12/06/2023
🌿වර්තමානයේ ලංකාවේ මෙන්ම ලෝකයේම වෙසෙන ජනතාව අතර ඉතාමත් සුලබම සන්ධි රෝගය ඔස්ටියෝ ආතරයිටිස් හෙවත් අස්ථි පර්වදාහයයි. (Osteoathritis ).ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව තුල මෙම රෝග තත්ත්වය සන්ධිගත වාතය ලෙස හදුන්වයි.
"හන්ති සන්ධිගත: සන්ධීන්
ශූල ශෝථෞ කරෝති ච"
(සුශෘත සංහිතා/නි/1/27)
"වාත පූර්ණ ධෘති ස්පර්ශා: ශෝත:සන්ධිගතේ'නිලේ
ප්රසාරණාකුංචනයෝ:
ප්රවෘත්තිංච ස වේදනම් “
(චරක සංහිතා /චි/28/37)
🔶සන්ධිගත වාත රෝග ලක්ශන
🍀සිරුරේ ඕනෑම සන්ධියක් මෙම රෝගයට නතු විය හැකි උවත්,ප්‍රධාන වශයෙන් මෙය ශරීරයේ බර දරා සිටින විශාල සන්ධිවන( wight bearing joints ) දණහිස්, උකුල් , කොදුඇට පෙළ සන්ධි හා නිතර ක්‍රියාකාරීවන වැලමිට ,අත්පා ඇගිලිවල කූඩා සන්ධි සදහා වැඩි බලපෑමක් එල්ල කරයි.
🍀 ශරීරයේ සන්ධි සුළං පිරවූ සම් පසුම්බියක් මෙන් ඉදීමීම සිදුවේ(Nonpitting edema)
🍀එහත කී එම සන්ධි හැකිලීමේදී හා දිගහැරීමේදී අධික වේදනාවක් ඇතිවේ( Affected joints might hurt during or after movement)
🍀සන්ධි ක්‍රියා කිරීමේදී අස්ථි ගැටෙනබව දැනීම( Crepitation)
🍀උදෑසන අවදිවීමෙන් පසුව හෝ විවේකීව සිට නැවත වැඩකිරීමට පටන්ගත් විට සන්ධිවල ඇතිවන තද ගතිය /හිර ගතිය (Morning stiffness)
🍀විටෙක සන්ධිය ස්පර්ශ කිරීමේදී ඇතිවන වේදනාව.(Tenderness)
🍀සන්ධිවල චලන පරාසය අඩුවීම.(Loss of flexibility)
🍀සන්ධි තුල දියර එක් රැස්වීම(Joint effusion)
🍀සන්ධි බන්ධන ලිහිල් වීම,සන්ධි හා සම්බන්ධ මාංශ පේශීන් දුර්වලවීම ,Muscle spasm ඇතිවීම.
🍀 කල් ගත වීමේදී සන්ධි විකෘතිය හා එහි ක්‍රියා හානිය සිදු වේ.
මීට අමතරව Osteoathtitis රෝගය නිසැකවම හදුනා ගැනීම සදහා X ray,MRI, හා රුධිර පරීක්ෂණ මාර්ගයෙන් සොයගන්නා ලක්ශන ද ඉතා වැදගත් වේ.
මෙහිදී X කිරණ චායාරූපවල
✳️සන්ධිවල අක්‍රමවත් ලෙස කැල්සියම් තැන්පත් වීම් (Osteophytes)
✳️සන්ධි අවකාශය පටු වීම
(Narrowing of the joint space)
✳️සන්ධි මතුපිට කාටිලේජ බාහිකයේ අක්‍රමිකතා (Gradual but progressive loss of articular cartilage , sclerosis of subchondral bone)
මෙම ලක්ෂණ හුදකලාවද දැකිය හැකි නමුත් සාමාන්‍යයෙන් ලක්ශන දෙකක් හෝ වැඩි ගණනක් එකවිට පවතී.
🔶සන්ධිගත වාත රෝගය සදහා හේතු (වාත දෝශය කෝපවන හේතු )
☘️තරබාරුකම-සිරුරේ ඇති අතිරේක බර සන්ධිවලට, විශේෂයෙන් උකුල් සහ දණහිස් වැනි බර උසුලන සන්ධිවලට වැඩි ආතතියක් ඇති කරයි. මෙම ආතතිය එම සන්ධියේ සන්ධි ගතවාත අවදානම වැඩි කරයි.
☘️ සන්ධියකට පෙර සිදුවී ඇති අනතුරු අභිඝාත පසුකාලීනව මේ රෝගය ඇතිවීමට හේතුවක් වියහැක.
☘️ සාමාන්‍යයෙන් මෙම රෝගය මැදිවිය පසුවීමත් සමග ආරම්භ වී වයසත් සමග ක්‍රම ක්‍රමයෙන් රෝග ලක්ෂණ ද වැඩි වීමට පටන් ගනී.අවුරුදු 65 ක් වන අයගෙන් 80% කගේ පමණ සන්ධිවල මෙම රෝගයට අදාල විකිරණවේදීය වෙනස්කම් පවතී.
☘️ මැදිවිය ඉක්මවූ කාන්තාවන් මෙම රෝගයට පහසුවෙන් ගොදුරු වන්නේ ඔවුන්ගේ ආර්ථවාබාවයත් සමඟ සිදුවන හෝර්මෝන වෙනස්කම් නිසාවෙනි.
☘️පරම්පරා උරුමය-සන්ධි ගතවාත රෝගය සහිත පවුලේ සාමාජිකයන් සිටින පුද්ගලයින් ද එම රෝගයට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇත.
☘️වෙනත් රෝග හා ආසාදන තත්ත්ව පසුකාලීනව OA රෝගයට හේතුවක් විය හැකිය.(Inflammatory arthritis, such as rheumatoid, psoriatic, or gout; infectious arthritis; genetic joint disorders, such as Ehlers-Danlos congenital joint disorders; or metabolic joint disorders.)
🔶ඔස්ටියෝ ආතරයිටිස් රෝගය සදහා ඇති බටහිර වෛද්‍ය ප්‍රතිකාර.
⚛️ මේසඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත,ඔස්ටියෝ ආතරයිටිස් හි ප්‍රගතිය ආපසු හැරවීමට හෝ මන්දගාමී කිරීමට හැකි බටහිර ඖෂධ තවමත් සොයාගෙන නොමැත. වර්තමානයේ, ඖෂධ රෝගයේ රෝග ලක්ෂණ අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අභ්‍යන්තර වේදනා නාශක ඖෂධ (NSAIDs) හා බාහිරින් වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක ස්ප්‍රේ වැනි ඖෂධ ලබාදීම සිදුවේ. (හිතුමතයට ෆාමසිවලින් ඔබ මෙම වේදනා නාශක ඖෂධ ලබාගැනීමට පෙර සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයකුගේ නිර්දේශය ලබාගත යුතුය. සමහර ඖෂධවලට භයානක හෝ අනවශ්‍ය අතුරු ආබාධ ඇති විය හැකි අතර/හෝ ගන්නා වෙනත් ඖෂධවලට බාධා ඇති විය හැක. )
⚛️ශරීරයේ උසට ගැලපෙන බර පවත්වාගෙන ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම, මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම /භෞත චිකිත්සාව
⚛️අත්වාරු වැනි ආධාරක උපාංග භාවිතය.
⚛️ ඉහත ප්‍රතිකාර ක්‍රම ඵලදායී නොවේ නම් හා රෝගය අවසන් අදියරට යමින් පවතීනම් ශල්‍යකර්මයක් භාවිතයෙන් සන්ධි ප්‍රතිශ්ථාපනය කිරීම .
🔶ඔස්ටියෝ ආතරයිටිස් රෝගය සදහා ආයුර්වේද ප්‍රතිකාර.
⚛ මෙම සන්ධිගත වාතරෝගයේ වේදනාව ඉදිමුම සමනය කර ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනය කිරීම සදහා ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතී.
🟣රෝගය පවතිනඅවස්ථාව (Acute ,Chronic )
🟣රෝගියාගේ ශරීරයේ ප්‍රකෘතිය
🟣රෝගියාගේ වයස
🟣රෝගියාට පවතින වෙනත් රෝග ආදිී කරුණු කාරනා රැසක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඔහුට හෝ ඇයට සුදුසු භාහිර හා අභ්‍යන්තර ඖෂධ නිර්දේශ කරනු ලබයි.
ඔස්ටියෝ ආතරයිටිස් රෝගය මුල් අවස්ථාවේ හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය පහසුවෙන් සුවකළ හැක.නමුත් දිගු කාලය සිට මෙම රෝගයෙන් පීඩා විදින හා වයස්ගත පුද්ගලයින් හට සාපේක්ෂව වැඩි කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැක.හේතුව වයස්ගත පුද්ගලයින්ගේ පරිවෘත්තිය වේගය සාපේක්ෂව අඩු හෙයින් සන්ධි වල ගෙවීගිය කාටිලේජ කොටස් නැවත වර්ධනය සෙමින් සිදුවන බැවිනි .
🌿භාහිරව සිදුකරන ප්‍රතිකාර
🌷 ඖශධීය තෙල් අභ්‍යන්ග කිරීම.
🌷ස්වේද කර්ම/තැවීම ( තැවිලි පොට්ටනි මගින්, ඖෂධීය වාෂ්ප මගින් )
🌷 වස්ති යෙදීම
🌷පත්තු හා ආලේපන යෙදීම
🌷 ඖශධීය තෛල පිචු යෙදීම ආදිය සිදුකරනු ලබයි. මීට අමතරව වෛද්‍යවරයා විසින් රෝගයට අදාලව රෝගී පුද්ගලයින්ගේ වැරදි ජීවන රටාව වෙනස්කර ගැනීමට උපදෙස් ලබාදීමද සිදුකරයි.එනම් අහාරයට නොසුදුසු කෑම බීම වර්ග,ඉරියව් නිවැරදිව පවත්වාගන්නා අයුරු ,සුදුසු ව්‍යායාම ක්‍රම ආදිය.
සටහන:ආයුර්වේද වෛද්‍ය රන්දිමා දිල්රුක්ෂි
බී.ඒ.එම්.එස්(කොළඹවිශ්වවිද්යාලය )
දේශීය වෛද්‍ය පීඨය.
🌿🌿ඔබත් මෙම රෝගයෙන් පීඩාවිදින කෙනකු නම් ඉක්මන් හා සාර්ථක ප්‍රතිකාර සදහා අදම අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැම්නෙන්න.
🌿🌿වෛද්‍යතුමිය හමුවීමට වෙලාවක් වෙන්කරගැනීම සදහා අමතන්න
👩⚕📞🏥🌿0712705925
සාධ්‍යා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො- 34, අලුත් පාර,හම්බන්තොට
(හම්බන්තොට පැරණි රෝහල අසල )