20/09/2025
දැනට වසර කිහිපයකට පෙර ලියු ලිපියකි,
මුත්‍ර විරංජනීය ද්‍රව්‍ය වල ක්‍රියාත්මක වීම හා නවීන Buffers
පසු ගිය ඉරු දින මුත්‍ර ව්‍යුහාවතුල ක්‍රියාත්මක වන මුත්‍ර විරංජණීය ද්‍රව්‍ය තුල පවතින ගුණ කර්ම හා ඒවායේ ක්‍රියාත්මක වීම් පිලිබඳව Dr Danister L Prera සර් සමඟ සිදු කල පර්‍යේශනාත්මක සාකච්ඡවේදී මතු වූ කරුණු පිලිබඳව යම් විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්නෙ, ඔබගේද විමසුම් ඇස මේ පිලිබඳව යොමු කිරීමට හා නව සංවාදයක ආරම්භයක් ද ලෙසයි .
මුත්‍ර විරංජණීය ද්‍රව්‍ය ඝනයට වැටෙන ඕලු , නෙලුම්, මානෙල් , උත්පල , කුමුදු, වැල්මි , මලිත ආදී ද්‍රව්‍ය අතිශය සුවඳවත් වූද , මධුර , ස්නිග්ධ , පිච්චිල , ලඝු ගුණ ඇති ද්‍රව්‍යන් වේ. විශේෂයෙන්ම මේවායේ ජල හා පෘථිවි භූත සම්බන්ධයක් ඇත . එය නව්‍ය විද්‍යාත්මකව සලකා බැලූ විට භාෂ්මික තත්වයක් පෙන්නුම් කරයි .
අපේ සිරුරේ අම්ල හා භෂ්ම සමායෝජනයට අයන සමතුලිතතාවය රැක ගැනීමට Buffering system ඉතාම වැදගත් කාර්‍යක් ඉටු කරයි . රුධිර PH අගය 7.4 ක් ද මුත්‍ර වල PH අගය 5.5 ක් ද ක් වන අතර එ අඩු වැඩි වීම සිරුරේ සමතුලිතතාවයට බලපෑම් කරන අතර රෝග ඇතිවීමට හේතුවේ. නිරන්තරයෙන් මානසික සුවය හා නිවැරැදි ආහාර රටාවකට හුරුවීම නිසා antioxidants හා parasympathatic nerves active වීම නිසා සිරුරේ ආම්ලිකතාවය අඩු වීමක් සිදුවේ.
විශේෂයෙන්ම ශාක ආහාර හා ශාක ඖෂධ භාවිතය නිසා සිරුරේ සෛල oxidation අඩු වන අතර බිඳ වැටීම් අඩු වේ. ආම්ලිකතාවය අඩු වේ , PH ⬆️වේ. මේ දිනවල ඉතාම කතා බහට ලක් වන ප්‍රතිඔක්ෂිකාරක (Antioxidants )ක්‍රියාවලිය නැවුම් ශාකමය ආහාර හා ඖෂධ නිසා නිතැතින්ම සිදුවේ.
සිසිල් පිච්චිල ලඝු ගුණ යුත් මුත්‍ර විරංජණීය ද්‍රව්‍යයන් භාවිතය තුලින් මෙය ඉතාම කාර්‍යක්ෂමය සිදුවන බව පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි .
මුත්‍ර වලට පැහැය එක්වන්නෙ කෙසේද ,
එනම් අක්මාවේ පිත් කොටස් ,නොයෙකුත් ආහාර හා ඖෂධ ( බීට් රූට් , විටමින ) , ජලය පානය අවම විට ,විශේෂයෙන්ම සිරුරේ පිත දෝෂය වැඩි වූ විට එනම් රුධිර ආම්ලික තත්වය වැඩි වූ විට PH ⬇️ මුත්‍රා වලට තද කහ පැහැයක් ලැබේ.
තවද වෘක්කාණු වල පෙරණයේ යම් අක්‍රමිකතාවයක් නිසා ද එහි PH අගයන් වල හා අයන හුවමාරුවේ වෙනසක් නිසා ප්‍රෝටීන හා රතු රුධිරාණු මුත්‍ර වලට ඇතුල් වීම නිසාද පැහැයේ වෙනස් කමක් ඇතිවේ.
විශේෂයෙන්ම මුත්‍රා සමග පිටවන්නෙ ජලද්‍රාවී ද්‍රවයන් වේ. ඉහත විරංජණ ඝනය සැලකූ විට සියලුම ද්‍රවයන් ජල ,පෘථිවි භූත අඩංගු නිසා ජල ද්‍රාවි වේ. එම නිසා හොඳින් මුත්‍රා ව්‍යුහාව තුල ක්‍රියාත්මක වන අතර පිච්ඡිල ගුණ මගින් භාෂ්මික තත්වයක් ඇතිකරමින් Buffer එකක් ලෙසද ක්‍රියා කරයි. ලඝු ගුණ නිසා වෘක්කාණු හරහා ගමන් කිරීමේ හැකියාව ඇති අතර මෙම ඖෂධයන්හී අඩංගු මධුර රස ශීත ගුණ නිසා පිත් ශමන ගුණ ඇති කරමින් පිතේ ක්‍රියාව නිසි ලෙස සකසන ආකාරයක් පෙනී යයි .
වෘක්කාණු මත පෙරණයේ ක්‍රියාව නිසි ලෙස සකසන අතරම රංජක ද්‍රව්‍යයන් වෘක්කාණු වෙත ගමන් කිරීමට පෙර රුධිරය තුලදීම පිත් ශමන ගුණ හා භාෂ්මික ගුණ නිසා යම් සකස් කිරීමක් වන බව මාගේ අදහසයි . එය acidosis ක්‍රියාව නවතමින් සිදුවන alkalosis ක්‍රියාවක් විය හැකියි .
මේ අනුව සලකා බලන විට මුත්‍ර පෙරීම ක්‍රමවත් කිරීමට ආයුර්වේද ඖෂධ භාවිතය නව්‍ය ඖෂධ වලටත් වඩා ඉදිරියෙන් සිටින බව මගේ අදහසයි . හේතුව අප භාවිතා කරන ඖෂධ වල සැකැස්ම පංච භෞතික වන අතර එය chemical extraction එකක් නොවන නිසාත් chemically extract ද්‍රව්‍යන් වෙත වෙන වෙනම reactions ඇති වන නිසා ස්ථානිකව වෘක්කාණු වලට බලපෑමක් ඇති විය හැකි බවත්ය . එනම් බටහිර ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු අබාධ අප ආයුර්වේද ඖෂධ භාවිතයෙන් සිදු නොවන බවයි .
ඔවුන් physiologically fluid balance කිරීම සඳහා caco3 , Na + , K + භාවිතා කරන අතර මීට වසර දහස් ගණනකට පෙර සෘෂින් තම ඥානයෙන් දැක මුත්‍ර ව්‍යුහාව තුල හා ඊට ඇතුල්වන ද්‍රව්‍යයන් ශෝධනයට පවා නවීන විද්‍යාවටත් එහා ගිය කරුණු වලින් දැක ඇති බව මගේ අදහසයි . එනම් මුත්‍ර විරංජණීය ද්‍රව්‍යය ආදිය යෙදීමෙන් රුධිරයේ පැවතිය යුතු අයන සමතුලිතතාවයද එලෙසෙම පවත්වා ගනිමින් ඖෂධ මුත්‍ර ව්‍යුහාවේ ක්‍රියාත්මක වීම සිදු වේ.
නවීනව වකුගඩු අකර්මණ්‍ය වූ විට අවසානයේ dialysis කිරීම සිදු කරන අතර අප ඖෂධ භාවිතයෙන් එම තත්වයන් ඇති වීමටත් පෙර ස්වාභාවික පෙරීමේ යාන්ත්‍රණය රුධිරය තුලදීම පහසු කරන බව හා වෘක්කාණු වලට ස්ථානිකව වන හානියද අවම බව මගේ හැඟීමයි .
වෛද්‍ය W R සුජානි N.ප්‍රේමරත්න
BAMS (University of Colombo )
PG Dip In Ayurveda Pharmacology Nutraceutical & Product Development
Medicl Officer Incharge
Ayurvedic Hospital ,Kithulgala
Suwayu Hollistic Wellness Home
Puwakptiya
0715500943