Arogya Pvt Hospital Thambuttegama

  • Home
  • Arogya Pvt Hospital Thambuttegama

Arogya Pvt Hospital Thambuttegama Arogya is the leading private hospital in Thambuttegama, providing all the health services including

අගෝස්තු 13 බදාදා (හෙට) දින අප රෝහලේ ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන්සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් චැන...
12/08/2025

අගෝස්තු 13 බදාදා (හෙට) දින අප රෝහලේ ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන්

සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් චැනල් කරගැනීමේ හැකියාව දැන් ආරෝග්‍යා පෞද්ගලික රෝහල වෙතින්

🩺 ආරෝග්‍යා පෞද්ගලික රෝහල
ගල්නෑවපාර , රැජිණ හන්දිය , තඹුත්තේගම
☎ 025 2275000 | 071 7742000

අගෝස්තු 12 අඟහරුවාදා (අද) දින අප රෝහලේ ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන්සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් ...
11/08/2025

අගෝස්තු 12 අඟහරුවාදා (අද) දින අප රෝහලේ ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන්

සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් චැනල් කරගැනීමේ හැකියාව දැන් ආරෝග්‍යා පෞද්ගලික රෝහල වෙතින්

🩺 ආරෝග්‍යා පෞද්ගලික රෝහල
ගල්නෑවපාර , රැජිණ හන්දිය , තඹුත්තේගම
☎ 025 2275000 | 071 7742000

15/07/2025
" පොසොන් උදාවයි - දහම් අමාවයි "සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් චැනල් කරගැනීමේ හැකියාව දැන් ආරෝග්‍යා පෞද්...
10/06/2025

" පොසොන් උදාවයි - දහම් අමාවයි "

සියලුම රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පහසුවෙන් චැනල් කරගැනීමේ හැකියාව දැන් ආරෝග්‍යා පෞද්ගලික රෝහල වෙතින්

🩺 ආරෝග්‍යා පෞද්ගලික රෝහල
ගල්නෑවපාර , රැජිණ හන්දිය , තඹුත්තේගම
☎ 025 2275000 | 071 7742000

Sh*thannata Yamak
30/05/2025

Sh*thannata Yamak

තඹුත්තේගම ආරෝග්‍යා පෞද්ගලික රෝහල සඳහා පුහුණු/නුපුහුණු හෙඳ සේවිකාවන් කඩිනමින් බඳවා ගනු ලබයි වැඩි විස්තර දැනගැනීම සඳහා පහත...
21/05/2025

තඹුත්තේගම ආරෝග්‍යා පෞද්ගලික රෝහල සඳහා පුහුණු/නුපුහුණු හෙඳ සේවිකාවන් කඩිනමින් බඳවා ගනු ලබයි

වැඩි විස්තර දැනගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

077 77 29 544

නැතිනම් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න

070 3400306

🩺 ආරෝග්‍යා පෞද්ගලික රෝහල
ගල්නෑවපාර , රැජිණ හන්දිය , තඹුත්තේගම
☎ 025 2275000 | 071 7742000

‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි කැස්සක් නැත උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසයේ ව...
20/05/2025

‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි කැස්සක් නැත උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසයේ විශේෂත්වයයි..මරණ අනුපාතය වැඩිය, අන්තයට යාමට අඩු කාලයක් ගත වේ. සමහර විට රෝග ලක්ෂණ නොමැත ... අපි පරිස්සම් වෙමු ... එය පෙනහළු වලට කෙලින්ම බලපායි, උණ නොමැති රෝගීන් ගණනාවක් මම දැක ඇත්තෙමි, නමුත් එක්ස් කිරණ වාර්තාවකින් පෙන්නුම් කරන්නේ මධ්‍යස්ථ පපුවේ නියුමෝනියාව! එයින් අදහස් කරන්නේ වෛරසය කෙලින්ම පෙණහලුවලට පැතිරීම වෛරස් නියුමෝනියාව හේතුවෙන් උග්‍ර ශ්වසන අපහසුතාවයක් ඇති කරන බවයි! මෙය උග්‍ර හා මාරාන්තික වීමට හේතුව පැහැදිලි කරයි !!! ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථානවලින් වළකින්න, මුහුණු ආවරණයක් පැළඳ ගන්න, නිතරම අත් සෝදන්න..

මෙය පළමු එකට වඩා මාරාන්තිකයි. එබැවින් අපි ඉතා පරිස්සම් විය යුතු අතර * සෑම පූර්වෝපායක්ම ගත යුතුය. * කරුණාකර මිතුරන් හා පවුලේ අය අතර සුපරීක්ෂාකාරී සන්නිවේදකයෙකු වන්න ..මෙම තොරතුරු ඔබටම තබා නොගන්න, එය ඔබගේ පවුලේ අය හා මිතුරන් සමඟ බෙදා ගන්න. කරුණාකර පරිස්සම් වී ආරක්ෂිතව සිටින්න!

Dr Ritesh Kumar, Pulmonologist..✍️📸🙏

Copied-

07/05/2025

🔴 Job Vacancy 🔴
අප රෝහලෙහි ෆාමසිය සඳහා පුහුණු සේවිකාවක් අවශ්‍යයි
වැඩි විස්තර සඳහා පහත අංකයට කතා කරන්න
070 340 0306

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.අපි අද ...
05/05/2025

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.

අපි අද මේ රෝගය ගැන දැනුවත් වෙමු.

🔴 චිකුන්ගුන්යා යනු කුමක්ද?

චිකුන්ගුන්යා යනු ඒඩිස් මදුරුවන්, එනම් ඒඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඒඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි.

ඩෙංගු උණ පතුරවන්නේ ද එම මදුරුවන්ම ය.

"චිකුන්ගුන්යා" යන නම කිමකොන්ඩේ භාෂාවෙන් (දකුණු ටන්සනියනුවන් සහ උතුරු මොසැම්බික් ජාතීන් භාවිතා කරන) "නැමෙන දේ" යනුවෙන් අර්ථයක් පවතී. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනාවන් ඇතිවීමයි.

🔴 රෝග ලක්ෂණ

සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 (දින 2-12 දක්වා වෙනස් විය හැක) කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ:
🟢 හදිසියේම ඇතිවන අධික උණ (සාමාන්‍යයෙන් 39°C ට වැඩි)
🟢 දරුණු සන්ධි වේදනාව (විශේෂයෙන් අත් සහ පාදවල)
🟢 සන්ධි ඉදිමීම
🟢 මාංශ පේශි වේදනාව
🟢 හිසරදය
🟢 ඔක්කාරය සහ තෙහෙට්ටුව
🟢 සමේ කුෂ්ඨ (skin rash)
🟢 නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම

චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ඝ කාලයක් පැවතීමයි. මෙය අවම වශයෙන් මාසයක කාලයක්වත් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකිය. මේ සන්ධි වේදනාව විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්ට ද දරුණුව බලපානු ලැබේ.

🔴 ප්‍රතිකාර

චිකුන්ගුන්යා සඳහා නිශ්චිත හෝ විශේෂ (ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක්) ප්‍රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ඇත:
🟢 හොඳින් විවේක ගැනීම සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග ගැනීම.
🟢 වේදනාව සහ උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීම.
🟢 පැරසිටමෝල් වලින් සන්ධි වේදනාව පාලනය නොවන්නේ නම් NSAIDs කාණ්ඩයේ (ඉබුප්රොෆෙන් වැනි) ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වේ. නමුත් මේ සඳහා මෙම උණ, 'ඩෙංගු උණක් නොවන බව' තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යාවශ්‍ය වේ.
🟢 දීර්ඝ කාලීනව සන්ධි වේදනාව පැවතිය හොත් ඔබේ වෛද්‍යවරයා NSAIDs (ඉබුප්රොෆෙන් වැනි), ප්‍රෙඩ්නීසලෝන් (prednisilon) සහ භෞත චිකිත්සාව නිර්දේශ කළ හැකිය.
🟢 ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, කරුණාකර වහාම ඔබගේ පවුලේ වෛදවරයා හමුවන්න. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.

🔴 සංකූලතා

චිකුන්ගුන්යා රෝගය සාමාන්‍ය වෛරස් උණක් වන අතර, බොහෝ විට ස්වයං සුව වීම සිදුවෙයි. ඉතා කලාතුරකින් මාරාන්තික වීමට හැකියාවක් ඇත. විශේෂයෙන් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට මෙම බලපෑම ඇත.

චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා කීපයක් නම්:
🟢 මාස හෝ අවුරුදු ගණනක් පවතින අඛණ්ඩ සන්ධි වේදනාව
🟢 ස්නායු සංකූලතා (එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස්)
🟢 ඇස් දැවිල්ල
🟢 හෘද ගැටලු
🟢 වකුගඩු අකර්මණ්‍ය වීම
🟢 ආමාශ ආන්ත්‍රික ගැටළු

🔴 රෝගය වළක්වා ගත හැකිද?

තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින්, ඔබ අනිවාර්යෙන් මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුය. මේ මගින් ඩෙංගු රෝගය පැතිරීමද පාලනය කළ හැකිය.

🔴 මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඔබට කළ හැකි දේ මොනවද👇

🟢 සතිපතා ජල බහාලුම් (මල් පෝච්චි, බාල්දි, ටයර්) පිරිසිදු කිරීම
🟢 ජල එකතු කරන භාජන ආවරණය කර තබන්න
🟢 අවහිර වූ කාණු පිරිසිදු කරන්න
🟢 ජලය එකතු විය හැකි අපද්‍රව්‍ය (හිස් ටින්, තැඹිලි කොම්බ, යෝගට් කප්) නිසි ලෙස බැහැර කරන්න

🔴 පුද්ගලික ආරක්ෂාව

🟢 මදුරුවන් දෂ්ට කිරීම වැළකීම සඳහා මදුරු විකර්ෂක (පැඟිරි තෙල්, මදුරු විකර්ෂක ක්‍රීම්) භාවිතා කරන්න.
🟢 මෙම මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන විට, විශේෂයෙන් උදේ පාන්දර සහ දහවල් කාලයේදී දිගු අත් සහිත කමිස සහ දිගු කලිසම් ඇඳීම
🟢 මදුරුවන් නිවාස තුලට පැමිණීම වැලැක්වීම සඳහා හවස් වන විට ජනෙල් සහ දොරවල් වැසීම
🟢 දිවා කාලයේ නිදා සිටියදී පවා මදුරු දැල් භාවිතා කිරීම

🔴 ඔබ අසනීප නම්, ඔබගෙන් රෝගය අනිත් අයට පැතිරවීම වැළැක්වීමද, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට අත්‍යාවශ්‍ය වේ.

🟢 මේ සඳහා රෝගය වැළඳී පළමු සතිය තුළ, තවදුරටත් මදුරු දෂ්ට කිරීම් වලින් ඔබව ආරක්ෂා කරගන්න.
🟢 රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

මෑත කාලීන වර්ෂාපතනය නිසා මදුරු ගහනය වැඩි වීමත් සමඟ, අප සියලු දෙනාම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. නිසි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.

ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව සිටින්න!

මෙම වසංගතයෙන් අපගේ පවුල් සහ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කරමු. ඔබගේ යහළුවන් සහ හිත මිතුරන් දැනුවත් කිරීමට මේ පොස්ට් එක බෙදා ගන්න.

Address

Arogya Private Hospital, Galnewa Road, Rajina Junction, Thambuttegama

50240

Telephone

+94717742000

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Pvt Hospital Thambuttegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share