Hasti Ayurveda

Hasti Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasti Ayurveda, Medical and health, welikala Road, Pokunuwita.

හස්තිගේ ලිප්ගේ ලිපි අංක 02*වෙදගෙදර ගුරුලේත්තුව*කොච්චර කතා කළත් ඉවරයක් කරන්න බැරි ඒක මාතෘකාවක් තමා අපි මේ බොන වතුර. මේ වත...
23/06/2021

හස්තිගේ ලිප්ගේ ලිපි අංක 02

*වෙදගෙදර ගුරුලේත්තුව*

කොච්චර කතා කළත් ඉවරයක් කරන්න බැරි ඒක මාතෘකාවක් තමා අපි මේ බොන වතුර. මේ වතුර වීදුරුව හරියට බොනවනන් ඔයාලගෙ ලෙඩ රෝග සෑහෙන ගානක් අඩු කරගන්න පුළුවන් බව ඔබ දන්නවා නේ? ඒ්ත් මේ කාලයේ තියන කාර්යබහුලත්වය නිසා වතුර බොන එක දෙවනි කාරියක් බවට පත් වෙලා දැන්. දවසකට වතුර කොච්චර බොනවද කියල මං අහනකොට ගොඩක් අය කියන්නෙම "අනේ වෙද නෝනෙ කාල බොන වතුර වීදුරුව තමා ඉතින්" කියල. දැන් ලොකු අය විතරක් නෙවෙයි පුංචි ළමයිනුත් වතුර බොන්න හරිම හොරයි. ඉතින් මේ ලිපියෙන් අපි බලමු හරියට වතුර වීදුරුවක් බොන්නෙ කොහොමද, ඒ විදියට වතුර බිව්වම අපිට වෙන ප්‍රයෝජන මොනවද කියල.

පළවෙනි දේ තමා අපි බොන වතුර වීදුරුව පිරිසිදු වතුර වීදුරුවක් විය යුතුයි. සාමාන්‍යයෙන් කියනවට කියන්නෙ උණු කර නිවා පෙරා වතුර බොන්න කියලනෙ. අපි හැමෝම වගේ ඒක කරනව. මේ උණු කිරීම නටන තෙක් උණු කර ගැනීම මෙන්ම ටිකක් වෙලා නටවා ගැනීමත් වැදගත්. මොකද ඒ් උෂ්ණත්වයේ විෂබීජ විනාශ වෙන්න ඉඩ හැරිය යුතු නිසා. ඒ වගේම සමහර වෙලාවට අපි උපදෙස් දෙනව සමහර අවස්ථා වලදි උණු වතුර බොන්න කියල එහෙම. මෙන්න මේ වෙලාවෙ අපේ කට්ටිය වරද්ද ගන්න තැනක් තියනව. අපේ අය වතුර එකක් නටවල ඒකට ඇල් වතුර දාල බොන්න ගන්නව. ඉස්සර ආච්චිල කියනව එහෙම බොන්න එපා වතුර විස වෙනව කියල. කොහොමද එහෙම වෙන්නෙ?

විෂබීජ 100 C වලදී විනාශ වුනාට 30 C-60 C අතර උෂ්ණත්ව වලදී අධික වර්ධන වේගයකට යනවා. (incubation temperature) මේ උෂ්ණත්වය බැක්ටීරියාවට අනුව වෙනස්. බැරි වෙලාවත් Salmonella වගේ බරපතල රෝගකාරක බැක්ටීරියාවක් එහෙම මේ වතුර එකේ හිටියොත් ඊට පස්සෙ බොන කෙනා වතුර නිසා අසනීප වෙන්න පුළුවන්. මේ නිසා කළ යුත්තේ වීදුරු බෝතලයක වතුර ඒක නිවෙන්නට හැරීම මිසක් ආයෙත් සීතල වතුර කවලම් කිරීම නොවෙයි.

අනෙක් පැත්තට වතුර වල ගුණාත්මක භාවය බලන තවත් අගයක් තමා වතුරේ pH අගය. සංශුද්ධ ජලයේ pH අගය 7ක් වුනත් අපි බොන්නෙ ලවණ එහෙම මිශ්‍ර වෙලා තියන ස්වභාවික ජලය නෙ? සාමාන්‍යයෙන් pH 6.5-8.5 අතර ජලය තමා බීමට සුදුසු. ස්වභාවික උල්පත් ජලය, ගංගා ජලය අඩු pH අගයක වතුර. හුණුගල් තියන පරිසර වල ජලයේ pH අගය ටිකක් වැඩියි. ඒ මොනව උනත් අර කිව්ව pH පරාසයේ වතුර නන් බොන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත්,

දැන් අපට සමහර වතුර සාම්පල හම්බ වෙනව, රසේ කිසිම වෙනසක් නෑ ඒත් pH අගය ගොඩක්ම අඩුයි. මේ පැතිවල මිනිස්සු ලිං වතුර බොනව දන්නෙ නැතිව, ඒ්ත් මේ වතුර අපිට අහිතකරයි. මේ ප්‍රශ්ණය ඒ් කාලෙත් තිබුනෙ නැද්ද? බොහෝ දුරට තියෙන්න ඇති. මොකද මේකට විසඳුමක් ඒ කාලෙ මිනිස්සු දැනගෙන හිටිය. ඒගොල්ල pH අගය කියන්නෙ මොකද්ද කියල දැනගෙන හිටියෙ නැති වුනාට වතුරේ pH අගය බොන්න පුළුවන් ගානට හදා ගන්නෙ කොහොමද කියල දැනගෙන හිටියා. ඒ තමා මැටි වලින් හදාපු පෙරලල වතුර ගන්න ගුරුලේත්තුව.

ගුරුලේත්තුවකට දාපු වතුර වල pH අගය සාමාන්‍ය අගයකට ලං වෙනවා වගේම, ගුරුලේත්තුවේ මැටි බිත්තියේ තිබුනු අංශු උරා ගැනීමේ හැකියාව නිසා වතුරේ තිබුනු මඩ ස්වභාවය වතුරෙන් අයින් වෙලා ගියා. ඒ කාලෙ වතුර අද වගේ ගොඩක් දූෂණය වෙලා තිබුනු වතුරක් නොවුනු නිසා උණු කරගත් වතුර රෙදිකඩකින් පෙරා ගුරුලේත්තුවට දැමීම විතරක් එදා ප්‍රමාණවත් වුනා. නිතර පෙරළෙන නිසා වතුර ගුරුලේත්තුවේ බිත්තිය හා හොඳින් ගැටී වතුර ටික මඩ තට්ටුවක් නොඑන්න පිරිසිදු වුනා.

දූෂිත ජලය තියෙන ප්‍රදේශ වලට දැන්නන් බොහෝ දුරට පිරිපහදු කළ ජලය ලැ‌බෙන නිසා ගෙදරදී දැන් අඩුම ගානේ හොඳින් නැටවූ වතුර නිවාගෙන මැටි ගුරුලේත්තුවකට දමා පානය කිරීම තමා සුදුසු. උෂ්ණාධික රටක් වන ලංකාව වගේ සමකාසන්න රටකට මේ ගුරුලේත්තුවේ වතුර ගොඩක් වටිනවා. සාමාන්‍ය වතුරට වඩා ගුරුලේත්තුවේ වතුර ශීත ගුණයෙන් යුක්තයි. ඒ නිසා පිපාසය සංසිඳුවීමට වගේම ඇඟ නිවා ගන්නත් අයිස් වතුර එකකට වඩා මේ වතුර එක ගුණදායකයි.

අපි කොච්චරක් වතුර බොන්න අවශ්‍ය ද? කෙනෙකුගෙන් කෙනෙකුට මේ ප්‍රමාන වෙනස් වුවත් දළ වශයෙන් මෙහෙම ගන්න පුළුවනි.
වැඩුනු පිරිමි අයෙක් ලීටර 3.7ක් පමණ
වැඩුනු කාන්තාවක් ලීටර 2.7ක් පමණ
උෂ්ණ කාලය, අධිකව මහන්සී වී වැඩ කිරීම, උණක් ඇති වෙලාවක් වගේ අපේ ශරීරයෙන් වතුර ඉවතට යන අවස්ථා වල වැඩිපුර වතුර පානය කළ යුතුයි. අපි ලඟට එන අයගෙන් ගොඩක් අය හරියට වතුර ටික බිව්වනන් ලෙඩ නොවී ඉන්න තිබුනු අය. වතුර නිසා අපි නිරෝගී වෙන්නෙ කොහොමද කියන ලිපියෙන් එහෙනන් ලබන සතියෙ හමුවෙමු!

පින්තූරය අන්තර්ජාලයෙන්

හස්තිගේ ලිප්ගේ ලිපි අංක 01*වෙදගෙයයි ලිප්ගෙයයි*ඒ කාලයේ ඉඳන් අද දක්වා එන අපේ කෑම බීම වට්ටෝරු ගැන කියාදෙන පුංචි ලිපි පෙළක ප...
16/06/2021

හස්තිගේ ලිප්ගේ ලිපි අංක 01

*වෙදගෙයයි ලිප්ගෙයයි*

ඒ කාලයේ ඉඳන් අද දක්වා එන අපේ කෑම බීම වට්ටෝරු ගැන කියාදෙන පුංචි ලිපි පෙළක පළමුවැන්නයි මේ.

‘කුස්සිය’ කියන වචනය මෑත කාලීනව පෘතුග්‍රීසි ආභාෂය නිසා ආපු වචනයක් උනත් ඒ කාලේ ඒකට කිව්වේ ‘උයනගේ’, ‘මුළුතැන්ගේ’ නැතිනම් ‘ලිප්ගේ’ කියලා. මේ ලිප්ගේ තමා ඒ කාලේ අම්මාගේ first-aid box එක උනේ. නිතර දෙවේලේ හැදෙන පොඩි පොඩි ලෙඩ වලට වගේම, දැන් කාලයේ දෙන පණු බෙහෙත්, එන්නත් වගේ දේවල් වලට ආදේශකත් ඒ කාලයේ තිබුනේ මේ ලිප්ගේ තුළයි. ඒවා අවස්ථානුකූලව දෙන හැටිත් අම්මා දැන සිටියා. ඒ නිසා මේක අම්මාගේ පුංචි lab එක කියලත් කට්ටිය හඳුන්වනවා.

ඈත කාලයේ ලිප්ගේ කොට්ට පිල (ඒ කාලෙ ගෘහමූලිකයා නිදා ගත්ත ඉස්තෝප්පුව වගේ තැන) ලඟින් ඇතුළු වූ විවෘත තැනක්. මේ ලිප්ගේ විශේෂම අංගය තමා ලිප් බොක්ක. ලිප් බොක්ක ගල් 3කින් හදපු ලිප් 2කින් යුක්ත වුනා. ලිප් බොක්කට උඩින් තිබුනෙ දුම. මේ දුම එක එක ආහාර දුම් ගහන්න වගේම හට්ටි මුට්ටි වේලා ගන්නත් යොදාගෙන තියෙනවා. සමහර ගෙවල් වල මේකට යටින් ඕනි වෙලාවකට හයි කරගන්න දුම් මැස්සකුත් තිබිල තියනව. මේකෙ තමා ඒ කාලෙ මස් වගේ දේවල් දුම් ගහල තියෙන්නෙ. වැඩේ ඉවර වුනාම දුම් මැස්ස ගලවල බිත්තියෙ එල්ලල තියන්න පුළුවනි.

රත්නපුර කෑගල්ල මහනුවර වගේ පැතිවල දුමට උඩින් අටුවක් තිබුනා. මේක භාවිතා කරල තියෙන්නෙ ධාන්‍ය වර්ග පුරවපු මලු/ගෝනි ආරක්ෂිතව ගබඩා කර තියා ගන්න. ධාන්‍ය වර්ග වැඩිපුර තිබූ ගැමි ගෙවල් වල මිදුලේ තිබූ බිස්සට අමතරව ඉදි කල එකක් මෙය.

අපේ ඉදිරි ලිපි වලින් කියාදෙන කෑම වට්ටෝරු වලට මේ ලිප්ගේ සැකැස්ම වැදගත් වේවි. එහෙනන් ඊලග ලිපියෙන් ලබන සතියේ හමු වෙමු!

පින්තූරය අන්තර්ජාලයෙන්

22/04/2021

Address

Welikala Road
Pokunuwita

Opening Hours

Wednesday 13:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+94767755469

Website

Alerts

Be the first to know and let us send you an email when Hasti Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hasti Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram