හෙල සිරිත - Hela Siritha

හෙල සිරිත - Hela Siritha ✨ ප්‍රාචීන පෞරාණික ජ්‍යෝතිෂ සේවාවන් ✨

ග්‍රහලොව බුද්ධිමතා, ප්‍රඥාකාරකයා ලෙසින් හැඳින්වෙන බුධ ග්‍රහයා තමාගේ සම රාශියක් වූ ගුරුට අයත් ධනු රාශියට 2025.01.04 පෙ.ව....
08/01/2025

ග්‍රහලොව බුද්ධිමතා, ප්‍රඥාකාරකයා ලෙසින් හැඳින්වෙන බුධ ග්‍රහයා තමාගේ සම රාශියක් වූ ගුරුට අයත් ධනු රාශියට 2025.01.04 පෙ.ව. 12.05ට ගෝචර වේ. දින 20ක පමණ කාලයක් ගුරුගේ නිවහන තුළ බුධ රැඳී සිටී. මෙය මේ වසරේ සිදු වන ප්‍රථම ග්‍රහමාරුව ලෙස හැඳින්වේ. මෙදින පවතින තත්කාල ලග්නය වනුයේ මීන ලග්නයත් මකර නවාංශකයත් ය.
එහිදී ලග්නගතව රාහු ද තෙවැන්නේ ගුරු ද පස්වැන්නේ නීච වක්‍ර කුජ ද හත් වැන්නේ කේතු ද දස වැන්නේ 22 වන දෙර්කාණාධිපතිට අයත් බුධ සමග රවි ද 12 වැන්නේ සඳු, සිකුරු, ශනි ද ගමන්ගෙන තිබුණි. එදින පවතින නැකත වනුයේ සියාවස නැකතයි. සියාවාස නැකත වනාහි රක්ක වර්ණ, නපුංසක ලිංග, තාරකා 100කින් යුත් නැකතකි.

තත්කාල කේන්ද්‍රයේ බුධ 22 වන දෙර්කාණාධිපතිට අයත් වීම මත බුද්ධිමතුන්ට, ආචාර්ය, මහාචාර්ය, කතුවරුන්ට, පාසල් ශිෂ්‍යන්ට අසුබ බවක් ඇති කරයි. එසේම පාර්ලිමේන්තු කථානායකවරයාට ද යම් යම් පීඩා සහිත බවක් ඇති කරනු ලබයි. තවද කුඩා ව්‍යාපාරිකයන්ට මෙම දින 20ක කාලය යහපත් නොමැත. රෝහල්, බන්ධනාගාර ආශ්‍රිත ගැටලු ඇති වන බවක් ද පෙනෙන්නට තිබේ. ජනතාව අතර හඳුනානොගත් වෛරස් රෝගී තත්ත්වයක් ද ව්‍යාප්ත වන බවක් ද පෙනේ. එමෙන්ම කාන්තාවන්ට, කලාකරුන්ට යහපත් නොමැත. ප්‍රකට කලාකාරියකගේ වියෝවක් ද මෙම කාලය තුළ පෙන්නුම් කරයි. ඒ අනුව බුධ ග්‍රහ ගෝචරය ලග්න 12ට බලපාන ආකාරය බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ භාග්‍ය ස්ථානයේ හෙවත් 9 වැන්නේ ගෝචර වේ. පෙර පින මතු වන කාලයකි. ලේඛනමය කටයුතු වල නිරත වී සිටි අයෙක් නම් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රය තුළ දී බුධ 8 වැන්නේ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව අඩු කෙරේ. ඔබ රැකියාවක නියුතු අයෙක් නම් මානසක පීඩා අධික වේ.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් 7 වැන්න තුළ බුධ ගෝචර වේ. හවුල් ව්‍යාපාර ආදිය සිදු කරන අයෙක් නම් එහි සාර්ථක ප්‍රතිඵල ලැබේ. රැකියාව තුළ අවුල් වියවුල් වරින් වර පැන නැඟේ.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ 6 වැන්න තුළදී ගෝචර වේ. බාල සහෝදරයන් අතර මත ගැටුම් ඇති කරයි. මුදල් අනවශ්‍ය ලෙස වියදම් වන දින කිහිපයකි. සෙම් අමාරු ඇති වේ.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සමග 2 අධිපති සංයෝගව පස්වැන්න තුළ ගෝචරව ගමන් ගෙන තිබුණි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය, මානසික පීඩා මෙන්ම අඹුසැමි ආරවුල් ද ඇති කරයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ ලග්නාධිපති වෙමින් සිව් වැන්න තුළදී බුධ ගෝචර වේ. තමාගේ ජනප්‍රියත්වය වැඩි දියුණු වන දින කිහිපයකි. උදරගත අසනීප ඔබට ඇති වීමට ඉඩ පවතී.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ තුන් වැනි භාවය තුළ බුධ ගෝචර වේ. ලේඛනමය කටයුතු වල නිරත වී සිටි අයෙක් නම් යහපත් ප්‍රතිඵල ලැබේ. රැකියාවේ ගැටලු ඇති වේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ 8 අධිපති වෙමින් 2 වන භාවය තුළ ගෝචර වේ. ධනය අතින් ලැබීම් අතින් යහපත්ය. පපුව ආශ්‍රිත ලෙඩ රෝග ඇති කරයි.

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව බුධ ගෝචර වේ. ඔබට ධර්ම කර්මාධිපති යෝගයක් ද පවතින හෙයින් ලැබීම්, තනතුරු, යම් යම් වරප්‍රසාද හිමිවියහැකි දින කිහිපයකි. සිතේ ව්‍යාකූල ගති මතු වීමට පවා ඉඩ ඇත.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ 12 වැන්න තුළදී ගෝචර වේ. විදෙස් ගතවීමට භාග්‍ය පවතී.

හදිසි රෝහල් ගතවීමට පවා ඉඩ පවතී. අඹුසැමි ගැටුම් මෙන්ම හවුල් ව්‍යාපාර සම්බන්ධ ගැටලු ද ඇති කරයි.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළදී බුධ 11 වන භාවයේ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය. ලැබීම් අතින් යහපත් වේ.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බාධක ග්‍රහයකු වන බුධ 10 වැන්න තුළ දී ගෝචර වේ. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ඒ සම්බන්ධව යම් යම් බාධක ඇති කරයි. රැකියාවක් කරන අයෙක් නම් රැකියාව තුළ ගැටලු, මානසික පීඩා, යම් යම් බාධක තත්ත්වයන් ද පැන නැඟේ.

මීන ලග්නය – රාජ්‍ය නිලධරයන්ගේ ප්‍රසාදයටගෘහ ජීවිතය :- බාධක මැදින් ජයග්‍රහණය කරන උත්සාහයෙන් යුතුව ග්‍රහයින් දෙන අසුබ කිරණ ...
31/12/2024

මීන ලග්නය – රාජ්‍ය නිලධරයන්ගේ ප්‍රසාදයට

ගෘහ ජීවිතය :- බාධක මැදින් ජයග්‍රහණය කරන උත්සාහයෙන් යුතුව ග්‍රහයින් දෙන අසුබ කිරණ සුබතාවට පත්කරගන්නා වසරකි. යුගදිවියේ ගැටලු නිරාකරණය කර ගැනීමට ගුරුගේ දෘෂ්ටියෙන් හැකිවනු ඇත. ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඒවා තාවකාලික වේ. මාර්තු 29 දින සෙනසුරුගේ මාරුවෙන් ඒරාෂ්ඨකයේ බලපෑම වැඩියෙන් දැනෙන්නට පටන්ගන්නා නිසා ඔබ වසර ආරම්භයේ සිටම ධාර්මික කටයුතුවල නියැළෙමින් ජීවිතයට ශක්තියක් එක්කර ගත යුතුයි. ඔබ සිතන පතන සියලු දේ අත්පත් කර ගත හැකි ග්‍රහබල යෝග ඔබ සතුය. විමලා යෝගය, වොශී යෝගය, සූනපා යෝගය, සරලා යෝගය වැනි ග්‍රහබල තුළින් නව ආලෝකයක් 2025 වසරට එක්වනු ඇත.

රැකියාව :- රවි 10 වැන්න වූ රැකියා ස්ථානයේ ගෝචරවීම, 10 අධිපති ගුරු 3 වැන්නේ සිටීම අනුව කථාවේ නිපුණත්වයක් ඇතිව අන්‍යයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රසාදය දිනා වැඩකටයුතු කළ හැකියි. නව රැකියා ලාභ ගෙන දෙයි. එහෙත් මැයි මාසය තෙක් බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමත් කරන්ට යන දේ දෙවරක් සිතීමත් අවශ්‍ය වන්නේ රාහු ලග්නගතව සිටින නිසාවෙනි. නොයෙකුත් පැටලිලිවලට මැදිවීමට ඉඩ ඇති බැවිනි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවනට පොතපත දැනුම කියවීමේ රුචිය වර්ධනය කරයි. ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවේ. ගැටලු තැන් නිරවුල් කරගැනීමට දක්ෂ ගුරුභවතුන් සොයා යාමට සිදුවේ.

සෞඛ්‍යය :- හිසරදය, අලස බව, නිදිමත, පාදවල වේදනා, සුළු අනතුරු, ඇස්වහ කටවහ දෝෂ තිබෙන්නට පුළුවන.

අපල මඟහරවා වසර සුබ කර ගැනීමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. සෙනසුරාදා දින ආබාධ සහිත අයට ආහාරපාන, වෙල් මාළුන්ට පොරි දැමීම, බලුකපුටු දාන සහ අටවිසි බෝධිපූජා තැබීම, අටපිරිකරක් භික්ෂූන් වහන්සේ නමකට පූජා කිරීම, වැටකෙයියා මල් පූජා කර විෂ්ණු දෙවියන්ට පින්දීම, වැටකෙයියා පැළයකට සත්කාර කිරීම, භික්ෂු සංඝයාට දානමාන දීම, ගිලන්පස පූජාකිරීම, දානශීල භාවනාවල නිරතවීම වැනි දේ කළ යුතුය. ජය පිරිත, සජ්ජායනය කිරීම (උදේ සවස).

සුබ අංක – 3, 4, 9, සුබ වර්ණ – රතු, කහ, තැඹිලි,
සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා, බ්‍රහස්පතින්දා

කුම්භ ලග්නය – අන්‍යයන්ට ආදර්ශයක්•ගෘහ ජීවිතය :- දැනකට ගත කරන ලග්න ඒරාෂ්ටකයේ බලපෑම ලබන වසරේ මාර්තුවල සිට තරමක් දුට අඩු වුව...
31/12/2024

කුම්භ ලග්නය – අන්‍යයන්ට ආදර්ශයක්

•ගෘහ ජීවිතය :- දැනකට ගත කරන ලග්න ඒරාෂ්ටකයේ බලපෑම ලබන වසරේ මාර්තුවල සිට තරමක් දුට අඩු වුවත් ඉදිරියටත් පවතී. ඔබට එළඹෙන වසර තුළ උත්සාහය කැපවීම සහ ධර්මානුකූලව සියල්ල ජයගත යුතුව ඇත. ගෙදර දොර අතපසු වූ වැඩ කොටස් යළි ආරම්භ වේ. යම් ඉලක්කයක් ඇතිව කටයුතු කරයි. අධිෂ්ඨානය අත්නොහරින ඔබ වර්ෂය අවසාන වන විට අන්‍යයන්ට ආදර්ශයක් ද වේ. නොබියව දුෂ්කර අමාරු කාර්යයන්වලට අත ගසයි. ඔබ තුළ දැනටත් පවතින සරල බව ඉවසීම කලබල නොවන තැන්පත් ස්වරූපය භාග්‍ය උදාකර දෙන බැවින් ඒවා වඩා වර්ධනය කරගෙන ජීවිතයට මුහුණ දෙන්න. ජය යෝගය, ලක්ෂ්මී යෝගය පිහිටා ඇත.

•රැකියාව :- දැනට කරගෙන යන රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබුණත් යම් අවස්ථාවල ඔබට නීතිමය වශයෙන් චෝදනාවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. නව රැකියා ලාභ වශයෙන් ගුරු වෘත්තිය, කෘෂිකාර්මික අංශවල රැකියා ලැබීමට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණවිමට ද හැකියාව භාග්‍ය පෙන්වයි. අන්‍යයන්ට ණය ගනුදෙනුවලට අත්සන් තැබීම් මුල්මාස 3 තුළ නුසුදුසුය.

•අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවලට ඒරාෂ්ටක අපල බලපෑම් කළත්, බාධාවලට පයින් ගසා ජයග්‍රහණ අත්පත් කර ගන්නා බවක් දක්නට ඇත. අමතකවීම්, අතපසුවීම් මඟහරවා ගැනීමට සෙත්ශාන්ති කරගන්න. රට තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතාවක් ද ඇතිවිය හැකියි.

•සෞඛ්‍යය :- සෙම් රෝග, හෘද රෝග, ස්නායු දුබලතා, දත්වල අසනීප, අතපය හිරිවැටීම් මෙන්ම හදිසි සුළු අනතුරු ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

එම අපල අසනීප මඟහරවා ගැනිමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. සෙනසුරාදා දිනවල බෝධිපූජා, අතපය කොර අයට ආහාරපාන, බලුකපුටු දාන සහ රාහු ලග්නගත වන බැවින් මැයි මාසයේ සිට වැටකේ මල් පිදීම වැටකෙයියා පැළයකට සත්කාර යනාදිය කරන්න. රාහු ලග්නගතවීම වැඩකටයුතු අතපසු කරන අමතකර කරන කරුණක් බැවින් යහපත් සිහිය පිහිටුවා ගන්න. රතන සූත්‍රය, ජය පිරිත දෙකත් උදේ සවස කියන්න. අසන්න. අන්තරාය නිවාරණ පිරිත කියන්න. සංඝයා වහන්සේලාට දන්පැන් දෙන්න.

සුබ අංක – 3, 7, 9, සුබ වර්ණ – නිල්, රතු, සුදු,
සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා

මකර ලග්නය – බුද්ධිමත් තීන්දු තීරණ•ගෘහ ජීවිතය :- නව වර්ෂය ආරම්භයේදීම සඳු ග්‍රහයා ඔබගේ ලග්නයේම ගෝචරවීම මානුෂීය ගුණ අංශ තුළ...
31/12/2024

මකර ලග්නය – බුද්ධිමත් තීන්දු තීරණ

•ගෘහ ජීවිතය :- නව වර්ෂය ආරම්භයේදීම සඳු ග්‍රහයා ඔබගේ ලග්නයේම ගෝචරවීම මානුෂීය ගුණ අංශ තුළින් ධර්මානුකූලව ජීවිතයක් පවත්වාගෙන යාමට අදිටන් කර ගැනීමකි. අවුරුදු 7 1/2ක් තුළ පැවති ලග්න ඒරාෂ්ඨටකයක ද 2025 මාර්තු 29 දින අවසන් වනවාත් සමඟම ජයග්‍රාහී මාවතක ගමන් කිරීමට ඔබට හැකිවනු ඇත. ක්ෂේම යෝගය, ලක්ෂ්මී යෝගය, ජය යෝගය, සූනපා යෝගය වැනි ග්‍රහබල යෝග පෙන්වන බැවින් ගෙදරදොර කටයුතු ඉවසීමෙන් කරගෙන යෑමෙන් හා බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමෙන් සමෘද්ධිමත් කරගත හැක. අතපසු වූ සියලු කටයුතු පලදරනු ඇත. පවුලේ සාමාජිකයන් එකතුව දානමාන පින්කම් කරමින් සතුටින් දිවි ගෙවීමට භාග්‍ය පවතී.

•රැකියාව :- කරන කියන රැකී රක්ෂා, වෙළහෙළඳාම්, ගොවිතැන් කටයුතුවලින්, ලාභ ආදායම් හිමිවෙයි. උත්සාහය කැපවීම ඔබ සතුව පවතී. විසිතුරු සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය, ස්වර්ණාභරන හා මැණික් කර්මාන්ත සිදුකරගෙන යන අයට ද යහපත්ය.

•අධ්‍යාපනය :- නව වැන්නේ කේතු හා 5 වැන්නේ ගුරු ද ගෝචරවීම අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ජයග්‍රහණවලට හේතු වේ. පරිගණක තාක්ෂණ අංශවල හා නීතිමය අංශ හදාරන දුවා දරුවන්ට සුබපල ගෙන එයි.

•සෞඛ්‍යය :- සෙම් රෝග, හතිය, අක්මා රෝග ද අක්ෂි රෝග ආදිය ද හට ගැනීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට පහත අයුරු කටයුතු කරන්න. ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 3, 4 යන ස්ථානවල නොසිටී නම් ඔබට කිසිදු ඒරාෂ්ටක තත්වයක් ඉදිරියේදී දක්නට නොමැත. දැනට ගෙවී යන ඒරාෂ්ඨටකය නිසා මාර්තු වන තෙක් කරන කියන කටයුතුවලදී ප්‍රවේශමෙන් වැඩ කරන්න. රාහු දෙවෙනි භාවයට පැමිණීම මැයිවලදී සිදුවන බැවින් ඒ කාලය තුළ හැකිතාක් මෛත්‍රී භාවනාව වඩන්න. ඉවසීම කරුණාව වර්ධනය කරගන්න. ගුරු 6 වැන්නට යාම නිසා බෝමළුව පිරිසිදු කිරීම ඇතුළු බෝධි පූජාමය කටයුතු ද උපාසක අයට දන් පැන්දීම ද හොඳය. අටපිරිකර පූජා කිරීම, රතන සූත්‍රය කීම ශ්‍රවණය කිරීම, අසරණ අයට ආහාර පාන දීමද කළ යුතුය.

සුබ අංක – 6, 8, 9, සුබ වර්ණ – සුදු, රතු, නිල්,
සුබ දවස් – බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ධනු ලග්නය – ප්‍රධානීන්ගෙන් උදවු උපකාර•ගෘහ ජීවිතය :- නව වසර ආරම්භයත් සමඟම භාග්‍යස්ථාන අධිපති රවි ලග්නගතව සිටීම අනුව තමාගේ...
31/12/2024

ධනු ලග්නය – ප්‍රධානීන්ගෙන් උදවු උපකාර

•ගෘහ ජීවිතය :- නව වසර ආරම්භයත් සමඟම භාග්‍යස්ථාන අධිපති රවි ලග්නගතව සිටීම අනුව තමාගේ සිතැඟි පරිදි යම් අභියෝගයක් තිබුණේ නම් එය ජය ගැනීමට අවස්ථාව උදාවෙයි. නි‌ෙවසෙහි රැඳී සිටින්නට ඉඩ කඩ නොමැති අවිවේකී බවක් පෙන්වයි. සතුරන් පරාජය කරයි. වසරේ මැද භාගයෙන් පසුව බොහෝ සුබපල උදාකර දෙනු ඇත. එතෙක් රැවටිලිවලට හසු නොවී කටයුතු කිරීමට බුද්ධිමත් විය යුතුව ඇත. උභයචාරී යෝග, සූනපා අන්‍යා යෝග, විමලා යෝගය, ජය යෝගය යනාදී ග්‍රහ බල යෝග ඔබට එළඹෙන නව වසර ජය ගැනීමට භාග්‍ය මතුකර දෙයි. ප්‍රධානීන්ගෙන් උදවු උපකාර ලැබේ. පුණ්‍ය කටයුතු සිදුකරයි.

•රැකියාව :- රැකියාවේ කටයුතු වෙනුවෙන් දුරබැහැර ගමන් යෙදෙන මේ වසර තුළ විදෙස් ගමන් ද යාමට අවස්ථාව සැලසේ. පරීක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදෙයි. දේපළ, ඉඩකඩම් සම්බන්ධයෙන් තැන්පත් ධනය යෙදවීම වැඩිහිටි අයගේ උපදෙස් මත සිදුකරන්න. ලාභ ප්‍රයෝජන ලද හැකි වසරක් වුවද වියදම් පක්ෂය ද වැඩි බැවින් ඉතිරි කිරිම සුළු වශයෙනි. අනවශ්‍ය වියදම් අඩු කරන්න.

•අධ්‍යාපනය :- රවි ග්‍රහයා ලග්නයේ සිට සිය උච්ච රාශිය දකින බැවින් විභාග ජයග්‍රහණය කිරීමට දරුවනට බුද්ධි වර්ධනයක් සිදුවේ. රාජ්‍ය අංශවලින් ද අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වෙනසක් සිදුවිය හැකි අතර එය දරුවන්ගේ යහපතට හේතුවේ. රාජ්‍ය අංශවලින් ලබාගත හැකි පල ප්‍රයෝජන ගැන අවධානයෙන් සිටින්න.

•සෞඛ්‍යය :- උදර රෝග, සෙම් රෝග, පිත් රෝග ද ඇතිවිය හැකියි. කොඳුඇට පෙළ ආශ්‍රිතව ද ගැටලු පැන නැඟිය හැක.

ඔබගේ කේන්ද්‍රයේ 4, 5 යන රාශියක සඳු සිටී නම් පමණක් තරමක අපල තත්ත්වයක් සෙනසුරුගෙන් නිර්මාණය වේ. එසේ නම් සෙනසුරු ග්‍රහ අපල වෙනුවෙන් කළ යුතු පිළිවෙත් සිදු කළ යුතුය. නීතිමය ගැටලු ඇස්වහ කටවහ දෝෂ චීත්ත පීඩා සතුරු කරදර ඔබ කරා ඒමේ ඉඩකඩ ඇති බැවින් දානමාන පින්කම්, බලුකපුටු දාන, වෙල් මාළුන්ට ආහාර, අසරණ අයට උපකාර කිරීම් නොපමාව සිදු කරන්න. රතන සූත්‍රය, ජය පිරිත, මෝර පිරිත, සූර්ය පිරිත උදේ සවස කියන්න. අසන්න.

සුබ අංක – 3, 5, 6, සුබ වර්ණ – කොළ, තැඹිලි,
සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය – අනාගතය සැලසුම් කරයි•ගෘහ ජීවිතය :- ලග්නයේ බුධත් ලග්නාධිපති 9 වැන්නවූ භාග්‍යස්ථානයේත් ගෝචර වෙමින් ආරම්භ වන...
31/12/2024

වෘශ්චික ලග්නය – අනාගතය සැලසුම් කරයි

•ගෘහ ජීවිතය :- ලග්නයේ බුධත් ලග්නාධිපති 9 වැන්නවූ භාග්‍යස්ථානයේත් ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂයට ඔබට අයහපත් නොවේ. අලංකාරවත් ලෙස ගේ දොර කටයුතු සැලසුම් කරන්නට ඔබට හැකියාව ඇතිබව පෙන්වයි. මාර්තු මාසයේ සිදුවන සෙනසුරු මාරුවෙන් ධෛර්යවන්තව උත්සාහය කැපවීම ඇතිව අනාගතය සැලසුම් කරයි. වසරේ මැද භාගයෙන් පසුව විශේෂයෙන් මැයිවලින් පසුව රාහු සිවුවැන්නට යාම නිසා කලබලකාරී බවක් ඇතිවෙයි. ගමන් බිමන් අධික වේ. ඒ කාලය තුළ මානසික තත්ත්වය සිහි කල්පනාව හොඳින් පවත්වාගත යුතුය. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වන්න. වොගී යෝගය, සූනපා යෝගය, ජය යෝගය වැනි ග්‍රහ යෝග බල මෙන්ම සස යෝගය ද පවතී. ඒවා සුබපල ගෙන දෙයි.

•රැකියාව :- රැකියා ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබන්නට හැකිවෙයි. සුඛෝපභෝගී භාණ්ඩ ස්වර්ණාභරණ මැණික් යනාදියට සුබ කාලයකි. නව රැකියා ලාභ ද ඇත. සැපහසු රැකියා ලැබීමේ භාග්‍යය ද පවතී. මැයි මාසයෙන් පසුව ගෘහස්ථ රැකියාවලට සුළු අපලකාරී බවක් කලබලකාරී බවක් පෙනෙන්නට ඇත.

•අධ්‍යාපනය :- වසර ආරම්භයේ අධ්‍යාපනයට බාධා පවතින්නේ රාහු විද්‍යාස්ථානයේ ගෝචරව සිටින බැවිනි. ජනවාරි අග සිට අප්‍රේල් මාසය දක්වාම සිකුරු උච්චව සිටින බැවින් අධ්‍යාපනයට තිබූ බාධා අවම වෙයි. කලා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ අත්කරගනී. රාහු නිසා අමතකවීම් අතපසුවීම් බාහිර දේට සිත යාම වැනි දේ පෙන්නුම් කරන බැවින් සිහිබුද්ධිය පවත්වාගන්න.

•සෞඛ්‍යය :- ගර්භාශ රෝග, සෙම් පිත් රෝග, උගුරේ වේදනා, මානසික රෝග ආදියට ඉඩ ඇත.

ඔබගේ කේන්ද්‍රයේ උපතේදී සඳු 5, 6 යන රාශියක සිටියේ නම් ඒරාශ්ටක අපල තත්වයක් උද්ගතවීමට ඉඩ ඇත. එසේ නොමැති නම් බිය විය යුතු නැත. එහෙත් නව වසරේ අපල උපද්‍රව අවම කරගෙන සහනය ළඟා කර ගැනීමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. ධර්ම පත්‍රිකා බෙදාහැරීම්, ධර්ම දේශනා කරවීම්, දාන ශීල භාවනා වැඩසටහන්වලට සම්බන්ධවීම වැටකෙයියා මල් පිදීම, ඉවසීම කරුණාව වැනි ගුණධර්ම, අන්‍ය්‍යන්ට උදවු කිරීම, බෝමළුව පිරිසිදු කිරීම, බෝධි වන්දනා ආදිය කළ යුතුය.

සුබ අංක – 1, 7, 9, සුබ වර්ණ – කහ, තැඹිලි,
සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

තුලා ලග්නය – රැකියා දියුණුව ඇතිවේ•ගෘහ ජීවිතය :- ආරම්භයේදී ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සමඟ 5 වැන්නේ ගෝචර වීම යහපත්ය...
31/12/2024

තුලා ලග්නය – රැකියා දියුණුව ඇතිවේ

•ගෘහ ජීවිතය :- ආරම්භයේදී ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සමඟ 5 වැන්නේ ගෝචර වීම යහපත්ය. කුජ 10 වැන්නේ තැන්පත්වීමත් අනුව ගෙදරදොර දියුණුවට වැඩකටයුතු කර ගැනීමට හැකි සුබ වසරක් සේ පෙන්වයි. දෙමාපිය සහයෝගය ලැබදෙයි. දුර්වල අයට ඇප උපකාර කරමින් දෙලොව දියුණුවට වැඩ කර ගැනීමට දක්ෂය. වචනයෙන් අන්‍යයන්ගේ සිත් දිනයි. මාර්තු මාසයෙන් පසුව සෙනසුරු මීන, රාශිගතවීමෙන් දරුවන්ගේ කලා අධ්‍යාපනයට සුබ වේ. විවාහ, දරුපල ආදියට ද යහපත්ය.

•රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ කුජ ග්‍රහයාගේ ගෝචරය අයහපත් නොවේ. කරන කියන රැකියා කටයුතුවලින් මිල මුදල් උපයා සපයා ගනී. නිල ඇඳුමක් ඇඳ කරන රැකියාවලට උරුමකම් ඇත. රැකියාව සම්බන්ධයෙන් එඩිතරය බියගුලු නැත. කෘෂිකාර්මික අංශය ද දියුණු වේ.

•අධ්‍යාපනය :- මුල් කාලසීමාව අධ්‍යාපනික ප්‍රගතියක් දැක්වේ. නැටුම් ගැයුම් ගායනය යන අංශවලින් ජයග්‍රහණය ලබයි. මැයි මාසයෙන් පසුව ගුරු 9 වැන්නට ඒම සුබදායකය. උසස් අධ්‍යාපනික ජයග්‍රහණ ලබයි. එහෙත් රාහු 5 වැන්නට යාම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට බාධා ගෙනදෙයි. ඉගෙනීමට වඩා වෙන දේට අවධානය යොමු කරයි.

•සෞඛ්‍යය :- අජීර්ණ, හිරිවාත, තුනටිය ආශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ ආදියට ඉඩ ඇත.

උපතේදී ඔබගේ හඳහනේ සඳු ග්‍රහයා 6, 7 යන භාවයක සිටියේ නම් පමණක් ඒරාෂ්ටක අපල පවතී. එසේ නොමැති නම් බිය විය යුතු නැත. දශාවේ අපල බලා ඒවාට සත්කාර කර ගන්න. රාහු 5 වැන්නේ ගෝචරවීම මැයි මාසයෙන් පසුව බැවින් ඒ කාලයේ දරුවන් ලවා වැටකේ මල් පූජා කරවන්න. විෂ්ණු දෙවියන්ට පින් දී රාහු අපල දුරලන මෙන් ඉල්ලන්න. වැටකෙයියා පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 6, 9, සුබ වර්ණ – සුදු, ලා නිල,
සුබ දවස් – බදාදා, සිකුරාදා, සෙනසුරාදා

කන්‍යා ලග්නය – යුග දිවියේ ගැටලු නිරාකරණය වේ•ගෘහ ජීවිතය :- සුරගුරු භාග්‍යස්ථානගතව සිටීම ඉතා සුබය. ලග්නාධිපති බුධ වික්‍රමස...
31/12/2024

කන්‍යා ලග්නය – යුග දිවියේ ගැටලු නිරාකරණය වේ

•ගෘහ ජීවිතය :- සුරගුරු භාග්‍යස්ථානගතව සිටීම ඉතා සුබය. ලග්නාධිපති බුධ වික්‍රමස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ වන වසරේ මුල් මාස 3න් පසු මෙතෙක් පැවති ගැටලු බොහොමයක් අවම වේ. ඉතාම සාර්ථක විය හැකි වසරක් ලෙස පෙන්නුම් කරයි. මාර්තුවලදී සෙනසුරු 7 වැන්නට පිවිසුණද එය අසුබයක් නොවනු ඇත. යුග දිවියේ ගැටලු නිරාකරණය වී ගෙදර දොර දියුණුවට අදාළ වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ විවාහ අධ්‍යාපනය රැකියා ආදී කරුණු කාරණා ද පලදරයි.

•රැකියාව :- වසරේ මුල් කාලය තුළ දැනට කරගෙන යන්නාවූ රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන අතර ඊටත් වඩා සාර්ථකවීමක් මැයි මාසයෙන් පසුව ඇත. උසස්වීම් වැටුප්වැඩිවීම් නව රැකියා ලාභ පෙන්නුම් කරයි. උනන්දු වන්න.

•අධ්‍යාපනය :- 5 අධිපති 6 වැන්නේත් 11 අධිපති 5 වැන්නේත් ගෝචර වීම අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වේ. ග්‍රහයින්ගෙන් ලැබෙන පිටුවහල සාර්ථක කර ගැනීමට නම් ඔබ උත්සහවන්තව නොපමාව පොපත සහ පරිගණක දැනුම ලබා අධ්‍යාපනය කළ යුතුවේ. අභියෝගාත්මක විභාග ජයග්‍රහණය කරයි.

•සෞඛ්‍යය :- හිසරදය, සෙම් රෝග, මුත්‍රා ආසාදන, ස්නායු දුබලතා ආදියට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්ය.

ඔබගේ කේන්ද්‍රයේ සඳු 7, 8 යන භාවයක සිටී නම් පමණක් ඔබට සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයක් නිර්මාණය වේ. එලෙස තිබේ නම් පමණක් සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් සිදුකරන්න.

කෙසේ වුවද නව වසර සුබපල උදාකර ගැනීමටත් පවතින සුළු දෝෂ අවම කර ගැනීම සහ සෙත් ශාන්තිවලට යොමුවන්න. සංඝයා වහන්සේලාට දාන මාන, උපාසක අයට අසරණ අයට ගිලනුන්ට උපස්ථාන, බෝධි පූජා, බුද්ධ පූජා, කිරි ආහාර පූජා සහ අටවිසි බුදුවරුන්ට පූජා පිළිවෙත් සිදුකිරීම මැනවි. කොහොඹ පැළයකට සත්කාර කිරීම ද හොඳයි. සූරිය පිරිත, රතන සූත්‍රය උදේ හවස කියන්න. අසන්න.

සුබ අංක – 2, 3, 5, 7, සුබ වර්ණ – සුදු, කහ, කොළ,
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සිංහ ලග්නය – බාධක මැදින් ජයග්‍රහණය•ගෘහ ජීවිතය :- 5 අධිපති ගුරු 10 වැන්නේ ගෝචරවීම කර්ම බලය ශක්තිමත් කරන ග්‍රහ ගෝචරයකි. එහ...
31/12/2024

සිංහ ලග්නය – බාධක මැදින් ජයග්‍රහණය

•ගෘහ ජීවිතය :- 5 අධිපති ගුරු 10 වැන්නේ ගෝචරවීම කර්ම බලය ශක්තිමත් කරන ග්‍රහ ගෝචරයකි. එහෙත් යෝගකාරක කුජ 12 වැන්නට යාම දියුණුවට බාධක මතු කරන බැවින් බොහෝ කල්පනාකාරීව වැඩකටයුතු කළ යුතුව ඇත. ඥාති හිතවත් අයගෙන් උපකාර හිමිවේ. පවුලේ දියුණුව සලසා ගැනීමට හැකියාව ඇත. වෙහෙසකර වැඩවල යෙදෙන්නට සිදුවේ. දරුවන්ගේ යහපත් අරමුණු සපල වේ. විමලා යෝගය, නීචභංග යෝගය, ජය යෝගය භාග්‍ය මතු කරයි.

•රැකියාව :- රාජ්‍ය අංශ, පෞද්ගලික අංශවලට වඩා තම උත්සාහයෙන් ආරම්භ කරන ස්වයං රැකියා වැනි ව්‍යාපාර දියුණු වේ. සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තුළින් ද ලාභ ප්‍රයෝජන අත්වේ. කෘෂිකර්මය ආශ්‍රිතව ගොවිතැන් දියුණු කරගැනීමේ කාර්යයන් සපල වේ. ව්‍යාපාර අංශ වෙනස් විය හැකිය.

•අධ්‍යාපනය :- විවිධ භාෂා ඉගෙනීමේ දක්ෂතාවන් දරුවන් තුළ ගොඩනැඟේ. තැන්පත් බුද්ධියකින් යුතුව පොතපතට යොමුවෙයි. කලා අංශවල දරුවන්ගේ ප්‍රගතියක් ගෙන දෙයි. එම විභාග ජයග්‍රහණය කරයි. පාසලේ ගරුත්වය රැකගනී.

•සෞඛ්‍යය :- මුත්‍රා ආසාදන, අජීර්ණ, ස්නායු දුබලතා ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න.

මාර්තු මාසයෙන් පසුව සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් බලපැවැත්වෙයි. එය අවුරුදු 1 1/2ක් තරම් කාලයකිත ඒ කාලය තුළ අපල අනතුරු ඇතිවිය හැකි බැවින් කරන කියන වැඩකටයුතු යන එන ගමනබිමන් වලින් ප්‍රවේශම් වන්න.

සෙනසුරාදා දින බෝධි පූජා, කිරි ආහාර පූජා තබා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, පිරිත් ඇසීම, භාවනා කිරීම යන දේට යොමුවන්න.

ගිලනුන්ට, වයසක අයට උපස්ථාන කරන්න. ඔබගේ 8 වැන්න තුළ සඳු සිටී නම් ඒරාෂ්ඨක දෙකක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බැවින් හඳහන පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.

සුබ අංක – 1, 4, 5 සුබ වර්ණ – රතු, තැඹිලි
සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

කටක ලග්නය – අභියෝග ජයගනී•ගෘහ ජීවිතය :- යෝගකාරක කුජ ලග්නයෙන් ගුරු අයස්ථානගතවත් ආරම්භ කරන වසර ඔබට අභිමතාර්ථ මුදුන් පමුණුවා...
31/12/2024

කටක ලග්නය – අභියෝග ජයගනී

•ගෘහ ජීවිතය :- යෝගකාරක කුජ ලග්නයෙන් ගුරු අයස්ථානගතවත් ආරම්භ කරන වසර ඔබට අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට හැකිවනු ඇත. අෂ්ටම ඒරාෂ්ටකය මාර්තු මාසයේදී අවසන් වෙයි. මුල් මාස 3 දරුවන්ගේ සියලු යහපත් අරමුණු බොහෝ දුරට ඉෂ්ඨ සිද්ධ වනු දැකිය හැකිය. ගෙදර දොර අත්පසු වී හෝ නවතා තිබූ වැඩ කටයුතු යළි ආරම්භ කෙරෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. විදෙස් ගමන් යෙදේ. ශනි මාරුවෙන් පසු බොහෝ පුණ්‍ය කටයුතු සිදු කිරීමටත් වන්දනාමාන කර ගැනීමට දුරබැහැර පළාත්වලට යැවෙයි. ප්‍රිය සම්භාෂණ ආදියට ද සහභාගි වීමට අවස්ථාව සැලසෙයි. නීච භංග යෝග, සරලා යෝගය, සුනපා යෝගය, කලානිධි යෝගය යනාදී ග්‍රහබල යෝග නිසා කටයුතු සාර්ථක වෙයි.

•රැකියාව :- රැකියා කාරක සෙනසුරු මාරුවෙන් ධාර්මිකව මුදල් හදල් උපයාගෙන කරන කියන රැකීරක්ෂා, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත. ස්වයංරැකියා ආදිය ආරම්භ කිරීමට ද සුදුසු වසරකි. උගත් දරුවනට ගුරු වෘත්තිය, කෘෂිකාර්මික අංශවල රැකියා ලැබේ.

•අධ්‍යාපනය :- විද්‍යාස්ථානය වූ 5 වැන්නේ බුධත් ලග්නයේ සිටින 5 අධිපතිත් නිසා විද්‍යා, ගණිත, තාක්ෂණ අංශවල දරුවනට දැනුම ගොඩනැඟේ. ඒවායේ ප්‍රගතියක් දැක්වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් සිදුවිය හැකි බැවින් සුබපල අත්වෙයි.

•සෞඛ්‍යය :- අර්සස් රෝග, පිත් රෝග, බඩ පිපුම වැනි ආමාශගත අසනීපවලට හේතු ඇත.

ඔබගේ කේන්ද්‍රයේ 9, 10 යන රාශිවල සඳු සිටී නම් සුළු වශයෙන් සෙනසුරු අපල තත්වයක් ඉදිරියට බලපවත්වයි. එහෙත් එය තදබල නොවේ. කෙසේ වෙතත් ඔබට නව වර්ෂය අපල දුරුකර සුබපල උදාකර ගැනීමට පහත සඳහන් පිළිවෙත්වලට යොමුවීම තුළින් හැකිවේ. බෝධි පූජා, බුද්ධ පූජා, කිරි ආහාර පූජා, දාන භාවනා වැඩසටහන්වලට යොමුවි සූරිය පිරිත, ඡන්ද පිරිත, ජයපිරිත් ශ්‍රවණය කිරීම අසරණ අයට රෝගී අයට කුඩා දරුවනට උපකාර කිරීම තුළින් හැකිවේ. බලුකපුටු දාන ආදිය ද වඩාත් ආනිසංසදායක වේ.

සුබ අංක – 2, 7, 9 සුබ වර්ණ – සුදු, රතු, කහ,
සුබ දවස් – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

මිථුන ලග්නය – ජයග්‍රාහී වසරක්•ගෘහ ජීවිතය :- ගෙදර දොර වාසනාව මතුකර දෙන කාලයකි. සිතෙහි සතුට මෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි උනන...
31/12/2024

මිථුන ලග්නය – ජයග්‍රාහී වසරක්

•ගෘහ ජීවිතය :- ගෙදර දොර වාසනාව මතුකර දෙන කාලයකි. සිතෙහි සතුට මෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි උනන්දුවක් ද ඇතිවේ. විවාහ, රැකියා, තනතුරු, ගේදොර ආදී යහපත් අවශ්‍යතා ඉටුවීම තුළින් ඔබට ජීවිතයේ දියුණු මාවතකට අවතීර්ණ විය හැකි වර්ෂයකි. පවුලට නව සාමාජිකයන් එකතුවීමේ භාග්‍ය මතු කරයි. ජය යෝගය නීච භංග යෝගය ලක්මී යෝග ඇත. වසර ආරම්භයේම යම් ඉලක්කයක් ඇතිව කටයුතු ආරම්භ කිරීම තුළින් අභියෝග ජය ගැනීම පහසුය. වොශී යෝගය, ජය යෝගය, ලග්නාධි යෝගය, පුනපා යෝගය යනාදී ග්‍රහබල ඇත.

•රැකියා :- වෙළෙඳ ව්‍යාපාර මෙන්ම කරන කියන රැකී රක්ෂාවලින් සැලකිය යුතු ලාභ ලැබීමට හැකියාව පවතී. ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් ඇතිවීමට ද ඉඩකඩ ඇත. මොළය වෙහෙසවා කරන කටයුතුවලින් ද මුදල් උපයා ගනී. යම් දෙයකට මුදල් ආයෝජනයක් කරන්නේ නම් එය දෙවරක් සිතා බලන්න. විදෙස් රැකියා සඳහා ද භාග්‍ය ඇත. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.

•අධ්‍යාපනය :- නව පාඨමාලා ඉගෙනීමට මෙන්ම විදෙස් අධ්‍යාපනය ඉල්ලුම් කර තිබූ අයට ඒවාට මාර්ග සැලසෙන කාලයකි. දරුවන් වෙනාදාට වැඩි උනන්දුවකින් පොත පතෙහි නියැළේ. යහපත් ලෙස ඉගැන්වීමේ යෙදෙන ගුරුවරු මුණගැසේ. මහන්සි වී වැඩකර විභාගවලට මුහුණු දෙයි.

•සෞඛ්‍යය :- දණහිස් ආබාධ, හෘදය සම්බන්ධ රෝගාබාධ, රුධිර පීඩනය වැනි දේට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගන්න.

ඔබගේ හඳහනේ 10, 11 යන රාශියක සඳු සිටියේ නම් මිස වෙනත් ඒරාෂ්ටක අපල නොයෙදේ. එලෙස සිටී නම් ඒරාෂ්ටක අපල සඳහා බලුකපුටු දාන, ආබාධිත අයට ආහාරපාන ලබා දෙන්න. ඔබට ගතවෙන දශාව කුමක්දැයි පරීක්ෂා කර ඒවාට අදාළ සෙත් ශාන්ති කර ගැනීමෙන් ඉදිරි වසර තුළ සිදුවන්නට තිබෙන්නාවූ අයහපත අඩු කර යහපත සලසා ගත හැකියි.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ,
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

වෘෂභ ලග්නය – විදෙස් රැකියා භාග්‍යය•ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු 10 වැන්නේ සිටීමත් ගුරු ලග්නගතව සිටීමත් අනුව ගෘහ ජීවිත...
31/12/2024

වෘෂභ ලග්නය – විදෙස් රැකියා භාග්‍යය

•ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු 10 වැන්නේ සිටීමත් ගුරු ලග්නගතව සිටීමත් අනුව ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම දරුවන් සමඟ සබඳතා වඩා වර්ධනය වීමක් සිදුවේ. මාර්තු මාසයෙන් පසුව ආර්ථිකය ශක්තිමත් බවක් පෙන්වයි. වැඩිහිටි අයගේ ආදරය සෙනෙහස මෙන්ම ඔවුන්ගේ දේපළ ද හිමිවිය හැකියි. මුල් මාස 2 – 3 තුළ ප්‍රමාද වූ විවාහ දරුපල ආදියට සුබවාදී බවක් පෙන්නුම් කරයි. සස යෝගය, ජය යෝගය, සුනපා යෝගය, උභයචාරී යෝග ද යෙදී ඇත. ඒවා සුබපල උදාකර දෙයි.

•රැකියාව :- කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරවල දියුණුවක් දක්නට හැකි අතර අප්‍රේල් මාසයෙන් පසුව තනතුරු උසස්වීම් හෝ ආදායම් වැඩිවීමක් දක්නට හැකිය. විදෙස් රැකියා හෝ දුරබැහැර රැකියා ලැබීමට ද පුළුවන. කෘෂිකාර්මික අංශ දියුණු වේ.

•අධ්‍යාපනය :- ගුරු ලග්නගතව කේතු 5 වැන්නේ සිටීම ඉගෙනීමේ කටයුතුවලට හොඳ ග්‍රහබලයකි. පොතපතට යොමු නොවන දරුවන් ඒ සඳහා උනන්දු වේ. මැයි මාසයෙන් පසුව උසස් අධ්‍යාපනයේ දියුණුවක් දක්නට හැකි අතර කථිකත්වය, නීති ක්ෂේත්‍රය තුළින් දක්ෂයන් බිහිවේ.

•සෞඛ්‍යය :- රුධිර පීඩනය වැනි අසනීප ඇත්නම් ඒවා පිළිබඳ නිසි ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය බවක් ඉදිරි වර්ෂය තුළ පෙන්නුම් කරයි.

ඔබට උපතේදී 11, 12 යන රාශිවල සඳු පිහිටා ඇත්නම් ඒරාෂ්ටක අපල බලපවත්වයි. එසේ නොවේ නම් ඒරාෂ්ටක අපල නැත. දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමුවීමත් තරුණ දරුවන්ගේ යහපත් ක්‍රියාවන් (සමාජ සේවා වැනි) වලට උදවු උපකාර කිරීමත් කුසගින්නේ සිටින අයට සතෙකුට හෝ ආහාර වේලක් දීම ආදී ක්‍රියාවන් තුළින් අපල අඩුකර ගැනීමට පුළුවන.

සුබ අංක – 5, 6, 8 සුබ වර්ණ – ළා රෝස, සුදු, ක්‍රීම්
සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when හෙල සිරිත - Hela Siritha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share