
15/08/2025
Williams Group (2015) පර්යේෂණයේ දි පොහොසත් පවුල්වල 70%ක් දෙවැනි පරම්පරාවේදීත්, 90%ක් තෙවැනි පරම්පරාවේදීත් ධනය අහිමි කරයි. හේතුව වන්නේ උරුමකරුවන්ට මුදල් කළමනාකරණය, විශ්වාසය හා සන්නිවේදනය ගැන දැනුම නොමැති වීම.
NBER අධ්‍යයනයේ දි ද තෙවැනි පරම්පරාව දක්වා ධනය රැකෙන්නේ 30%ක් පමණක් බවයි. හේතුව වන්නේ උරුමකරුවන්ට මූල්‍ය අධ්‍යාපනය නොලැබීම.
The Millionaire Next Door" (1996) පොතේ සදහන් වන්නේ පොහොසත් දරුවන් බොහෝ විට "ආර්ථික රෝගීන්" (economic outpatient care) බවට පත්වේ. එනම්, තමන් උපයන ගමනක් නැතිව මව්පියන්ගේ මුදල් මත රඳා සිටීම.
Psychology Today (2018) සඟරාවට අනුව ධනවත් මව්පියන් දරුවන්ට අභියෝග නොදී ආරක්ෂා කරන විට, ඔවුන් මුදල් කළමනාකරණය කිරීමේ හැකියාව අඩු වේ.
ඒවගේම හදිසි සම්පත් සින්ඩ්‍රෝම් (2020) නිසා ද උරුමයක් ලබන අය බොහෝ විට අතිශය වියදම්, ගිලන් චින්තනය හෝ තනියාකම අත්විඳිති.
Harvard Business Review (2021) අනුව 60%ක් පවුල් ව්‍යාපාර අසාර්ථක වන්නේ උරුමකරුවන්ට නායකත්වය හෝ උනන්දුව නැති නිසා.
පරම්පරාවල්වල කරන බදු හා නීතිමය වැරදි නිසා ද නිදන්ගත ධනය නැතිවේ. IRS අධ්‍යයනයේ දි උරුම වූ ධනයෙන් 25%ක් බදු, නීතිමය ගැටළු හෝ නඩු වලදී අහිමි වේ.
පරම්පරාවන් අතර වටිනාකම් වෙනස්කම් ද මෙයට බලපායි. Boston College පර්යේෂණයේ දි පසු පරම්පරාවල අගයන් වෙනස් වෙන බවත් ජීවන මට්ටම ඉහළ නංවා ගැනීම ධනය රැකීමට වඩා වැදගත් කර ගනී.
මෙය මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලුවිට එය කාරණා තුනක් යටතේ විස්තර කල හැකියි.
1. උරුමකම් පිළිබඳ මනස්ථිතිය (Wealth Mindset Gap): පළමු පරම්පරාව ධනය සාදා ගන්නේ දුෂ්කරතා, වෙහෙස මහන්සි වීම හා විනය හරහාය. එහෙත්, දෙවැනි හෝ තෙවැනි පරම්පරාවලට එම අත්දැකීම් නැති නිසා, ඔවුන් ධනය භුක්ති විඳිනවා පමණක් නිසා එය ආරක්ෂා කර ගැනීමේ හැකියාව අඩු වේ.
2. අධික ආරක්ෂිත චින්තනය (Overprotection & Entitlement): සමහර පොහොසත් පවුල් දරුවන්ට ජීවිතයේ අභියෝග ගැනීමට ඉඩ නොදෙයි. මෙයින් ඔවුන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය ගතිගුණ (උදා: ඉවසීම, නිර්මාණශීලීතාව) දුර්වල වේ.
3. දූෂණය හා අයහපත් තීරණ (Psychological Pitfalls): ධනය ලබා දීම වැරදි ආකාරයේ ආත්ම විශ්වාසයක් (overconfidence) හෝ අධික වියදම් කිරීමකට (instant gratification) මග පාදයි. මෙම ක්‍රියාකාරීත්වය මනෝවිද්‍යාත්මකව "සමාජ උරුමයේ බර" (burden of inheritance) ලෙස හඳුන්වයි.
ධනය පමණක් නොව, එය රැක ගන්නා දැනුම, විනය, ආයෝජන කුසලතා හා වටිනාකම් පරම්පරාගතව බෙදා ගත යුතුය. නැතහොත්, ධනය "උපයන" හැකියාව නැතිවී යයි. උදාහරණයක් ලෙස, ධනවත් පවුල් තුළ ආර්ථික අධ්‍යාපනය (financial literacy), වගකීම් සහගත අයවැය කිරීම (budgeting) හා ව්‍යාපාරික අත්දැකීම් බෙදාගැනීම වැදගත් වේ.
මෙය "Shirtsleeves to shirtsleeves in three generations" යන ජනප්‍රවාදයට ගැලපේ. එනම්, පළමු පරම්පරාව ධනය උපයයි, දෙවැනි පරම්පරාව එය භුක්ති විඳින අතර, තෙවැනි පරම්පරාව එය නැති කරයි! එබැවින්, ධනයට වඩා එය කළමනාකරණය කරන ඥානය ලබා දීම වඩා වැදගත් වේ.