05/02/2026
ආයුර්වේදයට අනුව, නීරෝගී දරු පිළිසිඳගැනීමක් සඳහා,
ඍතු,
ක්ෂේත්‍ර,
අම්බු,
බීජ යන කාරණා සතර සම්පූර්ණ විය යුතුය.
එනම්,
🔹සරු කාලයේදී කායික සම්බන්ධතා පැවැත්වීම,
🔹නීරෝගී ප්‍රජනන පද්ධතියක් පැවතීම,
🔹හෝමෝන වල සමතුලිතතාවය,
🔹නීරෝගී කාන්තා හා පුරුෂ බීජ පැවතීම
යන කරුණු සියල්ල එකිනෙකට සම්බන්ධ වීම හා ඒවා සම්පූර්ණ වීම අනිවාර්ය වේ.
දරු පිළිසිඳගැනීමකට අවශ්‍ය නිසි පරිසරය සඳහා, මව සහ පියා යන දෙදෙනාගේම පෝෂණ තත්ත්වය යහපත් විය යුතුමය.
🔸අධික තෙල් සහිත ආහාර,
🔸විනාකිරි, අච්චාරු වර්ග වැනි උෂ්ණාධික ආහාර,
🔸අධිකව ලුණු, මිරිස් යෙදූ ආහාර වැනි දේ නිතර ගැනීමෙන් වැළකීම
මෙන්ම,
🔸ධාන්‍ය වර්ග,
නැවුම් එළවළු, පලා වර්ග, පළතුරු වර්ග,
🔸පිෂ්ටය, මේදය ආදී පෝෂක කොටස් නිසි පමණින් අඩංගු වන සමබල ආහාර වේලක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
එසේම,
වැරදි විහරණයන්ගෙන් ඈත් වීම හෙවත් නීරෝගී ජීවන රටාවක් ද දෙදෙනා විසින්ම ගත කළ යුතුවේ.
අධික වෙහෙසකර ජීවන රටාවන් මඟින් ද සරු බීජ හටගැනීමට බාධා ඇති කරයි.
🔹අධික උෂ්ණත්වක් සහිත ස්ථාන වල නිතර ගැවසීම හා දිගුකාලීනව එවැනි රැකියාවල නියුතු වීම,
🔹නිතර කිරණ වලට නිරාවරණය වීම(X-කිරණ වැනි),
🔹දීර්ඝ කාලීනව පරිගණක ආශ්‍රිත රැකියාවල නියුතු වීම,
🔹මත්පැන්, දුම්වැටි භාවිතය,
🔹තද සහ අපිරිසිදු යට ඇඳුම් භාවිතය යනාදී කරුණු මේ සඳහා හේතු විය හැකි වැරදි විහරණයන් කිහිපයකි.
මේ දේවල් සමඟින්ම,
දරුවෙකු අපේක්ෂා කරන කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනාගේම මානසික තත්ත්වය යහපත් වීම මේ සඳහා අත්‍යාවශ්‍ය කරුණකි.
හෝමෝන වල සමතුලිතතාවය සඳහා මෙම යහපත් මානසික තත්ත්වයක් පැවතීම අනිවාර්ය වේ.
ඒ සඳහා,
🔸මනස සන්සුන්ව තබා ගැනීම,
🔸යහපත් සිතුවිලි වලින් නිතර යුක්ත වීම,
🔸ආගමික ක්‍රියාකාරකම් වල නිරත වීම,
🔸සිත සන්සුන් කරන සංගීතයන්ට සවන් දීම,
🔸යෝගා ව්‍යායාම වල නිරත වීම වැනි කරුණු අනුගමනය කළ හැකිය.
එනම්, මෙවැනි කාලයේදී,
මෙම කාන්තාව සහ පුරුෂයා යන දෙදෙනා විසින්ම නිතරම යහපත්, සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමත්, යහපත් සනීපාරක්ෂක පුරුදු පිලිපැදීමත් ඉතා වැදගත් ය.
✍️ආයුර්වේද වෛද්‍ය උපේක්ෂා රන්මලී සෙනෙවිරත්න.
BAMS(Hons) Colombo
0773692780