
12/06/2025
ඔන්න ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.. ඔයාල හැමෝම කවදා හෝ දවසක බඩ දැවිල්ලක් ආපු වෙලාවක Digene පෙත්තක් හපලා කාලා, Gaviscon, Belcid වගේ Syrup (syrup කියලා මේ ලිපියේ පහසුවට කිව්වට ඇත්තටම හරිම වෛද්‍ය විද්‍යාත්මක වචනය suspension කියන එක 😊😊) එකක් බීලා ඇති.. ඒත් ඔබ දැනගෙන හිටියා ද මේ දේවල් හරියට ගත්තෙ නැත්නම් අදාළ ප්‍රථිපල ලැබෙන්නේ නෑ කියලා.. මම අද ඒ ගැන ලියන්න හිතුවා..
Digene, Gaviscon, Belcid වගේ Tablet, Syrup වලට පොදුවේ කියන්නේ antacid කියලා..
මොනවද මේ Antacid කියන්නේ..?
Antacid කියන්නේ acid උදාසීන කරන්න පුළුවන් කියන එක.. මෙන්න මේ antacid නිශ්පාදනය කරලා තියෙන්නේ Aluminum Hydroxide, Magnesium Hydroxide, Magnesium Trisilicate වගේ රසායනික සංයෝග වලින්..
කොහොමද මේ Antacid ක්‍රියා කරන්නේ..?
වැදගත්ම කරුණ නම් antacid වලට ආමාශයේ න් acid ශ්‍රාවය වන එක නතර කරන්න බෑ.. ඒකට පුළුවන් ශ්‍රාවය වෙලා තියෙන acid ටික neutralize කරන්න එහෙමත් නැත්නම් acid ටික උදාසීන කරලා දාන්න.. ඉස්සෙල්ලා මම කියපු digene, belcid, gaviscon වල තියෙන රසායනික සංයෝග භාස්මික රසායනික,. අන්න ඒ භාස්මික රසායනික සමග ආමාශයේ තියෙන acid ප්‍රතික්‍රියා කරලා ආමාශයේ තියෙන acid ටික උදාසීන කරලා දානවා.. ඔන්න ඕක තමයි antacid වල ක්‍රියාකාරීත්වය..
මෙන්න මේ antacid ගන්න වෙලාවට ඔබ කරන වැරදි මොනවද..? කොහොමද නිවැරැදි ව මේ දේවල් භාවිතා කරන්න ඕන..?
1. ගොඩක් අය හිතන් ඉන්නේ මෙන්න මේ antacid ගන්න ඕන කෑමට පෙර කියලා.. මෙන්න මේ දේ නම් වැරදි කතාවක්.. Antacid ගන්න හොඳම වෙලාව කෑම අරගෙන පැයත‍් දෙකත් අතර කාලයක.. ඒකට ප්‍රධාන හේතුව නම් ආමාශයේ වැඩිපුරම acid ශ්‍රාවය වෙලා තියෙන්නේ කෑම අරගෙන පැයක් පමණ ගත උණාට පස්සෙයි. ඒක නිසා සාර්ථක ප්‍රතිඵල ගන්න නම් කෑම අරගෙන පැයක්, පැය දෙකක් අතර ගන්න..
2. ගොඩක් අය කරන තවත් වරදක් තමයි ඔබ වෙනත් රෝගයකට බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් බීපු වෙලාවෙම මෙන්ම මේ antacid භාවිතා කරනවා.. මේ දේ ගොඩක්ම වැරදි දෙයක්.. ඒකට හේතුව තමයි බොහෝ ඖෂධ ශරීරයට උරා ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකි න් අඩු වෙනවා වෙනත් ඖෂධ හා antacid එකම වෙලාවක් තුළ ගැනීම නිසා..ඒ හේතුව නිසා ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ ඖෂධ ලබාගෙන පැයක්, දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid ලබා ගන්න..
3. සමහර ඖෂධ නිශ්පාදනය කරන්නේ භාස්මික මධ්‍යයේ දියවී ශරීරයට උරා ගන්න.. ඒ කියන්නේ ඒවා අන්ත්‍රයේදී තමයි දිය වෙලා ශරීරයට උරා ගන්නේ.. මෙන්න මේ ඖෂධ නිශ්පාදනය කරන්නේ විශේෂිත ආවරණයක් මගින් ඖෂධ ආවරණය කරලා.. අපි අන්න ඒ වගේ පෙති වලට කියනවා enteric coated tablet කියලා.. මෙන්න මේ පෙති ආමාශයේ දි ඒ කියන්නේ ආම්ලික මධ්‍යයේ දි දිය වෙන්නේ නෑ.. හැබැයි මේ වගේ enteric coated පෙති එක්ක digene, gaviscon වගේ දේවල් ගත්තම ආමාශයේ ආම්ලික ගතිය අඩු වෙලා භාස්මික වෙනවා.. එහෙම උනොත් වෙන්නේ entoric coated tablet ආමාශය තුළ දිය වෙනවා.. එහෙම උනොත් ඒ ඖෂධය මගින් අදාළ ප්‍රථිපලය ලැබෙන්නේ නෑ.. මෙන්න මේ නිසා enteric coated විඳිය ට හදපු ඖෂධ සමග digene, gaviscon වගේ ඒවා ගන්න යන්න එපා.. පැයක් දෙකක් පමණ පරතරයක් තබාගෙන antacid භාවිතා කරන්න..
මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?
1. එන්න පුළුවන් ප්‍රධාන අතුරු ආබාධයක් තමයි මේ antacid නිෂ්පාදනයට ගන්න aluminum hydroxide වලින් මළ බද්ධය ඇති වීම.. ඒ වගේම magnesium hydroxide වලින් බඩ බුරුල් කර මල පහ පිටවීම.. මෙන්න මේ අතුරු ආබාධ දෙක පාළනය කරන්න හොඳම විසදුම තමයි මේ සංයෝග දෙකම එකතු කරලා antacid නිශ්පාදනය කිරීම.. අන්න ඒ විඳිය ට තමයි ගොඩක් antacid නිශ්පාදනය කරලා තියෙන්නේ..
2. තව ඔක්කාරය, වමනය වැනි රෝග ලක්ෂණ එන්න පුළුවන්..
විශේෂ කරුණු...
1. ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට මේ antacid ලබාදෙන්න පුළුවන්..
2. දවසට තුන් හතර පාරක් භාවිතා කරන්න පුළුවන්.. (ආහාර වේල් දෙකක් අතරතුර සහ නිදා ගැනීමට පෙර ආකාරයට, මීට අමතරව gastrities උග්‍ර වූ අවස්ථාවේ ලබා ගත හැක. )
3. පෙති වලට වඩා සිරප් වලින් ලැබෙන ප්‍රථිපලය ඉක්මන් සහ වැඩි යි.
4. වකුගඩු සහ අක්මා රෝග වලදී පරිස්සමින් ලබා දිය යුතුයි..
ඉතින් මම හිතනවා මේ සම්බන්ධව හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා.. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනව නම් comment කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න,
Page එකත් follow කරලා තියා ගන්න..
ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා තියා ගන්න..
https://youtube.com/?si=x8U7D9UyaUlPZijy
එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු..
RASIKA GAMAGE,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of Efficiency as Pharmacist (CMCC)