Nira Naturals

  • Home
  • Nira Naturals

Nira Naturals Nira Naturals embodies the timeless wisdom of Ayurveda through pure, natural, and handcrafted wellness products. The Pure Essence of Ayurveda

Rooted in nature and tradition, we bring you holistic care that nurtures your body, mind, and spirit.

පැටියට මේ වෙලාවේ වැදගත්ම දේ වන්නේ එයාගේ අම්මගේ උණුසුම සහ ආදරය. ඒ දෙන්නට නිදහසේ ඉන්න පරිසරය සකස්කර දීම ඉතාම වැදගත්. මොකද ...
21/01/2026

පැටියට මේ වෙලාවේ වැදගත්ම දේ වන්නේ එයාගේ අම්මගේ උණුසුම සහ ආදරය. ඒ දෙන්නට නිදහසේ ඉන්න පරිසරය සකස්කර දීම ඉතාම වැදගත්. මොකද දරුවා සමඟ ආදරයෙන් ගණුදෙනු කරන්න මවගේ නිරවුල් මානසිකත්වය ඉතා වැදගත්. ඉතින් අපි අලුත උපන් බබා ඒ හමුවුණ විට දීම බලන්න යෑමෙන් එයාලගේ නිදහසට, බැඳීම් වලට එය බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අම්මගේ ප්‍රසූතවේදනා, තුවාල සුවපත් වෙලා ඇයගේ මානසිකත්වය සුව අතට හැරිලා, පුංචි බබා පරිසරයට හුරුවෙන කල් මාස හය හතක් හෝ ඉවසීම වැදගත්.

දරුවාගේ වැඩ නිසි වෙලාවට ඉටු කරන්න

දරු පැටියාගේ නිරෝගීකමට පිරිසුදු වාතාශ්‍රය ඉතාම වැදගත්. නිවැසියන් හැරුණු විට නිවසට නෑදෑ හිතවතුන් වැඩි දෙනෙක් පැමිණ සිටීමෙන් දරුවට හොඳ පිරිසුදු වාතාශ්‍රය සහිතවටපිටාවක් නිර්මාණය කරගැනීම අපහසු විය හැකියි. විශේෂයෙන් එහිදී ශ වසන ආබාධ සහිත වැඩිහිටියන්, දරුවන් සිටිනවා නම් ඒ අය පුංචි පැටියගෙන් ඈත්ව සිටීම වැදගත්. මොකද අලුත් බබාගේ ප්‍රතිශක්තිය අඩු නිසා, කතා කරන විට වාතයට මුසුවන කුඩා කෙළ බිඳකින් පවා පැටියට ආසාදනයක් ඇතිවිය හැකියි.

දරුවාගේ පිරිසුදුකම සහ නිරෝගී සුවය සඳහා දිනපතා දරුවා නැහැවීම ඉතාම වැදගත්. ඒ වගේම පිරිසුදු වාතාශ්‍රය ලැබෙන

පරිදි පැටියා ඉන්න කාමරයේ දොර ජනෙල් විවෘතව තැබීම කළ යුතුයි.

බාහිර ශබ්ද වලට ඉතාම සංවේදියි අලුත උපන් පැටියට අලුත් පරිසරය

ඉතාම අභියෝගාත්මකයි. එයා පුංචි ශබ්දයකට උනත් ප්‍රතිචාර දක්වනවා. බාහිර ශබ්ද වලට හරිම සංවේදී. මේ නිසා එයාගේ වටපිටාව ඝෝෂාකාරී නොවන නිස්කලංක, නිදහස් වට පිටාවක් තිබීම වැදගත්. ඒ වගේම අම්මා තාත්තා එක්ක පැටියට මුල් දිනවල ඇතිවන ආදරය බැඳීම එයාට අත්‍යවශයයි.

උෂ්ණාධික සිරුරක් කියන්නේ බාහිරින් හා අභ්‍යන්තරව හිතට වද දෙන කාරණයක්. විශේෂයෙන් බාහිර රූපය අවලස්සන කරන හැකියාව වැඩියි. ඒ...
07/01/2026

උෂ්ණාධික සිරුරක් කියන්නේ බාහිරින් හා අභ්‍යන්තරව හිතට වද දෙන කාරණයක්. විශේෂයෙන් බාහිර රූපය අවලස්සන කරන හැකියාව වැඩියි. ඒ නිසාම මේ කරදරකාරී ගැටලුවට ස්වභාදහම මිශ්‍රව යන වෙදකමින් සහනයක් ලබා දෙන මග කියන්න අපි හිතුවා .

ආයුර්වේදයට අනුව පුද්ගල සිරුරේ ත්‍රිදෝෂ සමතුලිතතාවය නිරෝගීබවටත් , අසමතුලිතතාවය රෝග හටගැනීමටත් හේතු වෙනවා. සිරුරේ මේ ත්‍රිදෝෂයේ සංයුතිය අනුව වාත ,පිත, කඵ , වාත කඵ, පිත කඵ, වාත පිත, ත්‍රිදෝෂ වශයෙන් පුද්ගල කාණ්ඩ 7 කට වෙන් කරනවා .

ත්‍රිදෝෂය අතරින් සිරුරේ උෂ්ණත්වයට හේතු වන්නේ පිත් දෝෂය බැවින් මෙම කාණ්ඩ අතරින් පිත බහුල කාණ්ඩයට අයත් වන අයගේ සිරුර උෂ්ණත්වයෙන් වැඩියි. පිත දෝෂය කෝපයෙන් සිරුරේ උෂ්ණාධික ලක්ෂණ පහළ වීමත් , උෂ්ණ රෝග හටගැනීමත් බහුලව දකින්න පුළුවන් .

පුද්ගල සිරුරේ ත්‍රිදෝෂ සංයුතියේ පිත ඇති වීම ජානමය බලපෑමෙන් සිදුවන්නේ. එනම් මව්පිය පාර්ශවයේ සිරුර අධික උෂ්ණ ස්වභාවය උපතින්ම දරුවන්ට උෂ්ණාධික සිරුරට හේතු වෙනවා.

ඒ වගේම ඔබ ගන්නා ආහාර එනම් වියළි මාංස, ⁣රාබු, කොල්ලු ආදිය ආහාරයට ගැනීම වගේම අච්චාරු , මිරිස් ආදිය, තෙල් අධික , ක්ෂණික ආහාර පානයන්ට නිතර හුරු වීමත් මුරුංගා , බලයා, ඉස්සෝ, දැල්ලො , තක්කාලි , කිරි අල , අන්නාසි, දූරියන් , මැංගුස්, රඹුටන්, ලොවි, විනාකිරි , අබ ආදියත් අවිධිමත් චර්යා රටා, දිවා නින්ද, නිදි වැරීම, මානසික පීඩන, ජල පානය අඩුකම, නිතර කේන්ති ගැනීම වැනි දෑ හේතු වෙනවා.

සිරුරේ උෂ්ණාධිකකම නිසා දරුවන්ට

රතගාය , සමේ රෝග(කුෂ්ඨ ) , හිසරදය, ගැස්ට්‍රයිටිස් , අක්ෂි රෝග , මළබද්ධය, අර්ශස්, භගන්දර , පරිකර්තිතා (ගුද මාර්ගයේ පැලීම්) , පුරුෂ මදසරුභාවය , පිළිකා , මානසික ආතතිය , ගර්භාෂගත රෝග , ආර්තව ගැටලු , දරු ඵල ප්‍රමාද වීම් වැනි රෝග වලට අමතරව ඔබේ රූපයටද බලපෑම් කරනවා. එනම් හිස කෙස් වලට හා සමට විශාල බලපෑමක් සිදුකරනවා. හිස කෙස් පැසීම , හිස්හොරි , සම අවපැහැය , වියලි බව , කුරුලෑ , සමේ රෝග ( කුෂ්ඨ), තොල් අවපැහැ වීම , පැලීම වැනි දෑ රූපය අවලස්සනවීමට බලපෑමක්ද කරනවා.

උෂ්ණාධිකභාවය සිරුරෙන් හඳුනාගත හැකි ලක්ෂණ නම් අකලට හිස කෙස් සුදු වීම හා ගැලවීම, හිස්හොරි, අත් පා ඇඟිලි සම කැසීම, කුරුලෑ ඇති වීම, මුඛ දුර්ගන්ධය, සම හිස වියළි බව, ඇස් දැවිල්ල, සිරුරේ දැවිල්ල, නිතර දහඩිය දැමීම, දහඩිය දුඟද, අත් පතුල් තොල් පැලීමට ලක්වීම, ඇතැම් ආහාර වලට ආසාත්මිකතාවයන් පෙන්වීම වැනි ලක්ෂණ උෂ්ණාධික සිරුර තුළ දක්නට ලැබෙනවා .

ආයුර්වේදයට අනුව සිරුරේ පිත සමනය සදහා යොදන ඖෂධ, ආහාර වල මධුර රස, ශීත ගුණ බහුල බැවින් එය ඇතැම් අයට සෙම වැඩිවීමට හේතු වෙනවා. විශේෂයෙන් සිරුරේ පිත කඵ දෝෂ ප්‍රමුඛතාවය ඇති අයට පිත සමනයෙදි සෙම බහුල වීම දක්නට ලැබෙනවා. ඒත් වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළ මේ තත්ත්වය වලක්වා ගන්න පුළුවන් .

විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සෙම් රෝග වලින් මිදීමට හා ප්‍රතිශක්ති වර්ධනයට දෙන ඖෂධ රැසක පිත සෙම දෝෂ දෙකම සමන හැකියාව පවතිනවා . පාවට්ටා, කොත්තමල්ලි , කහ, කරපිංචා ආදී ඖෂධ උෂ්ණ වීර්යය නිසා සෙම සමනය කරන අතර ඒවායේ මධුර, තික්ත, කෂාය රසයන්ගෙන් පිත කෝප වීම වළකන නිසා සෙම පිත දෝෂ ද්විත්වයම සමනය කරනවා. බිං කොහොඹ වලද පිත කඵ සමන හැකියාව ඉහළයි.

සමහරු හිතාගෙන ඉන්නවානෙ උෂ්ණාධික සිරුර හිමි අයට ආසාවටවත් උෂ්ණ කෑමක් කන්න බැරිද කියල. පිත් වර්ධක ආහාර වලින් සම්පූර්ණයෙන්ම වැළකීම අත්‍යාවශ්‍ය නොවුනත් උෂ්ණ, විදාහී , ආම්ලික ආහාර ගැනීම නුසුදුසු අතර ඇතැම් අයට විශේෂිත ආහාර සදහා ආසාත්මිකතා ලක්ෂණ පෙන්වන බැවින් ඒවායින් වැළකී තම ආහාර විහරණ රටා සකසා ගන්න පුළුවන් .

ඒ වගේම ඒ ඒ කාල වලට අදාල උෂ්ණ , ශීත දේශගුණික තත්ත්ව යටතේ පරිසරයේ හට ගන්නා එළවළු පලතුරු ආදිය විවිධත්වය පිළිබඳවත් අවධානය යොමු කර ආහාර සකස් කර ගැනීම වැඳගත් .

එදිනෙදා ජීවිතයේ නෙල්ලි, රසකිඳ, රණවරා, බෙලි මල්, ඉරමුසු, පොකුරු වද මල්, කොමඩු, පිපිඤ්ඤා ආදිය පානත් හාතවාරිය , කොහිල, මුං ඇට, විලද, සව් ආදයෙහි කැඳත් උෂ්ණාධිකභාවය සමනයට ගුණ දෙනවා.

උදෑසන දියබත් ආහාරයට ගැනීම මෙන්ම ගිතෙල් ආහාරයට ට එකතු කර ගැනීම යෝග්‍යයි. පිටතින් කෙතරම් ආලේපන ගැල්වූවත් සිරුර ඇතුලතින්ම සිසිල් කර ගැනීම වැඳගත්.

විශේෂයෙන්ම සිරුර ඇතුළතට පත්පාඩගම්, කොහොඹ, රසකිඳ, සැවැන්දරා, සුදු හදුන්, හාතවාරිය ආදිය අන්තර්ගත පිත්ත ශාමක කෂායවල් භාවිතා කරන්න හැකියි.

කුපිත වූ පිත සිරුරෙන් බැහැර කිරීම සදහා ශෝධන කර්ම අතරින් විරේචන කර්මය නිර්දේශිත අතර එය වෛද්‍ය උපදෙස් මත සිදු කල යුතුයි. ඒ වගේම ශාමක කෂාය ඇතුළු රත කල්කය වැනි අනෙකුත් ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි.

බාහිර වශයෙන් සුදුහදුන් එලකිරි සමග ගැල්වීම, සැවැන්දරා ඇල්දියෙන් අඹරා සමෙහි ආලේපය, රසකිඳ කොළ, බෙලි කොළ ආදිය අඹරා අත් පා පැලුණු ස්ථාන වල ආලේපය, පිණ්ඩ, සර්ව විශාදි, සීතෝදක වැනි තෙල් සිරුරේ ගැල්වීම, දිනපතා ඇල් දිය හෝ ඖෂධීය කොළ පොතු තැම්බූ වතුරින් ස්නානය, පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, ත්‍රිඵලා, නීල්‍යාදි වැනි තෙල් හිසෙහි ආලේප කර සම්භාහනය ⁣සුදුසුයි.

බාහිර හා අභ්‍යන්තර දෙආකාරයෙන්ම සිරුරේ උෂ්ණාධිකබව සමනය තුළ යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි. වඩාත්ම වැඳගත් මෙවැනි දේ ස්වභාවික නිසා ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත නොහැකියි. නමුත් දිගුකල් නිරෝගී ⁣සුන්දර සිරුරකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබෙනවා.

උෂ්ණාධික සිරුරක් හිමි ඔබ නිරන්තරයෙන් තම ආහාර විහරණ වගේම දින චර්යා රටාව යහපත් කරගනිමින් අදාල රෝගයන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළ නිරෝගී යහපත් සතුටු ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න හැකියාව ලැබෙනවා.

සයටිකා ( කොන්දේ වේදනාව සහ පාදය දක්වා පැතිරෙන වේදනාව.වර්ථමාන සමාජයේ ඉතා සුලබව සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මුහුණ දෙන රෝගි ...
04/11/2025

සයටිකා ( කොන්දේ වේදනාව සහ පාදය දක්වා පැතිරෙන වේදනාව.

වර්ථමාන සමාජයේ ඉතා සුලබව සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මුහුණ දෙන රෝගි තත්ත්වයක් ලෙස සයටිකා (Sciatica )රෝගය හදුනාගත හැකිය.මෙම තත්ත්වය ඇති වන්නේ අපගේ ශරීරයේ ඇති විශාලතම ස්නායුව වන සයටික් ස්නායුව (Sciatic nerve )කොන්දේ පහල ප්‍රදේශය වන කටී ප්‍රදේශයෙන්(Lumbar region) තෙරපීම හෝ පීඩනයකට ලක්වීම හේතුකොට ගෙනයි.
ආයුර්වේදයට අනුව මෙය ගුධ්‍රසි ලෙස හදුන්වා දෙන අතර ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තුලින් ශල්‍යකර්ම සදහා භාජනය නොවී සම්පූර්ණ සුවය ලබා ගත හැකි රෝගී තත්ත්ව‍යකි.

ගුධ්‍රසි හෝ සයටිකා යනු කුමක්ද?

අප ශරීරයේ කොදු ඇට පෙළෙහි පහලම කටී ප්‍රදේශයෙන් ආරම්භ වන සයටික් ස්නායුව ස්නායු මූල (Nerve Roots) පහකින් සමන්විත වේ. එනම් L4,L5,S1,S2 සහ S3 නම් වේ. මෙම ස්නායු මූලයන් යම් කාරණාවක් හේතුකොටගෙන තෙරපීමකට අවහිර වීමකට හෝ පීඩනයකට ලක්වීම සමග කොන්දේ පහල කොටසේ තද බල වේදනාවක් ඇතිවිය හැක. කොන්දේ සිට ආරම්භ වන මෙම ස්නායු තෙරපීම නිසා පිටුපස තට්ටම් ප්‍රදේශය හරහා පාදයේ කලවා ප්‍රදේශය පසුකරමින් පාදය දිගේ පහලට ගමන් කරන්නා සේ දැනෙන වේදනාව සයටිකා හෝ ගුධ්‍රසි ලෙස හදුන්වයි.

ඇතැම් පුද්ගලයින් දීර්ඝකාලීනව වසර ගණනාවක් පුරා මෙම රෝගයෙන් ක්‍රම ක්‍රමයෙන් පීඩා විදින අතර ඇතැම් පුද්ගලයන් හදිසි බර එසවීම් හෝ වැරදි ඉරියව් වැනි බාහිර සාධක මත එකවරම මෙම රෝගයට මුහුණ දෙයි.
මෙය කොන්ද ආශ්‍රිතව ඇතිවන තද බල වේදනාවක් හෝ ඇතැම් විට දරාගත හැකි වේදනාවක් වන අතර කාලයත් සමග එදිනෙදා ක්‍රියාකාරකම් සදහා ඍජු බලපෑම් ඇතිකරන රෝගයකි.

රෝග ලක්ෂණ විමසා බලමු.

* මෙහිදී කොන්දේ පහල කොටසේ හට ගන්නා වේදනාව පිටුපසින් තට්ටම් හරහා පාදයේ කලව ප්‍රදේශය පසුකරමින් පාදය දිගේ පහලට පැතිර යයි .

*බොහෝ විට එක ඉරියව්වකින් වාඩිවී සිටීමේ අපහසුතාව හට ගනී.
*වාඩිවී සිට නැගිටීමේදී, සිටගෙන සිට වාඩිවීමේදී හෝ නිදා සිට ඉරියව් වෙනස්වීමකදී කොන්ද ප්‍රදේශයෙන් වේදනාව හටගනී.

*ඉදිරියට නැමීමේදි හට ගන්නා තද කොන්දේ වේදනාව හා තෙරපීම.
*කොන්දේ සිට පාදය දිගේ විදුලියක් යන්නාක් මෙන් මෙම වේදනාව ඇතැමුන් විස්තර කරයි .
*කාලයත් සමග පාදයේ හිරිවැටීම, පාදයේ බර ගතිය හා පසුකාලීනව පාදයේ දුර්වල වීමද සිදුවිය හැක .
*දීර්ඝකාලීනව මෙයට ගොදුරු වූ රෝගීන්ගේ පාදයේ මාංශපේෂි ක්ෂ්‍ය වීම (Muscles wasting )සමග සුලුවේලාවක් හෝ සමබරතාවයෙන් සිටගෙන සිටීම අපහසු වේ.
*බොහෝ විට සයටිකා තත්ත්වය ඇති වන්නේ එක් පාදයක වන අතර ඇතැම් විට පාද දෙකෙහිම මෙම තත්ත්වය ඇතිවේ.
*සයටිකා තත්ත්වය ඉතා දරුණු වන විටදී මුත්‍රා පිටවීම සහ මල පිටවීම පාලනය කර ගැනීමට අපහසු විය හැක.

මෙහිදී රෝගීන්ගේ රෝග ලක්ෂණ ඉහත සදහන් ලක්ෂණ අතුරින් එකක් හෝ කිහිපයක් විය හැක.

සයටිකා රෝගයට හේතුවන කාරණා විමසා බලමු

*අන්තර් කශේරුක මඩල හර්නියාකරනය වීම.
(Herniated disk)
අන්තර් කශේරුක මඩල කශේරුකා අතර කම්පන අවශෝෂණයට පිහිටා ඇති තැටියාකාර කුෂන් වැනි ව්‍යුහයකි. මෙය කොන්දේ පහල ප්‍රදේශයේ දී හර්නියාකරනය වීමෙන් සයටිකා ස්නායුව තෙරපීමට භාජනය වේ. ස්නායු මූලයන් L4,L5, S1,S2,S3 (nerve roots) තෙරපීම හේතුවෙන් හට ගන්නා වේදනාව ස්නායුවේ ගමන් මාර්ගය දිගේ විහිදී යයි .

*කොදු ඇටපෙලෙහි කශේරුකා අතර පටුවීම්.
(Lumbar Spinal stenosis)
ශරීරයේ පහලම කශේරුක අතර පටුවීමක් ඇතිවුවහොත් සයටිකා ස්නායු මූලයන් තෙරපීමට ලක්වී මෙම තත්ත්වය උදාවේ.

* වයස්ගත වීම සමග අන්තර් කශේරුක මඩල පරිහානීයට පත් වීම (Degenerative disk disease )
මෙම තැටියාකාර අන්තර් කශේරුක මඩල කොඳු ඇට පෙලෙහි කශේරුකා අතර කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරන අතර ඔබට සුවපහසු ලෙස චලනය කිරීමට, නැමීමට සහ ඇඹරීමට උපකාරී වේ.
සෑම කෙනෙකුගේම කොඳු ඇට පෙළ කාලයත් සමඟ ක්ෂය වන අතර එය වයසට යාමේදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි.
මෙම තැටියාකාර කුෂන් ගෙවී ගිය විට කශේරුකා එකට ස්පර්ශ වීම සිදුවේ. මෙම ස්පර්ශය සමග වේදනාව සහ වෙනත් ගැටළු ඇති කළ හැක.

*ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) හෝ සන්ධිගත වාත තත්ත්ව ඇති පුද්ගලයන් ගේ කශේරුකා අතර අස්ථි වර්ධනය වීම්(bone spurs) අස්ථි ඝනවීම් ඇතිවේ. මෙවැනි අස්ථි වර්ධන නිසා ස්නායුවේ මූලයන් තෙරපීමට ලක්වීමෙන් මෙම රෝගය ඇතිවේ.

*කොදු ඇටපෙල දිරායාම්.
*
තරබාරු බව (Obesity )
අධික තරබාරු පුද්ගලයන්ගේ කොන්ද ප්‍රදේශය මත වැඩි පීඩනයක් ඇතිවීම නිසා මෙම තත්ත්වය ඇති විය හැක.

*ඉහත කරුණු වලට අමතරව දියවැඩියාව වැනි බෝ නොවන දීර්ඝකාලීන රෝගි තත්ත්වයන්ගේ අතුරු ප්‍රතිඵල ලෙසද,
*අධික බර එසවීම් ,
*එදිනෙදා කටයුතු වලදී වැරදි ඉරියව් භාවිතය.
*නිරතුරුවම කොන්ද ප්‍රදේශයට වෙහෙස වන රැකියා තත්ත්ව හේතුවෙන් ද සයටිකා රෝගය ඇතිවිය හැක.

වලක්වා ගත හැක්කේ කෙසේද ?
සයටිකා රෝගය හටගන්නා කරුණු අතරින් ඇතැම් කාරණා වලක්වා ගත හැක .
නිවැරදි ඉරියව් භාවිතය .
*සිට ගැනීමේදී කොන්ද ඍජුව සිටින සේ සිට ගැනීම.
*වාඩිවී සිටීමේදී අංශක 90ට කොන්ද සිටින ලෙස පුටුවේ අසුන් ගත යුතු අතර පාද බිම තබා සිටිය යුතු වේ.
*නිදා ගැනීමේදී ද ශරීරය කෙලින් තබා වැතිර නිදා ගැනීම සුදුසු වේ.
*බිම ඇති යමක් ගැනීමේදී කොන්ද නැවීමෙන් තොරව දනහිස් වලින් නැවී ගැනීම මගින් කොන්දේ දුර්වල පේෂි වෙත අනවශ්‍ය පීඩනයක් ඇතිවීම වලකී.
*උස් පාවහන් භාවිතය වැලකීම.
*අධික තරබාරු පුද්ගලයන් නිසි ආහාර රටාවන් මගින් නිවැරදි බර පවත්වා ගැනීම .
*නිවැරදි අධීක්ෂණයක් ඇතුව සුදුසු ව්‍යායාම වල නිරත වීම.
ප්‍රතිකාර ආරම්භ වීමත් සමග රෝගියා
උණුසුම් වතුර ස්නානය කිරීම.
වාත දෝෂ කෝප වන ආහාර ( මෑ කරල්, වම්බටු, කොස්, පොලොස් ආදිය) ගැනීමෙන් වැලකීම.
අච්චාරු, ඉස්සො, දැල්ලො, බල මාලු ආදී ආහාර ලබා ගැනීමෙන් වැලකීම සුදුසු වේ.

මෙම සයටිකා රෝගී තත්ත්වය ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව සුව කර ගැනීමට හැක.

මෙහිදී අභ්‍යන්තර ඖෂධ ලබා දීම , බාහිර තෛල අභ්‍යංගය හා ස්වේදන ප්‍රතිකාර, බාහිර ඖෂධ ආලේපනය සහ ප්‍රතිකාර සම්පූර්ණ කිරීමේදී කටී වස්ති ප්‍රතිකාරය සිදු කිරීම ආදියෙන් සම්පූර්ණ සුවය ලබා ගත හැක

පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දේශීය සත්කාරවලින් හිසකෙස් රැකගන්නා අයුරු කතා කරන්නයි මේ සූදානම. කෙස් ගස වර්ධනය වන අයුරුනිර...
01/11/2025

පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දේශීය සත්කාරවලින් හිසකෙස් රැකගන්නා අයුරු කතා කරන්නයි මේ සූදානම.

කෙස් ගස වර්ධනය වන අයුරු

නිරෝගී පුද්ගලයකුගේ හිසෙහි දළ වශයෙන් කෙස්ගස් ලක්ෂයක් පමණ තිබේ. කෙස් ගසක වර්ධනය වීම අවධි තුනකින් සිදුවෙයි.
වර්ධක අවධිය (Anagen Phase)
නිසල අවධිය (Resting Phase)
ගැලවීයාමේ අවධිය (Falling Phase) යනුවෙනි.
හිසකෙස්වල තන්තුමය ප්‍රෝටීන විශේෂයක් වන ‘කෙරටින්’ අඩංගු වන අතර සෑම කෙස් ගසක්ම රෝපණය වන්නේ හිස් කබලේ ඇති කූපයකින් රුධිරය බහුල ලෙස සැපයෙන පීටිකාවකිනි.
ඒ සෑම කූපයක්ම අභ්‍යන්තරයේ පිහිටා තිබෙයි. පිටිකාව කෙස්ගසේ සෛල නිපදවමින් කූපයෙන් ඉහළට නැගෙන අතර එය කෙස් ගස ලෙසින් ගනව වැඩෙයි.
කෙස් ගසක් මසකට සෙන්ටිමීටර් 1 - 2 ක් වර්ධනය වේ. කෙස් ගසක මේ ජීවන චක්‍රය හඳුන්වන්නේ රෝම චක්‍රය යනුවෙනි. නිරෝගී කෙස් කලඹක් ඇති අයකුගේ පවා දිනකට කෙස් ගස් 70 - 100 ස්වාභාවිකව හැලී යයි.

අකලට හිසකෙස් ගැලවීයාම.
අකලට හිසකෙස් ගැලවීයාමට ද විවිධ හේතු බලපායි.

පෝෂණ ඌනතා
ඇතැම් නිදන්ගත රෝග
දිලීර, බැක්ටීරියා ආසාදන
කෘත්‍රිම රසායනික කේශාලේපන
ටෙස්ටෙස්ටරෝන් හෝමෝන බලපෑම
ජානමය හේතු
අධික ආතතියක් ඇතිවන අයුරින් යොදන කොණ්ඩා මෝස්තර
කෘත්‍රිමව හිසකෙස් වියළීම
උපත් පාලන පෙති, රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ, පිළිකා මර්දන ඖෂධ, සමහර රෝග සඳහා ගන්නා ඖෂධ
දේශගුණික විපර්යාස (අධික සීතල/අධික උණුසුම)
වර්තමාන වෙළඳපොළේ ඇති විවිධ ෂැම්පු කන්ඩිෂනර්, තෙල් වර්ග ගැල්වීම
මලබද්ධය, නීරක්තිය, අධික හිසරදය
කෙස්ගසට සිදුකරන බාහිර වෙනස්කම් (රිලැක්සින්, රිබොඩින් වැනි දෑ)
ඔසප් චක්‍රය වෙනස්වීම, ආර්තවහරණය
ගර්භිණීභාවය වගේම දරු ප්‍රසූතියේදී රෝම චක්‍රයට බලපෑම නිසා කෙස් විශාල ලෙස ගැලවෙයි.
උඳුගොව්වා කෑම
හිස්හොරි
කළු සහ වාත දෝෂ කෝපයෙන් කුපිත වූ කැසිලි බහුල වූ හිසේ සම ඉරිතැළීම් සහිත වූ දාරන හෙවත් හිස්හොරි තත්ත්වය ආයුර්වේදය තුළ විස්තර කරන අතර මේ තත්ත්වය නිරෝගී කෙස්වලට බාධාවකි.

අකලට හිසකෙස් පැසීම

අකලට හිසකෙස් පැසීම වර්තමානයේ බාල, තරුණ, මහලු භේදයකින් තොරව බලපාන තත්ත්වයකි. ක්‍රෝධය, ශෝකය, විඩාව නිසා කුපිත වා, පිත්, සෙම් හිසට ගමන් කර කෙස්ගස පැසීම සිදුවනබව ආයුර්වේදයේ දක්වයි.

අකලට හිසකෙස් පැසීම

අකලට හිසකෙස් පැසීම වර්තමානයේ බාල, තරුණ, මහලු භේදයකින් තොරව බලපාන තත්ත්වයකි. ක්‍රෝධය, ශෝකය, විඩාව නිසා කුපිත වා, පිත්, සෙම් හිසට ගමන් කර කෙස්ගස පැසීම සිදුවනබව ආයුර්වේදයේ දක්වයි.

තෙල් සත්කාර

හිසකෙස්වලට පොල් තෙල්, තැඹිලි තෙල් යෝග්‍ය වේ. තල තෙල්, පුෂ්පකේෂී, නීලයාදි, භෘංගමාලක, ත්‍රිපලා වැනි ඖෂධීය තෙලක් යොදා හිස සම්බාහනය කිරීමෙන් හිසේ උෂ්ණත්වය අඩු වී හිසෙහි රෝමකූපවලට හොඳින් රුධිර සැපයුම ලැබෙයි.

හිසකෙස් රකින ආයුර්වේද රහස්

කෝමාරිකා යුෂවලට දෙහි බිංදු කිහිපයක් කලවම් කර හිසේ ආලේප කර සෝදා හරින්න.
කොහොඹ කොළ අඹරා එයට දෙහි බිංදු කිහිපයක් එක්කර හිසේ ආලේප කරන්න.
තෙල් සහිත හිසකෙස් සඳහා ස්වාභාවික ෂැම්පු
1. සියක්කා, ත්‍රිපලා තම්බා ඒ ජලයෙන් හිස සේදීම.
2. සියක්කා, නෙල්ලි තම්බා ඒ ජලයෙන් හිස සේදීම.

ස්වභාවික කන්ඩිෂනර්

වියළි හිසකෙස් සඳහා

1. බිත්තර සුදු මදය, යෝගට් (රස නොකළ) මිශ්‍ර කර ආලේප කරන්න
2. බිත්තර සුදු මදය, මීකිරි, එඬරු තෙල් මිශ්‍ර කර ආලේප කරන්න.

තෙල් සහිත හිසකෙස් සඳහා

1. යෝගට්, කඩල පිටි, මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න
2. යෝගට්, එඬරු තෙල්, මිශ්‍ර කර ආලේප කරන්න.
3. කීකිරිඳිය, තල තෙල්, බෙහෙත් වද මල්, නිල් අවරිය. අරළු, බුලු, නෙල්ලි (ත්‍රිපලා) කොටා යුෂ හිසකෙස්වල ආලේප කරන්න.
සාමාන්‍යයෙන් දවල් දොළහට පෙර ස්නානය සුදුසුබව ආයුර්වේදයෙහි දැක් වේ. හිසකෙස් වියළුණු පසු හොඳින් ඇඟිලි තුඩුවලින් ගැට ඉවත්කර පහළ සිට ඉහළට පීරීමෙන් ද හිස් කබලට හොඳ සම්බාහනයක් ලැබීමෙන් රුධිර සංසරණය යහපත් වේ.

හිස්හොරි වළකන හැටි

ගොඩපර ගෙඩි කුඩාවට කපා වේළා කුඩුකර සේපාලිකා කොළද පවනේ වේළා, උළුහාල් කුඩු ද සමව ගෙන පිරිසුදු බෝතලයක අසුරා තබා අවශ්‍ය වෙලාවට නටන උණු වතුර කෝප්පයකට මේ මිශ්‍රණය දමා තම්බා නිවුණු පසු හිසෙහි ආලේප කර විනාඩි 30කට පසු සෝදා හරින්න. කෙස්වල දීප්තිය සහ පහසුවෙන් හසුරුවා ගැනීමට පොකුරු වදමල් අඹරා හිසකෙස් සෝදන්න.

කෙස්වල පැහැය රැක ගැනීමට

1 නෙල්ලි, නෙළුම් රේණු, තල, වැල්මී, මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
2 කරපිංචා කොළ අඹරා ආලේප කරන්න.
3 කළු තල අඹරා ආලේප කරන්න.
4 පේර කොළ අඹරා ආලේප කරන්න.

අකලට හිසකෙස් වැටීම පාලනයට

1. අරළු, බුළු, නෙල්ලි කුඩුකර කී කිරිඳිය යුෂවලින් අඹරා සතියට දින දෙකක් ආලේප කර පැය භාගයකට පසු සෝදා හරින්න.
2. වෙරළු කොළ යුෂ සතියකට දින දෙකක් ආලේප කරන්න.
හිසකෙස් වර්ධනයට විශ්ණු කාන්ති යොදා සැකසූ ඖෂධීය තෙලක් භාවිතය යෝග්‍ය වේ.
අකලට හිසකෙස් පැසීම පාලනයට ත්‍රිපලා තෙල් භාවිතය සුදුසුයි.
නෙල්ලි තැම්බූ ජලයෙන් සතියකට දෙවරක් හිසකෙස් සේදීම, (මේ සඳහා අමු හෝ වියළි නෙල්ලි භාවිතයට ගත හැකි ය.)
වෙළෙඳපොළෙන් ගන්නා ෂැම්පු, කන්ඩිෂනර් භාවිතයට පෙර එහි සඳහන් ඇසුරුම හොඳින් බලන්න. ඔබේ හිසකෙස් වර් ගයට ගැළපෙන ආලේපනයක් නම් පමණක් භාවිත කරන්න.

ආයුර්වේද ඔරලෝසුව යනු කුමක්ද?පුරාණ  වෛද්‍ය ක්‍රමය වන ආයුර්වේදය, සෑම දිනකම අපගේ මනසට සහ ශරීරයට බලපාන ස්වාභාවික රිද්මයන් මග...
29/10/2025

ආයුර්වේද ඔරලෝසුව යනු කුමක්ද?

පුරාණ වෛද්‍ය ක්‍රමය වන ආයුර්වේදය, සෑම දිනකම අපගේ මනසට සහ ශරීරයට බලපාන ස්වාභාවික රිද්මයන් මගින් පාලනය වන බව සලකයි. මෙම ප්‍රඥාවට අනුව, අපගේ දෛනික චර්යාවන් ස්වභාවධර්මයේ චක්‍ර සමඟ පෙළගස්වා ගැනීමෙන් යහපැවැත්ම වැඩි දියුණු කිරීමට, ශක්තිය සමතුලිත කිරීමට සහ දීර්ඝායුෂ ප්‍රවර්ධනය කිරීමට හැකිය. මෙම ප්‍රවේශයේ හරය වන්නේ ආයුර්වේද ඔරලෝසුවයි, එය දවස කථ, පිත්ත සහ වාත(Kapha, Pitta, and Vata.) යන දෝෂ තුනෙන් ආධිපත්‍යය දරන කොටස් වලට බෙදා ඇත.

මෙම සටහනෙන්, ඔබේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ඔබේ දෛනික පුරුදු ව්‍යුහගත කිරීමට ආයුර්වේද ඔරලෝසුව භාවිතා කරන්නේ කෙසේදැයි අපි ගවේෂණය කරන්නෙමු. ඔබ ඔබේ ඵලදායිතාව ඉහළ නැංවීමට, ආහාර දිරවීම වැඩි දියුණු කිරීමට හෝ නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වුවද, මෙම මාර්ගෝපදේශය ඔබට තිරසාර, රිද්මයට අනුකූල චර්යාවක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

ආයුර්වේද ඔරලෝසුව යනු කුමක්ද?
ආයුර්වේද ඔරලෝසුව පදනම් වී ඇත්තේ දෝෂ පිළිබඳ සංකල්පය මත වන අතර ඒවා විවිධ ශාරීරික ක්‍රියාකාරකම් පාලනය කරන ජෛව ශක්ති හෝ මූලධර්ම වේ. කෆ, පිත්ත සහ වට යන දෝෂ තුන දවසේ නිශ්චිත වේලාවන්හිදී ප්‍රමුඛ වේ. අපගේ ක්‍රියාකාරකම්, ආහාර සහ විවේකය මෙම දෝෂ චක්‍ර සමඟ පෙළගස්වා ගැනීමෙන්, අපට ස්වභාවික ශක්තිය උපයෝගී කර ගත හැකි අතර අපගේ උපරිමයෙන් ක්‍රියා කළ හැකිය. එක් එක් දෝෂය අපගේ දවසේ විවිධ කොටස් වලට බලපාන ආකාරය මෙන්න:

කථ(පෙ.ව. 6 - පෙ.ව. 10, ප.ව. 6 - ප.ව. 10): ස්ථාවරත්වය, භූගත කිරීම සහ විඳදරාගැනීම.
පිත්ත (පෙ.ව. 10 - ප.ව. 2, ප.ව. 10 - පෙ.ව. 2): පරිවෘත්තීය, අවධානය සහ පරිවර්තනය.
වාත (පෙ.ව. 2 - පෙ.ව. 6, ප.ව. 2 - ප.ව. 6): චලනය, නිර්මාණශීලිත්වය සහ මානසික පැහැදිලිකම.

ලොව විද්වතුන් කිරි හඳුන්වන්නේ දිව්‍යමය රස බොජුනක් ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ දරුවෙකුට වයස අවුරුද්ද දෙකක් වනතුරු ම...
23/10/2025

ලොව විද්වතුන් කිරි හඳුන්වන්නේ දිව්‍යමය රස බොජුනක් ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ දරුවෙකුට වයස අවුරුද්ද දෙකක් වනතුරු මව්කිරි දීම කළ යුතු බවයි. සමහර මව්වරුන්ට තිබෙන ගැටලුවක් නම් ප්‍රමාණවත් තරම් මව්කිරි නොතිබීමයි. ඒ සඳහා මව ලබාගන්නා පෝෂණය සෘජුවම බලපායි. කාන්තාවක් දරුවාට කිරි දෙන කාලයේ මව් කිරි වර්ධක ආහාර හඳුනාගෙන ඒවා ආහාරයට ගත යුත්තේ එබැවිනි.

කිරි අඟුණ,ජපන් බටු, මුරුංගා වැනි ඕනම පලා වර්ගයක්.

එළවළු

පොලොස්
කරවිල
කෙසෙල්මුව
වට්ටක්කා
කිරි අල
දඹල
මුරුංගා කරල්
බිම්මල්

ධාන්‍ය වර්ග

කුරක්කන්
කොල්ලු
මුං ඇට

ජලය

මඳ උණුසුම් ජලය

පලතුරු

නෙල්ලි ඇතුළු විටමින් බහුල ඕනෑම දේශීය පළතුරක් ඉතා ගුණදායකයි . ආනයනික පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටින තරමට සුදුසුයි.

පාරම්පරික සහල්

දේශීය පාරම්පරික සහල් වර්ග අතරින් මඩතවාලු හීනටි සහල්, සුවඳැල් ගුණදායකයි. මෙම සහල් බතක් ලෙස පිස කෑමට ගැනීම අපහසු නම් කැඳක් ලෙස සකසා ගන්න. මද උණුසුම දිනකට දෙවරක් කැඳවීමෙන් මව්කිරි එරීම උත්තේජනය කරගත හැකියි.

ස්වසන රෝග ගණයට අයත් වන නිව්මෝනියා රෝගී තත්වයට නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සිරුරේ අභ්‍යන්තර ඉ...
22/10/2025

ස්වසන රෝග ගණයට අයත් වන නිව්මෝනියා රෝගී තත්වයට නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි වීමට පුළුවන්. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වැඩි හානි වීමට පුළුවන් සේම ඒ තුළින් ජීවිතය ද අවිනිශ්චිත වීමට පුළුවන්. ඒ නිසාම මේ ගැන ඔබේ දැනුවත්භාවය ඉතාමත් වටිනවා.

මොකක්ද මේ නිව්මෝනියා කියන රෝගී තත්ත්වය

නිව්මෝනියාව ලෙස හඳුන්වන්නේ පෙනහළු පටකවල ඇති වෙන්නා වූ අසාධිත තත්ත්වයක්. එහෙම නැත්නම් විෂබීජ ආසාදනය වීමෙන් හටගන්නා වූ රෝගයක්. මේ රෝගය සමහරවිට මාරාන්තික වීමටද පුළුවන්.

නූතන වෛද්‍ය විද්‍යාත්මකව රෝගය හඳුනා ගැනීමට කාණ්ඩ කර තිබෙනවා

නූතන වෛද්‍ය විද්‍යාත්මකව මේ රෝගය ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.

පළමු කාණ්ඩය ලෙස ප්‍රජාවේ පුද්ගලයෙකුට ඇතිවන ආසාධන තත්වයන්
(Community - Acquired Pneumonia)

පළමු කාණ්ඩය ලෙස ප්‍රජාවේ පුද්ගලයෙකුට ඇතිවන ආසාධන තත්වයන්
(Community - Acquired Pneumonia)

දෙවන කාණ්ඩය ලෙස සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ පුද්ගලයකුට එවැනි ස්ථානයක දී සිරුරට ඇතුළු වන ආසාදනයක් මගින් හෝ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්නා වූ පුද්ගලයකුගේ සිරුරට ඇතුළු වන විෂබීජ තත්ත්වයේදී ඇතිවන ආසාදන තත්ත්වයක්.(Healthcare - Associated Pneumonia)

මෙතැනදී බියවීමට අවශ්‍ය නොවෙයි. ඒ සඳහා නිරාවරණය වීමට කාලයක් අවශ්‍යයි. වැඩිපුර නිරාවරණය වීමෙන් තමයි විෂබීජය පෙණහලුවලට ඇතුළු වන්නේ. ඒ නිසා ඔබ සෞඛ්‍ය කටයුතු සඳහා යාමට බිය නොවිය යුතුයි.

තුන්වන කාණ්ඩය ලෙස රෝගීන්ට ඇතිවන ස්වසන අපහසුතාවයකදී කෘතිම ස්වසනය ලබාදීම සිදු කරනවා. කෘතිම ස්වසනය ලබා දීමේදී බොහෝ වේලාවට ස්වාස නාලය හරහා බටයක් දැමීම සිදු කරයි. සාමාන්‍යයෙන් නිර්වින්දනය කර ශල්‍යකර්මයක් සිදුකිරීමේදි සමහර රෝගින්ට එන වෙනත් ගැටලු නිසා මෙම බට වැඩිවේලාවක් /කාලයක් තබා ගැනීම සිදු වෙයි. මෙම බටය හරහා සමහර රෝගීන්ට විෂබීජ ඇතුළුවීමේ හැකියාව එනම් කෘතිම ස්වසනය ලබා දීමේදී විෂබීජ පෙනහලුගත වීමට පුළුවන්. එම තත්තවය(Ventilator- Associated Pneumonia) ලෙස හඳුන්වයි.

මෙම තත්වය අඩුකරලීමට රෝහල තුළදී ක්‍රියාමාර්ග ගනු ලබයි. ඒ සඳහා බැක්ටිරියා නාශක පෙරණ වර්ග භාවිතා කරයි. රෝගියාට යන්ත්‍රය තුලින් ඇතුළු විය හැකි විෂබීජ වලක්වන්න. නමුත් ප්‍රතිශක්තිය දුර්වලතා නිසාවෙන් නාස මාර්ගයෙන් බටයක් දැමූ රෝගියෙකුගේ විශබීජ ඇතුලුවීමට පුළුවන්. කොතරම් වැලැක්විමේ පියවර තිබුණත් එතනින් මෙම රෝගය එන්න පුලුවන්.

හතරවන කාණ්ඩය ගත්තොත් රෝගීන් හමුවෙනවා ප්‍රතිශක්ති ඌනතා හේතුවෙන් විෂබීජ පෙනහලුවලට යාමට පුළුවන්. ඒ වගේම ජානවලින් ඇතිවන රෝග නිසාත් බලපාන්න පුලුවන්. HIV වෛරසය නිසාත් ඇතිවිමට පුලුවන්. මේ වෛරසය නිසාත් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරයි.

ඒ වගේම ඉන්ද්‍රියන් බද්ධ කළ රෝගීන්. උදාහරණ ලෙස වකුගඩු බද්ධය, අක්මා බද්ධය, අග්න්‍යාශ බද්ධය, ඉදිරියේදී අපේ රට තුළ පෙනහළු බද්ධයක් සිදු වෙයි. මෙම සිරුරේ අවයව බද්ද කිරීමෙන් ප්‍රතිශක්තිය දුර්වල වෙයි. එතතනදී ප්‍රතිශක්ති දුර්වලතාවය නිසාත් නිව්මෝනියාව ඇති වෙන්න පුළුවන්.

මෙලෙස වර්ගීකරණය කිරීම තුළ ප්‍රතිකාර සිදුකරලීමට සහ රෝගය කුමන විෂබීජයක් නිසාද ඇතිවුනේ කියා සොයා ගැනීම පහසුයි.

නිව්මෝනිවයා සාදන තවත් රෝගි තත්වයක් තමයි ක්ෂය රෝගය. ක්ෂය රෝගය අද වෙද්දී ප්‍රජාවේ බහුලව පවති. ක්ෂය රෝගය හැසිරෙන විදිය නිව්මෝනියා රෝගයට වඩා වෙනස්කම් තියෙනවා. එහිදී සාදන්නේ සීතල නිව්මෝනියාවකි. ඉතාමත් තදින් උණක් එන්නැහැ. ලාවට උණක් එනවා. කෑම අරුචිය. සිරුර බොහෝ ක්ෂය වෙනවා. නමත් ක්ෂය රෝගයනේ.

මාස 1 ත් 2ත් ගියාම කැස්ස සමග රුධිරය පිටවෙයි. හවසට පවතින උණ, සති දෙකකට වඩා කැස්ස පවතීනම් වහාම ළය චිකිත්සාගාරයක යාම සුදුසවෙයි.

මෙම තත්ත්වය නොසලකා හැර අත් බෙහෙත් ලබා ගනිමින් රෝගය සැඟවීම තුළ කල් ගතවීමෙන් පෙනහළුවලට හානි වී ජීවිත කාලයට දුක්විඳින රෝගීන් හමු වෙනවා. ඒ නිසා පෙර ප්‍රතිකාර කරා යොමු වීම ඉතාමත් වැදගත්.

නිව්මෝනියාව හඳුනාගත හැකි රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් පෙනහැල්ලට වෛරස/ බැක්ටීරියා/විෂබීජයක් ඇතුලු වන්නේ ස්වසන මාර්ගය හරහායි. ඉතාම කලාතුරකින් රුධිරය මගින් පැතිරෙන රෝගයකින් පෙනහළු වලට එන්න පුළුවන්.

වෛරස් උණ, ඇඟපත වේදනාව, උගුර රිදීම සමග පොඩි කැස්ස දින දෙක තුනක් තුනක දී උණ අඩු වී නැවත සීතල කර උණ ගන්න පුළුවන්. සිරුර වෙවුලා උණ එනවා නම් සැලකිලිමත් විය යුතුයි.

සෙම කහ/ බොර/ සැරව/ රුධිර පැහැ වර්ණයට හුරු නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

නමුත් උණ කියන රෝග ලක්ෂණය හැමෝටම මතු නොවේ. වයස අවුරුදු 75/79/80 වයසින් එහා අයටත් මෙම රෝගයේ ඉන්න පුළුවන්.

ප්‍රතිශක්ති ඌනතා, ඉන්ද්‍රියන් බද්ධකළ රෝගීන්, බෝ නොවන රෝගීන්, මේවැනි කාණ්ඩයන්ට දර්ශනීය නොවන රෝග ලක්ෂණ එනම් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, උණ වැනි දර්ශනීය නොවන රෝග ලක්ෂණ මතු මතු වීමට පුළුවන්.

නිදිමත ගතිය, ක්ලාන්තය වැනි ලක්ෂණත් මෙම රෝගයෙහි කොටසකි. ඔක්සිජන් අඩුවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ එන්න පුළුවන්. රුධිර පීඩන තත්ව අඩු වන්න පුළුවන්.

නියුමෝනියා රෝගය හඳුනාගත හැකි වෛද්‍ය පරීක්ෂණ

රෝගියා වෛද්‍යවරයා හමු වීමේ දී වයස, රෝග ලක්ෂණ, වෙනත් ගන්නා ඖෂධ, රෝගයන් පිළිබඳ රෝග නිධාන නිවැරදිව පැවසීම කළ යුතුයි. එය රෝගය රෝගයට ප්‍රතිකාර සිදුකරලීමට පහසුයි.

(Guideline ) මාර්ග උපදේශන අනුව නියම වූ ඖෂධ තියෙනවා. වෛද්‍ය උපදේශයකින් තොරව හිතුමතේට ඖෂධ ගැනීම සුදුසු නොවේ. අතුරු රෝග හෝ මාරාන්තික වීමට පුළුවන්.

X-Ray සෙම පටල පරික්ෂා, රුධිරයේ තිබෙන විෂබීජ හඳුනාගැනීමට කල්චර් පරීක්ෂාව, වකුගඩු පරීක්ෂණ වැනි පරීක්ෂණවලට රෝගියා යොමු කරයි.

නිව්මෝනියා රෝගය මුලින්ම හඳුනා ගැනීම තුළ නිවැරදි ප්‍රතිකාර මත නිසි සුවයක් ලබාගන්න පුළුවන්. නමුත් එය යම්කිසි දේකින් මගහැරුනොත් ජීවිත හානි වීමට පුළුවන්.

නිව්මෝනියා රෝගය සෑදුනු සෑම කෙනෙකුම රෝහල් ගතකර ප්‍රතිකාර නොකරයි. නමුත් වමනය හෝ වෙනත් රෝග ලක්ෂණ පවතී නම් රෝහල්ගත කරයි. නිවසේදී ප්‍රතිකාර සිදු කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ජීවන රටාව/ ආහාර රටාව/ ඖෂධ ගැන වෛද්‍යවරයා දැනුවත් කරයි. ඒ ආකාරයට නිවැසියන් ක්‍රියා කළ යුතුයි. රෝගියා විජලනය වීම වළක්වා ගත යුතුයි.

බොහෝ දුරට වළක්වා ගත හැකි රෝගයක් නිසා එය කාගේත් වගකීමකි.

කාන්තා සිරුරේ පිහිටා තිබෙන ආකර්ෂණීයම සහ වටිනාම දෙයක් තමයි පියයුරු කියන්නේ. අද මේ කතා කරන්න සූදානම් වන්නේ පියයුරුවල හට ගන...
21/10/2025

කාන්තා සිරුරේ පිහිටා තිබෙන ආකර්ෂණීයම සහ වටිනාම දෙයක් තමයි පියයුරු කියන්නේ. අද මේ කතා කරන්න සූදානම් වන්නේ පියයුරුවල හට ගන්නා රෝග සහ පියයුරුවල නිරෝගී භාවය කාන්තා ඔබ රැකගත යුත්තේ කෙසේද යන්නයි.

පියයුරු වල හටගන්නා රෝග ගැන කතා කිරීමේදී පියයුරු පිළිකාවලට මූලික තැනක් හිමිවෙනවා.
පිළිකාවලට ගොදුරුවන කාන්තාවන්ගෙන් 25% ක් පමණ පියයුරු පිළිකා වලින් පෙලෙන අතර වසරකට පියයුරු රෝගීන් දෙදාහක් පමණ අලුතින් හඳුනා ගැනීමක් සිදුවනවා. වයස අවුරුදු 40 ත් 60 අතර වයසේ කාන්තාවන් අතර මේ තත්ත්වය සුලභයි.

පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් සහිත හේතු

පවුලේ ඉතිහාසය: මව හෝ සහෝදරියකට පියයුරු පිළිකා වැළඳී තිබේ නම්
ඩිම්බකෝෂ පිළිකා පවුලේ සාමාජිකයෙකුට වැළඳී ඇත්නම්
දරුවන් නොලැබූ කාන්තාවක් නම්
පළමු දරු ප්‍රසූතිය වයස අවුරුදු 35 පසුව සිදුවී ඇත්නම්
අඩු වයසින් වැඩිවියට පත්වුණු කාන්තාවක් නම්
අර්ථවහරණය (ස්වභාවිකව ඔසප් නතර වීමේ ක්‍රියාවලිය) අවුරුදු 55න් පසුව සිදුවී ඇත්නම්
වෛද්‍ය උපදෙස්වලින් තොරව ඊස්ට්‍රජන් හෝමෝන අඩංගු ඖෂධ භාවිතය කර ඇත්නම්
අප ලබා ගන්නා ආහාරවල අඩංගු විෂ රසායන

පියයුරුවල ඇතිවන සියලුම ගැටිති පිළිකා නොවේ. ඒ නිසා ඔබ පියයුරුවල වෙනසක් දුටු සැනින්ම අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ඔබේ පියයුරු වල,

මෑතකදී පියයුරුවල හැඩයේ වෙනසක් හෝ පැහැදිලි අසමිතික බවක් ඇති වී නම්,
පියයුරුවල ගැටිත්තක් පවතී නම්,
ඉදිමීමක්, තුවාලයක් ඇත්නම්,
දොඩම් ලෙල්ලක මතුපිට වැනි සමේ වෙනස්වීමක්, තන පුඩුවේ ගිලී යාම වැනි වෙනසක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. මෙහිදී ඔබ හිතුමනාපයට අත් බෙහෙත්, ආලේපන භාවිත කිරීමෙන් මේ තත්ත්වය දරුණු අතට පත්විය හැකියි. එම නිසා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

ස්වයං පියයුරු පරීක්ෂාව

කාන්තා ඔබ විසින්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමෙන් පියයුරුවල යම් සුළු වෙනස්කමක් ඔබට මූලික අවස්ථාවේදීම හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. මාස් ශුද්ධිය (ඔසප් වීම) සිදුවන කාන්තාවක් නම් මාස් ශුද්ධිය අවසන් වී සතියකට පසු ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරන්න.
මාස් ශුද්ධිය නතර වූ කාන්තාවක් නම් සෑම මසකම නිශ්චිත දිනයක් යොදා මෙම පරික්ෂාව සිදු කරන්න.

පිය‍යුරුවල නිරෝගී භාවය සහ පියයුරුවල මනා හැඩය පවත්වා ගැනීම සඳහා පහත දෑ අනුගමනය කරන්න

නිතිපතා ඖෂධීය තෙල් ගැල්වීම. ඒ සඳහා ආයුර්වේදය සතු ඉතාම ගුණදායී තෙලක් ලෙස මහාමාෂ තෛලය හඳුන්වන්න පුළුවන්.
පියයුරුවල පිටත දාරයෙන් ආරම්භ කර තන පුඩුව දෙසට මෘදු ලෙස තෙල් ආලේප කර සම්භාහනය සිදු කරන්න.
මෙහිදී පියයුරු අවට ,පපුව සහ උරහිස් ප්‍රදේශයේත් තෙල් ආලේපනය සිදු කරන්න. මෙම ඖෂධීය තෙල් ආලේප කර සම්භාහනය සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස පියයුරු එල්ලා වැටීම අවම කරගන්න පුළුවන්.
අධික තන්තු ප්‍රමාණයකින් යුත් ආහාර සහ, අඩු මේද ප්‍රමාණයක් සහිත ආහාර පිළිකා වළක්වා ගැනීම සදහා ඉතා සුදුසුයි.
පිළිකා නැසීමට සුදුසු ආහාර ලෙස එළවළු සහ පලතුරු ප්‍රමුඛස්ථානය ගන්නා බැවින් හැකි සෑම විටම ඔබේ ආහාර වේලට එකතු කරගන්න.
වැඩිපුර ප්‍රෝටීන් සහිත සමබර ආහාර වේලක් නිතිපතා ලබා ගැනීම පියයුරුවල නිරෝගී බව ආරක්ෂා කිරීමට හේතුවක් වනවා.
උදාහරණ ලෙස ප්‍රෝටීන් බහුල ආහාර මස්, මාළු, කිරි ,බිත්තර, නිවිති, ධාන්‍ය වර්ග කඩල, කවුපි, උඳු යන ආහාර වගේම පියයුරු සඳහා අවශ්‍ය නිසි ව්‍යායාම සිදු කිරීමෙනුත් ඒ අවට මාංශ පේශි ශක්තිමත් කරගන්න පුළුවන්.
වීර භද්‍රාසන, භූජංගාසන, ත්‍රිකෝණාසන, වෘක්‍ෂාසන, වැනි යෝගාසන සිදු කිරීමෙන් පියයුරු වල මනා හැඩය රැක ගනිමින් නිරෝගී භාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා.
පියයුරුවල තාරුණ්‍යය රැකගැනීම සඳහා ආයුර්වේදය සතු ඉතා සුවිශේෂී ප්‍රතිකාරද පවතිනවා. ඒ අතරින් වාජිකරණ සහ රසායන ගුණ ඇති ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් මත ඔබට භාවිතා කිරීමට පුළුවන්.

මෙලෙස කාන්තා ඔබගේ පියයුරු ආරක්ෂා කර ගැනීමෙන් එහි සුන්දරත්වය දිගුකල් රඳවා ගත හැකියි.

අප මේ සාකච්ඡාව අරඹන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකු අතරින් එක් අයෙකු බැගින් දියවැඩියාව රෝගයට ගොදුරුව සිටියදීය. එමෙ...
21/10/2025

අප මේ සාකච්ඡාව අරඹන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකු අතරින් එක් අයෙකු බැගින් දියවැඩියාව රෝගයට ගොදුරුව සිටියදීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා දැඩි අවදානමක හා යෞවනයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා අවදානමේ පසුවෙන අතර අප රටේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 7 ක් දියවැඩියාව නිසා සිදුවේ යැයි පැවසේ. දියවැඩියාව මේ වන විට ලොව පුරා මහජන සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් ඇතිකිරීමට හේතු වී ඇති රෝගයක් බවට පත්වී අැත. දියවැඩියාව තම පවුල තුළින් තුරන් කිරීමට ඔබට පවතින බාධාවන් මොනවාද ? විශේෂයෙන් ආහාර පුරුදු දියවැඩියා රෝගය කෙරෙහි එක එල්ලේ බලපෑ හැකි යැයි අප කවුරුත් දන්නා අතර ව්‍යායාම් සම්බන්ධයෙන් පවතින වැරදි මත දියවැඩියා රෝගයට වක්‍රාකාර ලෙසින් බලපානු ලබයි. ඒ දෛනික ව්‍යායාම සහ සාමාන්‍ය රාජකාරිවලින් ඇතිවන තෙහෙට්ටුව සහ ක්‍රියාකාරකම් පිළිබඳව අප සැමදෙනෙකු තුළම පවතින වැරදි අවබෝධය හේතුකොට ගෙනය. මෙවර අද සෞඛ්‍ය පිටුව තුළින් අප කතාබහට ලක්කරනු ලබන්නේ එම කාරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මතයයි.

ඔබේ දරුවන් දෙස මදක් විමසිල්ලෙන් බලන්න. ඔබ ළදරු අවදියේදී ඔවුන්ගේ උස හා බර කිරා බලන්නට අමතක නොකළත් පාසල් යන ඔබේ දරුවාගේ උස හා බර සම්බන්ධයෙන් අන්තිමට සැලකිළිමත් වූයේ කවදාද? ඒ සම්බන්ධයෙන් ඔබට එකවර පිළිතුරක් දෙන්නට අපහසු වුවත් ඔබේ දරුවාගේ අමතර පංතියට දරුවා එක්කගෙන ගිය අන්තිම දවස හා වෙලාව ඔබට හොඳින් මතක ඇතිවාට සැක නැත. මේ වන සමහර පාසල් දරුවන් අධි බර තත්ත්වයටත් සමහර දරුවන් අඩු බර තත්ත්වයටත් පත්ව සිටින බව නොරහසක්. ඔබ දරුවාගේ පමණක් උසට සරිලන බර සොයන නමුත් ඔබේ සහ ඔබේ නිවසේ වෙසෙන වැඩිහිටියන්ගේ උසට සරිලන බර පවතින්නේද යන්න සොයාබලා තිබේද?

දැන් දැන් අපේ සමාජයේ අප බහුලව දකින තත්ත්වයකි ස්ථුලතාවය. ඔබේ කුඩා දරුවාට හැකි තරම් කෑම කවා දරුවා මහත්කර ගන්නට වෙහෙසෙන ඔබ ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් නිවසෙන් එළියට බහින්නට ඉඩක් ලබා දී තිබේද? දුවන්නට පනින්නට වෙහෙසෙන එක නවතා දරුවා කිසියම් ගෘහස්ත ක්‍රීඩාවක යෙදවීම දරුවාගේ ශාරීරික මානසික සෞඛ්‍යට හිතකරද යන්න මොහොතකට හෝ අවදානය දක්වා තිබේද?
ආහාර යනු මෙතරම් කතාබහට ලක්වන රෝගීබවට තුඩුදෙන හේතු සාධකයක් සේ කතාකරන්නට අද අපට සිදුව ඇත්තේ ඇයි. අතීතයේ දැනට වඩා අපේ ගෙවල්වල කෑම වර්ග බහුල වුවත් ඔවුන් අතරින් යමෙකු ආහාර නිසා ලෙඩ වූ බවක් අප අසා නැත්තේ ඇයි.

අතීතයේ අපේ ආහාර වේල්වලට එක් වූයේ ගෙවත්තෙන්ම සපයා ගන්නා පලාවර්ග සහ එළවළු වන අතර වැව් මාළු සහ කරවල ආදිය එය සමබර ආහාරවේලක් බවට පත්කළ බව ඔබට මතක ඇති මුංඇට කුරහන් වැනි ධාන්‍යවර්ග ආහාරවේලේ අනිවාර්ය අංගයක්ව පැවතුණු අතර මේ ආහාර වේල් අතර කොළ කැඳ වැනි පෝෂණ ප්‍රභේද මෙන්ම ඉදුණු පළතුරු ආදියද පැවති බව ගම්බදව ළමා කාලය ගත කර දැන් නගරයේ ජීවන රටාවට අවතීර්ණ වූ බොහෝ දෙනෙකුට මතක ඇත.හොඳ කායශක්තියක් මෙන්ම ලෙඩ දුකට ඔරොත්තු දෙන හොඳ ප්‍රතිශක්තියක් ඒ ආහාර රටාවත් සමග සෑම පුද්ගලයෙකුටම ලැබුණු බව ඔබට රහසක් නොවන්නේ ලෙඩ දුක් යනු එදවස ගැමි නිවෙස්වල දකින්නට ලැබුණේද කලාතුරකින් බැවිණි.

එදා අපේ ගෘහණියන් රැකියා අවස්ථාවන් වෙනුවෙන් නිවසින් බැහැර නොවූවත් හේන් ගොවිතැන, වී ගොවිතැන හා සම්බන්ධ රාජකාරි මෙන්ම පිටි කෙටීම ,වී තැම්බීම, වී කෙටීම , මිරිස් ඇඹරීම , දර කැඩීම ,ළිඳෙන් වතුර ඇදීම වැනි ශාරීරික වශයෙන් ක්‍රියාකාරී වැඩපළවල යෙදුනු අතර සිරුරේ මනා හැඩය මෙන්ම නිරෝගීතාව රැකගන්නට ඔවුන් සමත් වූයේ එළෙසය.

එදා කාන්තාවට වඩා අපි වෙහෙස වෙනවා. එදා කාන්තාවට වඩා වැඩ ප්‍රමාණයක් අපි වැඩ කරනවා. මේ නිසා ව්‍යායාම කරන්න අමුතුවෙන් වෙලාවක් නැහැ. වැඩ ඉවර වෙනකොට වෙලාවකුත් නැහැ. ඒ නිසා නගර බද ජීවත් වූ පමණින් අපට ව්‍යායාම අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ. මේ අද කාලේ බොහෝ දෙනෙකු සිතන දෙයක්. නමුත් ව්‍යායාම කියන්නේ ඔබ එදිනෙදා සිදුකරන පොදු ඒකාකාරී ක්‍රියාකාරකම්වලින් ලැබෙන හුදු තෙහෙට්ටුව නෙවෙයි. ඒ සඳහා දිනකට අවම වශයෙන් විනාඩි විස්සක්වත් යොදවනවානම් එය සිදුකළ යුත්තේ ශරීරයේ සෑම අවයවයකටම ඒ ව්‍යායාමය ඔස්සේ හොඳ ක්‍රියාකාරිත්වයක් ඇතිවන පරිදියි. ඇවිදීම, පිහිනීම , බයිසිකල් පැදීම ,හොඳ ව්‍යායාම වුවත් ඔබට මේ ව්‍යායාම සඳහා යොදන කාලය සහ ඒ ක්‍රියාකාරකම් ඔබගේ එදිනෙදා රාජකාරි අතර වුවත් කළ හැකිවීම විශේෂයක්. පයින් ඇවිදීම සඳහා කාර්යාලයේ සිට නිවසට එන ගමනේ බසයෙන් බසින ස්ථානය මදක් කලින් බැස ඉතිරි දුර ඇවිද ඒමෙන් ලබන්නට පුළුවන්. කිසියම් සංගීතයක් යොදාගෙන පවුලේ සියළු දෙනා එක්වී එම සංගීතය අනුව නර්ථනයක හෝ ව්‍යායාමයක යෙදීම පවුල තුළ එකමුතුකම ඒකරාශීවීම ආදී සංකල්ප වෙනුවෙන් යෙදවිය හැකි අතර මෙයින් පවුලේ සෑම අයෙකුගේම නිරෝගීබවට ලැබෙන්නේ ප්‍රශස්ත මට්ටමේ සහයක්.

දැන් අප පවුලේ පෝෂණය පිළිබඳ විමසිලිමත් වෙමු. පවුලේ පෝෂණය යනු පවුලේ සියළු දෙනාගේම කායික මානසික යහපැවැත්ම කෙරෙහි බලපාන්නක් බැවින් ආහාර සකස් කරන්නිය විසින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීම වැදගත් . ආහාරයෙන් මේදය සහ සීනි , ලුණු ආදිය මෙන්ම අධික පිෂ්ඨයත් ඉවත්ව යන පරිදි ආහාර තෝරා ගැනීම කළ යුතුබව සිහිතබා ගැනීම වැදගත්ය.මේ වන විට ගෘහණිය විසින් රාත්‍රි ආහාරවේල කුමන හෝ පිටි සහිත ආහාරවේලක් වෙත ගාල් කර තැබීම දැකිය හැකිය. මෙහිදී බොහෝ විට නිවසේ සෑදීමෙන් තොරව කඩෙන් ගෙන එන කොත්තු , පරාටා, පිට්ටු , රොටි සහ ඉඳිආප්ප වැනි ආහාරවලින් රාත්‍රි ආහාරය පිරිමැහෙයි. නමුත් මේවායේ පිටි අධිකවීම මෙන්ම තෙල් සහ ලුණු අධිකබවද දකින්නට ඇති අතර රාත්‍රි ආහාරයෙන් පසු ශරීරය විවේකීව තබමින් නින්දට යාම නිසා ඒවා එක එල්ලේම සිරුරට උරාගන්නට සැලැස්වීමෙන් ස්ථූලභාවයට මග පෑදෙයි. ස්ථූල බව යනු රෝග රැසක ආරම්භයක් බව සිහි තබා ගන්න. බොහෝ මවුවරුන් ගැබිනි සමයේදී ඇතිවන දියවැඩියාව සම්බන්ධයෙන් එතරම් තැකීමක් දක්වනු නොලබයි. නමුත් මේ අවධියේ ඇතිවන දියවැඩියා රෝගය නිසා ඒ ගර්භයේ සිටින දරුවන් අංගවිකල හා ආබාධිත තත්ත්වයෙන් ඉපදිය හැකි නිසා ගර්භිණී සමයේ දියවැඩියාව සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම්වීම වැදගත්. දියවැඩියාව යනු වඩාත් භයානක රෝගයක් වෙන්නේ නිහඬවම කාලාන්තරයක් මුළුල්ලේ ශරීරය තුළ පැවතෙමින් සිරුරේ ඇති නොයෙකුත් පද්ධතීන් කෙරෙහි බලපා ඒවා අකර්මණ්‍ය කිරීමට සලස්වන බැවිණි. මේ නිසා දෙපා අහිමිවීම ඇස් නොපෙනී යාම මෙන්ම වකුගඩු අකර්මණ්‍යවීම ආදී තත්ත්වයන්ද මතුවීමට ඉඩ තිබේ. දියවැඩියාව හෘදයාබාධ මෙන්ම අධි රුධිර පීඩනයටද ආඝාතයටද නෑකම් දක්වයි. මේ නිසා මෙම රෝග සියල්ලන්ටම බලපාන දියවැඩියාව නිසි පාලනයකින් යුතුව පවත්වා ගන්නටත් ස්ථූලතාවය ආදී මේ සියළු රෝගයන්ට තුඩු දිය හැකි පොදු සාධක මර්ධනය කරමින් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකටත් හුරු වීම අවශ්‍යය. දියවැඩියාව සහ ඔබේ පවුල සම්බන්ධයෙන් සෑම පවුලේ සාමාජිකයෙකුගේම ආරක්ෂාව තහවුරු කරන්නට ගෘහණියට යම් හැකියාවක් තිබේ. ඒ අප පෙරදී කීවාක් මෙන් ජීවන රටාවේ පවතින අඩුලුහුඩු කම් සහ අපත්‍ය චර්යාවන් පාලනය කිරීමට කටයුතු යෙදීමෙනි. විශේෂයෙන්ම ස්වභාවික ආහාර රටාවකට හුරු වුවහොත් ඔබට දියවැඩියාව සඳහා තුඩු දෙන එක් චර්යාවක් පාලනය කර ගත හැකිය පවුලේ අයෙකු දුම් පානයට හුරු වී ඇත්නම් ඒ පුරුද්දෙන් මිදෙන්නට අවශ්‍ය සහය ලබා දෙන්න. එය මුළුමනින්ම සිරුරට හානිකර අතර දියවැඩියා රෝගය සහිත අයෙකු දුම් පානය කරන්නේ නම් රුධිර නාල අවහිරවීමෙන් දෙපාවලට ඇතිවන අහිතකර තත්ත්වයන් දෙගුණයක අවදානමක් දක්වයි. මේ හැරුණු කොට ගෙන මත්පැන්ද තම ජීවිතයෙන් ඈත්කර තැබිය හැකි නම් දියවැඩියාව තුළින් මතුවන අනෙකුත් බෝනොවන රෝග පාලනය සඳහාද මනා සහයක් ලද හැකිය.

විශේෂයෙන්ම ජීවන රටාවේ සහ ආහාර රටාවේ පවතින වැරදි පුරුදු, අධික තෙල් ආහාර භාවිතය ,පිරිසැකසුම් කළ අධික ලුණු සහිත ආහාර මෙන්ම සීනි සහිත ආහාර පාලනය දියවැඩියාව කෙරෙහි තුඩු දෙන හේතූන් පාලනය සඳහා බෙහෙවින්ම උපකාරී වෙයි. ආඝාතය වැනි තත්ත්වයක් සඳහා තුඩු දෙන දියවැඩියාව හේතුවෙන් යම් අයෙකු අංශභාග රෝගයට ගොදුරුවීමේ අවාසනාවන්ත තත්ත්වයට පත්වීමෙන් ඉදිරි ජීවිත කාලය පුරාම ආබාධිත විය හැකිය. එමෙන්ම හෘදයාබාධයක් ඇතිවන්නට හැකි වාතාවරණයක් සැකසුන හොත් ජිවිතය අහිමිවීමේ අවදානමක්ද මතුවිය හැකිය. මේ නිසා ඔබ දියවැඩියා රෝගයෙන් ඔබේ නිවස ආරක්ෂා කරගන්නට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්න. නිසි පරිදි සුදුසු ව්‍යායායමයක නියැලෙන්න එමෙන්ම ඔබගේ දෛණික ජීවිතය තුළ මානසික ආතතිය අවම කරගනිමින් සුවපත් මනසක් පවත්වා ගන්න. ඔබේ රුධිරයේ සීනි පාලනයට මානසික ආතතිය පාලනය කරගැනීමෙන් විශාල උපකාරයක් ලද හැකිය. නිසි විනෝදාංශයක නියැලෙන්න ආගමික වශයෙන් ඔබේ කැමැත්ත පරිදි ඒ ඒ කටයුතුවල නියැලෙන්න. මෙයින් ඔබට ලැබෙන මානසික සුවයද ආහාර පාලනය හා චර්යාත්මක වෙනස්කම් තුළින් ලබන සහය දියවැඩියා රෝගය පාලනයට යොදාගත හැකිය. නමුත් වඩා වැදගත්වනුනේ දියවැඩියා රෝගයට නතු නොවී සිටීමයි. එය ඔබට කළ හැකිය. අදම ඔබේ පවුලේ අය සමග ඔබේ නිවසින් දියවැඩියාව පන්නා දැමීමට එකතුවෙන්න. එය ඔබට ආර්ථික හා සාමාජීය වශයෙන්ද මහත් ලාභයක් වනු ඇති.

Address

Old Road , Kottawa

10230

Website

Alerts

Be the first to know and let us send you an email when Nira Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share