18/09/2025
*ආදරේ හැගීමක්ද? වචනයක්ද? නැත්නම් ක්‍රියාවක්ද?*
"මං ඔයාට හරි ආදරෙයි" කෙනෙක් කියද්දි "මාත් ඔයාට ආදරෙයි" කියලා අහන්න ලැබේවි..🦋💗
තව කෙනෙක් බර හදවතක් දරන් ඇස් දල්වගෙන, තටු ගහලා ඉගිලිලා යන දිහා බලන් "මං කොයි තරම් නම් එයාට ආදරෙයිද" හිතලා හයියෙන් සුසුමක් වාතලයට මුසු කරාවී.. 🤍🕊️
තවත් කෙනෙක් "මං දන්නවා ඔයා චොකලට් වලට, මල් වලට, නිල් අහසට, මුහුදට හරි කැමතියි. ඒකයි මේ ඔයා ආසම දේවල් අරන් ඔයාව බීච් එකට එක්ක ආවේ" කියලා නලල මත තියපු හාදුව උනුසුම් කරමින් මෘදු වැලදගැනීමකට හිමිකම් කියාවී..❤️🫂
ඉතින් ආදරේ විවිධාකාර වෙද්දි.. ක්‍රියාවකට පුළුවන් ආදරේට ලොකු වටිනාකමක් එකතු කරන්න.. ඔයාට එයාව කොච්චර වටිනවද කියලා පෙන්වන්න...❤️🔥
සමහර දේවල් නොසැලකිලිමත් කම නිසා මගහැරෙන්න දෙන්න එපා.. මතක ඇතුව ඔයාට වටිනම දේවල් රැකගන්න, හරි පරිස්සමට.. 🫶🏻