Wound Care Home Visit - Dr. Gayan Jayakody

Wound Care Home Visit - Dr. Gayan Jayakody Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wound Care Home Visit - Dr. Gayan Jayakody, Medical and health, 5D/58, Raddolugama National Housing Scheme, Seeduwa.

01/09/2021
තුවාලයකට බේත් දැමිය යුත්තේ දින කීයකට වරක්ද?අනේ ඩොක්ටර් අදයි බේත් දාගන්න තියෙන්නේ, ලොක්ඩවුන් නිසා එන්න බෑ, අනිද්දා එන්නද?...
28/08/2021

තුවාලයකට බේත් දැමිය යුත්තේ දින කීයකට වරක්ද?

අනේ ඩොක්ටර් අදයි බේත් දාගන්න තියෙන්නේ, ලොක්ඩවුන් නිසා එන්න බෑ, අනිද්දා එන්නද? සති දෙකක් කොරන්ටයින් කරලා, තුවාලෙට බේත් දාගන්නෙ දවස් කීයෙන් කීයටද? මේවා මේ දවස්වල නිතර නිතර අහන ප්‍රශ්න. තුවාලයකට නැවත බේත් දාන්නෙ දින කීයකින්ද කියල තීරණය කරන්නෙ මූලික කාරනා දෙකක් සලකා බලලයි.

1. තුවාලයේ ඉස්ම ගලන ප්‍රමාණය
(Amount of Wound Discharge).
ඉස්ම නොගලන, මද වශයෙන් ඉස්ම ගලන, මධ්‍යම ප්‍රමාණයෙන් ඉස්ම ගලන හා අධිකව ඉස්ම ගලන කියල තුවාල වර්ග හතරකට දල වශයෙන් බෙදෙනව. අඩුවෙන් ඉස්ම ගලන තුවාල වලට ළඟ ළඟ බේත් දාන්න ඕනෙ නෑ. ඒත් අධිකව ඉස්ම ගලන තුවාල වලට ළඟ ළඟ බේත් දැමිය යුතුයි. තුවාලයක ඉස්ම ඊට පිටින් තියෙන නිරෝගී සමේ (Periwound area) වැඩි වේලාවක් ගෑවී තිබීම අහිතකරයි. ඒක නවත්වන්නයි ප්‍රමාද නොවී නිසි වෙලාවට තුවාල වලට නැවත බේත් දාන්නෙ. පලපුරුදු වෛද්‍යවරයෙකුට තුවාලය දිහා බලල ඉන් ඉස්ම ගලන ප්‍රමානය කියන්න පුලුවන්. ඒ අනුව ඊලගට බේත් දාන දිනේ කියන්න පුලුවන්.

2. තුවාලය වහන්න භාවිතා කරන දේ
(Dressing Materials).
තුවාල මුහුණත (Wound bed) වහන්න තාමත් ලංකාවෙ බහුලව භාවිතා කරන්නෙ ගෝස්. නමුත් ගෝස් වලට තුවාල ඉස්ම ගොඩක් රදව ගන්න බෑ. ඒ වගේම ඉස්ම ටිකක් ගෑවුනත් ඒ ටිකෙන් මුලු ගෝස් කෑල්ලම පෙඟෙනව. ඉන් තුවාලෙ වටේ තියෙන නිරෝගී සමට දැඩි හානි සිද්ද වෙනව. ඉස්ම ගලන තුවාල වලටම හදපු විවිධ සැරහුම් වර්ග (Dressing materials) තියෙනව. ඒව වලට ගෝස් වලට වඩා කීප ගුණයක් ඉස්ම උරාගන්න පුලුවන්. ඊට අමතරව උරාගත් ඉස්ම එලියට ගලන්න නොදී එතනම රදව ගන්න පුලුවන් සැරහුම් වර්ගත් දැන් තියෙනව. භාවිතා කරන්නෙ ගෝස් ද වෙන දෙයක් ද කියන කාරනාව මත තුවාලයට නැවත බේත් දමන දිනේ තීරණය කරන්න පුලුවන්.

මීට අමතරව තුවාල වර්ගය හා එය පැසවන්න තියෙන ඉඩ, රෝගියාට තුවාලය ගැන ඇති අවබෝධය හා ඔහු එය ප්‍රවේසම් කරගන්නා ප්‍රමාණය, රෝගියා ඉන්න දුර හා ඔහුට පව්ලෙන් ලැබෙන උදව්ව ආදී බොහෝ කරුණු සලකල තමයි වෛද්‍යවරයෙක් තුවාලයකට ඊලගට බේත් දාන දවස කියන්නෙ. ඉතින් දැන් තේරුනාද සමහර තුවාල වලට දවසට දෙවතාවක් බේත් දාන්නත් සමහර තුවාල වලට සතියට වතාවක් බේත් දාන්නත් හේතුව.

Dr. Gayan Jayakody.
MBBS; MSc (Wound Healing).
27/08/2021

24/08/2021

Medical & health

Address

5D/58, Raddolugama National Housing Scheme
Seeduwa
11400

Telephone

+94778899021

Alerts

Be the first to know and let us send you an email when Wound Care Home Visit - Dr. Gayan Jayakody posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram