෙ ඔබත් ඒ අතරින් අයෙක් විය හැකිය.
🚫🙎හිතන්න
🖊️දැනට පවතින බෝ නොවන රෝග වැඩි ගනනකට ප්‍රධාන හේතුව අධිතරබාරුවයි
🖊️රෝග ගනනාවක මුල ආරම්බය තරබාරුවයි.
⚠️️මෙය දැන ගන්නෙ කෙසේද??
⚠️️මෙයින් මිදිය හැකිද??
📑📑මේ ප්‍රශ්න වලට පිලිතුරු ලෙස පහල ලිපිය දක්වමි.

බර වැඩි නම් බර අඩු කරගෙන විතරක් හරි යන්නෙ නෑ..මහත් වෙලා..ලෙඩවෙලා ඉන්න කැමති කවුද?? එහෙම ඉන්න කවුරුත් කැමති නෑ...ඒක නින්දාවට මානසික වදයකට කරුනක් නිසාම අයුර්වේදයෙ මෙය අශ්ට නින්දිත පුරුෂ (නින්දාවට ලක්වන පුරුශ්‍යන් 8 දෙනා) යටතේ දක්වා තිබිමෙන් මෙය හොදින් පැහැදිලි වේ.සප්ත ධාතු යටතේ එන මේදෝ ධාතුව වෘද්ධි වීමක් මෙහිදී සිදු වේ. මේදො වෘද්ධි නැතහොත් අති ස්ථෞල්‍ය යන නමින් මෙම තරබාරුව ආයුර්වේදයේ සදහන් වේ.

වර්තමානයේ ගොඩක් දෙනෙක් කරන පැමිනිල්ලක්නෙ මම මහත් වෙනවා කියන එක.

❓.කොහොමද මේක වෙන්නෙ අපි කොහොමද මේක වලක්වා ගන්නෙ??

වර්තමානයේ මෙම තත්වය නිර්ණයට BMI අගය භාවිතා කලත් අතීතයේ ඒ වෙනුවට පහත ලක්ශන වලින් තරබාරු බව කියන රෝග තත්වය හදුනාගෙන තිබේ.
❓ රෝගය හදුනාගන්නෙ කෙසෙද??
✔️ශරීරයේ තෙල් බේරීම
✔️උදරය හා පාර්ශව ( දෑලවර ) වෘද්ධිය
✔️කාස(කැස්ස)
✔️ස්වාස ( හුස්ම ගැනීමේ අපහසුව)
✔️ස්ථෞල්‍ය
✔️ශක්තිය අඩු වීම
✔️දහඩිය අධික දුගධකින් යුක්ත වීම

❓අති ස්ථෞල්‍ය ට හේතු මොනවාද??

✔️සෙම කෝප කරවන ආහාර (ශීත ,ස්නිග්ධ)
✔️මධුර ආහාර (පැණි රස )

✔️ආහාර අධිකව ගැනීම
✔️බර ආහාර එනම් දිරවීමට අපහසු ආහාර නිතර ගැනීම

⚠️️මෙන්න මේව ස්නේහ නැත්තම් තෙල් බවට පරිවර්තනය වෙලා ශරීරයේ තැන්පත් වෙනවා.

✔️ව්‍යායාම මද වීම
✔️දිවා නින්ද

✔️නිතරම සතුටින් සිටීම එනම් හිතන්නට දෙයක් නැති වීමත් තරබාරු වීමට හේතු වන බවයි ආචාර්යවරුන් පවසන්නේ.

මේ කාරනා දිගු කාලයක් සේවනය කලාම අති ස්ථෞල්‍ය බවට පත් වෙනවා.

✨️අපේ ශරීරයේ සියුම් නාලිකා තියනවා ඒවා ස්‍රෝතස් කියල හදුන්වන්නේ.ඉතිම් මේ සියුම් නාල මේදය නැත්තම් fat වලින් ආවරණය වෙලා ධාතු පෝෂණයට බාධා ඇති වීමට මෙම රෝගය හේතුවක් වෙනවා

✨️එතකොට ශරීරයේ වාත දෝශය කෝපතාවයට පත් වෙලා අග්නිය නැත්තම් අපට බඩගින්න ඇති වීම වැඩි කිරීම ,ආහාර ගැනීමේ උවමනාව වැඩි වීම වගේ දේවල් වෙන නිසා ආහාර පාලනය සම්පූර්ණයෙන්ම අපේ ග්‍රහනයෙන් මිදෙනවා.
✨️ස්ථූල රෝගීන්ට අනෙක් අයට වඩා අනෙකුත් රෝග (බෝ නොවන රෝග) වැලදීමේ ප්‍රවණතාවයද වැඩියි.🛑

🏥මේ අයට ප්‍රතිකාර කිරීමේදී වාත දෝශය කෝප නොවන ලෙස ප්‍රතිකාර කල යුතුයි.

🚑යම් තරමකට අපහසු උවත් රෝගියාගේ සහයෝගයෙන් ඔහුට මේ තත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාව තියනවා.

❓රැස් වූ මේදය ඉවත් කර ගන්නෙ කොහොමද??

🍃රූක්ශ උෂ්ණ තීක්ෂ්න ද්‍රව්‍ය වලින් වස්ති කර්ම
🍃රූක්ශ ද්‍රව්‍ය මගින් උද්වර්තනය (බාහිර ආලේප)
🍃රසකිද,දේවදාර,කලාදුරු අල,ත්‍රිපලා
🍃තක්‍රාරිශ්ට
🍃අවු.10ක් පමන පැරනි මී පැණි පරිභෝජනය
🍃හීංමිදි මුල් යුෂ පරිභෝජනය ( හෘද රෝග වලටත් ඉතා ගුනදායකයි)
හෘද කිරීටක ධමනි වල තැන්පත් වී ඇති මේදය ඉවත් කරයි
🍃බාර්ලි
🍃කසකසා ඇට (ශ්‍රී ලංකා,ඉන්දියන්)
🍃කොල්ලු
🍃කලුදුරු
🍃ගොරකා

🛑මීට අමතරව ,
🍃නස්‍ය කර්ම
🍃රක්ත මෝක්ශනය
🍃විරේචන

🏥රෝගියාගේ රෝග තත්වය මෙන්ම ‍රෝගියගේ අනෙකුත් රෝග තත්ව (උදා: දියවැඩියාව )
පිලිබඳවද සලකමින් අදාල රෝගියාට අනුව ප්‍රතිකාරය සිදු කල යුතුයි.

🏥ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට ඔබට හැකියාව තියනවා.

🚑ප්‍රතිකාර සදහා යොමු වීමට අවශ්‍ය අයට මෙම page එක හරහා අප හා සම්බන්ද විය හැක.

සටහන ✍️
Dr.P.M.D.Prasad
BAMS (Hons)UOC




👉මෙවන් වටිනා තොරතුරු දැන ගන්න අපගේ face book පිටුවට පහත link එකෙන් like 👍 එකක් දාල යාලුවන්ටත් බලන්න share කරන්න.

https://www.facebook.com/detoxayu.org

පෙර ලිපි👇👇

https://m.facebook.com/story.php?story_fbid=149880950897827&id=100076277674638

පොතු කබර/කිටිභ/Psoriasis 🖌️සති  3ක ආයුර්වෙද ප්‍රතිකාරයෙන් පසු රෝගියා සුව අතට පත් වෙමින් පවති. 🖊️මෙම රෝගි තත්වය නිවැරදි ආ...
24/02/2024

පොතු කබර/කිටිභ/Psoriasis

🖌️සති 3ක ආයුර්වෙද ප්‍රතිකාරයෙන් පසු රෝගියා සුව අතට පත් වෙමින් පවති.

🖊️මෙම රෝගි තත්වය නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම හා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් සම්පූර්ණයෛන් අතුරු ආබාධ රහිතව සුව කරගත හැක.

Dr P.M.D.Prasad
BAMS (Hons)
University of Colombo
📞0714771929

⏲️2024 පෙබරවාරි මාසයෙ සිට  වෛද්‍ය මද්‍යස්ථානයේ ප්‍රතිකාර කරන වේලාවන් ⏲️පහත පරිදි වේ.✔️සදුදා උදෑසන හැර සෑම සතියේ දිනකම උද...
07/02/2024

⏲️2024 පෙබරවාරි මාසයෙ සිට වෛද්‍ය මද්‍යස්ථානයේ ප්‍රතිකාර කරන වේලාවන් ⏲️පහත පරිදි වේ.
✔️සදුදා උදෑසන හැර සෑම සතියේ දිනකම උදෑසන හා සවස් කාලයේ ප්‍රතිකාර කරනු ලැබේ.

❌පොහොය දින වසා ඇත.

✔️මේ සෑම දිනකම ප්‍රතිකාර කිරිම ප්‍රධාන වෛද්‍ය P.M.D.ප්‍රසාද් මහතා විසින් සිදු කරයි.

කලින් වේලාවක් වෙන් කර ගැනීමට අමතන්න.
☎️ 0714771929

Happy new year 2024 💫We can’t thank you enough for all the support you showed us this year. May the upcoming year be fil...
31/12/2023

Happy new year 2024 💫
We can’t thank you enough for all the support you showed us this year. May the upcoming year be filled with Success and Health!

Medical Center


Your health is Your choice 🍃®️

https://youtu.be/JNhlBZnIrT8?si=ZMRHrRMZ5rTN5SIh
18/10/2023

https://youtu.be/JNhlBZnIrT8?si=ZMRHrRMZ5rTN5SIh

ඉරුවාරදය රෝගය ගැන ඔබ දැනුවත්ද?සුව කරගන්න ආකාරය | Dushantha Prasad | Adaraneeya Jeewithaya | 03 - 10 - 2023The First and the Only 4K ULTRA HD Television chan...

Address

85/B , Polwatta Road
Pannipitiya
12030

Opening Hours

Monday 09:00 - 12:00
14:00 - 22:00
Tuesday 09:00 - 12:00
14:00 - 22:00
Wednesday 09:00 - 12:00
14:00 - 22:00
Thursday 09:00 - 12:00
14:00 - 22:00
Friday 09:00 - 12:00
14:00 - 22:00
Saturday 09:00 - 12:00
14:00 - 22:00
Sunday 09:00 - 12:00
14:00 - 22:00

Telephone

+94768428418

Alerts

Be the first to know and let us send you an email when DetoxAyu Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to DetoxAyu Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category