Singhe Hospitals

Singhe Hospitals මේ සිංහ රෝහලේ නිල ෆේස්බුක් පිටුවයි
Singhe Hospitals Official Facebook Fan Page

Singhe Hospitals PLC is a BOI approved fully-fledged private hospital established to provide better healthcare services to the community in Sabaragamuwa Province. It is no doubt that Singhe Hospitals has started a new era in patient care in Ratnapura. With our highly experienced and constantly trained nursing staff, our patients will receive the best medical care. Singh Hospitals is the first Hosp

ital in Ratnapura to have 24 hours government qualified doctors, especially for Inpatients. Singhe Hospitals is one of the few hospitals in Sri Lanka has the most modern in theater technology; Modular Theaters with Laminar Flow air flow system. These ultra-clean theaters minimize infections and ensure speedy post-surgery recovery.Singhe Hospitals has two Modular theaters equipped with most modern equipment from Germany, USA, and Japan to provide our patients with best medical care.

Singhe Hospitals Ambulance Serviceහදිසි අවස්ථාවක ඔබ සිටින ඕනෑම තැනකට සිංහ රෝහල් ගිලන් රථ සේවය ගෙන්වා ගන්න..අමතන්න071 22 ...
28/04/2026

Singhe Hospitals Ambulance Service

හදිසි අවස්ථාවක ඔබ සිටින ඕනෑම තැනකට සිංහ රෝහල් ගිලන් රථ සේවය ගෙන්වා ගන්න..

අමතන්න
071 22 32 232

සිංහ රෝහල් ⁣නේවාසික රෝගී කාමර පහසුකම්පලපුරුදු වෛද්‍ය හා හෙද කාර්‍යමණ්ඩලයක් යටතේ හිත නිදහසේ සුව වෙන්න..☎️ 045 7 555 555
23/04/2026

සිංහ රෝහල් ⁣නේවාසික රෝගී කාමර පහසුකම්

පලපුරුදු වෛද්‍ය හා හෙද කාර්‍යමණ්ඩලයක් යටතේ හිත නිදහසේ සුව වෙන්න..

☎️ 045 7 555 555

පීඩාකාරී අර්ශස් රෝගයෙන් අත්මිදෙමු.ඉක්මන්, නිවැරදි සහ සාර්ථක ප්‍රථිකාර සඳහා අදම සිංහ රෝහල හා සම්බන්ධවන්න.📱 071 86 47 374☎...
20/04/2026

පීඩාකාරී අර්ශස් රෝගයෙන් අත්මිදෙමු.

ඉක්මන්, නිවැරදි සහ සාර්ථක ප්‍රථිකාර සඳහා අදම සිංහ රෝහල හා සම්බන්ධවන්න.

📱 071 86 47 374
☎️ 045 7 555 555

✨️ සතුට, සෞභාග්‍ය සපිරි නිරෝගීමත් සුභ අළුත් අවුරුද්දක් වේවායි සිංහ රෝහල් අපේ පැතුමයි..! 🙏 🎉️✨️🎊️✨️🎁
14/04/2026

✨️ සතුට, සෞභාග්‍ය සපිරි නිරෝගීමත් සුභ අළුත් අවුරුද්දක් වේවායි සිංහ රෝහල් අපේ පැතුමයි..! 🙏

🎉️✨️🎊️✨️🎁

Singe Tele Medicine 🧑‍⚕️📲නිවසේ සිටම ඔබේ වෛද්‍යවරයා හමුවීමට Singhe Tele Medicine සේවාව හරහා අප හා සම්බන්ධවන්න..🔵 බාහිර රෝ...
13/04/2026

Singe Tele Medicine 🧑‍⚕️📲

නිවසේ සිටම ඔබේ වෛද්‍යවරයා හමුවීමට Singhe Tele Medicine සේවාව හරහා අප හා සම්බන්ධවන්න..

🔵 බාහිර රෝගී වෛද්‍යහමුව (OPD Consultation)
🔵 විශේෂඥ වෛද්‍යහමුව (Specialist Consultation)
🔵 මානසික උපදේශන සේවාවන් (Councesling)
🔵 ආහාර පාලනය සහ පෝෂණය පිළිබඳ උපදෙස් (Diet Plan & Nutrition Support)
🔵 වෛද්‍ය වාර්තා පරීක්ෂාව (Report Reviewing)

වැඩි විස්තර සඳහා අමතන්න.

📱 070 577 22 50
☎️ 045 7 555 555

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 පැළ සිටුවීම 🌾🌱
13/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
පැළ සිටුවීම 🌾🌱

අළුත් අවුරුදු දිනයන්හිදීත් ඔබ වෙනුවෙන්ම සිංහ රෝහල් අපි විවෘතයි..අප්‍රේල් මස 12,13,14 යන දිනයන්හිදීත් සිංහ රෝහලේබාහිර ර...
12/04/2026

අළුත් අවුරුදු දිනයන්හිදීත් ඔබ වෙනුවෙන්ම සිංහ රෝහල් අපි විවෘතයි..

අප්‍රේල් මස 12,13,14 යන දිනයන්හිදීත් සිංහ රෝහලේ

බාහිර රෝගී අංශය (OPD)
ෆාමසි සේවා
රසායනාගාර සේවාවන්
හදිසි අනතුරු අංශය (ETU)

ඇතුළු සියළුම සේවාවන් සඳහා පැය 24 පුරා අපි සූදානමින්...

☎️ 045 7 555 555

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 රැකී රක්ෂා සදහා පිටත්ව යාම මෙය සිංහල අවුරුදු නැකත් සීට්ටුවෙහි අවසාන නැකත් විශේෂයයි. ...
12/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
රැකී රක්ෂා සදහා පිටත්ව යාම

මෙය සිංහල අවුරුදු නැකත් සීට්ටුවෙහි අවසාන නැකත් විශේෂයයි. ගමනාරම්භයට පෙර එළකිරි මිශ්‍ර ආහාරයක් සමග කිරිබත් අනුභව කිරීම සුදුසු බව සඳහන් වේ. පැරැන්නෝ මෙම චාරිත්‍රය කුඹුරු වැඩ ආරම්භ කරන ගොවියා වෙනුවෙන් සකස් කර තිබෙන අතර වර්තමානයේ රැකියාවල ස්වභාවය අනුව මෙම දිනය දක්වා නිවසේ සිට රැකියාවට යාම ප්‍රායෝගිකව අපහසු කටයුත්තකි. කෙසේ වෙතත් අවස්ථාවට අදාළ චාරිත්‍ර ඉටුකිරීම වැදගත්ය.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 හිස තෙල් ගෑම පුරාණ අවුරුදු චාරිත්‍ර අතර ප්‍රමුඛස්ථානයක් ලැබී ඇති ‘තෙල් ගාන නැකත’  සෞ...
12/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
හිස තෙල් ගෑම

පුරාණ අවුරුදු චාරිත්‍ර අතර ප්‍රමුඛස්ථානයක් ලැබී ඇති ‘තෙල් ගාන නැකත’ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා කේශාන්තයේ පටන් පාදාන්තය තෙක් වැලඳෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් වූ ආන්ත්‍ර මුලිනුපුටා දමා ශාන්තිය ලබාගැනීමේ අභිප්‍රායෙන් සිදුකරන බව දැක්වේ.

මුළු ගම්මානයම පන්සලට එකතු වී නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මැද සිදුකරන මෙකී චාරිත්‍රය පන්සල හා බැඳී ගැමි බැඳියාව තවදුරටත් විස්තාරණය කරන්නට සමත් වේ. එමතු නොව වා, පිත්, සෙම් තුන්දොස් සමනය කර දීර්ඝායුෂ ලබාදීමට සමර්ථ හැකියාවක් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය හා සමග බැඳී පවතින බව පැරැන්නෝ විශ්වාස කළහ. රජ සමයේදී මිනිසුන්ට පමණක් නොව අලි ඇතුන් හටද නැකතට හිසතෙල් ගැල්වීමක් සිදුවන අතර ප්‍රධාන පන්සල්වල මෙය දැනුදු සිදුවේ.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකතට පිසින ලද ආහාර මුළු රටට එකම නැකතකින් අ...
11/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය

නැකතට පිසින ලද ආහාර මුළු රටට එකම නැකතකින් අනුභව කිරිමේ චාරිත්‍රය ලොව කිසිදු රටක දක්නට නොමැත. පවුලේ සාමය හා රටේ සාමය පිළිබඳව නව සිතුවිලි ඇතිකර ගැනීමට කදිම අවස්ථාවක් මේ තුළින් හිමිවේ. නැකත නොඉක්මවා ආහාර අනුභවයෙන් නිරෝගී සම්පත ලැබෙන බව ද වසර පුරා ආහාර අහේනියක් මතු නොවන බව ද බවභෝග සම්පතින් ආඪ්‍ය වන බව ද පිළිගැනේ.
අවුරුදු මේසයේ තබා ඇත්තේ කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස සහ කෙසෙල් ගෙඩි වැනි විශේෂ ආහාර. ප්‍රධාන සමාජ සම්ප්‍රදාය වන්නේ ගමේ ප්‍රභූවරයා මේසය ඉඳුල් කරන බවයි. මුල් ගනුදෙනුව සිදු කරන්නේ ඔහුය. නැතහොත් ගෘහමූලිකයා එය සිදුකරයි. පසුව මේසයේ වැඩ කටයුතු පවුලේ සාමාජිකයින් අතර සිදු කෙරෙයි.

ආහාර අනුභවයෙන් පසුව ඊළඟට සිදුවන්නේ වැඩ ඇල්ලීමයි. මෙතුළින් අපේක්ෂා කරන්නේ අවුරුද්දේ සියලු කාර්යයන් සමෘද්ධවීම පිණිස කටයුතු ඉෂ්ටකර ගැනීමයි. එක් එක් අය තම වෘත්තියට ගැළපෙන ආකාරයෙන් තමන්ට අදාළ කටයුතු සුබ මුහුර්තියෙන් ඉටුකිරීම මින් අපේක්ෂිතය. කිරි ගසක අත්තක් කැපීම, අධ්‍යාපන කටයුතුවල නිරතවීම, තම වෘත්තියට අදාළව කම්මල්කරුවා මිටිය, පෙදරේරුවා මේසන් හැන්ද, සිත්තරා තෙලිතුඩ ආදී වශයෙන් අදාළ ආම්පන්න රැගෙන වැඩෙහි යෙදීම සිදුකරයි.
ඊළඟට යෙදෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව තුළින් අපේක්ෂා කරන්නේ ඉදිරි වර්ෂයේදී මුදල් හදල් අතින් කරදර වලින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලබා ගැනීමයි. ඒ සඳහා පිරිසිදු හදවතැති, යහමින් මුදල් ගැවසෙන අයෙක් සමග ගනුදෙනු කිරීම වැදගත් බව පැරණි ගැමි ආකල්පය විය. ගනුදෙනු කරන්නා, බුලත් කොළයක එතූ යම් මුදලක් පිළිගන්වන අතර එය භාරගත් අය ඊට වැඩිපුර මුදලක්ද එකතු කොට ආපසු ලබාදීම සිරිත විය. නිවැසියන් අතරදී පියා හෝ ගෘහමූලිකයා සමග ගනුදෙනු කිරීම සිදුවේ.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 ආහාර පිසීම 👩‍🍳👩‍🍳අලුත් අවුරුදු උත්සවයේ කිරි ඉතිරවීම හා ආහාර පිසීම අතිශයින් වැදගත් සං...
11/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
ආහාර පිසීම 👩‍🍳👩‍🍳

අලුත් අවුරුදු උත්සවයේ කිරි ඉතිරවීම හා ආහාර පිසීම අතිශයින් වැදගත් සංස්කෘතික අංගයකි (ඇතැම් පළාත්වල කිරි ඉතිරවීමකින් තොරව ආහාර පිසීම පමණක්ද කෙරේ). කිරි ඉතිරිවීම කරන්නේ නම් පොල්කිරි හෝ එළකිරි යෙදවේ. සම්ප්‍රදායට අනුව නැවුම් මුට්ටියක් යොදා ගැනෙයි. මෙම චාරිත්‍රයේ වැදගත්ම කරුණ නම් කිරි උතුරා යාම සෞභාග්‍යයේ සංකේතයක් වීමයි. කිරි ඉතිරවීමෙන් අනතුරුව ආහාර පිසීම සිදු කෙරෙන පළාත් තිබෙන අතර ඇතැමුන් නැකතට ආහාර පිසීම ඇරඹීම සිදුකරන්නේ කිරිබතක් ලිපේ තබාය.

නොනගතයෙන් පසුව මුල්ම නැකත ආරම්භ වන්නේ ආහාර පිසීමේ අවස්ථාවෙනි. මෙය පැරණි ‘ගිනි දෙවියා පිදීමේ අවස්ථාවේ නව මුහුණුවරක් ලෙසද අර්ථකථනය කළ හැකිය. වෛදිකයෝ ‘අග්නි ගෝස්ත්‍ර’ පූජාව සිදු කළාක් මෙන් හෙළයෝ ළිප් බැඳ ගිනි මොළවා ආහාර පිස ගැනීම නැකතට සිදු කිරීම හරහා, නව වසරේ ආහාර අහේනියක් මතු නොවී නිවෙසට සිරිදුව පැමිණෙන බවට විශ්වාස කරති. මෙම නැකතට අනුව කටයුතු කිරීමේ වැඩි වගකීම පැවරී ඇත්තේ නිවසේ ගෘහණියට ය. එයට හේතුව ළිප ගිනි මෙළවීමේ හා ආහාර පිසීමේ කටයුතු ඇයගේ දෛනික කටයුතුවල ප්‍රමුඛස්ථානයක් ගන්නා කටයුත්තක් වන නිසාය. මෙහිදී ගෘහණිය නියම කර ඇති වස්ත්‍රාභරණවලින් සැරසී නැවුම් වළං මුට්ටිවල නැවුම් ආකාරයට සිදුකිරීම හරහා නව වසරට සුබාසිරි හිමිවන බව ගැමි විශ්වාසයයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026 අලුත් අවුරුදු උදාව ☀️✨️🎉️
11/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2026
අලුත් අවුරුදු උදාව ☀️✨️🎉️

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Singhe Hospitals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Singhe Hospitals:

Share

Category