30/09/2025
ස්වස්ථ සිද්ධම්.......🙏🙏🙏
Cervical Spondylosis/Cervical Rediculopathy හෙවත් ග්‍රෛවී සන්දිගත වාත/ග්‍රෛවී ශූල රෝගී තත්වයන්
👇👇👇👇👇👇
Cervical Spondylosis හෙවත් ආයුර්වේදයේ ග්‍රෙවී ශූල නමින් හදුන්වන මෙම රෝගී තත්වයේදී කොඳු ඇට පෙළේ Cervical Vertibre ආශ්‍රිතව එනම් C1 සිට C7 දක්වා කශේරුකා ප්‍රදේශයෙන් පටන්ගෙන එක් අතක් දිගේ හෝ දෑතම දිගේ ඇගිලි කෙලවර දක්වා වේදනාවක්/හිරියක් ඇති වීම, බෙල්ල ආශ්‍රිතව චලන වේදනාව/හිරිය, Scapular අස්ථිය ආශ්රිත වේදනාව, හිසේ පිටුපසින් ඇතිවන තදබල හිසේ වේදනාව ආදී ලක්ෂණයන් ප්‍රධාන වේ.
Disc Degenaration, Disc Bulge, Spinal Stenosis, Disc Thining, Vertibral Degeneration වැනි තත්ව හේතුවෙන් ඒ ආශ්රිත ස්නායු තෙරපීම/ Nerve Compression මේ සඳහා ප්‍රදාන හේතුව වන අතර බෙල්ලේ පිට ඉහල බාහු දිගේ පහලට පැතිරෙන අධික වේදනාව ( Radiative Cervical Pain) නිසා ඉහල බාහුවල චලන සීමා වී අදික අපහසුව, එදිනෙදා කාර්යයන් නිසියාකාරව සිදුකරගැනීමට නොහැකි වීම,නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ අපහසුතාව, හිසරදය මෙන්ම කාලයක් තිස්සේ මෙම තත්වය පැවතීමෙන් අදාල බාහුවේ මාංශ ක්ෂයතාව හෙවත් Myopathy-Muscle Waisting තත්වයද කාලීනව ඇතිවිය හැක.
ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව අවශ්‍යතාවය මත වෛද්‍යවරයා විසින් ග්‍රෛවී ප්‍රදේශය ආශිතව X කිරණ පරීක්ෂණ හෝ NCCT/CT/MRI ආදී ඕනෑම පරීක්ෂණයක් රෝගියාට නියම කරනු ලැබේ.
දිගුකාලීන වේදනා නාශක ඖෂධ බාවිතය වෙනුවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින ක්රමානුකූල බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියක් මගින් මෙම තත්වය සම්පූර්ණයෙන්ම සාර්ථකව පාලනය කළ හැක.
පහත දක්වා ඇත්තේ එවැනි රෝගියෙක් සදහා සිදු කරන ලද ආයුර්වේදීය චිකිත්සා පද්ධතියක අතරතුර සිදුකල බාහිර ප්‍රතිකාර අවස්ථා කිහිපයකි.
නිත්‍ය ආයුර්වේද් වෙද මැදුර
ආයුර්වේද වෛද්‍ය S.L.K.Nissanka
Reg No: SLAMC 17080
BAMS (University of Colombo)
විමසීම් - 0718663661