28/01/2026
මොළය වර්ධනය වෙන්නේ අපි හිතාගෙන ඉඳපු විදියට නොවෙයි. 😮🤔
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මොළය වර්ධනය වෙන්නේ අපි කාර්යබහුලව සිටින විටදී කියලා. ඒ කියන්නේ වැඩිපුර ශබ්ද ඇසෙන, කෙටි කාලයක් ඇතුලත වැඩි උත්තේජන ප්‍රමාණයක් ලැබෙන, සහ මොළයට වැඩි සඥාවන් ප්‍රමාණයක් ලැබෙන විටදී කියලා.
ඒ නිසාම තමයි අපි හිතාගෙන ඉන්නේ වැඩකරන අතර Music සහ Podcasts වලට සවන්දීමෙන් ඵලදායිතාවය වැඩිවෙනවා කියා. නමුත් මොලයේ ඇත්තටම වෙනසක් සිදුවෙන්නේ ඒවගේ අවස්තාවන් වල නොවෙයි.
අපි නිහඬව සිටීමෙන් මොළය වේගයෙන් වර්ධනය වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?
විද්‍යාඥයින් සත්වයින්ව විවිධ ශබ්ද පරිසරයන්ට නිරාවරණය වෙන්නට සලස්වලා මෙය අත්හදා බැලුවා. එනම් Music, White noise, Random noise වැනි ශබ්ද පරිසරයන් යටතේ.
ඒ සියල්ලටම පස්සේ ඔවුන් නිශ්ශබ්දතාවයත් අත්හදා බැලුවා.
අන්න එහිදී අදහාගත නොහැකි දෙයක් නිරීක්ෂණය වුනා. ඔවුන් ඒ සඳහා කරේ එකම එක දෙයක් පමණයි. එනම් දිනකට පැය දෙකක නිශ්ශබ්දතාවයක් ලබාදීමයි (Two hours of silence a day) .
එම නිහඬතාවය විසින් මොළයේ හිපොකැම්පස් (Hippocampus) කියන කොටසේ අලුත් සයිල වර්ධනය වෙන්නට සැලැස්සුවා. හිපොකැම්පස් කියන මොළයේ කොටස තමයි මතකයට (Memory) , ඉගෙනුමට (Learning) සහ මනෝභාවාත්මක ස්ථායීතාවය (Emotional Stability) බාරව කටයුතු කරන්නේ.
නිශ්ශබ්දතාවය කියන්නේ ශබ්දය නැතිවීමම පමණක් නොවෙයි, එය මොළයේ තත්වය (Brain’s State) පවා වෙනස් කරනවා.
අපි දන්නවා මොළය කියන්නේ ඕනෑම මොහොතක සියල්ල සඳහා සුදානම්ව සිටින ඉන්ද්‍රියයක්. නමුත් ශබ්දය නැවතුනු ගමන්ම, මොළය මොහොතකට එම තත්වෙන් මිදෙනවා. ඉන් අදහස් කරන්නේ ඒ වෙත ආතතිකර සඥාවන් ලැබෙන එක නවතින බවයි (Stress Signaling) . පමණ ඉක්මවා සංවේදනයන් ලැබීම (Sensory Overload) නැවතී යන බවයි.
ඒ සමගම මොළයේ මතක තබාගැනීමේ ක්‍රියාවලිය (Memory Consolidation) , ස්නායු ප්‍රතිසන්ස්කස්රණය (Neural repair), සහ ව්‍යුහාත්මක ප්‍රතිසංවිධානය (Structural Reorganization) වැනි අපේ අභ්‍යන්තරික පද්ධති සක්‍රීය වෙන්න ගන්නවා. එවිට ඔබේ මොළය වර්ධනය වෙනවා කියලා සරල භාෂාවෙන් පවසන්න පුළුවන්.
නමුත් අපේක්ෂා නොකරන ඝෝෂාකාරී ශබ්දයන් විසින් සෑම විටම මොළය සුදානමින් තබන නිසා ඉහතකී අභ්‍යන්තරික පද්ධති වලට සක්‍රීය වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් මොළය මෙලෙස සුදානමින් සිටීම අනතුරු දායක අවස්තාවන් වලදී ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
මෙලෙස නව මොළ සයිල (Brain Cells) හටගන්නේ නිහඬව සිටින කාලය අතර තුර නොවෙයි. නිශ්ශබ්දතාවයෙන් පසුවයි. එම නිසා නිහඬතාවය විසින් සිදුකරන්නේ එය ට්‍රිගර් වෙන්නට සැලැස්වීමයි.
එය හරියට වෙනස් වෙන්න ආරක්ෂිතම වෙලාව දැන් කියලා මොළයට දෙන සඥාවක් වගේ.
නමුත් හිතන්න අද අපිට නැත්තේම නිශ්ශබ්දතාවය නේද ? දවල් වරුවෙම වැඩකරලා රෑට ගෙදරට ආවට පස්සෙත් ඔබ කරන්නේ Headphones වලින් කන පුරවාගන්න එක නේද ? Phone එකෙන් නිතර දෙවේලේ එන Notifications නිශ්ශබ්දතාවය බිඳිනවා. විවේකයද තුලද ශබ්දයක් තිබෙනවා. එම නිසා දිනකට පැය දෙකක් පුරාවට ඔබ නිහඬ බව අත්විඳිනවා නම්, එය ඔබේ මොළය වර්ධනය කරනවා.
විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට මෙය මතකය වැඩි දියුණු කරගන්න වගේම අධ්‍යාපනය ඉලක්ක ජයගන්න උදව්වක් වෙනවා.
ඉතින් දැන් හිතන්න නිශ්ශබ්දතාවය විසින් මොලය නැවත වර්ධනය වෙන්න සලස්වනවා නම්, එය කවදාවත් අපිට නොලැබුනොත් කුමක් සිදුවේවිද ? 😮
Source -: Silence may boost your brain more than you realize. Just 2 hours a day triggered new hippocampus cell growth, according to a study published in Brain Structure and Function (2013)"