17/11/2022
Antimicrobial Resistance කියන කුලකය යටතේ එන Antibiotic Resistance කියන තත්වය ලෝක සෞඛ්‍යය ඉදිරියේ තියන විශාලම තර්ජනයක්.
Antimicrobial Resistance කියන වචනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අර්ථ දක්වනවා "හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඒ සදහා ලබාදෙන බෙහෙත් වලට දක්වන ප්‍රතිරෝධය" කියලා.
ඒකෙන් වඩාත්ම ප්‍රසිද්ධ මාතෘකාව ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික් වලට දක්වන ප්‍රතිරෝධය. මොකද ගොඩක් දෙනා බොන නිසා.
වයිරස් , දිලීර වගේම පරපෝශිත ආසදන වලට දෙන බෙහෙත් වලටත් මේක අදාලයි
සමහර රෝග ඉස්සර දීපු ප්‍රතිජීවක වලින් සුව නොවීම, ඒ බැක්ටීරියා හෝ බැක්ටීරියා කුලකය එයින් විනාශ කිරීමට අපහසු වීම හෝ නොහැකිවීම එහි ප්‍රතිඵල විදිහට දක්වන්න පුලුවන්.
WHO එක ඔවුන්ගේ දත්ත අනුව කියනවා 2050 වන විට මිලියන 350ක් පමණ මරණ වලට මෙය හේතුවෙන බව.
දැනටත් ලෝකය පුරා මිලියන ගානක් මියයනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා.
ඉන්දියාව, ලංකාව, ගිනිකොණදිග ආසියානු රටවල් මේ අතර ඉදිරියෙන්ම ඉන්න සමීපම රටවල්.
ප්‍රධානතම හේතුව ප්‍රතිජීවක අවභාවිතාව
සරලව කිව්වොත් ගොඩක් දෙනා වෛද්‍යවරයක් ලියන්නෙ නැතුව හැම ලෙඩටම තමන් දන්න නැත්නම් කවුරුහරි ෆාමසි එකකින් කියපු ඇන්ටිබයොටික් ගන්නවා.
සමහරු සල්ලි නැති නිසා සම්පූර්ණ දින ගානට ඇන්ටිබයොටික් එක බොන්නෙ නෑ. නැත්නම් හොදයි වගේ කියල හිතුනාම නවත්තනවා.
සමහරු පීනසට හරි කුරුලෑ කියල හරි වෛද්‍ය නිදේශයක් නැතුව ඇන්ටිබයොටික් බොනවා ගොඩාක් කල්
අන්තිමට ලෙඩක් හැදුනාම ලෙඩේට එක ඇන්ටිබයොටික් එකක්වත් අහන්නෙ නැති දවසක් එනවා. එහෙම මැරුණු අය අනන්තවත් ඉන්නවා. බොරු කියල හිතෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකේ වාර්තා කියවන්න.
අන්තිමට සමහරවිට අඩු මිලට තියන ඇන්ටිබයොටික් එකකින් සනීප කරගන්න තිබුන ලෙඩේට සැර වැඩි ගානත් වැඩි එකක් ගන්න වෙන අවස්ථා මේක කියවන අයටත් වෙලා ඇති.
ලංකාව වගේ එකම තැන පල්වෙන රටකට මේක වැදගත් නෑ වගේ පෙනේවි.
ඒත් ඇත්තටම ලෝකෙ දියුණු රටවල් වද වෙන ගෝලීය උණුසුම ඉහල යාම හා සමානව ඉතාම සීරියස් ප්‍රශ්ණයක්.
ප්‍රශ්ණෙ තියෙන්නෙ අපි වගේ හැමදාම දියුණු වෙමින් පවතින රටවල් වලට තමයි මේක වැඩිපුරම බලපාන්නෙ.
ඒ නිසා ධම්මික පැණිය වගේ නෙමෙයි ප්‍රතිජීවක. වගකීමෙන් පාවිච්චි කරන්න වගේම වගකීමෙන් ලෙඩ්ඩුන්ට දෙන්න එක අනිවාර්ය දෙයක් මිසක් සෙල්ලමක් නෙමෙයි.
වෛද්‍යවරයක් නියම කරන්නෙ නැතුව ලංකාවෙ ඕන තරම් අය ඇන්ටිබයොටික් බොනවා වගේම ෆාමසි වලින් දෙනවා.
අඩුම තරමෙ හොද වුනත් සම්පූර්ණ කාලයම බෙහෙත බොන්න ඕන කියල ලෙඩාව දැනුවත් කරන ෆාමසි නැති තරම්.
මොකද ඕව කියන්න ගියොත් සල්ලි හම්බෙන්නෙ.
දවස් 5ට ලියපු බෙහෙත ලෙඩා කියනවා දවස් 3ට දෙන්න කියල, ෆාමසි දෙනවා.
ලෙඩා දන්නෙ නෑ මේකෙ බරපතලකම. නමුත් ඖෂධවේදියෙක්ට තමන්ගෙ වගකීම් දන්නෙ නැහැ කියන්න බැහැ.
එහෙම ඇන්ටිබයොටික් බොනවට වඩා නොබීම ඉන්න එක හොදයි.
මේ සිස්ටම් එකත් එක්ක එහෙම කරලා සල්ලි හම්බකරන්න බැරිවෙයි. ඒත් මිනිස් ජීවිත ඇපේට තියල සල්ලි හම්බකරන එක හිතට එකගව සාධාරණ ද කියන ප්‍රශ්ණය ඒ වගේ ඖෂධවේදින් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්ණයක්.
මොකද මේක ජීවිත එක්ක කරන භයානක සෙල්ලමක්. සිල්ලර කඩ වගේ බිස්නස් එකක් නෙමෙයි.
ඖෂධ නියාමන අධිකාරිය ඇත්තටම effective විදිහට නියාමනය කරනවද කියන එකත් ලොකු ප්‍රශ්ණයක්.
මේ මාෆියාව ඇතුලෙ මම නිකන්ම සිප්පි කටුවක් නිසා ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්.
අවසානයට කියන්න තියෙන්නෙ ඔබේ ජීවිතය වටින්නෙ ඔබටයි ඔබේ ආදරණීයයන්ටයි කියන එක.
මොකද එක ඖෂධ සමාගමකින් වත් එක ෆාමසියකින් වත් මේ නිසා ඔබේ ජීවිතය අනතුරේ වැටුනොත් එක සතයක් වත් ගෙවන්නෙ නැහැ. ඔබ මියගියොත් පවුලෙ අය මිස වෙන අය ඔබට සුදුකොඩි දාන්නෙත් නැහැ.
--ලිපියේ සියලු දත්ත WHO සහ CDDEP කියන ජාත්‍යන්තර ආයතන වලින් ලබාගත් බව කරුණාවෙන් සලකන්න-