Samadhi Psychologycal Foundation

  • Home
  • Samadhi Psychologycal Foundation

Samadhi Psychologycal Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadhi Psychologycal Foundation, Doctor, .

04/11/2024
මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් ඒ පිලිබද ඉගෙනීමට,අප සමග එකතුවන්න.
29/03/2023

මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් ඒ පිලිබද ඉගෙනීමට,අප සමග එකතුවන්න.

03/01/2023
31/12/2022
27/12/2022

නින්ද සහ අක්මාව..!

1)ඔබ නින්දට යායුත්තේ කීයටද ?

2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?

📌අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන් තුල biological clock ලෙස හදුන්වනවා.
එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.

📌එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.

📌එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.

📌රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
සංසරණය වෙනවා.

📌රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

📌මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා.

📌ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.

📌ඒ කොහොම උනත්,
ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,
බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

📌ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

🦠12ට නිදාගත්තොත් පැය 3ක් ද,
🦠1ට නිදාගත්තොත් පැය 2 ක් ද,
🦠2ට නිදාගත්තොත් පැය 1ක් ද

ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

👀ඔබ පාන්දර 3ට නිදාගත්තොත්..........................
ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ.

📌එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.

📌ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.

📌එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන
කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි.

📌ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.

📌මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද?

🦠ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා වගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)
🦠මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)
🦠දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියිඒ( 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.)

📌ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ
බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.

📌අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි.

📌ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.

📌මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි.

📌ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේ..

ආචාර්ය ,වෛද්‍ය නිශ්ශංක ගුනරත්න

25/12/2022

*ස්වභාව දහම හා මිනිසා*

හරිම අපූර්වතම විශ්ව නිර්මාණයකි ස්වභාදහම.
අපි සෞරග්‍රහ මණ්ඩලය දෙස බලමු. විශාල ස්කන්ධයක් සහිත සූර්යා වටා අනෙකුත් ග්‍රහලෝක කරකැවෙමින් මෙය නිර්මාණය වී ඇත. නියමිත දුරකින් නියමිත වෙිගයකින් හා නියමිත ගමන්වාර කිසිදු වරදකින් තොරව ග්‍රහලෝක ගමන් කරන්නේ බැලු බැල්මට මහා බලවෙිගයකින් එය නිර්මාණය කර පාලනය කරන්නා සේය. නමුත් සත්‍යනමි ස්වායාත්ව ක්‍රියාවලියකට යටත්ව ස්වභාවික ක්‍රියාවලියකින් එය සිදුවීමයි.
එයට බලපාන විද්‍යාත්මක හේතු ගනනාවක් අපට පැහැදිලි කල හැකි උවත් ඒ සියල්ලම ස්වභාදහමෙි නිමැවිමිය.
සූර්යාගේ සිට ඇති දුර අනුව සූර්යාගේ සිට ලැබෙන ශක්තිය තීරණය වෙි. මෙි ශක්ති ප්‍රමානයන් අනුව එක් එක් ග්‍රහලෝක වල පරිසරය සකස්වී තිබීම හරිම විශ්මයජනකය.

ඉතින් අප දැන් පෘථිවිය දෙසට හැරෙමු.බලන්න පෘථිවියේ ස්වභාවික පරිසරය දෙස හරිම සමතුලිත පද්ධති වලින් සමන්විතව මෙය නිර්මාණය වී ඇති අයුරු අපට පෙනේ ස්වභාදහමෙි මෙම පද්ධති ස්වාධීනව හරියටම ක්‍රියාත්මක වීමට හැකිවනසේ නිර්මාණය වී ඇත. ජල චක්‍රය , වායු ගෝලය, පස, ගල්, ඛනිජ තෙල් ආදී චක්‍රයන් තුල නියමිත කාලයක් තුළ නිවැරැදිව කිසිවකුගේ බලපෑමකින් තොරව හරිම සමතුලිතව ක්‍රියාත්මක වීමට නිර්මාණය වී ඇත.

මිනිසාද මෙි ස්වභාවදහමෙිම අපූරු නිර්මාණයකි. මදක් මිනිස් ශරීරය දෙස විමසා බැලීමක් කරමු. මිනිස් ශරීරයේ අංගසම්පූර්ණ සමතුලිත පද්ධති ලෙස නිර්මාණය වී තිබෙි. ශරීරයේ කොටස් තුලිත පද්ධති ආකාරයෙන් සකස්වී ක්‍රියාත්මක වෙි.
ආහාර ජීර්ණ පද්ධතිය

ස්වසන පද්ධතිය

වසා පද්ධතිය

රුධිර සංසරණ පද්ධතිය

ස්නායු පද්ධතිය

බහිස්‍රාවීය පද්ධතිය

පේෂි පද්ධතිය

ලෙස පද්ධති රාශියකින් මිනිස් සිරුර නිර්මාණය වී ඇත.මෙම සියලු පද්ධති නියමිත කාලයක් තුල ක්‍රියාත්මක වීමෙන් ශරීරයේ මනාව රඳවාගෙන තිබෙි .
ශරීරය එයට බාහිරින් ඇතුල්වන සෑම දෙයක්ම දෙස වඩාත් දැඩි අවධානයකින් සිටී. ශරීරයට අහිතකර යමි දෙයක් ඇතුල් උවහොත් ශරීරයේ ආරක්ෂක පද්ධති එයට එරෙහිව විශාල සටනක් කරයි. මෙම යුද්ධය අවසන් වන්නේ බාහිර සාධකය අඩපන කිරීමෙන් පසුවයි. එමනිසා ශරීරය ශක්තිමත්ව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නමි එයට ශක්තිය සැපයීමට සාධක කීපයක් අවශ්‍ය වෙි. *ඉන් ප්‍රධානතම සාධකය වන්නේ ආහාරයයි.*

ඒ හේතුව නිසාවෙන්ම ස්වභාව දහම මිනිසා රැකීම වෙනුවෙන් එක් එක් ප්‍රදේශ එක් එක් පරිසර සාධක පෙන්වයි. ඒවාට ආවෙිනික ශාක සත්ත්ව සහ ආහාර කොටස් නිර්මා

Address


Telephone

+94718120403

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Psychologycal Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share