06/04/2026
එකී මෙකී නොකී සියල්ලෙන් මැල්ලුම් කා හැකී...
මගේ ආහාර කලාවට අනුව මැල්ලුම් කන්න බැරි එළවලු වර්ග නෑ..
පතෝල මැල්ලුම් වැටකොලු මැල්ලුම්
වට්ටක්ක කමැල්ලුම් කරවිල මැල්ලුම්
තලන බටු මැල්ලුම් ,මෑ කරල් මැල්ලුම්,කැරට් මැල්ලුම් ,ගෝවා මැල්ලුම්,අලුකෙසෙල් මැල්ලුම් තව එකක් තියා පරිප්පු මැල්ලුම් ....මටටම් ඔය මෙකී නොකී ඕනෙම දෙයක් මැල්ලුමක් විදිහට හදතහැකී..
මේකට එක හෙතුවක් තමයි අපේ ගෙදර ලොකු තැනගෙ කෑම තෙරිල්ල..ව්‍යන්ජන උයල නොකන ගොඩක් දෑ උන්දෑ මැල්ලුමක් විදියට හැදුවම කනව..ඉතින් මාත් ගේන ඕනෙම දෙයක් කොහොමහරි ගිල්ලීමේ චේතනාවෙන්ම කටයුතු කරන්න වගබලාගන්නව ...
මේ එක එක එලවලු මැල්ලුම් කිරීමේදී මැල්ලුමට දාන අමුද්‍රව්‍ය වගේම පොල් මැල්ලුම හදාගන්න ආකාර වල පොඩි පොඩි වෙනස්කම් තියෙනව..තව චුට්ටක් පැහැදිලි කලොත්-සමහර පොල් මැල්ලුමකට ගම්බිරිස් දාන්නෝනෙ,සමහර ඒව මිරිස්ගලේ අඹරගන්නෝනෙ නැත්නම් වන්ගෙඩියෙ කොටාගන්නොනෙ,සමහර ඒවට තෙල් චුට්ටක් රත්කරල අබ පුපුරවල පොඩ්ඩක් මලවගන්නො..ඔය වගේ වෙනස් කම් වලින් මැල්ලුමක රසය එකිනෙකට වෙනස්කරගන්න පුලුවන්..
අද කියන්න යන්නෙ ලීක්ස් මැල්ලුමක් ගැන..කද මහත නැති හීනි ලපටි ලීක්ස් ටිකක් හොයාගන්න පුලුවන්නම් මේක තව රසවත්..උඩරට ගොවියා කියන විදිහට රසම ලීක්ස් තමටයි කද හීනි තරමක් තද කොල පාට ලීක්ස් ..මේවයෙ අස්වැන්න ගන්න මාස 6ක් වගේ යනවලු..අනිත් මහත ලීක්ස් commercial perposeඑකට හදන මාස තුනකින් වගේ අස්වැන්න දෙන ලීක්ස්..ඒවයේ වතුර ගතියත් වැඩි නිසා රස අඩුයිලු..
ලීක්ස් ටික පිරිසිදු කරගෙන හීනියටම ලියාගනෝනෙ..පොල් මැල්ලුමට ගා ගත්ත උඩ පොල් ටිකක්,හීනියට කපාගෙන අමුමිරිස්ටිකක්,රතුලූනු ගෙඩි කීපයක් තලාගත්ත සුදුලූනු ගෙඩි කීපයක් කරපින්චා අහුරක්,රම්පෙ කොලයක්,කහ චුට්ටක් ,අබ පේස්ට් චුට්ටක්,කුරුදු තිබුනොත් දාගන්නෝනෙ..මේකට තුනපහ චුට්ටක් පෙන්නුවම ඇති..දැන් රසේ හැටියට ලුනු ටිකකුත් දාල හොදට අතින් පොඩ්කර කර කවලන් කරගන්න..පොල් මැල්ලුම ලීක්ස් ටිකට දාල හොදට කවලම් කරගෙන තෙල් චුට්ටක් රත් උනාම අබ ඇට ටිකකුත් පුපුරවගෙන මේ ලීක්ස් කවලම වැඩි ගින්දර එහෙක් මෙහෙක් කරගෙන අඩුවෙලාවක් මලවගනෝනෙ..එතකොට තමයි හැමදාම කියනව වගේ ලස්සන පාට හිටින්නෙ..පාට ලස්සනයි කියන්නෙ රස හොදයි,ගුන නොනැසී තියෙනව ...
ඔය කියාපු මැල්ලුමට මිරිසට උයාපු මාලු බොරේකට මිටිකිරි ඩින්ගක් දාල උයාගෙන උනු උනු රතු කීරි කැකුලු බත් ඩින්ගක් එක්ක කාල බලන්න..බත් ඩින්ගක් නම් මදිවෙයි..
ලීක්ස් කියන්නේ ලූණු පවුලට (Allium family) අයත්, රසින් සහ පෝෂණයෙන් ඉතා වටිනා කෑම වර්ගයක්.
පෝෂණ අගය (100 g සදහා)
කැලරි: ~61 kcal
කාර්බෝහයිඩ්‍රේට්: ~14 g
ෆයිබර් (ආහාර රේෂා): ~1.8 g
ප්‍රෝටීන්: ~1.5 g
මේදය: ~0.3 g
විටමින් සහ ඛනිජ
Vitamin K – රුධිර කැටිගැසීම සහ ඇස්ථි සෞඛ්‍යයට වැදගත්
Vitamin A (බීටා-කැරොටීන්) – දැක්ම සහ ප්‍රතිශක්තිකරණයට
Vitamin C – ප්‍රතිඔක්සිකාරක, රෝග වලට එරෙහිව
Folate (Vitamin B9) – රතු රුධිර සයිල නිපදවීමට
Iron – රුධිර හිඟය (anemia) වැළැක්වීමට
Potassium – හෘදය සහ රුධිර පීඩනය පාලනයට
Magnesium & Calcium – ඇස්ථි සෞඛ්‍යයට
ලීක්ස් ;
සුප් (leek & potato soup)
stir-fry (වෙජිටබල් සමඟ)
ඔම්ලට් වලට එකතු කරන්න
මල්ලුම් වලට
කරවල කෑල්ලක් දාල තෙල් දාල
මිටිකිරිටිකකින් හින්දල ..
මේ ඕනෙම විදිහකට කෑමට ගන්න පුලුවන්..