31/03/2025
#ගැස්ට්‍රයිටීස්
ඇත්තටම ගැස්ට්‍රයිටීස් හොදකරන්න බැරිද?????????????
අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයක බිත්තියේ ඇතිවන ප්‍රධාහික තත්ත්වයක්
ප්‍රදායකදී ඉදිම රතු වීම වේදනාව වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා
හේතු?
හේතු නම් ගොඩක් තියෙනවා
මධ්‍යසාර භාවිතය
ඇතැම් ඖෂධ භාවිතය(diclo වගේ වේදනා නාශක,ඒක නිසානෙ එයාලා ඒ බෙහෙත් එක්කම අපිට ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දෙන්නේ)
ආසාදන තත්ත්ව
මානසික ආතතිය
අධික ලෙස ආමාශයක අපිච්චදයට දරා ගත නොහැකි spices ,යෙදූ ආහාර
කුසගේ නැතුව තිබියදී ආහාර ගැනීම
ප්‍රධාන වේල් අතර ආහාර වේල් ගැනීම
රසායනික වර්ග යෙදූ ආහාර
රසකාරක
අම්ල ආහාර
භයානකම හේතුව වෙන්නේ පිත්තාශය ගල් නිසා පිතස්‍රාවය නොවීම නිසා ඇතිවන ගැස්ට්‍රයිටීස් තත්ත්වය ,ඒකෙදි අපි පිත්තාශ ගල් දිය කරනවා
ලක්ෂණ?
ඔක්කාරය
බඩ පුරවා දැමීම
උදර වේදනාව(උදර වේදනාව ඇතිවෙන ආකාරය අනුව අපටDignos කරන්න පුලුවන් ,තුවාල පවතී ද පවතින්නේ කොතනකද කියල)
උගුරට ඒම
පිපාසය
ශාරීරික දැවිල්ල
ලේ වමනේ
කළු පාට මළ පිටවීම(ආමාෂය අභ්‍යන්තර රුධිර වහනයක් ඇත්නම්)
ඉතින් අපි කතාකරමු?
ගැස්ට්‍රයිටීස් කියන්නේ හොඳ කරන්න බැරි රෝගයක් නෙවෙයි. ගොඩක් දෙනෙකුගේ මතයක් තමයි කවදාවත් ගැස්ට්‍රයිටි හොඳ කරන්න බැ පාලනයක් කරගෙන ඉන්න එකක් කියල ඒත් එහෙම දෙයක් නැහැ. ඔයාලට තාම තේරෙන්නේ නැහැ ඒක කොහොමද පාලනය කරගන්නේ, සනීප කරගන්නේ කියල
,ඇත්තටම ඔයාට හොඳ කරගන්න ඕන නම් මං කියන දේ අහන්නම වෙනවා
මුලින්ම අපි පුරුද්දක් කරගන්න ඕන කුසගිනි දැනුන වෙලාවට විතරක් කෑම ගන්න
,මොකද මනුස්සයා තමයි ඔරලෝසුව හැදුවෙත් මනුස්සයා තමයි ඔරලෝසුව දිහා බලාගෙන කෑම ගන්න පටන් ගත්තෙත්, අනික නෝනයි මහත්තයයි කියන දෙන්නටම එකම වේලාවට බඩගිනි එන්න විදිහක් නැහැ, නෝනා මහතය එනකම් කෑම කන්න බලන් ඉන්නවා
,ආයතනයක රැකියාවක් කරන කෙනෙකුට ආයතනයෙ නියමිත වෙලාවට කෑම ගන්නවා වෙන්න පුළුවන්, නමුත් තමන්ගේම ආයතනයක් කරන අයත් ඕන තරම් වෙලාව තියෙන අයත් ඔරලෝසුව වෙලාව දිහා බලලා හෝ අනිත් අයත් එක්ක කෑම කන්න ඕන නිසා ඔරලෝසුවෙ වෙලාවට ගලපලා කෑම ගන්නවා, එහෙම නැත්නම් කෙළවරක් නැතුව කෑම ගන්නව
ඉතින් එහෙම ගත්තම කවදාවත් ගැස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ නැ
ආහාර ජීරණය කියන යාන්ත්‍රික මෙන්ම රසායනික ක්‍රියාවලියක්,මේකේ ආන්තික ජීරණය මුඛයේ සිද්ධ වෙනවා රසායනික ජීරණය ආමාශය සහ ග්‍රහණය සිදුවෙනවා
ඉතින් ආමාශය හොඳටම ලෑස්ති වෙන්න ඕන,අග්න්‍යාශයෙන් හදන්න ඕන, ආහාර ජීරණය කරන්න . එහෙම නොකරගත්ත ආමශායකට ඔරලෝසුව දිහා බලලා කෑම දාන්න එපා ඒක සෞඛ්‍යයට ගොඩාක් නරක විදියට බලපානවා ගොඩක් සත්තුන්ගේ කෑම ක්‍රමය හොඳයි මිනිස්සුන්ට වඩා එයාලත් කෑම ගන්නේ කුසගින්නට විතරයි අමතර කෑම ගොඩක් කන එක නවත්තලා මේ ක්‍රමයට හුරු වෙන්න
වේලට protine හොදට කෑමට ගන්න එතකොට නිතර නිතර කුසගිනි ඇතිවෙන්නේ නෑ
ආයුර්වේද ප්‍රතිකාරවල හොඳටම බෙහෙත් තියෙනවා සුව කර ගැනීම සඳහා තවදුරටත් ඔයාලට ඒ දේවල් වලට යොමු වෙන්න පුළුවන් ාර ජීරණය සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවාඒ සංකීර්ණ ක්‍රියාවලියක් රෝගියාගේ ප්‍රකෘති පරීක්ෂාවෙන් පසුවයි අපේ සිදු කරන්නේ අපි ශොදන කර්ම වලින් තමයි හෙලිකො බැක්ටර් විනාශ කරන්නේ , හෙලිකො බැක්ටර් පොසිටි නම් මේ රෝගෙට පිළිවෙළට ප්‍රතිකාර කරගන්න සමහර අයට කෑමට ඉස්සර වෙලා දෙහි බීම එකක් බිව්වම ගැස්ට්‍රල්ටි අඩුවෙනවා,ඒකට හේතුව තමයි එයාලගේ එන්සයිම HCL ශ්‍රාවය යම්කිසි අඩුවක් තියෙන නිසා,අනිත් අයට වැඩි වෙනවා ඒකට හේතුව පිත නිපදවීම වැඩි නිසා ඒ වගේ දේවල් වලදිත් අපි යොදා ගන්නවා ශෝදන කර්ම ,ශෝදනය නොවූ දෝෂ සඳහා සමන කර්ම, ආමාශයක ප්‍රධාහය පවතින විටදී ආහාර ජීරණය හරියට සිද්ධ වෙන්නේ නැහැ .
මෙම තත්ත්වයේදී cooked meal එකක් ගන්න,
දත් 32 ක් කටේ තියෙන්නේ යාන්ත්‍රික ජීරණය මුඛය තුල සිදු කරගන්න ඕන නිසා ඒක ආමාශයට භාර දෙන්න එපා එයාට ඒක කරන්න බැහැ
,කිඹුල මැටි ගිලිනව වගේ කෑම ගිලින්න එපා,ආහාර කියන්නේ මිනිසාගෙ මූලික අවශයතාවයක් ඒකක් ඒක පිලිවලට ලස්සනට කරගන්න
ඔබ සෞඛ්‍ය සම්පන්න වේවි
ගොඩක් දෙනෙක් පුරුදු වෙලා කෑම එකවර හදලා ෆිජ් එකේ තියාගන්න ඔයාලා ඔයාලා දන්නේ නැතුව ඇති ෆ්‍රිජ් එකෙත් ඉන්නවා ශීතකාමී බැක්ටීරියා කියලා කොටසක් අපි ඒවත් එක්ක රත් කරලා කෑමට ගන්නවා ,රත් කිරීමේ ක්‍රියාවලියේදී එම බැක්ටීරියා ප්‍රමාණය දෙගුණයක් වෙනවා ,ඉතින් කාර්යබහුල වුණත් කවුද කියන එක ලෝකෙට පිළිබිඹු වෙන්නේ අපි ගන්න ආහාරය මත ඉතින් ඒක පිලිවලට ගමු
,අනිත් එක අපේ සිංහල මිරිස් (ගම්මිරිස් )කෑමට යොදා ගන්න රතුමිරිස් අඩු කරන්න
,තෙල් කෑම ටිකත් අඩු කරන්න,
පිෂ්ඨ කෑම අඩු කරන්න
මේකෙ තියෙන නරකම බලපෑම තමයි,ඔයා පහසුතාවලටත් වඩා,පෝෂණ හානිය,ප්‍රදායික තත්ත්වයක් යටතේ . එයාගේ කාර්ය හරියට සිද්ධ කරන්න බැහැ,ඒ නිසා ජීරණ මළපිටවීම, මේක ආම තත්වයක් ,මේ හැමදේටම අපි රෝගියාගේ ප්‍රකෘතිය සලකා බලලා,නිශ්චිත ක්‍රමවේදවලට අනුව ප්‍රතිකාර ලබා දෙනවා,
ඒ කෙසේ වෙතත් ඉහත දක්වපු ආහාර පුරුදු ක්‍රම ටිකත් ඇති පාලනය කර ගැනීමට
මේ තත්ත්වයත් සමගම ගොඩක් දෙනෙකුට IBS තත්ත්වය පවතිනවා එම නිසා කිරි නිෂ්පාදන මුකුත්ම ගන්න එපා ,එය මේ තත්ත්වය වැඩි වෙන්න බලනවා,සංග්‍රහ ග්‍රහණි දක්වා මේ තත්ත්වය වැඩිවෙනවා,මෙහිදී ආහාර ගත් ගමන් මල පහ පිටවීම,අමු මල පිටවීම සිදුවෙනවා, උදරයේඅධික වේදනාව,ශරීර කෘෂ බව,දුර්වල බව,සමේ රෝග,සමවියලිබව ඇතිවෙනවා මෙය ඉතාම සංවේදී අවස්ථාවක්,බොහොම ප්‍රවේශයෙන් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් මෙහිදී නම් අනිවාර්යෙන්ම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි
එම අවස්ථාව දක්වා ඒමට පෙර
බෙලි කොළ කැඳ පානය
ලුණු කැඳ පානය,
ඇඹුල් ඇඹිලිය වැංජන සාදා ආහාරයට ගැනීම,
වී පොරි කැඳ පානය කිරීම
පොල්වතුර
උදෑසන හිස් බඩ වතුර පානය කිරීම
මගින් පාලනය කළ හැක
අනිවාර්යෙන් බෙහෙත් නැතත් ඔයාට ගොඩක් ප්‍රමාණයක් ගැස්ට්‍රයිටීස් අඩු වෙයි, මේ ක්‍රම කලොත්
ආයුර්වේද වෛද්‍ය
Heyseth Aurvision Medical center
Dr,R.G.T W Rajapaksha
SLAMC geg,15983
Psychotherapist.