
27/09/2023
මධ්‍යසාර යම් කිසි ප්‍රමාණය?
-----------------------------
දිනපතා මධ්‍යසාර යම්කිසි ප්‍රමාණයක් පාවිච්ච් කිරීම මගින් සමහරක් පුද්ගලයන් ගෙ හදවත රෝග අවදානම අඩු කර ගත හැකි බවට මතයක් ඇත. එහිදී Alcohol මගින් රුධිරයේ HDL Cholesterol (හොඳ cholesterol) ප්‍රමාණය වැඩි කරන අතර රතු වයින් (Red Wine) වල ඇති ප්‍රති ඔක්සිකාරක (Anti Oxidant) මගින් ශරීරයට හෘද රෝග අවදානම අඩු කරනු බව කියවේ
නමුත් සමස්තයක් ලෙස මධ්‍යසාර ශරීරයට අගුණය. එය පිලිකාකාරකයක් ලෙස හඳුනා ගෙන ඇත. මද වශයෙන් ගැනීම තුළින් වුවත් පිළිකා අවදානම වැඩි වේ
නමුත් මධ්‍යසාර වලින් ඉවත් වීමට නොහැකි යම් අයෙක් වේ නම් මේ සදහා දිනකට පාවිච්ච් කල යුතු අවම මද්‍යසාර ප්‍රමාණයක් තිබේ. ඒ ප්‍රමාණයට වඩා මධ්‍යසාර පාවිච්ච් කරන්නේ නම් මධ්‍යසාර වල ඇති අහිතකර ප්‍රතිඵල වලට ලක් වෙන අවදානම වැඩි වෙනවා. එ වගේම දිනකට නිර්දේශිත ප්‍රමාණ කිහිපයක් එකතු කර නිවාඩු දවසට එක වාර පාවිච්ච් කරා කියලත් රෝග අවදානම වැඩි වෙන එක තමා වෙන්නේ
දෛනික මධ්‍යසාර අවම ප්‍රමානය යනු එක සම්මත බීමක් (one Standard Drinking)
මෙහිදී
පිරිමි සදහා දිනකට Standard Drink දෙකකුත්
ගැහැණු සදහා දිනකට Standard Drink එකකුත්
දෛනික අවම මධ්‍යසාර ප්‍රමාණය ලෙස සදහන් වෙනවා. නමුත් මේ අගයන් ගොඩක් වේලාවට ආසියානු නොවන කොකේශියානූවාන් (සුද්දෝ) සදහා තමා නිර්දේශ කරලා තියෙන්නේ. ඔවුන්ගේ ශරීර තුළ මධ්‍යසාර පරිවෘත්තීය (Metabolism) වන ආකාරය අපි වගේ ආසියානුවන්ට වඩා වෙනස්. ඒ වගේම අපි අතරේ වුණත් අපි එක් එක් පුද්ගලයන් තුළ මේ ක්‍රියාවලිය වෙනස්. ඒ නිසා අපිට නම් අවම මධ්‍යසාර ප්‍රමාණය one Stadard Drink එකක් වෙන තරමට වඩා හොඳ බවක් මට හිතෙනව. කිසිම මධ්‍යසාරයක් නැති තරමට වඩාත්ම හොඳයි
One Standard Drinking කියන්නේ මොකක්ද
(1) 5% Beer 12 ounce/ 375 ml (Beer Can එකක්)
(2) 8% Malt Beer 8 - 9 Ounce /250ml
(3) 12 % රතු වයින් 5 Ounce / 150ml
(4) 40% මධ්‍යසාර (Gin, Wiskey, Vodka, Tequila) 1.5 ounce / 45ml
මධ්‍යසාර වලට වඩා ආරක්ෂිත වෙනත් ක්‍රම මගින් රුධිරයේ HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්නත් ප්‍රති ඔක්සිකාරක වැඩි කර ගන්න පුළුවන්
දිනපතා ව්‍යායාම කිරීම මගින් HDL Cholesterol ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් එළවලු පළතුරු මගින් අවශ්‍ය ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය ලබා ගන්නත් පුළුවන්
මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා සිදු කර ඇති ප්‍රකාශයක කොටසක් පමණක් උපුටාගෙන ප්‍රසිද්ධ කිරීම මගින් සමාජයට වැරදි පණිවිඩයක් යන්න අවදානමක් තියෙනව.
ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කියන්නේ මධ්‍යසාර ගන්නම එපා කියලා. මඳ පමණින් මධ්‍යසාර භාවිතය මගින් උනත් පිළිකා රෝග ඇති වෙන්න ඉඩ කඩ වැඩි වෙනවා එනිසා ගන්නේම නැති තරමට ඉතාම හොඳයි