Shakya ayurveda medical clinic

Shakya ayurveda medical clinic Bechelor of ayurveda medicine and surgury of university of colombo

29/06/2022
Obesity ( තරබාරුකම)??තරබාරුකම යනු ශරීරයේ ඇති අතිරික්ත මේදය (adipose tissue)වැඩිවීම නිසා සිරුරේ බර වැඩි වන අතර එමගින්  පු...
07/03/2021

Obesity ( තරබාරුකම)??

තරබාරුකම යනු ශරීරයේ ඇති අතිරික්ත මේදය (adipose tissue)වැඩිවීම නිසා සිරුරේ බර වැඩි වන අතර එමගින් පුද්ගල සෞඛ්‍යයට ඇතිකරන ඍණාත්මක බලපෑම් වේ.

තරබාරුකම සඳහා හේතු මොනවද??
අධික මේද කාබෝහයිඩ්‍රේට් අඩංගු ශක්ති ජනක ආහාර අනුභවය වැඩිවීමඅධික ලෙස ආහාර ගැනීම හා අවිධිමත් ආහාර පුරුදුඋදාසීන ජීවන රටාව හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකමජාන විද්‍යාත්මක හේතු හා මානසික රෝගමන්ද තයිරොයිඩතාව (hypothyroidism),ඉන්සියුලින් ප්‍රතිරෝධතාව (insulin resistance)බහු කෝෂ්ඨ ඩිම්බ කෝෂ රෝගය (polycystic ovarian syndrome-pcos)

තරබාරුකම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මොනවාද ??

1.බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම.( දියවැඩියාව, හෘදයාබාධ ආඝාතය ,අධි රුධිර පීඩනය, පිළිකා )
2.මද සරු බව - පිරිමින්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව සංඛ්‍යාව අඩුවීම (oligospermia),ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ මගින් මාසිකව සිදුවන ඩිම්බ මෝචනය ක්‍රමානුකූලව සිදු නොවීම.
3.සම ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් සම කලු වී ගන වීම ,stretch marks,කුඩා ඉන්නන්,නහර ගැට ගැසීම ,ඉකිලි කිහිලි හා සමේ නැමෙන ස්ථාන වල වණ වීම .
3.සන්ධි රෝග ( osteoarthritis )
4.මතකය හා බුද්ධිමය හැකියාවන් අඩුවීම.(alziheirmers disease ,dementia)

ඔබටත් තරබාරුකම ඇත්නම් මේ රෝග ලක්ෂණ පහළ විය හැක
සුළු ශාරීරික ක්‍රියාකාරකම්වල දී පවා ස්වසනය අපහසු වීම.ක්‍රියාකාරකම් කිරීමට උනන්දුවක් හෝ කැමැත්තක් නොමැති වීමදුර්ගන්ධයෙන් අධික දහඩිය දැමීමඅධික කුසගින්නඅධික නින්ද

තරබාරුකම ඇත්දැයි හඳුනා ගන්නේ කෙසේද???

Body mass index = body weight(in kg)/Height(in m)2

මෙම සමීකරණයට ආදේශ කළ විට,

Underweight BMI - 18.5 ට වඩා අඩු වේ.
Normal BMI -18.5 ත් 24.9වේ.
Obesity BMI -30 ත් 34.9 වේ.
Extremely obesity BMI - 35 ට වඩා වැඩි.

මීට අමතරව ඉන වට ප්‍රමාණය (waist circumference ) මැන බැලිය හැක.
ඉන වට ප්‍රමාණයෙ සාමාන්‍ය පරාසයන්,
පිරිමි : 94 - 102 cm,කාන්තාවන්ගේ 80-88cm පවතී.
තවද ප්‍රතිකාර කිරීමට පෙර අවදානම තක්සේරු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ.

තරබාරු වීම වළක්වා ගැනීමට නම්,
ශාරීරික ක්‍රියාකාරකම් හා ආහාර වල ඇති කැලරි ප්‍රමාණය අතර ශක්ති අසමතුලිතතාවය අඩු කරගත යුතුය.

ප්‍රශස්ත බරක් පවත්වා ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද??
සිරුරේ හෝමෝන සමතුලිත තාවය ක්‍රමවත් වීම
ලිංගික උද්යෝගය වැඩිවීම.
බෝ නොවන නොවන රෝග වැළදීමට ඇති අවදානම අඩු වීම.
සුව නින්දක් ලැබීම හා මානසික තෘප්තිය ඉහළ යෑම

අති ස්ථුල භාවය පිළිබඳ ආයුර්වේද දැක්ම

මේදස් වැඩි වැඩියෙන් එක් රැස් වී රැස්වී වාතාදි දෝස වැඩියෙන් දරුණු වී එම පුද්ගලයාගේ ජීවිතය නසන බව දැක්වේ.
මේ දස් අධික පුද්ගලයාගේ මේදෝ ධාතුව වැඩම තරමට අන්‍ය ධාතු නො වැඩේ.එම නිසා ආයුෂ අඩු වේ.
රස රක්ත ධාතු අඩුවන නිසා දුර්වල බව ,මේ දස දෘෂ්ටිය හා ස්වභාවය නිසා අධික දහඩිය ගැලීම නිසා අවයව දුගඳ වේ.

පථ්‍ය ආහාර
පුරාණ සහල් කොල්ලු බර්ලි ,අමු,මුං ඇට කුරක්කන් ඕලු හාල් පේර,මැංගුස්, මිදි ,කොමඩු ,දොඩම් ,ජම්බු ,වෙරළු ,ගස්ලබු ,අන්නාසි හා බෙලි ,කුඩා මාළු හා කරවල
දේශීය පාන වර්ග කොත්තමල්ලි ඉඟුරු සුදුලූනු වෙනිවැල්ගැට වැනි ඖෂධ වර්ග, බෙලිමල් රණවරා ඉරමුසු පොල්පලා හා රසකිඳ වැනි ඖෂධීය පාන මෙම පානවල ශක්තිජනක කැලරි යගේ ඉතා අඩුය.
එසේම ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමේ හැකියාවක් මෙම පාන වර්ග වලට ඇත. කළු තේ වලට සාපේක්ෂව හරිත තේවල ඔක්සිකාරක ගුණය වැඩිය.මේවා භාවිතා කරන විට සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය ඉහළ යන නිසා සිරුරේ මේදය දහනය වීම ද ඉහළ යයි .
දේශීය අල වර්ග - කිරිඅල හිඟුරල රාජාල කුකුළල ඉන්නල[ ප්‍රධාන ආහාර වේල ලෙස බත් වෙනුවට භාවිතා කළ හැක ]

ආයුර්වේද ප්‍රතිකාර මූලධර්ම
(LINE OF TREATMENT )

1.සමන චිකිත්සාව (pallative treatment):
ලංගන කර්ම( fasting )
ආමපාචනය
රුක්ශ උදාවර්තන ( dry medicated powder massage)
කායික ක්‍රියාකාරකම් හා මානසික ක්‍රියාකාරකම්...
2.සංශෝධන චිකිත්සාව ( purificatory procedures)
වමන ( therapeutic emesis)
විරේචන (thertherapeutic purgation)
ලේඛන වස්ති (medicated e***a)

මීට සමගාමීව ඒකීය ඖෂධ හා සම්පාදිත ඖෂධ භාවිතා කිරීම මගින් කිසිදු අතුරු උපද්‍රවයකින් තොරව සිරුරේ තරබාරු බව සඳහා ප්‍රතිකාර කළ හැකිය.


Dr. I.N Nanayakkara
B.A.M.S (university of Colombo)
Reg no 15682
නො 69,ගංගාරාම පාර තුම්බෝවිල පිලියන්දල
Shakya Ayurveda medical clinic
Tel No - 0775416060

05/02/2021

Address

Piliyandala
Piliyandala

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Telephone

+94775416060

Website

Alerts

Be the first to know and let us send you an email when Shakya ayurveda medical clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shakya ayurveda medical clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category