හඳහන.lk

හඳහන.lk සෞභාග්‍යයේ විශ්ෂ්ඨතම සංචාරය ,
(1)

උදාවෙන 2026 වර්ෂය ඔබට කෙසේද?පසුගිය ව⁣සරේ සාර්ථක කරගැනීමට නොහැකි වූ 1.විවාහය2.අධ්‍යාපනය 3.රැකී රක්ෂා කටයුතු4.විදෙස් ගතවීම...
25/11/2025

උදාවෙන 2026 වර්ෂය ඔබට කෙසේද?

පසුගිය ව⁣සරේ සාර්ථක කරගැනීමට නොහැකි වූ

1.විවාහය
2.අධ්‍යාපනය
3.රැකී රක්ෂා කටයුතු
4.විදෙස් ගතවීම්
5.දරු ඵල
6.නිවාස ඉදිකිරීම්
7.නඩු හබ
8.රථ වාහන මිලදී ගැණීම්
9.ආර්ථික ගැටළු
10. මැණික් , කෘෂිකාර්මික කටයුතු

2026 වර්ෂයේ නිවැරදිව සාර්ථක කරගන්නේ කෙසේද ? නිවැරදි ආකාරයට ඊට පිළියම් යොදන්නේ කෙසේද ? දියුණුව හීන වීමට අදාළ පිළියම් මොනවාද ?

නිමක් නොමැති ගැටළු සඳහා පහසු සහ නිවැරදි විසඳුම් සමඟින් ප්‍රවීණ ජෝතීශ්‍යවේදියෙකු පැයක කාලයක් ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

විශේෂ Online සේවාව සඳහා -

ඔබේ නම -
උපන්දිනය -
උපන් වේලාව -

071 85 10 907 වට්ස්ඇප් අංකයට යොමු කර වේලාවක් වෙන් කරවා ගන්න.

අයකිරීම් -

" සියළුම සේවාවන් සඳහා රුපියල් දෙදහසක් පමණි "

©සසිරි ජෝතීර්‍ය⁣ සේවය අනුබද්ධ හඳහන.lk
සසිරි කාර්‍යාල - ගල්කිස්ස - පානදුර - කළුතර

බුධ - සිකුරු යෝගය හා විවාහයවිවාහය පිළිබඳව ඇතැමෙකු ඉතා සැහැල්ලුවෙන් සිතා සිටියද විවාහය යනු මනුෂ්ය ජීවිතයේ අතිශය සුවිශේෂී ...
16/11/2025

බුධ - සිකුරු යෝගය හා විවාහය

විවාහය පිළිබඳව ඇතැමෙකු ඉතා සැහැල්ලුවෙන් සිතා සිටියද විවාහය යනු මනුෂ්ය ජීවිතයේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයකි. තමා විසින් තෝරා ලබාගන්නා ලද සහකරු හෝ සහකාරිය මියයන තුරා යහතින් හොඳින් තබා ගැනීම විවාහයේ ඒකායන අරමුණ විය යුතුය. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට සිකුරු ග්රහයාගෙන් සිදුවන බලපෑම අති මහත්ය. එමෙන්ම කිව් තවත් ග්රහයකු සමග සංයෝගය සිටිමෙන් එම බලපෑම්වල යම් යම් වෙනස්කම් හටගනී. ශුක්ර,බුධ සමඟ සංයෝග වී කේන්දරයේ ශුභ ස්ථානයක පිහිටීම විවාහ ජීවිතය මෙන්ම ලෞකික සැප වින්දනය අතින්ද ඉතාමත්ම වැදගත් යෝගයකි. එසේ කේන්දරයේ ශුභ ස්ථානයක බුධ - සිකුරු සංයෝගය සිටීම ඉතා වාසනාවන්ත විවාහ ජීවිතයකට මඟපාදන්නාක් මෙන්ම නරකට හිටියොත් එහි අනෙක් පැත්තය. එනම් බුධ,සිකුරු නරකට හිටියොත් නින්දා අපහාස ලබන ඉතා අසාර්ථක දුඃඛිත විවාහ ජීවිතයකට මඟපෑදිය හැකිය. බුධ බුද්ධියට අධිපතියාය. කතාබහට, වචනයට, තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට, කපටි ශූර මායාවන්ට, අනුන් මුළා කිරීමට, ලිවීමට, ලිවීම් මඟින් අනුන්ගේ සිත් ඇදගැනීමට බුධ ඉතා හොඳින් සමත් වෙයි. බුධ නපුංසක ග්රහයෙකි. එබැවින් තනිව සිටින බුධගෙන් ප්රයෝජනයක් නැති තරම්ය. එහෙත් බුධ වෙනත් ග්රහයකු හා එක්වූවිට එම ග්රහයාගෙන් සිදුවිය යුතු කාර්යය ඉතා සූක්ෂ්ම අන්දමින් අඩුපාඩුවක් නැතිව පිරිසුදුවටත් අලංකාරවත් ලෙසත් සිදුකරදීමේ මාහැඟි හැකියාවක් බුධට ඇත. බුධ - සිකුරු සමඟ සංයෝග වූ විට සිකුරුගේ කාර්යභාරයට ලැබෙන්නේ අතිශය සහයෝගයකි. ලෞකික ආශාවන්ගෙන් පෙළෙන අතිශය රූමත් තරුණියකගේ ක්රියාවන්ට, හැට පැහුණු කපටි ගැහැනියකගේ නුවණ තරම් බුද්ධියක් ඇති කපටි කෙල්ලකගෙන් උදවු ලැබෙන්නාක් මෙන් ක්රියා කරයි. මෙවැන්නෝ බොහෝ විට නිසි වයසටත් කලින් පෙම්හබවල පැටලෙති. ලිවීමේ දක්ෂතාව පුදුමාකාර අන්දමින් ඇතිකරයි. කිවි -බුධ සංයෝගය කේන්දර ශුභ ස්ථානයක වී නම් විවාහයද ඉක්මන් වෙයි. වයසටත් කලින් සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට මෙවැන්නෝ සමත් වෙති.කිවි - බුධ යෝගය කේන්දරයේ 6-7-8-10– 12 යන ස්ථාන හැර අන් කුමන ස්ථානයක පිහිටියත් විවාහ ජීවිතයට යහපතක් සිදුවෙයි. පාප දෘෂ්ටි නොමැතිව ශුභ අන්දමින් සිටි තරමට යහපත වර්ධනය වේ. කිවි- බුධ සංයෝගය කේන්දරයක පවතින්නා සමාජයේ කැපී පෙනෙන්නෙක් වේ. ඒ දේහ ප්රමාණයෙන් නොව උපතින්ම ලද දක්ෂතා මඟිනි. කාව්ය ශාස්ත්ර, ගීත, වාද්ය, චිත්ර හා අනෙකුත් කලාශිල්ප මඟින් අන්යයන්ගේ සිත් ඇද බැඳගන්නා අන්දමේ ඕනෑම නිර්මාණයක් ඉතා අලංකාරවත් ලෙසත් අඩුපාඩුවක් නැතිව සාර්ථක අන්දමින් නිමකොට අනුන්ගේ සිත වසඟ කර ගැනීමේ හැකියාව කිවි බුධ යෝගය කේන්දරයක ඇති පුද්ගලයාට සහජයෙන්ම පිහිටන්නකි. කතාවට ගියද අනුන්ගේ සිත් ඇදී එන පරිදි සිනහ උපදින ලෙස කතා කිරීමේ හැකියාව පවතී. සිනහවෙන් වුව අනුන්ගේ සිත් ඇදගනී. මෙවැන්නන්ගේ සියලු ක්රියාවන් කලාත්මක වන බැවින් අනුන්ගේ සිත් ඇදගැනීමේ පුදුම ආකර්ෂණයක් මොවුන්ට ඇතිවේ. බුධ-සිකුරු සංයෝගය ඉගෙනීමටද යහපත් වන්නකි. සාහිත්යය, ගණිත මිනිතය, ලේඛක කලාව පමණක් නොව කාම විද්යාව පිළිබඳවද මෙවැන්නකට සහජයෙන්ම හොඳ දැනුමක් ඇති වේ. මෙවැනි අය දකින්නන්ට මොවුන් නැවත දැක ගැනීමට, ආශ්රය කිරීමට , පහස විඳීමට දැඩි ආශාවක් නිරුත්සාහයෙන් ඇති වේ. ඇතැම්හු එය පෙර පින සේ දකිති. ඇවැස්ස නෑකම අනුව සිදුවන බොහෝ විවාහයන්ට කිව් බුධ යෝගය බොහෝ සෙයින් බලපා ඇති බව පෙනෙන්නට තිබේ. රාශි චක්රයේ තුන්වැනි ස්ථානය වන මිථුනය සහෝදරයන් නෑනා, මස්සිනාවරුන්, පිළිබඳව කියැවෙන තැනයි. හයවැනි ස්ථානය වන කන්යාව ඇවැස්ස මස්සිනාවරුන්, නැන්දා,මාමා සහ විවාහයෙන් පසු ලැඛෙන මස්සිනාවරුන් ගැන කියැවෙන ස්ථානයයි. මෙම ස්ථාන දෙකටම අධිපති වන්නේ බුධහුය. එබැවින් මංගලකාරක සිකුරා බුධ සමඟ එතැන් වල යෝග වූ විට බොහෝ සෙයින් ඇවැස්ස නෑනා - මස්සිනා විවාහය සිදු වීමට අවශ්ය කරුණු පාදන බව එයින් පැහැදිලි වෙයි. බුධ, සිකුරු දකින තැනක සිටියත් ඥාති සම්බන්ධය මත විවාහය සිදුවිය හැකිය. එහෙත් දකින තැනක සිටීමට බුද්ධගෙන් සිකුරු රාශි හතරක් හෝ පහකින්වත් ඈත්විය යුතුය. එවැනි යෝගයක් ඇති වන්නේ කලාතුරකිනි. බුධ සිකුරු යෝගය පිළිබඳව තවත් බැලිය යුතු පැත්තක් තිබේ. මිථුන, කන්යා, ධනු, මීන යන ලග්න හැර අනෙක් ලග්නවලට කිවි බුධ හත්වැන්නේ සංයෝග වීම එතරම් හොඳක් නොවන්නකි. එම යෝගය “අභිචාරික යෝග“ නමින් හඳුන්වනු ලබයි. එවැනි කේන්දර හිමියා ඉතා ඉක්මනින්ම අනෙක් පක්ෂය හා ඇලෙයි. බොහෝ විට තමා විසින්ම අනෙක් පක්ෂ ය වසඟ කරගෙන සල්ලාල ජීවිතයකට යොමුවෙයි. විශේෂයෙන්ම ස්ත්රී පක්ෂයට ක් මෙය තදින්ම නරක ප්රතිඵලයන්ට මඟපෑදිය හැකි වන්නකි. දසවැන්නේ කිවි-බුධ යෝග වීමද එවැනි අසංවර චරිත ඇති කරන්නට හේතු සාදන්නකි. ධනය, ගේ දොර, යානවාහන, වස්තුව, දේපළ, යසඉසුරු, තනතුරු හිමිකර ගැනීමට දසවැන්නේ කිවි- බුධ සංයෝගය බොහෝ යෝග්ය වුවද චරිත පාරිශුද්ධත්වයට හානි පමුණුවන්නකි. විශාල නම්බුකාරයකු ලෙස බාහිරින් පෙන්නුම් කළද අභ්යන්තරික වශයෙන් දූෂිත යැයි කිවහැකි චරිතයකට මඟ පාදන්නකි. 7-10 යන ස්ථානයන්හි කිවි, බුධ වෙනම සිටියද එවැනි චරිතයකට හේතු සාදයි. කිවි - බුධ දෙදෙන කේන්දරයේ 6-8 12 යෝග වී පිහිටීම විවාහ ජීවිතයට දැඩි ලෙස කරදරයට පත්කරන්නට හේතු වන්නකි. මොවුන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් අනෙක් පක්ෂයට රැවටී වසඟ වෙයි. එබැවින් බොහෝ විට කරදරයන්ට මුහුණපාන්නට සිදුවෙයි. පෙම් සඳතා හේතුවෙන් සතුරු කරදරයන්ට මුහුණපාන්නට සිදු කරයි. එමෙන්ම නින්දා හා නරක නාම ලැබීමටද සලස්වයි. බොහෝ විට බලාපොරොත්තු සුන් වී පරාජය ලැබීමට සිදුවෙයි. එහෙත් හත්වැන්න අධිපතියා බලවත් තැනක නම් එම දෝෂ භංග වී යහපත් විවාහයක් සිදුවෙයි. සිකුරු නීචව හෝ දුබලව 6-8-12 යන ස්ථානයක බුධ සමඟ සිටියහොත් විවාහය බොහෝ කල්යයි. මුල් බලාපොරොත්තු කිහිපයක්ම නොයෙකුත් කරදර හේතුවෙන් බිඳවැටී අවසානයේ ඉබේම වාගේ සහකරුවකු හෝ සහකාර්යක හමුවෙයි. එම විවාහයද බොහෝ විට නිශ්ශබ්ද, රහසිගත එකක් වෙයි. එසේ වන්නේ හත්වැන්න අධිපතියා දුබල වූ බැවිනි. සිකුරු නීචව බුධ සමඟ 6 – 8 යන ස්ථානයන්හි පිහිටි අය කෙට්ටු ශරීර ඇත්තෝ වෙති. මුත්රා ආබාධ, වකුගඩු ආබාධ යන දෝෂයන්ගෙන් හෝ ශාරීරික වෙනත් අක්රමිකතා මඟින් ශරීර ශක්තිය හීන කරයි. මෙවැනි අයට හිමිවන සහකරු හෝ සහකාරියද බොහෝවිට රෝගී කෙනෙකු වීමට ඉඩ තිබේ. එම කේන්දර හත අධිපතියා දුබල තැනක නම් එය එසේම සිදුවෙයි. කේන්දරයේ සිකුරු 2-7 යන ස්ථානයන්හි නීචව බුධ සමඟ සිටියහොත් විවාහයට ලැබෙන අය රෝගී වෙයි. සෙම් රෝග, මුත්රා දෝෂ, උමතුව වැනි අසනීපයන් ලැබෙන සහකාරයාට හෝ සහකාරියට පහසුවෙන් වැලඳේ. මෙම දෝෂය වැඩි වශයෙන් බලපාන්නේ පුරුෂ පක්ෂයේ කේන්දරවලයි. එයට හේතුවන්නේ පුරුෂ කේන්දරයක ස්ත්රී කාරකවනුයේ සිකුරු බැවිනි. මේ අන්දමින් කරුණු සලකා බලන විට විවාහය යනු ජීවිතයේ අතිශය සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවින් ඒ පිළිබඳව සැහැල්ලුවෙන් සිතා ඉක්මන්කාරී අනුවණ තීරණයන්ට නොපිවිස, මෙකී බුධ සිකුරු යෝගය මෙන්ම අනෙකුත් ජ්යෙතිෂාංගයන් කෙරෙහිද සැලකිලිමත් වන්නේ නම් යහපත් සාර්ථක ලෞකික යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාකරගත හැකිවනු ඇත.

හඳහන.lk
0718510907

සෙනසුරු අපල දුරුකරන බලගතු ස්තෝත්‍රය සහ යන්ත්‍රයබොහෝ පොදු ජනයා තම කේන්දරයේ සෙනසුරු හෙවත් ශනි මහා දශාව ලැබූ විට බිය වෙති. ...
16/11/2025

සෙනසුරු අපල දුරුකරන බලගතු ස්තෝත්‍රය සහ යන්ත්‍රය

බොහෝ පොදු ජනයා තම කේන්දරයේ සෙනසුරු හෙවත් ශනි මහා දශාව ලැබූ විට බිය වෙති. එසේම කේන්දරයේ සටහන් වන සෙනසුරු (ශනි) 12, 1, 2, රාශිවල සහ 7, 8 රාශිවල ගමන් කරනා කාලවලදී අසුබඵල විපාක විඳින්න සිදුවේ. සමහර අය පිටරට යෑමටත්, ගෙවල් ‍ෙදාරවල් වෙනස් කිරීමටත් පුරුදුව සිටිති. කොහේ හිටියත් කුමක් කළත් අසුබඵල විපාක සිදුවීම හෝ ඉන් මිදීමට අපහසුය. එය අද ඊයේක නොව පුරාණ දේව කථාවලද සඳහන් වේ. සෙනසුරු හෙවත් ශනි නිසා මහා විෂ්ණු දෙවියන්ද ඇත් වේශයක් මවාගෙන වනයට ගොස් හත් අවුරුද්දක් බටකොළ කෑ බව ජනප්‍රවාදයේද සඳහන් වේ. බොහෝ විට සෙනසුරු හෙවත් ශනි මහා දශාව සෙනසුරු හෙවත් ශනි අතුරු දශාව ලබා ඇත්නම් වර්ෂ තුනකුත් දින තුනකුත් වැනි දීර්ඝ කාලයකදී එය ගෙවේ. මේ කාලය තුළ බොහෝ විට පාද බිඳීම, අත් බිඳීම, කල්ගත වූ රෝග, පිළිකා, උගුර, කන්, දත් රෝගද හට ගනී. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පාලනය කරනුයේ පුද්ගලයාගේ දණහිස්, පාද, නියපොතු යනාදියයි. ආඝාතය, සන්ධි, සෝතය, රූමැටික්, උණ, රක්ත ප්‍රමේහය, ඇදුම, උගුර ආබාධ, චර්ම රෝග, කාසය ආදියද වැලඳීමට හැකිය.

ඒ අතර ගෝචර ගමනේදී ඉහත අතුරු දශාවන් සහිතව සෙනසුරු හෙවත් ශනි 12, 1, 2 හා 7, 8 රාශිවල ගමන් කරන කාලය තුළදී තදබල අපල ගෙනදේ. මෙවැනි අවස්ථාවලදී ශනි ස්තෝත්‍රය ගායනා කිරීම හා පුද පූජා පැවැත්වීම කළ යුතුය. එසේම රාශි චක්‍රයේ සෙනසුරු හෙවත් ශනි සිටින රාශිය අනුවද පුද පූජා සහ පිළිවෙත් කිරීම ඉතා වැදගත් වේ.

සෙනසුරු හෙවත් ශනි අපල දුරු වීමට විෂ්ණු දේව පූජාව

නිල් මානෙල් මල්, නිල් කටරොඩු මල්, තුල්සි හෙවත් මදුරුතලා කොළ, නිල් පාට කළ ලුණු නොදා සකස් කළ කිරිබත් පාත්තර 1, එළඟිතෙල් පහන් 1, නිල් පාට තිර රෙදි යාර 1, නිල් මල් මාල 1, තැඹිලි මල් 1, විෂ්ණු දෙවිඳුට පූජා කරන්න, බෝධි පූජාවක් තබා විෂ්ණු දෙවිඳුට පින් අනුමෝදන් කර අපල දුරු වීමට සෙත් කවියක් කියන්න. එය දින 3, දින 7 දින 14 යහපත් වේ.

නුග ගසක් පාමුල පිරිසුදු කර සෙනසුරාදා දිනක උදය වරුවේ සුදු මල් 108ක මාලයක් නුග ගසට පලන්දවා 7 වර පෙරන ලද පිරිසුදු පැන් කළයකින් සහ කිරි කළයකින් නුග ගස නහවා සුවඳ දුම්, මල් පහන් පුදා විශේෂයෙන් එළඟිතෙල් පහනක් දල්වා එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි 9ක් නුග ගසට පූජා කරන්න. විෂ්ණු දෙවිඳුන්ට පින් දෙන්න. සෙනසුරාදා දින 7ක් එළඟිතෙල් මිශ්‍ර කිරිබත් උදේට කපුටන්ට ආහාරයට දෙන්න. පහත සඳහන් මන්ත්‍රය දිනපතා හෝ සෙනසුරාදා දිනවල උදේට කියන්න 21 වරක්.

මන්ත්‍රය :-

“ඕම් ප්‍රාන් ප්‍රින් ප්‍රොන් සායි ශනේශ්චරාය නම–”

සෙනසුරු හෙවත් ශනි අපල දුරු වීමට ඔබට මෙම පූජා කටයුතු සහ සෙත් ශාන්තිද කළ හැකිය. එනම් විෂ්ණු දෙවිඳුට අංග සම්පූර්ණ පූජාවක් තබන්න. බෝධි පූජාව දින 7ක් තබන්න. සෙත් කවියක් නිවැරදි ක්‍රමයට සාදාගෙන දින 7ක් කියන්න. දුගියන්ට ඔෟෂධ වර්ග හා ඇඳුම්, ආහාර ලබා දෙන්න. රෝගීන්ට ඔෟෂධ වර්ග ලබාදී සාත්තු සත්කාර කරන්න. ශනි මුර්ජිත, විෂ්ණු ආඝෝර, විෂ්ණු මණ්ඩල, නවගුණ, නවග්‍රහ වැනි යන්ත්‍ර නිවැරදිව ඇඳ නියමිත පුද තබා නියමිත ජප වාර ගණන සම්පූර්ණ කර දෙහිගැට 21ක් කපා ‍ෙදාස් දුරු කර ගෙල පලඳින්න. එසේ නැතිනම් ‘මව්බිම’ – තරුපති හි සඳහන් යන්ත්‍රය “නීලංග මණ්ඩල යන්ත්‍රය” නියමිත පූජාවන් තබා නිවැරදිව ඉරි නොකැපෙන ලෙස ඇඳ ජප වාර ගණන සම්පූර්ණ කර ගෙල පලඳින්න. සෙනසුරු මහා දශාවක් ඇත්නම් හෝ සෙනසුරු 12, 1, 2 හෝ 6, 7, 8 රාශිවල ගමන් කරන්නේ නම් හෝ ශනි, චන්ද්‍ර ඒරාෂ්ටක අපල ඇත්නම් පහත සඳහන් ශනි ස්තෝත්‍රය සෙනසුරාදා දිනක සෙනසුරු රූපයක් තබා ඒ අසල විෂ්ණු දෙවිඳුගේ රූපයක්ද තබා පහන් දල්වා හඳුන්කූරු, කපුරු, සුවඳ දුම් පුදා විශේෂයෙන් නිල් මානෙල් මල්, නිල්කටරොඩු මල්, මදුරුතලා කොළ පුදට තබා පළමුව නා පිරිසුදු වී මල් පහන් පුදා තුණුරුවන් වැඳ මෙම ශනි ස්තෝත්‍රය 9 වරක් හෝ 21 වරක් ගායනා කරන්න. විෂ්ණු දෙවියන්ට සහ සෙනසුරු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒරාෂ්ටක අපල දුරු වී නිරෝගී සුවය ලැබෙනු ඇත. රට හැර යා යුතු නැත. ගෙවල් වෙනස් කළ යුතු නැත. මල් පහන් පුදා තුනුරුවන් වැඳ මස්මාංසයෙන් වැළකී යහපත් ලෙස දිවි ගෙවන්න. හැකි පමණින් දුගියන්ට දන් දෙන්න. ඔබට යහපත සැලසේ….

සෙනසුරු ස්තෝත්‍රය

ඕම් ශම් ශනේචාරාය නම– – ඕම් ශ්‍රාන් ශ්‍රීන් ශ්රෝන් සායි ශනේශ්චාරාය නම– – නිලංජන සමාහසං – රවි පුත්‍රං යමාග්‍රජං ජායා මර්තණ්ඩ සංභූතං – තං නමාමි ශනේශ්චරම් – මාර්ගත්ධජ ශුධා සෞරි නීල බස්ත්‍රාන් – ජයන්ද්‍යතිග් – කෝන ශනෛශ් – වරෝ චන්දන් මායා හ්රිදයා ගන්දන– – අබ්‍රහ්මන– කෘෘර කෘෘර – කර්මාකන්ජි ග්‍රහ නායක– – ක්‍රිෂ්ණෝධර්මානු ජ– – ශාන්ත– – ගුෂ්කොධර වර ප්‍රදාහ්…..

සෙනසුරු හෙවත් (ශනි) අපලයට – නීලංග මණ්ඩල

යන්ත්‍රය:-

ජප මන්ත්‍රය:-

ඕං ශනි වරං ශනි පත්‍ර කාලි දිෂ්ටි දිෂ්ටි නම–

ක්‍රමය :-

මල් ආසනය සාදාගෙන පුවක් මල් අතුරා බුලත් 9, පඬුරු 9, නිල් මානෙල් මල් 9, නිල් කටරොඩු 9, නිල්පාට කළ කිරිබත් ගුළි 9, එළඟිතෙල් පහන් 1, පුදට තබා පළමුව නා පිරිසුදු වී මල් පහන් පුදා තුනුරුවන් වැඳ ශනි ග්‍රහයාට හිමි විෂ්ණු දෙවිඳුට පූජාවක් තබා අවසර ගෙන ශ්‍රී රාම දිෂ්ටියෙන් 51 වර දිෂ්ටි කර සාම්බ්‍රාණි දුම් දෙමින් ඉහත මන්ත්‍රයෙන් 3008 වර මතුරාගෙන ප්‍රාණ, සිද්ධි, පුට, පලිප්පු මන්ත්‍රවලින් නිම කරවා මස් මාංසයෙන් වැළකී පුර පක්‍ෂයේ බෝධි පූජාවක් තබා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර ආතුරයාට දෙහි ගැට 9 හෝ 21 කපා ‍ෙදාස් දුරු කර පස්ලෝ සුරයක දා යන්ත්‍රය ගෙල පලඳවන්න. දිනපතා මල් පහන් පුදා තුනුරුවන් වැඳ විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. ගව මස්, උෟරු මස් කෑමෙන් වළකින්න. සෙනසුරු අපල දුරුවේය.

හඳහන.lk

සෙනසුරු අපලයෙන් ගොඩ එනවා බොරු නම ඇසූ පමණින් ජන්මීන් බියවන සෙනසුරු ග්‍රහ වස්තුවක් ලෙස අර්ථකථනය කළ හැකිය. සෙනසුරුගේ කිසිම ...
16/11/2025

සෙනසුරු අපලයෙන් ගොඩ එනවා බොරු


නම ඇසූ පමණින් ජන්මීන් බියවන සෙනසුරු ග්‍රහ වස්තුවක් ලෙස අර්ථකථනය කළ හැකිය. සෙනසුරුගේ කිසිම තෙතමනයක් දක්නට නොලැබේ. ඝනත්වයෙන් සහ බරින් අඩු වියළි ග්‍රහයකු ලෙස නම් දරා ඇත. සෙනසුරුට එක රාශියක් පසු කිරීමට වසර දෙකහමාරක් අවශ්‍ය වේ. වසර තිහක් හෝ විසිනවය හමාරක් හිරු වටා ගමන් කිරීමට ගත කරයි. නීච වෙමින් වගේම හෙමිහිට උදාවෙමින් සෙනසුරු රාශි චක්‍රය වටා ගමන් කරන වකවානුවේ දී මෙන්ම ඒරාෂ්ඨක කාල වකවානුවලදී වඩාත්ම අපල උපද්‍රව ජන්මියා වෙත ළඟා කරයි. රවි සඳු ග්‍රහයන්ගේ හැසිරීම අනුව වසර විසිපහක තරම් දිගු කාලයක් වුවද ඒරාෂ්ඨක අපල උපද්‍රව බලපෑම් කරන්න බොහෝදුරට ඉඩ ප්‍රස්ථාව වැඩිය.

අනුර, උත්‍රපුටුප, පුෂ නැකැත්වලට අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා රාත්‍රියට මෙන්ම අපරදිග දිසාවටද බලවත් වී ඇත. තුලා රාශියට උච්ච වන සෙනසුරු මකර කුම්භ ලග්නයන්ට ස්වක්ෂේත්‍ර වෙයි. විශේෂයෙන් සෙනසුරැ නීච වන්නේ මේෂ රාශියේදීය. සෙනසුරු මකර රාශියේ දී ආත්මාර්ථකාමියෙක් ලෙස හැසිරෙන අතර ඒ මෙලොව දියුණුව ගැන උනන්දුවක් දක්වන්නට පෙළඹෙන නිසාය. කුම්භ ලග්නයේ දී ලෝකෝත්තර වශයෙන් දියුණුවට පත් වේ. සමහර විටෙක සුහදශීලීව සමාජශීලීව කටයුතු කිරීමට පෙළඹේ. සෙනසුරු කුම්භ, මකර, තුලා, වෘෂභ ලග්නවලට රාජ යෝග ගෙනදෙයි.

සෙනසුරු ලග්නයට හෝ ලග්නයේ දෙපසට අවතීර්ණ වූ විට ලග්න ඒරාෂ්ඨකය ද චන්ද්‍රයා සිටින රාශියට හා චන්ද්‍රයාගෙන් දෙපැත්තේ රාශිවලට අවතීර්ණ වූ විට ජන්ම ඒරාෂ්ඨකය, එසේ නැතිනම් ශනි චන්ද්‍ර ඒරාෂ්ඨකයක් ද ඇති වේ. එසේම ලග්නයෙන් අටවැන්නට අවතීර්ණ වූ විට සෙනසුරැගේ අෂ්ඨම ඒරාෂ්ඨකයක් උදා වේ. ආගමට දහමට ඇල්මක් දක්වන සෙනසුරු ආත්ම දමනයෙන් ආඬ්‍ය බැතිමතුන් නිර්මාණය කරයි. භාවනානුයෝගීව හැසිරෙන අතර ධ්‍යාන බලය මතුකරන්නට ද උපන් හපනෙකි. තවුස් දමට සෙනසුරු ආදරය කරයි. තවුසෙකු සේ වාසය කරයි. ආගමානුකූලව දහමට ලැදිව ජීවිතය ඉදිරියට ගෙන යයි. නිතරම වාගේ ලෝකෝත්තර දියුණුවක් ඇති කිරීමට කටයුතු කරන බව දර්ශනය වේ. අසරණයන්ට පිහිට වන සෙනසුරු ඉවසිලිවන්තව සහ සත්‍යවාදියකු ලෙසින් කටයුතු කරන සෙයක් පෙන්වයි.

ජන්ම රාශියෙන් තුන, හය, එකොළහ රාශිවලට අවතීර්ණ වූ විට උපතේ දී සුභව සිට ජන්මීන්ට සුභ ඵල ලබාදීමට කටයුතු කරයි. ඒ වගේම ජන්මීන්ට කීර්තිය, යසස මෙන්ම වස්තු සම්පත් ද ළඟාකර දෙයි. කොච්චර දේවල් ලබාදුන්නත් අවසන් මොහොතේ දී විනාශ කරන නැතිභංග කරන ග්‍රහයා ද සෙනසුරුය. බොහෝ අය නිතර පවසන වදනක් ඇත. ඒ සෙනසුරැ දෙන්න වගේම ආපසුවට ගන්නත් දක්ෂයකු බවය.

ජන්මීන් දුකින් දුකටම මෙන්ම කබලෙන් ලිපට දමන්නේ සෙනසුරු අසුභ වෙන විටදීය. සෙනසුුරු ඉතාමත් කම්මැළිය. කටයුතු කල් දැමීමට නිතරම පෙළඹේ. විටෙක හරිම අසරණයි. විටෙක දුප්පත්ය. බලාපොරොත්තු සුන්කර ගන්නා අවස්ථා තිබේ. ළමා තරුණ ඕනෑම කෙනකුගේ මහළු හැඩයක ලක්ෂණ ඇති කරයි. සෙනසුරු මානසික අසහනය ඇති කිරීමට රුසියෙකි. සුවකරගත නොහැකි තුවාල, වම් කකුලේ ආබාධ, ඉක්මනින් සුව නොවන තුවාල, තනතුරැ, ඉගෙනීම හෝ රැකියාව එපාවීම සෙනසුරු අපල කාලවලදී ජන්මීන්ට දායාද කරයි. නඩුහබවලට මෙන්ම අකල් මරණ ද සෙනසුරු අපල කාලවලදී බහුලව දක්නට ලැබේ. සෙනසුරු ලබනවාත් සමඟම බිහිරිභාවයට පත්වන ළමයි මෙන්ම තරුණයෝ ද සිටිති. ඒ කන්වල කිසිම ආබාධයක් නොමැතිවය.

සෙනසුරු ලැබුවා යැයි කී විට ජන්මීන්ට ලොකු බියක් වගේම නපුරු කාලයක් ගැන සැක සංකා පහළ වේ. පූර්වේ කරන ලද කර්මවලට විපාක දෙන්නේ බොහෝවිට සෙනසුරුගේ දශා කාලයේදීය. සෙනසුරු ඒරාෂ්ඨක කාලයේ මේවා වඩාත්ම පටිසන් දෙයි. අනුන්ට අතීතයේ දී කළ වැරදිවලට සොබාදහම දඬුවම් කරන්නාක් ලෙසින් සෙනසුරු ද ඒරාෂ්ඨක කාලවලදී දඬුවම් ලබාදෙයි.

සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල වසර තිහක් ඇතුළත දී එකවරක් හෝ ජන්මීන්ට උදා කරයි.

පෙර ආත්ම භාවයන්හිදී වෙනත් ජන්මීන්ට පීඩා කිරීම හේතුවෙන් ඇතිවන පාපකර්මවල විපාකවලින් කොටසක් ලෙස සෙනසුරු අපලය හැඳින්වීම වරදක් නොවේ. කිසිම වරදක් නැති අයට විපත් උවදුරු සිදුකිරීම හොඳ නැත. අන් අයගේ සැපතට බාධා කිරීම නොවටිනා ක්‍රියාවකි. ඊර්ෂ්‍යාසහගත චේතනා අනෙක් අයගේ දියුණුවට අකුල් හෙලයි. මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළහොත් සෙනසුරුගේ අපලය සඵල කරගත හැකිය. අණවින කොඩිවින ප්‍රේත බන්ධන නොකර සිටීමෙන් ද සෙනසුරු අපලය වළක්වාගත හැකිය. ප්‍රාණගාතවලින් තොරව අවිහිංසක ජීවිතවලට පුරුදු වීම තවත් මහඟු කාර්යයකි. සතුන්ට අභයදානය දීම, පන්සිල් ආරක්ෂා කිරීම, ඉවසීම, මෛත්‍රී භාවනාව සෙනසුරු අපලයට දිවඔසුවකි.

ඒරාෂ්ඨක බලපාන කාලසීමා තුළදී උත්සාහයේ හා උගත්කම්වල ප්‍රමාණයට දියුණුවක් නොලැබ දිළිඳු වන බවක් පෙන්නුම් කරයි. දන්පින් නොකිරීම, පරිත්‍යාග නොකිරීම නිසාද, අන් අය සතු දේ හොරකම් කිරීම නිසාද, හොරකම වංචාව නිසාද සෙනසුරු අපලයට මඟ පෑදෙයි. සෙනසුරුගේ අපලය සඵල කර ගැනීමට ලෙහෙසියෙන් කළ හැකිවන්නේ කපුටන්ට දානය පිළියෙළ කර දීමයි. සතුන් කුරුල්ලන් නිදහස් කිරීම, සතුන්ට ස්නානය සඳහා වතුර තැබීම, පායන කාලවලට වතුර තැබීම, විශේෂයෙන් සෙනසුරු අපලයට මහඟු ක්‍රියාදාමයකි. බඩගින්න දුක්ගින්න සංසිඳෙන දේ සතුන්ට දීම, ප්‍රාර්ථනය ද මෙම අපල දුරු කිරීමට මහත් පිටුවහලකි. ත්‍රිවිධ රත්නයට, ත්‍රිවිධ චෛත්‍යවලට, ජය ශ්‍රී මහා බෝධියට පුදපූජා පැවැත්වීම වඩාත් ගුණදායකය. දන්සිල් ආරක්ෂාව, භාවනායෝගීව හැසිරීම මෙම අපලය දුරැකර ගැනීමට අත්වැල සපයයි. අපල බලගතු වන අවස්ථා එමට ඇත. එම අවස්ථාවල සෙනසුරාදා දින හතක්, දින දහනවයක් සමහරු පුදපූජා පවත්වති. එහෙත් පෙර ආත්ම භවයන්හි එන අපල සම්මිශ්‍රණය වී තද අපල ඇති වේ.

මෙම අපලය සඳහා පින්කම් කරන විට දින හතේ සීමාවක් නොසිතිය යුතුය. ඒරාෂ්ඨක අපල ගෙවීයන තෙක්ම පින්දහම් කටයුතුවල නිරත වීම අගනේය. බෝධිපූජා පැවැත්වීමේ දී නිල් මල් මෙන්ම නිල්පාට මල්මාලා ද, නිල් කොඩි, එළඟි තෙල්, තල තෙල්, අඹ තෙල් පහන් පූජා කිරීම, බුද්ධ පූජා ගිලන්පස යනාදිය දින හත, දින දහනවය ශ්‍රද්ධාවෙන් කර විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සියලුම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරවීම ද රතන යන්ත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය, දෙදහස් තුන්සිය වාරයක් පිරිත් කර පැළඳගැනීම, නවගුණ යන්ත්‍රය පැළඳවීම සෙනසුරු අපලයට සැනසුම ලබාගත හැකි ක්‍රියාදාමයන්ය. නුග ගස්වල අතු කැපීම සෙනසුරැ අපල කාලවලදී නොකළ යුතුය. සෙනසුරැ අපලය සඳහා දන්දෙන විට උඳු, මුං, තල, මෑ යන ධාන්‍ය වර්ග මිශ්‍රකර දීම වැඩි යහපතට හේතු සාධක වෙයි.

ජාත්‍යන්තර ජ්‍යොතිෂවේදී
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
මහාචාර්ය හේමපාල පතිරණ
කළුතර දකුණ

සෙනසුරා හැමවිටම නරකට හිටින්නේ නැහැ

සෙනසුරා ලැබුවා යැයි බියවිය යුතු නැහැ. සෙනසුරා පරාජය කරගෙන ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුතුයි. අනිත් අතට සෙනසුරා ලැබුවත් එයින් ජන්මියාට අපලම ගෙන දෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට එයින් විශාල ලෙස සුබ ඵල ලබනවා. කොතරම් නරක යැයි සම්මත ග්‍රහයකු වුවද කේන්ද්‍රයක සෙසු ග්‍රහ පිහිටීම් සමඟ සලකා බැලූ විට එය තමන්ගේ වාසනාවට හේතුවෙන්නට පුළුවන්. ඒ නිසා සෙනසුරාගෙන් වැඩ ගන්න පුළුවන්.

කෙනෙකුට සෙනසුරා දෙආකාරයකින් ලැබිය හැකියි. උත්පත්ති කේන්ද්‍රය අනුව සෙනසුරා ලැබුවහොත් එය වසර 19 ක් බලපවත්වන්න පුළුවන්. කේන්ද්‍රයකට ලබන ග්‍රහයන් 12 දෙනාගේ මුළු ආයු කාලය වසර 120 ක්. මිනිසාගේ පරම ආයුෂ වසර 120 ක් කියලා සලකාගෙනයි මෙහෙම කොටස්වලට බෙදී ඇත්තේ. එහෙත් අද වසර 120 ක් ජීවත් වන අය නොමැති නිසා කෙනෙකුගේ උත්පත්ති කේන්ද්‍රය අනුව සෙනසුරා මුළු ජීවිතයටම නොලබන්න පුළුවන්. උදාහරණයක් ලෙස පැවසුවොත් උපතින් බුද ලැබූ කෙනෙකුට සෙනසුරා කවදාවත් හමුනොවන්නට පුළුවන්. කෙනෙකුගේ උපතේ දී ලබන ග්‍රහයන් අනුව කේන්ද්‍රයක සෙනසුරුගේ බලය කිව හැක්කේ සෙසු ග්‍රහයන්ගේ ද පිහිටීම සලකා බලලයි. එසේ නැතුව පටු විදියට එක එල්ලේ කියන්න බැහැ. එසේම කේන්ද්‍රයක වසර 2 1/2 ½කට වරක් ග්‍රහයන් මාරැවන නිසා ඒ අනුව සෙනසුරුගේ දශාව ලබන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවලදී සෙනසුරා නරක ස්ථානයකට පැමිණියහොත් ඒරාෂ්ඨක අපල ඇතිවිය හැකියි. එවිට යම් යම් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකියි. එහෙත් එය උත්පත්ති කේන්ද්‍රයක තරම් බලවත් නැහැ.

සෙනසුරා දුකට අධිපති ග්‍රහයායි. බෞද්ධයන් හැටියට අපි පසුගිය ආත්මයේ කරන ලද අකුසල් කර්ම නිසා සෙනසුරාගෙන් විපත් සිදුවෙනවා. ඒවා යටපත් කිරීම සඳහා යහපත් පින්කම්වල නිරත විය යුතුයි. බෝධිපූජා තැබීම, අසරණයන්ට සරණ වීම, බල්ලන් කපුටන් ආදී සතුන්ට ආහාර දීම, විශේෂයෙන් කපුටන්ට එළඟි තෙල් පාන්කඩ දීම ආදී පින්කම්වලින් මේ ආත්මයේ දී සිදුවන අපල සමනය කරගත හැකි වෙනවා. එහෙත් සෙනසුරා හැමවිටම නරකට යෙදෙන්නේ නැහැ. සුබ ඵල ද ලැබෙනවා. එවැනි අවස්ථාවල ඉතාම ඉහළ ප්‍රතිවිපාක හිමිවෙනවා. ඒ නිසා සෙනසුරා නරකම ග්‍රහයෙක් යැයි බිය වී කටයුතු කළ යුතු නැහැ.

හඳහන.lk - 0718510907

විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම්.         මානව සංහතියේ අනාගත පැවැත්ම මෙන්ම සතුට, මානසික, කායික සුවය හා දියුණුව උදෙසා %...
16/11/2025

විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම්.


මානව සංහතියේ අනාගත පැවැත්ම මෙන්ම සතුට, මානසික, කායික සුවය හා දියුණුව උදෙසා %විවාහය^ ඉතාමත්ම වැදගත් වනවා සේම ඒ පිළිබඳව බොහෝදෙනාගේ අවධානයද යොමු වේ. හදවත් දෙකක්, ශරීර දෙකක්, චරිත දෙකක්, සතුටින් ජීවත් කරවීමට විවාහයකින් එකතු වන දෙදෙනකුගේ ජීවිතය කරදර බාධක වලින් තොරව ගෙවීම සඳහා පුරාණ සෘෂිවරුන් ජ්‍යෝතිර්වේදය තුළින් යම් යම් පැහැදිලි කිරීම් විශ්වයට දායාද කර ඇත. නමුත් විවිධ හේතූන් නිසා බොහෝ දෙනාගේ විවාහ සිහිනය ප්‍රමාද වීම් දක්නට ලැබේ. ඉන් ප්‍රධාන හේතුවක් ලෙස ග්‍රහ පිහිටීම් දැක්විය හැක. මෙම ලිපිය තුළින් එම ග්‍රහ පිහිටීම් හේතුවෙන් විවාහ ප්‍රමාද වීම් සිදුවන ආකාරය සහ ඊට පිළියම් ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු.

යම් කෙනෙකු මෙලොවට බිහිවන අවස්ථාවේදී විශ්වයේ ග්‍රහ තාරකාවන් විසිරී ඇති ආකාරය අනුව සකස් කරගන්නා වූ උත්පත්ති කේන්දරයේ විවාහය පිළිබඳව ප්‍රධාන වශයෙන් නිවේදනය වන්නේ ලග්නයෙන් හත්වැන්නේ වූ විවාහකස්ථානයයි. එහෙත් හත්වැන්නට අමතරව කේන්දරයේ විවාහ කලාපයන් වන 1,2,4,8,12 යන ස්ථානයන්ද, 5 සහ 3,6,12 යන රාශි පිළිබඳවද විවාහ කටයුතුවලදී විශේෂ අවධානයක් යොමුකරන අතර, සමස්තයක් වශයෙන් රාශි 12 පිළිබඳවම සැලකිල්ලක් දක්වනු ලැබේ. විවාහකාරක සිකුරුද, පුත්‍රකාරක බ්‍රහස්පතිද, මනසට අධිපති සඳුගේද තැන්පත් වීම මෙන්ම හත්වැන්නාධිපතිගේ බල දුබලතාවයන් සේම තැන්පත් රාශිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතු වේ. එමෙන්ම රවි, කුජ, ශනි, රාහු හා කේතු යන පාපග්‍රහයන්ගේ රාශීන් තුළ තැන්පත් වීම, සංයෝග වීම ග්‍රහ දෘෂ්ටි ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ විවාහයකට සුබ තත්ත්වයන් මෙන්ම අසුබ තත්ත්වයන් උදාකරන ග්‍රහ බලපෑම් පිළිබඳව නිගමනය කළයුතු වේ.

වර්තමානයේ සමාජයේ වැඩි කතාබහට ලක්ව තිබෙන විවාහ දෝෂයන් කිහිපයක් පිළිබඳව සහ විවාහ දෝෂයන් භංග කරගත හැකි ආකාරයන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. ප්‍රබල විවාහ දෝෂයක් සේ සලකන අඟහරු හෙවත් කුජ දෝෂය පිළිබඳව මුලින්ම විමසීමක් කරමු. කිසියම් කෙනෙකුගේ උත්පත්ති කේන්දරයේ කුජ 1,2,4,7,8,12 යන රාශියක තැන්පත්ව සිටීමෙන් කුජ දෝෂය හට ගනී. කුජ යනු විවාහයට යම් බලපෑමක් කරන ග්‍රහ ලොව සෙන්පතියා සේම සටනට සහ කාමයට අධිපතීත්වය දරන, විවාහයට කරදර දුක් කම්කටොලු ඇති කරමින් විවාහය ප්‍රමාද කරවන ග්‍රහයෙකි. එහෙත් එය එතරම් බිය විය යුතු කාරණයක් නොවන්නේ කුජ දෝෂය භංග වන ක්‍රමවේදයන් රාශියක් ජ්‍යෝතිර්වේදයේ සඳහන් බැවිනි. ඒ අනුව කිසියම් කේන්දරයක කුජ ග්‍රහයා 1,2,4,7,8,12 යන රාශියක තැන්පත්ව ඇත්නම් එයට යෝජිත කේන්දරයද එවැන්නක් වීම තුළින් කුජ දෝෂය භංග වේ.

තවද කුජ දෝෂය ඇති කේන්දරයට කුෂ දෝෂය නැති කේන්දරයක් යෝජිත අවස්ථාවේදී කුජ දෝෂය තිබෙන කේන්දරයේ කුජ තැන්පත් ස්ථානයට අනුපාතව දෝෂ නොමැති කේන්දරයේ එම ස්ථානයේ පාප ග්‍රහයයෙක් සිටී නම් කුජ දෝෂය භංග වේ.

කුජ හතරවැන්නේ සිටින විට හතරවන රාශියේ මකර, කටක, මේෂ, වෘශ්චික නම් කුජ දෝෂය ඇති නොවේ.

කුජ දෙවැන්නේ සිටින විට දෙවන රාශිය මිථුන හෝ කන්‍යා නම් කුජ දෝෂය ඇති නොවේ.

කුජ අටවැන්නේ සිටින විට අටවන රාශිය ධනු හෝ මීන නම් කුජ දෝෂය භංග වේ.

කුජ දොළොස්වැන්නේ සිටින විට දොළොස්වන රාශිය වෘෂභ, තුලා, මිථුන, කන්‍යා නම් කුජ දෝෂය ඇති නොවේ.

එක් කේන්දරයක කුජ සිටින රාශියේ අනෙක් කේන්දරයේ එම රාශියේ හෝ භාවයේ ශනි, රාහු, කේතු යන ග්‍රහයෙක් සිටී නම් දෝෂ භංග වේ.

දෝෂ ඇතිවන කුමන භාවයක හෝ (1,2,4,7,8,12) කුජ සිටියත්, එය චර රාශියක් වූ විට (මේෂ, කටක, තුලා, මකර) දෝෂ භංග වේ.

දෝෂ ඇතිවන කුමන භාවයක හෝ කුජ සිටියත්, එම භාවය කුම්භ හෝ සිංහ නම් දෝෂ ඇති නොවේ.

කුජ දෝෂය ඇති හඳහනක ලග්නයේ ගුරු, සිකුරු යන ග්‍රහයෙකු බලවත්ව සිටින විට කුජ දෝෂ ඇති නොවේ. (උච්චව, මිතුරුව, ස්වක්ෂේත්‍රව හෝ සුබ දෘෂ්ටි ලැබ)

ගුරු විසින් කුජ දැකීමෙන් (ගුරු සිට 5,7,9 වැන්නේ කුජ සිටීම) හෝ ගුරු කුජ සමග යෝග වූ විට කුජ දෝෂ ඇති නොවේ. (අංශක පහකට වඩා ගුරු කුජ ළංව සිටීම යෝග වීම වේ.)

උත්පත්ති කේන්දරයේ කුජ නීචව හෝ අස්ථව (හිරුගේ රශ්මියෙන් කුජ වැසී යාම) වක්‍රව සිටින විට දෝෂ ඇති නොවේ.

මෙවැනි ආකාරයෙන් කුජ දෝෂය භංග කරගත හැකිය. ශනි මංගල යෝගයද විවාහයට අයහපත් ප්‍රතිඵල ළඟා කර දෙන්නකි. ශනි සහ කුජ කේන්දරයේ කොතැනක හෝ සංයෝග වී ඇත්නම් කුජ සහ ශනි අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටියට ලක්වීමෙන් ශනි මංගල යෝගය උදා වේ. මෙම දෝෂය තදින්ම බලපානු ලබන්නේ කේන්දරයේ 1,2,4,7,8,12 යන රාශීන් තුළ ග්‍රහයන් දෙදෙනා අතර අංශක පහකට වඩා අඩුවෙන් එකිනෙකට සංයෝග වී සිටීමයි. මෙවැන් දෝෂයකදී එවැනිම දෝෂ ඇති කේන්දරයක් සමග ගැළපීමෙන් දෝෂ භංග කරගත හැකිය. එමෙන්ම චන්ද්‍ර මංගල යෝගය හෙවත් ශනි මංගල යෝග සඳු සහ අඟහරු යන දෙදෙනාම ඒකරාශි වී හෝ සප්තමව සිටීමෙන් චන්ද්‍ර මංගල යෝගය සෑදේ. මෙය සාමාන්‍ය ජීවිතයට යහපත් වුවද විවාහයකට දෝෂ සහගත බවක් ඇති කරයි. සඳුගෙන් හත කුජ සිටීම දෝෂයක් බැවින් චන්ද්‍ර මංගල යෝගය සහිත අවම සඳු සහ කුජ අතර සංයෝගයක් හෝ දෘෂ්ටිමය සම්බන්ධතාවයක් සහිත කේන්දරයක් ගළපා ගැනීමෙන් මෙම දෝෂය භංග කරගත හැකි වේ. එමෙන්ම ශනි සහ රාහු හත්වැන්නට සම්බන්ධ වීම හෝ ඔවුන්ගේ දෘෂ්ටිමය සම්බන්ධතාවයක් හත්වැන්නට යොමු වී ඇත්නම් එයද යම් දෝෂ සහිත වේ. කුජ සහ සිකුරුගේ යෝග වීම අධික කාම යෝගයක් ලෙස හඳුන්වන අතර, මෙවැනි යෝග සහිත අය හට කුජ සහ සිකුරු අතර දෘෂ්ටිමය වශයෙන් හෝ සම්බන්ධතාවයක් ඇති කේන්දරයක් ගළපා ගැනීම යෝග්‍ය වේ.

තවද කඩහන්දි දෝෂය නමින්ද දෝෂයක් පවතින අතර, මෙම දෝෂය සන්ධි දෝෂයක් ලෙසද හඳුන්වනු ඇත. කඩහන්දි දෝෂ වර්ග දෙකක් ඇති අතර, දෙදෙනාම එකම ආසන්න කාලසීමාවක එකම ග්‍රහයෙකුගේ මහ දසාව ලැබීම දශා සඳේ දෝෂය ලෙස හැඳින් වේ. මෙම දෝෂය දසාව ලබා ටික කලක් ගත වූ පසු දශාසන්ධි දෝෂය මගහැරෙන බැවින් විවාහයට බාධාවක් නොමැත. අනෙක් කඩහන්දි දෝෂය නම් දෙදෙනාම අවුරුදු 19, 29, 39 වැනි නවයේ කඩඉම් පසු කිරීමයි. එයද වසරක් පමණ ගත වූ පසු දෝෂය භංග වේ. එමෙන්ම නාෂාංශක ලෙස දෝෂයක් පවතින අතර, නාෂාංශ යනුවෙන් හැඳින්වෙන්නේ විනාශකාරී නවාංශකයයි. එනම් කේන්දරයක හත්වැන්නාධිපති ග්‍රහයා සිටින නවාංශකය එම ග්‍රහයා සිටින රාශියට අදාළව නාෂාංශක නවාංශකයක් වුවහොත් එම කේන්දරයේ නාෂාංශක දෝෂය ඇත. පුරුෂ රාශියක හත්වැනි නවාංශකයෙත්, ස්ත්‍රී රාශියක තුන්වැනි නවාංශකයේත් නාෂාංශ නවාංශකය ඇත. යමෙකුට නාෂාංශ දෝෂය ඇත්නම් සතුටුදායක ජීවිතයක් අහිමි වේ. සඳු සිටින රාශියේ අධිපති ග්‍රහයන් මිත්‍ර වන අයෙකුගේ කේන්දරයක් ගැළපීමෙන් එම දෝෂ අවම කරගත හැකිය. එමෙන්ම සෙනසුරු සිටීම බලවත් පිහිටීමක් වන බැවින් එවැනි කේන්දරයකට සෙනසුරු හත්වැන්නේ හෝ පළමුවැන්නේ සිටින අයෙකුගේ හෝ හත්වැන්නේ පාපියෙක් සිටින කේන්දරයක් ගළපා ගත හැකිය.

තවද ස්ත්‍රීන් සම්බන්ධයෙන් යෙදෙන විසකන්‍යා යෝගය පිළිබඳවද සමාජය තුළ යම් බියක් දක්වනු ලැබේ. ස්ත්‍රිය උපත ලබා ඇති දිනය, නැකත සහ තිථිය අනුව මෙය ගණනය කරනු ලබන අතර, රවි දිනක දොළොස්වන තිථිය සමගින් සියාවස නැකතකින්ද, කුජ දිනක දෙවන තිථිය සමගින් සියාවස නැකතකින්ද, ශනි දින දෙවන තිථිය සමගින් අස්ලිය නැකතකින්ද, ශනි දින හත්වන තිථිය සමග කැති නැකතකින්ද උත්පත්ති සිදුවීම අයහපත් බවත්, හත්වැන්නාධිපතියා හත්වැන්නේත්, ලග්නයේ හෝ චන්ද්‍ර ලග්නයේ සුබ ග්‍රහයෙකු සිටීම, ලග්නය ස්ත්‍රී රාශියක් වී බුධ, ගුරු, සිකුරු, සඳු බලවත්ව සිටීම දෝෂය භංග වන බව සඳහන් වේ. එසේම වැන්දබු, බහු විවාහ, අවිවාහක, සරාගී දෝෂ, කලු කුමාර දෝෂ, ප්‍රසූත දෝෂ, ලේ ඥාති දෝෂ, වඳ දෝෂ, චාරිත්‍ර දෝෂ වශයෙන් දෝෂ ගණනාවක් ඇත.

පුරුෂ කේන්දරයේ සඳහන් ස්ත්‍රී මර යෝග අතරින් පුරුෂ කේන්දරයේ ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් 7, 8 යන භාවයක ශනි, රාහු, කුජ, රවි යන පාප ග්‍රහයන් තැම්පත් වී සිටීම, මෙම ග්‍රහයන් සිවුදෙනාම තැම්පත් වීම ප්‍රබල වන අතර මින්, දෙදෙනෙකුවත් 7 හෝ 8හි සිටීමෙන් මෙම තත්ත්වය උදා වේ. එක් ග්‍රහයෙකු සිටීම ප්‍රබල නොවේ. 07 වැන්නේ සිටින කුජට ශනිගේ දෘෂ්ටිය වැටීම, ලග්නාධිපති 6,8,12 දුර්වලව ( නීච, සතුරු) සිටීම, 7 වැන්නේ සඳු ශනි යෝග වීම අයහපත් වේ. ස්ත්‍රී කේන්දරයේ පුරුෂ මර යෝග වශයෙන් ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් 7 හෝ 8 ශනි, රාහු, කුජ, රවි තැම්පත් වීම, සඳු 6,8,12 දුර්වලව සිටීම හෝ කුමන භාවයක වුවද පාපකාරීතර වීම, (සඳුට දෙපැත්තේ රාශිවල අසුබ ග්‍රහයන් තැම්පත් වීම) 8 වැන්නේ සඳු සිටීමත්, නීච සිකුරු 12 වැන්නේ තැම්පත් වීමත් රාශීන් සහ ස්ථානවල සිටීම විවාහයකට අසුබ ප්‍රතිඵල ළඟා කර දෙනු ඇත.

එහෙත් උත්පත්ති කේන්දරයේ කුමන ආකාරයකින් අසුබව ග්‍රහයන් පිහිටීම, සංයෝග වීම, දෘෂ්ටි සම්බන්ධතාවයන්ට ලක් වීම වැනි කාරණාවන් යෙදී ඇතත්, එය ඔබගේ විවාහයට යම් බාධාවක් වීම වළක්වා ගැනීමට හැකියාව පවතී. මන්ද කේන්දරයක ග්‍රහයන්ගේ අසුබ පිහිටීම මෙන්ම එම අසුබතාවයන් මඟහරවාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ජ්‍යෝතිර්වේදය තුළ ඉපැරණි ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ.

එසේම විවාහයක් තුළින් වාසනාවන්ත දූ පුතුන් සමාජයට දායාද කිරීම සියලුදෙනාගේ සිහිනයක් බැවින් දරු ඵල පිළිබඳව 5 වැන්නේ සහ චන්ද්‍රයාගෙන් හා ගුරුගෙන් විමසා බැලිය යුතුය. චන්ද්‍රයා ගුරු, සිකුරුවල සිටීම දරු ඵල ලබාදෙන අතර, රවි, කුජ, ශනි, දරු ඵල හීන කරයි. කටක, වෘශ්චික, මීන රාශී දරු ඵල වැඩි කරයි. වෘෂභ, තුලා, ධනු රාශිවල සහ අධිපති හෝ චන්ද්‍රයා සිටීම දරු ඵල මධ්‍යස්ථ වන අතර, මිථුන, සිංහ, කන්‍යා, මේෂ, ධනු, මකර, දරු ඵල හීන කරයි. 5 වැන්නේ දුර්වල පාප ග්‍රහයන් දරුවන් පිළිසිඳ ගැනීම හා ප්‍රසූත දෝෂ ඇති කරවයි. එමෙන්ම රවි, ශනි 07 සිට පාපකාරීතර වීම, කුජ 5 පාපයන්ට මැදි වූ විට 5 සහ 9 භාවාධිපතීන් සහ පුත්‍රකාරක ගුරු දුබල වූ විටද, කුජ 7 ද ශනි ලග්නයේද වී නම් 5 වැන්න අධිපතියා කුජ, ශනි සමග සිටීම, කුජ, ගුරු සමග පාප ග්‍රහයෝ 8 සිටීම, 8 සිංහයා වී රවි එහි සිටීම, ශනිගේ රාශියේ රවි සිටීම, ගුරු පාපයන්ට මැදිවීම, ශනි ලග්නයේද ග්‍රහයන් 5 ද ජල රාශියක් වූ 7 ශනි සිටීම, 9 පාපයන්ට මැදි වී පාප ග්‍රහයන් 9 සිටීම, 6 අධිපතියා දුර්වල වී ලග්නගත වීම දරු ඵල අහිමි කරන වඳ යෝග වේ.

විවාහ ප්‍රමාද වීම සහ විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට සිය සිහිනය සැබෑ කර ගැනීමට යම් පිළිවෙතක් සඳහන් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. තෙරුවන් නමැද, තෙල් මල් පහන් පූජාකොට, මෛත්‍රී භාවනාව වඩවා, තිර 05ක් දැල්විය හැකි පහනක ගිතෙල් මුසු කරගත් නොඉඳුල් තැඹිලි තෙල් යොදා සෑම කුජ දිනකම විජය යෝගයෙන් (දවසේ හිරු බැස යන මොහොතේ සිට විනාඩි 24කට පසු උදාවන්නේ විජය යෝගයයි) පහන්තිර දල්වා, පිරිසුදු පරම චේතනාවෙන් පහත මන්ත්‍රය 07 වතාවක් මතුරන්න. විවාහය වඩාත්ම ප්‍රමාද වී ඇත්නම් කුජ සහ ශුක්‍ර දින දෙකේම මෙලෙස කරන්න.

"රක්ෂ රක්ෂ ජගන්මාතා දේවි මංගල චන්ඩිකේ

හරිකේ විපදාං රාසෝ හරිස්‍ය මංගල කාරිකේ

හර්ෂ මංගල දක්ෂේච හර්ෂ මංගල දායිකේ

ශුභේ මංගල දක්ෂේච ශුභ්‍රෙ මංගල චන්ඩිකේ

මංගලේ මංගලාර්සේව සර්ව මංගල මංගලේ

සදා මංගල දේවි සර්වේ සාං මංගලාලයේ

පූජ්‍යේ මංගල කාරේච මංගලා හීෂෘ දේවකේ

පූජ්‍යේ මංගල භූපස්‍ය මනුවංසස්‍ය සංතතං

මංගලාධීර් ශාන්ති දේවි මංගලා නාංච මංගලේ

සංසාර මංගලාධාරේ මෝක්ෂ මංගල දායිනී

සාරේච මංගලාධාරේ පාරේච සර්ව කර්මනං

ප්‍රති මංගල වාරේච පූජ්‍යේ මංගල සුඛං ප්‍රදේ"

සසිරි -0718510907

14/11/2025

Address

Bandaranayaka Mawatha
Marawila

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774702777

Website

Alerts

Be the first to know and let us send you an email when හඳහන.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram