Niyojitha Osusala-Polonnaruwa

Niyojitha Osusala-Polonnaruwa Co-Op Niyojitha osusala is the best pharmacy in Polonnaruwa district and
Supervision under pharmacist

09/05/2025
ඖෂධවේදී VB රුද්‍රිගෝ මහතාට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා
11/06/2024

ඖෂධවේදී VB රුද්‍රිගෝ මහතාට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා

මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්.ගොඩක් දෙනෙක් අහලත් ඇති.   දෙවියො මිනිසා මැවුවට පස්සේ හිතුවලු මිනිස්සු හැම වෙලේම සතුට හොයයි කි...
23/04/2024

මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්.ගොඩක් දෙනෙක් අහලත් ඇති.

දෙවියො මිනිසා මැවුවට පස්සේ හිතුවලු මිනිස්සු හැම වෙලේම සතුට හොයයි කියලා. මිනිස්සු හොයන්නෙ සතුට තමයි. අපි කවුරුත් දුක පස්සෙ එළවන්නෙ නෑනෙ.. ඉතින් දෙවියො හිතුවලු මිනිසුන්ට හොයාගන්න බැරි තැනක සතුටු සඟවන්න. දැන් දෙවියොත් ලොකු ප්‍රශ්නෙකලු..
මොකද දෙවියො දන්නවා මිනිස්සු ඉස්සරහට ගොඩක් දියුණු වෙනවා. හිතාගන්න බැරි දේවල් කරනවා කියලා. අහසෙ හැංගුවත්, මහ මුහුද පතුලේ ,ගිනිකන්දක හැංගුවත් මිනිස්සු සතුටු හොයා ගනිවි.
එවෙලේ එතන හිටපු නුවණක්කාර දෙවි කෙනෙක් මෙහෙම කිව්වලු.අපි සතුට මිනිසා තුළ ම සඟවමු. ඔවුන් ඒක හැම තැනම සොයාවි..වෙනත් අය තුලින් සොයාවි. නමුත් ඔවුන් සතුට තමන් තුළ සොයන්නේ නැහැ කියලා. ඉතින් දෙවියෝ සතුට මිනිසා තුළ ම සැඟවුවලු.

මේක නිකම්ම කතාවක් වෙන්න පුළුවන්. ඒත් මේ තුළ තියෙන පණිවිඩය හරි ප්‍රභලයි. ඉතින් වෙන තැන් වල තමන්ගේ සතුට හොයන්න යන්න එපා.මතක තියා ගන්න සතුට තියෙන්නේ තමන් තුළමයි... 💛
Copied from FB

ව්‍යාග්‍රා කියන්නේ මේකේ වෙළඳ නාමය. Sildenafil තමා ඖෂධයේ නම. කොටියා පෙත්ත, නිල් පෙත්ත වගේ එක එක නම් කියනවා.ඉතින් මේ පෝස්ට...
23/03/2024

ව්‍යාග්‍රා කියන්නේ මේකේ වෙළඳ නාමය. Sildenafil තමා ඖෂධයේ නම. කොටියා පෙත්ත, නිල් පෙත්ත වගේ එක එක නම් කියනවා.

ඉතින් මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් ව්‍යාග්‍රා වලින් වෙන්නේ මොකද්ද, ඒක පාවිච්චි කරන්නේ කොහොමද සහ මම ඒ ගැන හිතන දේත් පෝස්ට් එක අන්තිමේ තියෙනවා.

ලිංගික උත්තේජනයක් වේලාවකදී පුරුෂ ලිංගයේ පටක වල නයිට්‍රික් ඔක්සයිඩ්/ nitric oxide නිකුත් වෙනවා. ඒකෙන් කියන එන්සයිමයක් (guanylate cyclase) නිපදවෙනවා. එකෙ ප්‍රතිඵලයක් විදියට cyclic guanosine monophosphate කියන නියුක්ලියෝටයිඩය හැදෙනවා. ඔන්න ඕකෙන් පුරුෂ ලිංගයේ මාංශපේශි/ පටක ලිහිල් කරවනවා. ඒවා ලිහිල් උනාම රුධිරය ලේසියෙන් ගමන් කරන්න පුළුවන් වෙන හින්දා රුධිර සංසරණය වැඩි කරනවා. ඔය විදියට තමා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ.

📌දැන් කියන්නම් ව්‍යාග්‍රා වලින් කරන වැඩේ.

ඔය පුරුෂ ලිංගය ප්‍රාණවත් කරන්න උදව් වෙන උඩ කිව්වා එන්සයිමය ට අමතරව phosphodiesterase කියලා තව එන්සයිමයක් ඇඟේ හැදෙනවා. මේ එන්සිමයෙන් උඩ කිව්ව ප්‍රාණවත් වෙන වැඩේට උදව් කරන නියුක්ලියෝටයිඩය විනාශ කරලා දානවා. ඉතින් එහෙම කළාම රුධිර පීඩනය ආයේ අඩු වෙලා ප්‍රාණවත් වීම නැති වෙලා යනවා.

මෙතැනදී ව්‍යාග්‍රා කරන්නේ වැඩේට බාධා කරන නියුක්ලියෝටයිඩය නවත්ත එක. අන්න ඒකෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගය දිගටම එහෙම තියා ගන්න උදව් කරනවා. ඕක තමා කතාව.

හැබැයි ව්‍යාග්‍රා මැජික් පෙත්තක් නෙමේ, ව්‍යාග්‍රා ගත්තා කියලා නිකන් තියෙන ඒවා එක පාර පණ ගහලා කෙලින් වෙන්නේ නෑ. ඒ වැඩේ ඇඟ තනියම කර ගන්න ඕනා.
ව්‍යාග්‍රා කොච්චර ගත්තත් දැනෙන ලිංගික උත්තේජනය අඩුයි නම් මේක කොච්චර ගත්තත් වැඩක් වෙන්නෙත් නෑ.
තව කියන්න ඕන ක්ෂණික මෝචනය කියන ප්‍රශ්නයට මේ ඖෂධයෙන් ලොකු බලපෑමක් නෑ.

පාවිච්චි කරන විදිය

📌සෙස් කරන්න පැය බාගෙකට කලින් ගන්න කියලා තමා කියන්නේ.
ව්‍යාග්‍රා ගන්න කලින් තමන් කෑම කාලද ඉන්නේ? හිස් බඩද ඉන්නේ කියන එකත් බලන්න ඕනා. මොකද ඇඟට උරා ගන්න විදියත් ඒ අනුව වෙනස් වෙනවා.

📌ගන්නවා නම් හිස් බඩට මේක ගන්න ඕනා.
කෑම කාලා කාලා ව්‍යාග්‍රා ගත්තම ඇඟට උරා ගන්න ප්‍රමාණය අඩු වෙනවා.

මොකද කෑම වල තියෙන මේද කොටස් වලින් මේ ඖෂධය රුධිරයට උරා ගන්න එක අඩු කරනවා.

📌සෙස් කරන්න විනාඩි 30-60 කට වගේ කලින් 50mg වගේ පාවිච්චි කරන්න කියලා තමා නිර්දේශ කරලා තියෙන්නේ නම්.

📌ඔයා මොනාට හරි බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ ගන්න ඖෂධ ව්‍යාග්‍රා එක්ක අන්තර්ක්‍රියා කරලා ඔයාව මැරෙන්න උනත් පුළුවන්.

👉එක උදාහරණයක් තමා හෘදයාබාධ වලට ගන්න nitrate කාණ්ඩයේ ඖෂධ. nitrate කාණ්ඩයේ ඖෂධ වලිනු රුධිර නාල පළල් කරනවා. ඒ හින්දා රුධිර පීඩනය අඩු වෙනවා. හෘදයාබාධ තියෙන කෙනෙක්ට වෙන්න ඕන දේ තමා ඒක. පුරුෂ ලිංගයට ප්‍රාණවත් වෙන්න ඒ දිහාට යවන්න ඕන රුධිරය පරිමාව වැඩි කරන්න ඕන හින්දා ව්‍යාග්‍රා වලිනුත් ඔය රුධිර නාල පළල් කරවන වැඩේ වෙනවා. හැබැයි nitrate කාණ්ඩයේ ඖෂධ සහ ව්‍යාග්‍රා දෙකම එකට ගත්තොත් එහෙම වැඩේ ඩබල් වෙලා අම්මට සිරි වෙන තරමට රුධිර පීඩනය අඩු වෙනවා. ක්ෂණිකවම මරණය උනත් වෙන්න පුළුවන්.

👉තව tamsulosin ඖෂධ ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඖෂධය සහ ව්‍යාග්‍රා ගන්න කාලය අතර පරතරය අඩුම පැය 6ක් වත් තියෙන්න ඕනා.

👉වකුගඩු, අක්මාවේ ප්‍රශ්න තියෙන අය ව්‍යාග්‍රා ගන්නවා නම් ඒ ගන්න මාත්‍රාව වෙනස් කරන්න වෙනවා.

ඉතින් මේ වගේ ඔයා වෙනත් ඖෂධ ගන්න කෙනෙක් නම් ව්‍යාග්‍රා ගන්න කලින් ඔයා ඒ ගන්න ඖෂධය එක්ක ව්‍යාග්‍රා ගත්තට කමක් නැද්ද කියලා අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න ඕනා.

📌තව තියෙන ප්‍රශ්නයක් තමා ව්‍යාග්‍රා ගන්න අයට මුලින් මුලින් මේක හොඳට වැඩ කළාට පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා. කාලයක් තිස්සේ ඖෂධය ගත්තම ඇඟ, ව්‍යාග්‍රා වලට tolerance එකක් හදා ගන්නවා. ව්‍යාග්‍රා වලට ඇඟේ ප්‍රතිග්‍රාහක දක්වන සංවේදීතාවය අඩු වෙනවා. ඒ හින්දා මුලින්ම ව්‍යාග්‍රා ගද්දි ලැබුන ප්‍රතිඵල දිගටම ගන්න ඕන නම් කාලෙත් එක්ක ගන්න මාත්‍රාවත් වැඩි කරන්න ඕනා.

📌වැදගත්ම දේ තමා ව්‍යාග්‍රා බිව්වා කියලා ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්නේ නෑ. ඒක තාවකාලිකව යටපත් වෙනවා විතරයි. උණකට පැරසිටමෝල් ගන්නේ. ඒ ගන්නේ උණ අඩු කරන්න/ Symptomatic relief. ඒ වගේම දෙයක් තමා ව්‍යාග්‍රා ගත්තම වෙන්නෙත්. තමන්ගේ රෝග ලක්ෂණය තාවකාලිකව මැඩ පැවැත්වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක හිතන්න එපා ව්‍යාග්‍රා ගත්තා කියලා ලිංගික අප්‍රාණිකත්වය සුව වෙයි කියලා එහෙම. ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට අදාළ හේතුව හොයාගෙන ඒකට ප්‍රතිකාර කරනවා මිසක් මේවා ගත්තා කියලා ලෙඩේ නිට්ටාවට සුව කරන්න බෑ.

ඉතින් ඕවා සේරම සලකා බැලුවම මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට නිර්දේශ කරන්නේ නෑ ව්‍යාග්‍රා ගන්න කියලා.

ලිංගික අප්‍රාණිකත්වය ගැන කලින් විස්තර එක්ක දාපු පෝස්ට් එකක් පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. ඕන අය ගිහින් කියවන්න.

XeducationSL පේජයෙන් උපුටා ගැනීමකි ස්තුතියි
(Prescreiption only drugs කාණ්ඩයට අයත් ඖෂධයක් ලෙස නිවැරදි කර එක් කරමි)

05/03/2024

වෛද්‍ය නිර්දේශයට අනුකූල ඖෂධ වේදි අධීක්ෂණය සමගින් ඖෂධ ලබා ගැනීමට පොළොන්නරුවේ විශ්වාසවන්ත තැන.
ඔබත් පැමිණෙන්න...

17/01/2024
New location
08/01/2024

New location

2024 නව අවුරුද්ද අලුත් වෙනසක් සමග..පොළොන්නරුවේ ඔබ සඳහා....ඩර්ඩන්ස් රසායනාගාරය අසලරෝහල ඉදිරිපිටපොළොන්නරුව027 2222 125 , 0...
08/01/2024

2024 නව අවුරුද්ද අලුත් වෙනසක් සමග..
පොළොන්නරුවේ ඔබ සඳහා....
ඩර්ඩන්ස් රසායනාගාරය අසල
රෝහල ඉදිරිපිට
පොළොන්නරුව
027 2222 125 , 0717 222 125

14/04/2023

Address

Polonnaruwa

Opening Hours

Monday 05:30 - 22:00
Tuesday 05:30 - 22:00
Wednesday 05:30 - 22:00
Thursday 05:30 - 22:00
Friday 05:30 - 22:00
Saturday 05:30 - 21:00
Sunday 05:30 - 21:00

Telephone

+94717222125

Website

Alerts

Be the first to know and let us send you an email when Niyojitha Osusala-Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share