Dr Gayan Jayawardana පරෝපකාරය පිණිසයි

Dr Gayan Jayawardana පරෝපකාරය පිණිසයි Mo Psychiatry, General Physician

26/02/2024

මිනිස්සු හැමදාම ආස කලේ ලඟ ඇති දේට වඩා නැති දේට

පාසැල් යන ළමයි හැමොටම
15/12/2023

පාසැල් යන ළමයි හැමොටම

Check out Gayan Jayawardana's video.

07/06/2023
10/02/2023

දවසක් කෙනෙක් මගෙන් ඇහුවා..

ලෝකෙට උදව් කරන්න කැමතිද?

මම අනිවාර්යෙන් ඔව් කිව්වා...

ඇයි ඔබ උදව් කරන්න කැමති?

මම: මේ ලෝකේ අපි හැමෝම මැරෙනවා..
මම මට කියලා කරන කිසි දෙයක් ඉතුරු වන්නේ නැහැ..

නමුත් ඉතුරු වන දෙයක් තියෙනවා..

ඒ තමයි ලෝකෙට කරන දෙයක්..

ලෝකෙට කරන්න තියෙන ලොකුම උදව්ව මොකක්ද?

මිනිස්සු බඩගින්නෙ ඉන්නවා, ලෙඩ වෙනවා, ස්වාභාවික විපත්, ඔබ කොහොමද උදව් කරන්න කැමති?

ඔව් මම කැමති උදව් කරන්න..

නමුත් නමුත් ඒ අයට උදව් කරන්න පුළුවන් හොදම විදිහ තමා මේ දුක් විඳින එක සදහටම නතර කරන්න පුළුවන් විදිහක් තියෙනවා..මම ඒ විදිහ ඒ අයට උදව් කරලා ඒ අයගේ දුක් සදහටම නැති කරනවා..

ඒ ඒ අයට ඒ අයගේ ඉපදීම නැති කරගන්න හැටි කියලා දීලා..

ඒක තමා හැම ප්‍රශ්නකටම තියෙන හොදම විසදුම...

ඒ අය කැමති උනත් නැතත් අපි ඒ උදව්ව වෙනුවෙන් කැප වෙනවා..

පණ තියෙන කල්..
හුස්ම වැටෙන කල්..

මල් කැකුළු හා මානසික ව්‍යාධිකිසි කෙනෙක් එක්වරම මෙවැනි තීරණයකට එන්නේ නැත. නමුත් පැමිණි පසු නොයෙක් දේ කීමෙන් පලක් නැත.මොහො...
07/02/2023

මල් කැකුළු හා මානසික ව්‍යාධි

කිසි කෙනෙක් එක්වරම මෙවැනි තීරණයකට එන්නේ නැත. නමුත් පැමිණි පසු නොයෙක් දේ කීමෙන් පලක් නැත.

මොහොතක් සිතන්න මේ වළක්වා ගත හැකි ඛේදවාචකයකි. ඔව්.. මේ මල් කැකුළු වැඩිහිටියන්ගේ මානසික අර්බුදයට වග කිව යුතුමද?

හිතට එන ආතතිය දිගින් දිගටම පවතිනවා නම්, ඉන් මිදීමට මඟක් නොපෙනෙනවා නම් වෙන කවර විසදුමක් වත් නැත්නම් ,

අනිවාර්යෙන් නොමිලේ ලබා ගත් හැකි උපකාරක සේවා ලබා ගන්න.. නැත්නම් ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනයට එන්න..

ඔබේ සමීපතමයා දෙස බලන්න..ඔහුගේ හැසිරීම කතා බහ දෙස අවධානය යොමු කරන්න..අවධානයෙන් සිතන්න..ගතට වඩා සිත ලෙඩ වෙනවා ඉක්මනට..

අපි සියල්ලම දිනක මැරෙනවාය. එය කොහොමත් සිදුවන නියත ධර්මතාවයකි. ඉක්මනින්ම සිදු වන්නකි. ඒ නිසා ජීවිතය අප සතුව ඇති විසඳුමයි. එය කෙටි එකකි. ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් ඇත. මරණයට වඩා..

අන් කිසිවකුටත් වඩා තම සිත ගැන විමසිල්ලෙන් ඉන්න. අන් අයගේ හිතත් දැන ගන්න උත්සාහ කරන්න..

අපි ඔක්කොම මැරෙන මිනිස්සු.. ජීවත් වෙනකල් එකිනෙකාට උදව් කරගනිමු.

ඔබේ එක වචනයක් මහමෙරක් විය හැක. ජීවිතයක් බේරා ගත හැක.

මදක් නවතින්න. සිතන්න,වටපිට බලන්න.
කාට හෝ උදව් අවශ්‍ය නම් පිහිට වන්න..

මැරෙණ ජීවිතයකට දිය හැකි එකම අර්ථය එයයි.

Address

කැන්දලියද්දපාළුව
Ragama

Telephone

+94719637422

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Gayan Jayawardana පරෝපකාරය පිණිසයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Gayan Jayawardana පරෝපකාරය පිණිසයි:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category