20/11/2023
ගෘද්‍රසි ( Sciatica )
🍀ගෘද්‍රයා යනු ගුජුලිහිණියාය. ගුජු ලිහිණියෙකුගේ ගමන් විලාසයට සමානව කොර ගසමින් යන ගමනක් ඇති කරන හෙයින් ආයුර්වේදයේ මෙම රෝගය ගෘද්‍රසි නමින් හඳුන්වයි.
🍀ආයුර්වේදයට අනූව තට්ටම් ප්‍රදාන කොට පවතින මෙම රෝගය තුනටිය, කලව, දණහිස , කෙන්ඩ, පාදය යන මේවායේ තදබව , වේදනාව ඇති කරයි. අනින්නා බඳු වෙදනාව සිරුරේ වකුටු බව ඇතිකරයි. වාත ප්‍රමුක විට වරින් වර මේ ලක්ශන ඇති කරයි. වාත කඵ ප්‍රමුක විට නිදිමත , තෙමරිය, බර බව, අරුචිය හටගනී.
🍀බටහිර මතයට අනුව, පාදයේ පිටුපස පෙදෙස තට්ටම් වල සිට ඇඟිලි කෙලවර දක්වා වේදනාව විහිදී යන මෙම රෝගයෙදි ඇතැම් විට පාදයේ එක් පසකින් හෝ පාදයේ ඉදිරියෙන් හෝ ඇතිවී හැකිය. බොහෝවිට එක් පාදයක පමනක් හට ගැනෙන මෙම රෝග තත්වය ඇතැම් විට පාද දෙකේම හටගනී.වරින් වර හටගන්න තුනටියෙ වේදනාව, පාදයේ නොයෙකුත් ස්තානවල ඇතිවන දුර්වලතාවය හා පාදයේ හිරියද මෙම රෝගයෙදී දැකිය හැක.
🍀ලෝක ජනග්‍රහනයෙන් 2%- 40% අතර පිරිසක් පීඩා විඳින මෙම රෝගය බොහෝ විට වයස 40-50 අතර කාලයේ හටගනී. පුරුෂ පාර්ශවය මේ සඳහා ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. බටහිර මතයට අනූව මෙම රෝගය බටහිර මතයට අනුව මෙම රෝගය සයටිකා ස්නායු නමින් හැඳින්වෙන අප ශරීරයේ තිබෙන ඝනකමින් වැඩි ස්නායුව හා සම්බන්ධව ඇතිවන අතර එම ස්ථානය ඇතිවන උද්දීපනයක් මෙයට හේතු වේ.
🍀Sciatic ස්නායුව මූල 5 කින් යුක්තව සුෂුම්නාවේ සිට පැන නගී.එම මූලයන් L4,L5,S1,S2,S3 ලෙස නම් කරනුයේ ඒවා ඉවතට පැමිනෙන කටී හා ශ්‍රෝණි කශේරුකා අනුවය.
🍁🍁නවීන විද්‍යාවට අනූව මේ රෝගයට හේතු🍁🍁
🍀 90% කගේම රෝගයට හේතුව වන්නේ මෙයයි. අපගේ කශේරුකාවන්එකිනෙකට ගැටීම වැලක් වීමට කශේරුකා වල අතර අන්තර් කශේරුක මඩලපිහිටයි. වැරදි ඉරියව්වකින් අධික බරක් එසවීම , වැටීම ආදී හේතු නිසා අන්තර් කශේරුක මඬල නියමිත ස්ථානයෙන් ඉවතට නෙරා ආ හැකිය .මේ හේතුවෙන් එම අන්තර් කශේරුක මඬල අතරින් ඉවතට පැමිණෙන ස්නායු තෙරපීමකට ලක් වෙයි. මෙහිදී අවට ඇති පටක ඉදිමීමට ලක් විය හැක . එම ස්ථානය ඔස්සේ අධික වේදනාවක් ඇති වේ . මෙම සංසිද්ධිය සයිටිකා ස්නායු මූලයන් හි වූ විට සයටිකා රෝගය ඇති වේ.
* අන්තර් කශේරුක මඩල ඉවතට පැමිනීම ( Spinaldis cherniation)
* කශේරුව පටුවීම ( Spinal stenosis)
* පිරිෆෝමිස් ලක්ශනය ( piriformis syndrome )
* ගර්භණීභාවය ( Pregnansy)
🍁🍁🍁රෝග ලක්ෂන🍁🍁🍁
❌කොන්දේ වේදනාව
❌වේදනාව ක්‍රමයෙන් තට්ටම, කලවා , කෙණ්ඩ , පාදය දක්වා පැතිරීම
❌වාඩිවී සිටින විට වේදනාව අදිකවේ.
❌පාදය දිගේ පුපුරු ගසන්නාක් මෙන් වේදනාව.
❌පාදයේ හිරිය
❌පාදය චලනය කිරීමට අපහසු වීම.
❌පාදයේ අප්‍රාණික බව.
🍁🍁පථ්‍යාපථ්‍ය🍁🍁
🍂🍂පථ්‍ය හෙවත් හිතකර දේ
✔කොල්ලු
✔️උඳු
✔️තිරිඟු
✔️මුරුංගා
✔️පරණහැල්
✔️තල
✔️බාර්ලි
✔️ලා බටු
✔️හීණටි ආදී ධාන්‍ය
✔️පතෝල
✔️පරිප්පු
✔️සුදුළූණු
✔️සිලින්දන්, මෝරන්, කාරල්ලො, ලූලො, තෝර, පරා, වැලි ගොව්වන්
✔️කුකුලු, වටු ආදී මස් හා මස් සුප්
✔️දොඩම්
✔️දෙලුම්
✔️මසං
✔️හීං නාරං
✔️උගුරැස්ස
✔️දී කිරි
✔️වෙඬරු
✔️කිරි , ගිතෙල්
🍂🍂අපථ්‍ය හෙවත් අහිතකර දේ
✖️කඩල
✖️කුරක්කන්
✖️මෑ කරල්
✖️කරවිල
✖️ඇතුන් පිට අසුන් පිට යාම
✖️ගැස්සෙන තද තැන්වල වාඩිවීම.
✖️නිදි වැරීම
✖️අදික වෙහෙසීම
✖️ඇල්දිය නෑම
✖️ආහාර අඩු කිරීම
✖️සීතල වැදීම
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
වෛද්‍ය විශ්ව විද්‍යාලය [UG] )
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡ පෙරලිපි සඳහා පිවිසීමට
#ආමවාත
https://m.facebook.com/story.php?story_fbid=404238161284771&id=103543444687579&mibextid=Nif5oz
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤
➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘