MAKmeds

MAKmeds we share health updates and valuble information about your and your children's health in both languages.stay tuned for more services on your fingertips�.

ඔබේ චූටී පැටියා නිතරම හඩනවාද? කොලික්....? (Colic) ගැන ඔබ දැනුවත්ද? අලුත් උපන් දරුවකු මව හා සංනිවේදනය කරන එකම ක්‍රමය හැඩී...
31/10/2022

ඔබේ චූටී පැටියා නිතරම හඩනවාද? කොලික්....? (Colic) ගැන ඔබ දැනුවත්ද?

අලුත් උපන් දරුවකු මව හා සංනිවේදනය කරන එකම ක්‍රමය හැඩීමයි.
නැපි මාරු කිරිමට අවශ්‍ය නම්, බඩගින්න, රස්නය, සීතල, ආදරය අවදානය අවශ්‍ය විට, මුත්‍රා පිටකිරිමේ අපහසුතාවයන් වැනි නොයෙක් හේතු මත පුංචි පැටියා හඩන්නට පුලුවන්.

නමුත් බොහෝ මවුවරුන් සිතන්නේ දරුවා හඩන සෑමවිටකම කිරි නොමැතිකම හෝ කුසගින්න නිසා හඩනවා විය හැකියි කියල. නැත්නම් බාලගිරි දෝසය හෝ වෙනත් මිත්‍යා මත නිස හඩනවා කියල.

නැහැ විවිද හේතු තියෙන්න පුලුවන්. ඉතින් ඔබ මවක් නම් ඔබම සොයාබලන්න අවශ්‍යයි දරුවා හඩන්නේ ඇයි කියල.

ඒ වගේම අලුත් උපන් දරුවන් නොනවත්වා හඩනවානම් විශේෂයෙන් සවස් කාලයේදී, රාත්‍රියේ හඩනවානම් මෙයට හේතුව Colic කොලික් තත්වය විය හැකියි. බොහෝ මව්වරුන්ට මේ ගැන අවබෝධය අඩුයි.

මොකක්ද කොලික් කියන්නෙ?

පුංචි පැටියෙක් කිරි උරාබීමේදී කිරිත් සමග වාතය කුසට ගලායනවා. එවිට බබාගෙ බඩවැල් ඇතුලත වාතය පිරීමෙන් තමයි කොලික් තත්වය බබාට ඇති වෙන්නේ . මෙයට ප්‍රදාන හේතුවක් තවමත් සොයාගෙන නැහැ. නමුත් දිර්ඝ වෙලාවක් මේ වාතය කුසේ තිබීම නිසා දරුවාට අපහසුතාවයක් දැනෙනවා. මෙය සවස් වන විට ආරම්භ වේ. එවිට දරුවා නොනවත්වා හඩන්න ගන්නවා. ඔබ හිතුවත් ගුඩුස් (Burps) යැව්වා කියා එය නිසි ලෙස සිදු නොවීමෙන් ද මේ තත්වය ඇතිවිය හැකි අතර නිතර නිතර කිරි පෙවීමෙන් ද දරුවාට අපහසුතා ඇති විය හැකිය.

කොලික් යන වචනය ඇසූ පමනින් මව්වරුන් අනවශ්‍යය ලෙස බිය විය යුතු නෑ. සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් බබෙකුට මේ තත්වය තියෙනවා. ඒ වගේම පැටියාට මාස 5/6 පමන වන විට ඉබෙම මග හැරි යනවා.

බබාට කොලික් දැයි නිවැරැදිව දැන ගන්නේ කෙසේද ?

- හොදම ක්‍රමය නම් වෛද්‍යවරෙයෙකු ලවා දරුවා හඩන්නේ කොලික් නිසාමදැයි පරීක්ශා කර ගැනීමයි. ඒ හැර
- නොනවත්වා එක දිගට හඩයි.( දිනකට පැය 3 ක් හෝ ඊට වැඩි, සතියකට දින තුනක් වත් මෙලෙස හඩයි) රාත්‍රී කාලයේ මේ තත්වය වැඩි විය හැක.

- මදකින් හැඩීම නතර කරයි නැවත හඩයි.

- බොහෝවිට සවස්කාලයේ නොනවත්වා හඩයි

- සිරුර ඇබරීම හා කුස පිම්බී තිබීම

- කිරි උරා බිමට අපහසුයි,

- වේගයෙන් කිරි බීමට උත්සාහ කරයි.

- මුහුන රතු පැහැ වේ.

- අත් මිට මොලවාගෙන, කකුල් ඔසවා කුස දෙසට ගෙන නොනවත්වා හඩයි.

❤️බබාට කොලික් නම් එය අවම කරගැනීම සදහා කල යුත්තේ මොනවාද ✅✅

- බබාව මූනින් අතට හරවන්න,

- බබාගේ කුස මවගේ, පියාගේ උරහිස ප්‍රදේශයට තබා බබාගේ බඩ හොදින් තදවන්නට සේ වඩාගෙන ඇවිදින්න,

- වාහනයක රැගෙන යනවිට රිද්මයකට අනුව පැද්දීමෙන් දරුවාට සහනයක් ලබාදිය හැකියි.

- තොටිල්ලක හොවා හිමින් රිද්මයානුකූල පැද්දීම, pram/buggy එකක තබා පැද්දීමෙන් දරුවා සංසුන්ව නින්දට හරින්න පුලුවන්

- කිරි දෙන සෑම විටකම හොදින් ගුඩුස් යවන්න.

- නිවැරැදි බේබි මසාජ් එකක් දිනපතාම දෙන්න. මේ ගැන වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න.

- Tummy time කිරිම මගිනුත් මෙ තත්වය මග හැර ගන්න පුලුවන්.

- මදරස්නේ වතුරින් සෝදන්න. (Bath)

- දරුවාගේ අවදානය වෙනත් අතකට හරවන්නට කටයුතු කරන්න. උදාහරණ ලෙස ලයාන්විත සිංදුවක්, සංගීතයක් වැනි යමක්, විදුලි පංකාවක්.

- සාමාන්‍ය විදියට කිරි ලබාදෙන්න.

- දරුවා මූනින් අතට ඔඩොක්කුවෙ තබා පිට අතගාන්න.

❌❌නොකල යුතු දේවල් ❌❌

- උඩ දමමින්, අනවශ්‍යය ලෙස සොලවමින් නිදිකරවන්න උත්සහ කරන්න එපා.

- විවිධ දියර වර්ග හෝ මතුරන ලද තෙල්/දියර ආලේපකල කිරිම හෝ ඒවා පෙවීමට උත්සහ නොකරන්න.

මීට අමතරව

- කොලික් සදහා සාමාන්‍ය ලෙස නිවසේ කල හැකි දේවල් වලිනුත් දරුවාට පහසුවක් නොවේ නම් වෛද්‍යවරෙයෙකු හමුවී ඒ සදහා ඖෂධ (anti-colic drops) ලබාගත හැකියි.

- මවගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කරලිය යුතුයි. විශේෂයෙන් කැෆේන් අඩංගු කහට තේ, කිරි තේ ග, කෝපි, කෝලා වැනි පැණි බීම වර්ග අධිකව පානය කරන මවක් නම් අඩු කල යුතුයි.

- කොලික් සහිත නොනවත්වා හඩන දරුවකු රැකබලා ගැනීම මවකට ඉතාම අපහසු කාරණාවක් නිසා හැකි සෑම විටම පවුලේ අයගේ කාරුනික සහය ඇයට ලබාදිය යුතුයි. මවට ප්‍රමාණවත් නින්දක් නොලැබීම භයානක විය හැකියි.

- හැකිනම් මාරුවෙන් මාරුවට දරුවාගේ වගකීම අඹු සැමියන් හෝ දරුවන් රැකබලාගන්නා අය බෙදාගෙන කිරිමෙන් යම්තාක් දුරට සහනයක් විය හැකියි.

❤️දරුවාට මාස 3,4 වන විට මේ තත්වය පහව යන බව පවසමින් බොහෝ දෙනා මීට ප්‍රතිකාර කිරීමක් සිදු කර නොගනී. නමුත් මාස 3,4දී එසේ සුව වන්නේ බබා තනිව පෙරළෙන, බඩ තද කරන් ක්‍රියාකාරකම් කරන නිසාවෙන් වාතය හොදින් ගුඩුස් හෝ ගුද වාතය ලෙස පිටවීම නිසා පමණි. එතෙක් මාස 3ක් දරුවා සිටින්නෙ වේදනාවෙනි. එබැවින් ඔබේ දරුවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

අතීතයේ බාලගිරි දෝෂයක් ලෙස හැදින්වූයේද මෙය බව ඇතැමුන්ගේ මතයයි. ඔබ හෝ ඔබේ වැඩිහිටි අය එය විශ්වාස කරයි නම් ඒ සිරිත් විරිත් ද දරුවාට හානි නොවන සේ ඉටු කරන ගමන් දරුවාට නිසි ප්‍රතිකාර, සම්බාහනය, ගුඩුස් යැවීම ආදිය වෛද්‍ය උපදෙස් මත සිදු කරන්න.

මීට අමතරව ළදරුවෙකු හැඩීමට වෙනත් හේතු තිබිය හැකියි. එම නිසා ඔබේ දරුවා වෛද්‍යවරෙයෙකු වෙත යොමු කළ අවස්තාවන් පහත් දැක්වෙනවා.

* කිරි උරා බීම අඩු වීම
* මුත්‍රා පිට නොකිරීම
* නොනවත්වා වමනය කිරීම
* උණ/වලිප්පුව
* කහ පැහැ හෝ නිල් පැහැ ගැන්වීම
* අසාමාන්‍ය හඬන අවස්ථා (මුළු රැය පුරාම)
* හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙන්නුම් කිරීම

ස්තූතියි
Sri Lankan mom admin panel

Copied

*තැලසීමියා පොරොන්දම ගැනඔබ දැනුවත්ද?*තැලසිමියාව යනු කුමක්ද?තැලසිමියාව යනු පුද්ගලයෙකුට උපතේදීම ඇතිවන රුධිරය හා සම්බන්ධ රෝග...
29/05/2021

*තැලසීමියා පොරොන්දම ගැනඔබ දැනුවත්ද?

*තැලසිමියාව යනු කුමක්ද?

තැලසිමියාව යනු පුද්ගලයෙකුට උපතේදීම ඇතිවන රුධිරය හා සම්බන්ධ රෝගී තත්ත්වයක්. මිනිස් සිරුරේ තිබෙන වර්ණදේහයක (DNA) ජානයක විකෘති වීමක් නිසා එයට හිමොග්ලොබින් නිෂ්පාදනය කිරීමට නොහැකි වීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා.
එම නිසා රතු රුධිරානු වල තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමෙන් ලේ වල තිබිය යුතු රතු පැහැය ද අඩු වෙනවා. මෙම තත්ත්වය රක්තහීනතාවය ලෙස ශරීරය තුල විවිධ සංකුලතා රැසක් ඇති කිරීමට හේතු වෙනවා.

*තැලසිමියාව කොහොමද හැදෙන්නේ.?

දෙමාපියන්ගෙන් දරුවන්ට තැලසිමියාව සෑදෙන්නේ දෙමාපියන් තැලසීමියා රෝගීන් හෝ දෙදෙනාම වාහකයන් වීමෙන් පමණයි.

එහිදී මවුපිය දෙදෙනාගෙන් එක් අයෙකු තැලසීමියා රෝගී සහ එක් අයෙක් රෝග වාහකයෙක් වූ විට දරුවන්ට තැලසිමියාව ඇති වීමේ අවදානම 50% වන අතර දරුවන් වාහක වීමටද 50% ක අවදානමක් පවතිනවා.
මවුපිය දෙදෙනාම තැලසීමියා රෝගීන් වුවහොත් දරුවන් සියල්ලම තැලසීමියා රෝගීන් වෙනවා.
මවුපිය දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් වාහකයෙක් වූ විට දරුවන් තැලසීමිය රෝගීන් නොවුනද තැලසිමියා වාහකයෙකු වීමේ 50%ක අවදානමක් පවතිනවා.
දෙමාපියන් දෙදෙනාම තැලසීමියා වාහකයින් නම් දරුවන් තැලසීමියා රෝගීන් වීමට 25%කද රෝග වාහක වීමේ 50% කද අවදානමක් පවතිනවා.

*තැලසීමියා රෝග ලක්ෂණ මොනවාද?

1.දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා වර්ධනය ප්‍රමාද වීම.
2.මුත්‍රා අඳුරු පැහැයක් ගැනීම.
3.සම කහපාට පැහැයක් ගැනීම.
4.මුහුණේ අස්ථි අසාමාන්‍ය වීම්.
5.ඉක්මනින් වෙහෙසට පත්වීම.

ඉතා කුඩා අවධියේ දි ඔබේ දරුවාගේ සම සුදුමැලි බවක් පෙනෙන්නට පුළුවන්.
පසු කාලීනව අක්මාව(liver)ඉදිමීම, ප්ලීහාව (Spleen) ඉදිමීම මගින් විවිධ සංකුලතා ඇති වීම මෙම රෝගය තුළ සුලබව දැකිය හැකි වෙනවා.
එක් රෝගියකු තුළ මෙම රෝග ලක්ෂණ සියල්ලම දකින්නට නොලබෙන්නට ද පුළුවන්. එසේම මෙම රෝග ලක්ෂණ බොහෝවිට පැහැදිලිව හඳුනාගත හැකි වන්නේ දරුවා වර්ධනය වන විටයි.

ශ්‍රී ලංකාව තුල තැලසීමියා රෝගය කොහොමද.?

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2.4%ක්ම තැලසීමියා වාහකයන් ලෙස සංගණන වාර්තා වල සඳහන් වෙනවා. ඒ අතරින් කුරුණෑගල, නුවර, පුත්තලම, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්ගේ වැඩි වශයෙන් ව්‍යාප්තියක් දක්‌නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා සදහන් කරනවා. ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇතතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි.

*තැලසීමියා රෝගය සදහා ප්‍රතිකාර තිබෙනවා ද?

ඔව්

නමූත්
ජීවිත කාලය පුරා තැලසිමියාව සදහා නොකඩවා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙනවා.

1. මාස් පතා රුධිර පාරවිලනය
2. යකඩ ඉවත් කිරිමේ ඖෂධ ප්‍රධාන වශයෙන් ලබාදෙනවා.

මෙම සම්පූර්ණයෙන්ම සුව කිරීමට නම් ඇටමිදුළු බද්ධ කිරීම සිදුකළ යුතු වෙනවා. එය ඉතා මිළ අධික ශල්‍යකර්මයක්.

*තැලසිමියාව වලක්වා ගත හැකි ද..?

තැලසිමියාව යනු සුවකිරීමට අපහසු නමූත් වලක්වා ගත හැකි රෝගී තත්ත්වයක්.

*ඒ කොහොමද..?

මෙම රෝගය වැළදෙන එකම ක්‍රමය වන්නේ තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර සිදු වන විවාහයයි. සෑම තැලසීමියා රෝගියෙකුගේම දෙමාපියන් තැලසීමියා වාහකයින් වෙනවා. එම වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහ නවත්වාගැනීම තුලින් මෙම රෝගය ඇති වීම වලක්වා ගත හැකිය.

*මමත් වාහකයෙක් ද ..?

ඔබේ විවාහයට පෙර දෙදෙනාගේ රුධිරය පරික්ෂා කර බැලීමෙන් දෙදෙනා වාහකයන් ද යන බව දැනගත හැකිය.
මෙය “තැලසීමියා පොරොන්දම” යනුවෙන් හදුන්වනු ලබනවා.

*කොහෙන්ද රුධිර පරීක්ෂණ කරගන්නේ..?

මෙම පරික්ෂාව රජයේ රෝහල් වෙතින් නොමිලේ කරගත හැකියි. ඒ වගේම ලංකාවේ තැලසීමියා මධ්‍යස්ථානය සමහර දිස්ත්‍රික්ක වල රෝහල් වල පිහිටුවා තිබෙනවා. එම මධ්‍යස්ථාන මගින්ද ඔබට මෙම පරීක්ෂණය කරගත හැකියි.

*ඔබ මොකද කලයුත්තේ..?

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ, ඔබත් තැලසීමියා වාහකයකු යන්න ඔබේ විවාහයට පෙර පරීකෂා කර ගන්න.
ඔබේ දරුවා තැලසීමියා රෝගියකු නොවන බව සනාථ කර ගන්න.
අනාගතයේ පසුතැවිලි නොවීමට තැලසීමියා පොරොන්දම ගලපා ගන්න.

~~ වෛද්‍ය තුසිත බණ්ඩාරගෙනි ~~

13/01/2021
'Micropia' Museum of the microbes at Amsterdam.The only museum in the world revealing the world of microscopically small...
13/10/2020

'Micropia' Museum of the microbes at Amsterdam.
The only museum in the world revealing the world of microscopically small Life

Some medical producs.you might need them during pandermic.🙂
12/05/2020

Some medical producs.you might need them during pandermic.🙂

06/05/2020

*අධි රුධිර පීඩනය(Hypertension)
*මරණයට අත වනන නිහඬ මාරයා ගැන ඔබ දැනුවත්ද..?

*අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද.?

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය120/80 mmHg හෝ මෙයට අඩු අගයක් ගන්නවා. මෙය රුධිර නාළ තුළ පවතින පීඩනයයි. මෙම අගය ඉක්මවා ගිය විට හෝ එම තත්ත්වය (>130/90mmHg)දිගින් දිගටම පැවතීම අධි රුධිර පීඩනය ( hypertension) ලෙස හඳුන්වනු ලබනවා.

*මොනවාද මෙහි රෝග ලකෂණ.?

රෝගයේ මුල් අවධියේ දී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. මේ නිසාම තමන් අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන බව බොහෝ දෙනකු නොදන්නා තත්ත්වයකි.
මෙහි රෝග ලකෂණ ලෙස,
🔴කරකැවිල්ල
🔴ඔක්කාරය
🔴හිසරදය
🔴හුස්ම ගැනීමේ අපහසුතාව
🔴දහඩිය දැමීම
🔴නින්ද නොයෑම
🔴ඇස්වල දැලක් බැන්දාක් මෙන් පෙනීම
🔴තෙහෙට්ටු ස්වභාවය
🔴එක්විටම නාසයෙන් රුධිරය ගැලීම
වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

*අධි රුධිර පීඩනය භයානකද..?
*ඔව්
දීර්ඝ කාලයක් තිස්සේ පවතින අධි රුධිර පීඩනය ඔබේ සිරුරට අහිතකර බලපෑම් එල්ල කරයි.
🚫හෘදය දුර්වල වීම
🚫අංශභාගය (Stroke)
🚫ඇස් වලට හානි සිදුවීම (Retinopathy)
🚫වකුගඩු දුර්වල වීම (Chronic Kidney Disease)
🚫අග්න්‍යාශයට හානි සිදුවීම
🚫මොළයට හානි සිදුවීම
🚫අස්ථිවලට හානි සිදුවීම
එ් අතර ප්‍රධාන ලෙස දැකිය හැක.

මෙම නිසා ඔබ නොදැනුවත්වම ඔබව මරණය කරා ලගා කරවීමට මෙම රෝගයට හැකියාව ඇත.

*අධි රුධිර පීඩනය ඇති වීමට හේතු මොනවාද.?

🚻ස්ත්‍රී පුරුෂ භාවය
කාන්තාවන්ගේ ඔසප් චක්‍රය පවතින තෙක් ඔවුන් අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවදානම අඩුවේ.

♿වයස
ඕනෑම වයස් කාණ්ඩයකදී ඇතිවිය හැක. නමුත් වයසින් වැඩිවෙත්ම අවදානම ද වැඩි වේ.

🚼ප්‍රවේණික සාධක
පවුලේ සාමාජිකයන් අතර අධිරුධිර පීඩනය ඇති නම් ඔබටත් මෙහි අවදානම පවතී.

🚹තරබාරුකම
පුද්ගලයකුගේ උසට සරිලන බර (BMI)අගය 18.4 ත් 24.9ත් අතර තිබිය යුතු අතර මෙය ඉක්මවීම තරබාරු තත්ත්වයකි.

💊ඇතැම් ඖෂධ වර්ග - NSAID කාණ්ඩයේ ඖෂධ.
🚭දුම් පානය.
🍺මත්පැන් පානය.
😋අධික කොලෙසේටරෝල්.
🧂වැඩිපුර ලූණු කෑම.
🍽️පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ලවණ අඩුවීම.
😚මානසික ආතතිය.
😫දියවැඩියා වැනි රෝගී තත්ත්වයන්.
මෙම රෝගය ඇතිවීමට හේතු ලෙස දැකිය හැක.

*අධික රුධිර පීඩනය කලින් හදුනාගත හැක්කේ කෙසේද?

1.සෑම පුද්ගලයකුම (වයස අවුරුදු 40 ඉක්මවූ පසු) වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බැලීම සිදුකළ හැකිය.

2. ඉහත කී අවධානම් සහිත පුද්ගලයන් නිරතුරුවම රුධිර පීඩනය මැන බැලීම සිදුකළ හැකිය.

3. ඉහත කී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකළ හැකිය.

*අධි රුධිර පීඩනය පාලනය කිරීමට කලහැක්කේ මොනවද.?

ඉහත සදහන් කළ හේතු අතරින් ඔබට පාළනය කල හැකි දේ යහපත් ලෙස පාලනය කිරීම මගින් ඔබ අධිරුධිර පීඩනයට ගොදුරු වීම අවම කරගත හැකිය.
එනම්,
♥️ඔබේ සිරුරේ බර ප්‍රමාණය අඩු කරගන්න(BMI)
♥️දිනපතා ව්‍යායාම කරන්න.
♥️පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය පාළනය කරන්න.
♥️මත්පැන් පානය නවතා දමන්න.
♥️දුම් පානය නවතා දමන්න.
♥️පොටැසියම් බහුල ආහාර අනුභව කරන්න.
♥️කෙඳි සහිත ආහාර ගන්න.
♥️මානසික පීඩනය පාලනය කරන්න.
♥️කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න.
♥️දියවැඩියාව පාලනය කරන්න.

*ඔබ දැනට අධිරුධිර පීඩනය රෝගයෙන් පෙලෙන්නේ නම් පිළිපැදිය යුතු දේ මොනවාද.?

☑️දිනපතා නිසි මාත‍්‍රාවට ඖෂධ ප‍්‍රතිකාර ලබා ගන්න.
☑️නියමිත වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
☑️ලූණු භාවිතය අවම කරන්න.
☑️පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිතා කරන්න.
☑️දිනපතා ව්‍යායාම කරන්න.
☑️ශරීරයේ බර(BMI) පාලනය කරන්න.
☑️දුම්පානය නොකරන්න
☑️මත්පැන් පානය නොකරන්න.
☑️මේද අධික ආහාර ගැනීම අඩු කරන්න.

*ඔබ කුමක් කල යුතුද..?

⚕️ඔබේ ශරිර සෞඛ්‍ය පිළිබඳ අවධානයෙන් සිටින්න.
⚕️යහපත් ජිවන රටාවකට හුරු පුරුදු වන්න.
⚕️ඉහත කී අසාමාන්‍ය තත්ත්වයක් ඔබ හදුනා ගත හොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඔබගේ අදහස් පහතින් සදහන් කරන්න.

~~අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය තුසිත බන්ඩාරගෙනි~~

මී උණ (Leptospirosis)මී උණ ගැන ඔබ දැනුවත්ද.?මොකක්ද මේ මී උණ.කියන්නේ..? මෙය මීයන්ගෙන් සහ ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝග...
01/05/2020

මී උණ (Leptospirosis)
මී උණ ගැන ඔබ දැනුවත්ද.?

මොකක්ද මේ මී උණ.කියන්නේ..?
මෙය මීයන්ගෙන් සහ ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද සමාජය තුල හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක

මෙම රෝගය මිනිසාට වැළදෙන්නේ කොහොමද.?

ශරීරයේ ඇති තුවාළ, කැපුම් හෝ සීරීම් හරහා බැක්ටීරියාව ශරීරගත වියහැක.
කුඹුරකට බසින ගොවියෙකුට මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතී. කුඹුරු වල හා ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට ඔබගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වී ඔබත් රෝගියකු කිරිමේ හැකියාව මෙමෙ බැක්ටීරියාවට ඇත.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන්, බැක්ටීරියාව ශරීරගත වී දින 5-20 ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.

*වෙව්ලා හැදෙන තද උණ.
*මස්පිඩු වල තදබල වේදනාව.
*ඇස් තද රතුපැහැවීම සහ ඇස් දැවිල්ල.
ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ඇතිවිය හැක.

*ඔක්කාරය සහ වමනය
*දැඩි හිසරදය
*කෑම අරුචිය
*අප්‍රාණික බව
*මුත්‍රා තද කහ පැහැයක් ගැනීම
*මුත්‍රා සමග ලේ යාම
*මුත්‍රා පිටවීම අඩුවීම
*සමේ පලු මතුවීම

මෙම රෝගයමාරාන්තිකද.?
ඔව්
නිසි ප්‍රතිකාර ලබා නොගතහොත්, වකුගඩු, මොළය, අක්මාව වැනි අවයව වලට විවිධ බලපෑම් ඇතිකරමින් මී උණ රෝගය මාරාන්තික වියහැක.

මෙම රෝගය රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වීමක් සිදු වෙනවාද.?
නැත.

ඔබ මෙම රෝගයෙන් වැළකෙන්නේ කොහොමද?

1.කුඹුර අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.

2.වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න,(දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළඳීම, අත්වැසුම් භාවිතය සිදුකල හැක)

3.ජලය රැඳුණු ස්ථාන වල ජලය බැසයාමට සලස්වන්න.

4.ජලය රැඳුණු ස්ථාන වලට බැසීමෙන් වළකින්න.

5.සමේ තුවාළ හෝ සීරීම් ඇත්නම්, කුඹුරට හෝ ජලය රැඳුණු ස්ථාන වලට බැසීමෙන් වළකින්න.

6.සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා නිසි පරිදි වළකට දමන්න.

7.නිවස මීයන්ගෙන් තොරව පිරිසිදුව පවත්වා ගන්න.

ඔබ_කුමක්_කල_යුතුද?

*ඉහත සඳහන් කල රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

*කුඹුරු, වගාබිම්, පතල්, දියකඩිති ආශ්‍රිතව වැඩකිරීමට නියමිත නම්, වැඩකිරීම ආරම්භ කිරීමට සතියකට පෙර ආරක්ෂිත ප්‍රතිකාර ලබා ගන්න.
(මේ සඳහා ඩොක්සිසයික්ලින් (Doxycycline) ඖෂධය ලබා ගත හැකිය.මෙම ඖෂධය හා ඒ සම්බන්ධ වැඩි විස්තර ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් ලබාගත හැක.)

ඔබත්, ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ හොඳ අවධානයෙන් සිටින්න.!!!

අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය තුසිත බණ්ඩාර සොයුරාගෙනි..

සිගරට්. 🚬 ඔය කියන තරම් නරකද.? පිළිතුර ඔව්.මොකක්ද ඔය කියන තරම් නරක, කියවලාම බලමු.. 📖❌සිගරට් එකක් ඇතුලේ මොනවද තියෙන්නෙ ?නි...
24/04/2020

සිගරට්. 🚬
ඔය කියන තරම් නරකද.? පිළිතුර ඔව්.
මොකක්ද ඔය කියන තරම් නරක, කියවලාම බලමු.. 📖

❌සිගරට් එකක් ඇතුලේ මොනවද තියෙන්නෙ ?

නිකොටින්,කාබන් මොනොක්සයිඩ්,කැඩ්මියම්,ආසනික්, ඔක්සිකාරක, විකිරණශීලි සංයෝග මේ ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය රාශියක් මෙතුළ අඩංගු වෙනවා. ඒ අතර පිලිකාකාරක 40කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා.

ඇයි එහෙනම් සිගරට් එකක් බොන්න හදන්නේ.?

බොහෝ දෙනෙක් සිගරට් බොන්න පෙළඹිලා ඉන්නේ තරුණ වයසට පත් වීමත් සමග දැන් තමුන් කරදඬු උස්මහත් වුණු ලොකු මිනිහෙක් කියන හැඟීමක් ඇති කරගෙන ඒ බව අනික් අයට අඟවන්න. ඒ වගේම සිගරට් බීම තුළින් මනසේ ක්‍රියාකාරීත්වය (mood එක) වැඩි වෙනවා කියලා හිතාගෙන , එහෙමත් නැත්නම් වෙළද ප්‍රචාරණ මගින් පෙන්වන දේ තුළින්,සිගරට් බොන එක මොන වගේද කියලා බලන්න(කුතුහලය).එහෙමත් නැත්නම් කිසිම හේතුවක් නැතිව අනිත් අය බොන නිසා, මේ වගේ හේතු නිසා තමයි අද සමාජයේ බොහෝ දෙනෙක් මේ සිගරට් බිමට පුරුදු වෙලා ඉන්නේ.

සිගරට් බීමෙන් මොකද වෙන්නේ.?

ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය මගින් ඔබේ සිරුරේ සෑම අවයවයක් තුළම රෝග ඇති කරන අතර ඔබේ ජීවිතයට විවිධ අහිතකර බලපෑම් එල්ල කරයි, එනම්.
1 හෘදයාබාධ
2 අංශභාගය
3 රුධිර වාහිනී ආශ්‍රිත රෝග
4 පෙනහළු පිළිකා
5 මුඛ පිළිකා, අන්නස්‍රොතය ආශ්‍රිත පිළිකා
6 ආමාශය,අග්‍න්‍යාශය,අක්මාව ආශ්‍රිත පිළිකා
7 ලිංගික බෙලහීනතාව
8 ශුක්‍රාණු නිපදවීම අඩු වීම.
9 විකෘති ශුක්‍රාණු නිපදවීම .
10 ලියුකේමියාව
11 ක්ෂය රෝගය
12 මුඛ දුර්ගන්ධය
13 දත් කහ වීම
14 විදුරුමස් රෝග
15 සම රැලි වැටීම
16 නියපොතු අවපැහැ වීම
17 අවලස්සන පෙනුම
18 සංවේදන දැනීම අඩු වීම.
19 ශාරීරික ශක්තිය පිරිහීම.
20 මාතෘ මරණ වැඩි වීම
21 හදිසි අනතුරු වැඩි වීම
22 සියදිවි නසාගැනීම් වැඩි වීම
23. මානසික රෝග වැඩි වීම.
24.ආදයම පිරිහීම

🔴 ඒ වගේම ඔබ බොන සිගරට්ටුව නිසා ඔබ වටා සිටින
ආදරණීයන් හටද අත්වන්නේ අහිතකර බලපෑම් වේ.
ඔබ දුම් පානය කරන විට ඔබ වටා සිටින පිරිස ද අක්‍රීයව දුම් පානයකට ලක් වේ. මේ හේතුවෙන්.
🔸ඇදුම, කැස්ස
🔸හදිසි ළදරු මරණ
🔸ශ්වසන අපහසුතා
🔸පිළිකා ඇතිවීම
🔸වමනය
🔸ඇස් දැවිල්ල
🔹මළදරු උපත්
🔹අඩුබර උපත්
🔹නොමේරු දරු උපත්
🔹ගබ්සා වීම
වැනි තත්වයන් ද ඇති විය හැක.

දුම්පානය තුළින් COVID 19 රෝග අවදානම වැඩි කරනවද.?

ඔවු,
දුම්පානය කරන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය අඩුවන අතර එමඟින් රෝගය සෑදීම අවධානම වැඩි වේ. එපමණක් නොව දුම්පානය කරන්නන්ට කොරෝනා රෝගය වැලදී අසාධ්‍ය තත්වයට පත්වීමේ සහ මරණයට පත්වීමේ අවධානමද සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා කිහිපගුණයකින් ඉහලය.දුම්පානය කරන පුද්ගලයින් රෝග පැතිරීමට දායක වන අන්දම සුදුවැල්ල ප්‍රදේශයේ එකම සිගරැට්ටුව හුවමාරු කරගැනීම නිසා සිදුවූ සිදුවීම එක් උදාහරණයක් පමණි.

ඔබ_දැනටමත් දුම්පානය කරන්නේ නම් ඉන් ගැලවීම සඳහා කුමක්ද කල යුත්තේ.?

දුම් බීමට ඇබ්බැහි වූවෙකුට ඉන් ගැලවීම පහසු නොවේ. නමුත් එය හරි ආකාරයට අරමුණක් සහිතව කළහොත් අනිවාර්යයෙන් ම සදහටම නවතා දැමිය හැක.

1.දුම් බීම නවතනවායැයි දැඩි අධිෂ්ඨානයෙන් සැලැස්ම ආරම්භ කරන්න. එය හෙට දවසට කල් නොදමන්න.

2.දුම් බීමට සිතෙන සෑම විටම එය කල් දමන්න.

3.මත්පැන් සිගරට් භාවිතා වන උත්සව අවස්ථා මග හරින්න.

4.පෙලඹවීම් ඇති වන අවස්ථා මඟහරින්න.

5.දුම්පානයට යොදවන වෙලාව වෙනත් දෙයකට යොදාගන්න. ( ව්‍යායාම කරන්න,විනෝදාංශයක නිරත වෙන්න,පවුලේ අය සමග කාලය ගත කරන්න, ළමයින් සමග කාළය ගත කරන්න....)

6.දුම් බීම නැවතීමෙන් පසු ඇතිවූ වෙනස්කම ගැන පසුවිපරම් කර සතුටු වෙන්න.

7.තම ජීවිත අවදානම අඩු වීමෙන් තමාට මෙන් ම තම පවුලට ද ඇතිවන යහපත ගැන සිතන්න.

8.අවශ්‍යතාව අනුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මැලි නොවෙන්න.

තවත් රැවටෙන්න එපා.

සෑම වසරකම දුම්කොළ සමාගම් විසින් ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් සඳහා බිලියන ගණන් මුදල් වැය කරනවා. ඔවුන් එතරම් මුදලක් වැය කරන්නේ තරුණ තරුණියන් ඒවාට අසු වෙන බව දන්නා නිසයි.
තනි තනිව සිතන්න, ඔබ දුම්පානයෙන් වැළකී සිටීම නිසා ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් නිරෝගිමත් හෙට දවසක් උදා වනු ඇත. අවසානයේ මුළු රටම නිරෝගිමත් වනු ඇත.

ඔබ, ඔබේ මුදල්වලින් දුම්කොළ සමාගම් පොහොසත් කරන්නේ ඇයි? තවත් රැවටෙන්න එපා. දුම්කොළ සමාගම්වත්, දුම්පානය කරන ඔබේ මිතුරන්වත් කටයුතු කරන්නේ ඔබේ යහපත උදෙසා නොවන බව තේරුම් ගන්න.

තීරණය ඇත්තේ ඔබ අතේය..
ඔබේ සෞඛ්‍ය ගැන සියල්ලටම පෙර ඔබ සිතන්න.
-අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය -තුසිත බණ්ඩාරගෙනි

Address

Tangalle
82200

Telephone

+94711075371

Website

Alerts

Be the first to know and let us send you an email when MAKmeds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MAKmeds:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram