Ayurvedic Doctor Ramesh

  • Home
  • Ayurvedic Doctor Ramesh

Ayurvedic Doctor Ramesh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayurvedic Doctor Ramesh, Medical and health, .

කොන්දෙ වේදනාව, අත් කකුල් හිරිය, සයටිකා (ගෘඩ්‍රසි) sciatica , සුසුම්නාව ආශ්‍රිත ආබාධ, හන්දි ගෙවී යෑම යනාදි රෝග සදහා දේශීය පාරම්පරික ප්‍රතිකාර.

ප්‍රතිකාර කරන ස්ථාන :
බ්‍රහස්පතින්දා - කුරුණෑගල
සෙනසුරාදා - මහරගම
ඉරිදා - ගම්පහ

0704677377

VISION OF L❤️VE - 2K25 **පුත්තලම කල්පිටිය උච්චිමුණයි රෝමානු කතෝලික පාසල වෙනුවෙන්.හදවතින්ම ගොඩනැගු අපේ "සෙනෙහසේ දැක්ම"අපේ...
08/11/2025

VISION OF L❤️VE - 2K25 **
පුත්තලම කල්පිටිය උච්චිමුණයි රෝමානු කතෝලික පාසල වෙනුවෙන්.
හදවතින්ම ගොඩනැගු අපේ "සෙනෙහසේ දැක්ම"
අපේ 89 පවුලේ මිත්‍රත්වය පෙරදැරිව, ලොවට සෙනෙහස බෙදාහරින Vision of Love ව්‍යාපෘතියේ මෑතම දිගහැරුම සාර්ථකව නිමා විය.

මෙම අභියෝගාත්මක මෙහෙයුම යථාර්ථයක් බවට පත් කළේ අප කෙරෙහි විශ්වාසය තැබූ දහස් ගණනක් වූ නොපෙනෙන ඔබ සැමයි. දේශීය මෙන්ම විදේශීයව සිට, අපේ වැඩපිළිවෙළට අත, හිත සහ ධනය කැප කළ සෑම කෙනෙකුටම අප හිස නමා ආචාර කරමු!

දුෂ්කර බෝට්ටු ගමනක අභියෝග මැද වුවත්, පුත්තලම කල්පිටිය උච්චිමුණයි පාසලේ දූ දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අපේ වටිනා කාලය සහ පෞද්ගලික ශ්‍රමය පරිත්‍යාග කරමින්, පෙරට පැමිණි සොඳුරු හදවත් රාශියක් අප සමඟ සිටියේය.

ඔබගේ මහන්සිය, දහඩිය සහ කැප කිරීම තනි රුපියලක්වත් අපතේ නොයවා, උපරිම සාධාරණය ඉටු කරමින්, එම අහිංසක පුංචි පැටවුන්ට අකුරු කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට අපට හැකි විය.

එප්පාවල රතන විසුද්ධි ස්වාමින් වහන්සේ විසින් සිදු කරන කඨින පිංකමට සමගාමීව වසරකට එක් දිනක් පමණක් සිදු කරන පහන් පුජාව෴සාදු ...
26/09/2025

එප්පාවල රතන විසුද්ධි ස්වාමින් වහන්සේ විසින් සිදු කරන කඨින පිංකමට සමගාමීව වසරකට එක් දිනක් පමණක් සිදු කරන පහන් පුජාව෴
සාදු සාදු සාදු෴

10/06/2025
ආයුර්වේද වෛද්‍ය එප්පාවල රතන විසුද්ධි  වෙද හාමුදුරුවන් වහසේට නිදුක් නීරෝගී පින්වන්ත ජන්ම දිනයක් වේවා!!!!!!!!! 🙏🙏ආයුරක්ෂා ...
17/04/2025

ආයුර්වේද වෛද්‍ය එප්පාවල රතන විසුද්ධි වෙද හාමුදුරුවන් වහසේට නිදුක් නීරෝගී පින්වන්ත ජන්ම දිනයක් වේවා!!!!!!!!! 🙏🙏
ආයුරක්ෂා වෙදගෙදර
fans

ඔලිද කෙලිය කියන්නේ හොදම මනෝ චිකිත්සාවක්..අතීතයේ සිංහල අවුරුදු කාලයට ජනක්‍රීඩා ගම්මැද්දම කලඑළි කළත් අද අපට සිදුව ඇත්තේඑම ...
16/04/2025

ඔලිද කෙලිය කියන්නේ හොදම මනෝ චිකිත්සාවක්..

අතීතයේ සිංහල අවුරුදු කාලයට ජනක්‍රීඩා ගම්මැද්දම කලඑළි කළත් අද අපට සිදුව ඇත්තේඑම ජන ක්‍රීඩා ගැන උජාරුවෙන් කතාබහ කිරීම හෝ කියවා රසවිඳීම පමණයි.

දිනෙන් දින අපෙන් ඈත්ව යන මෙම ජන ක්‍රීඩා තුළ ගැබ්ව ඇති වටිනාකම අද දරුවන් ඇබ්බැහි වී සිටින කිසිදු ක්‍රීඩාවක් තුළින් ලබන්න බැහැ.

එදා පැවති ජන ක්‍රීඩා ලොකු කුඩා කා තුළත් එකිනෙකා අතර ඇති බැඳීමවර්ධනය කළා වගේම දරුවන්ගේ කායික මානසික වර්ධනයටත් විශාල රුකුලක් වුණා.

මනස වෙහෙසවා කරන ක්‍රීඩා සහ කය වෙහෙසවා කරන ක්‍රීඩා ලෙස ජන ක්‍රීඩා වර්ග දෙකක් තිබෙනවා. මනස වෙහෙසවා කරන ක්‍රීඩා අතර ඔළිඳ කෙළිය, පංච කෙළිය වැනි ක්‍රීඩා ද, කය වෙහෙසවා කරන ක්‍රීඩා අතර පොර පොල් ගැසීම, අංකෙළිය, චක්ගඩු ගැසීම වැනි ක්‍රීඩා ද මුල් තැනක් ගන්නවා.මෙම ඇතැම් ක්‍රීඩා අතර, ක්‍රීඩාවකට එහා ගිය සම්ප්‍රදායක් සහ දේවාකර්ෂණය අපේක්ෂාවෙන් ගෞරවයෙන් යුතුව පේවී කරන ක්‍රීඩාත් දකින්නපුළුවන්........

සති අග අරුණ... 2025-04-12 ආයුශ් කියවන්න
fans

16/04/2025

සූර්‍යා මේෂ සංක්‍රාන්තියෙන් පසු ඇරඹුණු නව සූර්ය වර්ෂය තුළ නිරෝගිව සිටීම අරමුණු කරගෙන සිදුකෙරෙන්නාවූ සිංහල අවුරුද්දේ වැදගත්ම චාරිත්‍රය තෙල් ඇඹුල් ගෑම මල්ලවපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාව , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මුල් කරගෙන පවත්වන්නට යෙදුන ප්‍රාදේශීය හිස තෙල් ගෑමේ උත්සවය,
ජනාධිපති සම්මාණලාභි,
ආයුරක්ශා වෙදගෙදර උපදේශන වෛද්‍යාචාර්ය රන්තිලක වෙදමහත්මයාගේ මූලිකත්වයෙන් සුබ නැකතට සිදු කෙරෙන්නට යෙදුනි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය.2025.වසර සදහා අප්‍රේල් 16 බදාදා පෙරවරු නමයට පච්ච වර්ණ හෙවත් කොළ පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දි...
16/04/2025

හිසතෙල් ගෑමේ චාරිත්‍රය.2025.වසර සදහා

අප්‍රේල් 16 බදාදා පෙරවරු නමයට
පච්ච වර්ණ හෙවත් කොළ පාට වස්ත්‍රාභරණයෙන් සැරසී

උතුර දිසාව බලා

හිසට, කොහොඹ පත්‍ර

පයට, කොලොං (කොලොම් )පත්‍ර තබා

කොහොඹ පත්‍ර යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කරන්න.

කළු කපුටා සුදු වනතුරු
ඇගිටි ඇස්ස පැල වන තුරු
මොල් ගහේ දළුලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝවේවා!!!🙏

✨️හිසතෙල් සකස් කිරීම.

🌻නානු සෑදීම

කලාදුරු අල, කුංකුමප්පු, සුදු හදුන්, විෂ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලි මුල්, වෙනිවැල්ගැට, ඊතණ

මෙම වර්ග දාහතරම බඳුනක දමා තලා වතුර කෝප්ප අටක් දමා කෝප්ප දෙකට සිඳ පෙරා,

🌷බදාදා දිනට නියමිත එනම් කොහොඹ පත් යුෂ ද,

🌷දෙහි ගැට කිහිපයක් ද කපා දමා මිශ්‍ර කර නානු සාදා ගන්න.

🌻තෙල් වලට ,
පස් තෙල් (තලතෙල් අබතෙල් මීතෙල් එරඩු තෙල් කොහොඹ තෙල් මිශ්‍ර කර සාදා ගන්නා තෙල )
හෝ නීලය්‍යා දී තෙල් ස්වල්පයක් ,හිසට ගාන විට
මිස්‍රකර ගන්න.

🌻 හිසතෙල් ගෑමේ වැදගත්කම

පංච ඉන්ද්‍රියන් වලින් හතරක්ම පිහිටලා තියෙන්නේ හිස ආස්‍රිතවයි. ඒ වගේම පංච ඉන්ද්‍රියම හිස ආස්‍රිතව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වන මොලය සහ ස්නායු පද්ධතියේ මූලික ස්ථානය හිස ආස්‍රිතව පිහිටලා තියෙනවා. මේ කියපු කොටස්වල මනා ක්‍රියාකාරිත්වය සදහා හිස තෙල් ගැල්වීම අත්‍යවශ්‍ය කාරනයක් වෙනවා.

සමස්ත අලුත් අවුරුදු චාරිත්‍ර වල ගමේ වෙදමහත්මයා මුල් වන චාරිත්‍රය වගේම හැමෝගේම සෞඛ්‍ය වර්ධනය සදහා මුල් වන චාරිත්‍රය වශයෙන් ද හදුන්වා දෙන්න පුලුවන්.

මෙම හිසතෙල් ගෑම පරන අවුරුදු වලට ස්නානයෙන් පසු සංක්‍රාන්ති සමය අවසන් කර නැවත පිරිසිදු වීමද සංකේතාත්මකව නිරූපනය කෙරෙනවා.

චාරිත්‍රයක් ලෙස සංකේතවත් කරමින් හිස තෙල් ගා ස්නානය කිලද , මෙමගින් වසර පුරා හිස තෙල් ගෑම නිරෝගි පුද්ගලයන්ගේ නිරෝගි කම රැකගැනීමටත් , රෝගි පුද්ගලයන් නිරෝගි කිරීමටත් ආයුර්වේද දින චර්‍යාව තුල වැදගත් අංගයකි.

ආයුරක්ෂා වෙදගෙදර.

fans

සියලු පැතුම ඉටු වන සෞභාග්‍යය සාමය සතුට පිරි නිරෝගිමත් ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏 fans
14/04/2025

සියලු පැතුම ඉටු වන සෞභාග්‍යය සාමය සතුට පිරි නිරෝගිමත් ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වේවා.

🙏🙏🙏
fans

Address


Telephone

+94704677377

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurvedic Doctor Ramesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram