17/09/2025
කායික රෝග මානසික රෝග හා විශ්වයේ ඇති ශක්තින්ගේ බලපෑම...🧘🏼
* මිනිසා * ස්වභාව ධර්මයේ අසිරිමත් නිර්මාණයකි.විශ්වයේම එක් අංශුවක් වන මිනිසාගේ කායික රෝග සහ මානසික රෝග කෙරෙහි විශ්වයේ පවතින ශක්තියද බලපෑම් ඇති කරයි.ඉර හද ග්‍රහලෝක තාරකා වාතය මගින් එල්ල වන ශක්තියද මේ මිනිස් අංශුවේ පැවැත්ම කෙරෙහි වගකියනු ලබයි.🌞🌛⭐💨
විශ්වයේ පවතින ශක්තින් ලෙස
🌝සදෙහි ගුණය විසර්ග ( ඇද ගැනීමේ ශක්තිය),
🌞සූර්යයාගේ ගුණය ආදාන ( පිලිස්සීමේ ශක්තිය),
💨වාතයේ ගුණය වික්ශේප ( විසුරුවා හැරීමේ ශක්තිය ) පවතී.
සූර්යයා විසින් පිත ගුණයට බලපෑම් ඇති කරන අතර සදු විසින් සෙම ගුණයට බලපෑම් ඇති කරයි. සුළගින් වාත ගුණයට බලපෑම් එල්ල කරයි .
කායික රෝග හටගන්න ප්‍රධාන නිධාන තුන වන්නේ වාත පිත හා සෙම වේ. මේ ගුණ තුනෙහි අසමතුලිත තාවයෙන් වාත රෝග, පිත රෝග, සෙම රෝග හටගනී.යෝග ආසන මෙන්ම ප්‍රාණයාම තුළින් මෙම තුන් දොස් නිරාකරණය සදහා යම් මෙහෙයක් ඉටු කරයි. අප කයට ගන්නා ආහාර මෙන්ම මනසට ගන්නා ආහාර ද(පංච ඉන්ද්‍රියන්ගෙන්) සහ අපගේ ජිවන රටාව ඇතුළු විවිධ සාධකයන් නිරෝගි කයක් සහ මනසක් හිමිකර ගැනීමට උපකාරී වේ.
🧠🫀🫁🩸🦴👁️👂👃🦴🦵💪
මානසික රෝග හටගැනීම සදහා වන නිධාන තුන වන්නේ ලෝභය, ද්වේෂය, මෝහය වේ.ලෝභය වැඩි පුද්ගලයාගේ සෙම ගුණය වැඩි වන අතර ද්වේශය වැඩි පුද්ගලයාගේ පිත ගුණය වැඩි වේ.මෝහය වැඩි පුද්ගලයාගේ වාත ගුණය වැඩි වේ. 🧠🧘🏼
ඔබට දැන් වැටහෙනවා ඇති ඉර හඳ තරු ග්‍රහලෝක වාතය සහ කය මනස යන මේවා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය.
බුදුරජාණන් වහන්සේ කායික රෝග නිසා මානසික රෝග හටගන්නා බවත් මානසික රෝග නිසා කායික රෝග හටගන්නා බවත් පෙන්වා දී තිබේ.. එනිසා කයත් මනසත් නිරෝගිව පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් පෙන්වා දී ඇත.
* සබ්බේ සත්ථා උන්මත්තකා * ලෙසින් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ උතුමන් හැර සෑම සත්වයෙක්ම කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බවත් දේශනා කර ඇත.යථාර්ථය නොදැකීම නිසා සසරෙහි දුකට පත්ව ගමන් කිරීම මෙහි ගැඹුරු අර්ථය යි.මෙයින් නිවැරදිව සිතීම එළැඹි සිහිය පිහිටුවා ගැනී ගැඹුරින් අර්ථ ගැන්වේ.මනසට මූලික තැනක් හිමිවන බව මෙයිනුත් මැනවින් පැහැදිලි වේ.
**සබ්භීතියෝ විවජ්ජන්තූ - සබ්බ රෝගෝ විනස්සතූ - මාතේ භවත්තන්තරායෝ - සුඛී දීර්ගායුකෝ බව **
🙏🙏🙏
Beyond Eye Yoga
ගිෂානි කිරිහේන.