LIFE Sri Lanka Leprosy

  • Home
  • LIFE Sri Lanka Leprosy

LIFE Sri Lanka Leprosy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LIFE Sri Lanka Leprosy, Medical and health, Anti Leprosy Campaign, .

The leprosy awareness program for Primary care Medical Officers was conducted at the Auditorium of RDHS Office Polonnaru...
29/03/2024

The leprosy awareness program for Primary care Medical Officers was conducted at the Auditorium of RDHS Office Polonnaruwa District on the March

අද නිදහස් දිනය. හැමෝම නිදහස ගැන කතා කරද්දී අපිත් හිතුවා නිදහස ගැන කතා කරන්න. ඒ වෙනස් නිදහසක් ගැන ලාදුරු මර් දන ව්‍යාපාරය...
04/02/2024

අද නිදහස් දිනය. හැමෝම නිදහස ගැන කතා කරද්දී අපිත් හිතුවා නිදහස ගැන කතා කරන්න. ඒ වෙනස් නිදහසක් ගැන

ලාදුරු මර් දන ව්‍යාපාරය මගින් පල කරනු ලබන ඕනෑම දැන්වීමක් ඕනෑම ආයතනයක හෝ ඕනෑම සමාජ ජාල කණ්ඩායම් හරහා හුවමාරු කරගැනීමට අපි සම්පුර් ණ නිදහස දීල තියෙනවා. ඇතැම් මේ දැන්වීම් වල ඔබට පෙනෙනවා ඇති අපේ logo අඩංගු තීරයේ LIFE Sri Lanka සලකුණට එහායින් හිස් ඉඩක් වෙන්කර තිබෙනවා. හේතුව අවශ්‍යනම් ඔබට ඔබේ ආයතනයේ හෝ පාසලේ logo එක එම හිදැසේ සටහන් කර ඔබේ කණ්ඩායම්/ ආයතන අතර සමාජ ජාලා හරහා හුවමාරු කර ගැනීමේ නිදහස අපි ලබා දීලා තියෙනවා. අපි කවදාවත් අහන්නේ නැහැ ඇයි අපේ පණිවුඩ වලට ඔයාලගේ logo ඇතුලත් කලේ කියලා. මම මේ සටහන දැමුවේ ඇතැම් විට මට message කරලා අහනවා මේ පණිවුඩ share කරාට කමක් නැද්ද කියල. අපි එහෙම share කරනවට ඉතාම කැමතියි. අපිට අවශ්‍ය වන්නේ ලාදුරු පණිවුඩ කොහොම හරි සමාජ ගත කරන්න.

ඒ වගේම අපිට වඩා හොදින් මේ ලාදුරු පණිවුඩ සැකසීමේ හැකියාව තියෙන අයගෙන් විශේෂයෙන් තරුණ පරපුරෙන් අපි ඉල්ලා සිටිනවා අපිත් සමග එකතු වන්න කියල. ඔබට එවැනි දැන්වීමක් සැකසීමට ගතවන්නේ සුළු කාලයක් වෙන්න පුළුවන්. නමුත් එහි ප්‍රතිපලය ලාදුරු රෝගය අපේ රටින් තුරන් කිරීමට ඉතාම පිටුවහලක් වෙනවා. එහෙම කරන්න කැමති අයට අපේ දැන්වීම් වල Photoshop file අපි කිසිම පැකිලීමකින් තොරව ලබාදෙන්න සුදානම්. අපි මේ දිනවල ලාදුරු පණිවුඩ නැවතත් සැකසීම සිදු කරමින් පවතිනවා. එම සියලුම පණිවුඩ එක තැනක Repository එකක් ලෙස කැමති අයට QR code එකක් මගින් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබාදීමට ළඟදීම අපි පියවර ගන්නවා. මේ වැඩ පිළිවෙලට අපි සමග එකතු වීමට කැමති අයට 0718005135 අංකයට whatsapp කරන්න පුළුවන්.

තමන්ගේ දේවල් තමන්ට විතරක් කියල බදාගෙන ඉන්න ය අතර අපි හරි වෙනස් නේද?

03/02/2024
අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 25% ක් වයස අවුරුදු 20-30 අතර තරුණ ය. අම රෝගීන්ගෙන් 4.8%ක් Grade 2  මට්ටමේ ආපසු හැරවිය නොහැකි ම...
03/02/2024

අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 25% ක් වයස අවුරුදු 20-30 අතර තරුණ ය. අම රෝගීන්ගෙන් 4.8%ක් Grade 2 මට්ටමේ ආපසු හැරවිය නොහැකි මට්ටමේ පිරිස. එම පිරිසෙන් 80%ක් තරුණයන්. මෙම වයස් ඛාණ්ඩයේ 18%ක් Grade 1 deformity . ඒ කියන්නේ ඔවුන් මුලින් හඳුනා ගැනීමට නොහැකි වුවහොත් Grade 2 ආපසු හැරවිය නොහැකි මට්ටමට කෙටි කාලයක් තුල පත්විය හැකි පිරිසක්. මේ නිසා අපි ලාදුරු පාලනයේදී වයස 20-30 අතර තරුණ පිරිස වෙත ලාදුරු රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ පණිවුඩ වඩාත් ඵලදායී ලෙස ගෙන යන්නේ කොහොමද කියල සොයා බලමින් සිටියේ. මේ අතර අපේ රටේ සියලුම සරසවි වල සිසුන් සම්බන්ධ AIESEC නමින් හැඳින්වෙන කණ්ඩායම සමග ඊයේ රාත්‍රී සාකච්චාවක් පැවැත්වෙනවා. ලාදුරු මර් දන ව්‍යාපාරය වෙනුවෙන් මේ සදහා මාත් එක්ක අපේ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට දොස්තර නෝනා එකතු වෙනවා.ඉදිරි කාලය තුලදී විශ්ව විද්‍යාල ප්‍රජාව අතර ලාදුරු රෝගය පිළිබඳව දැනුවත් කිරීම් වැඩිපුර සිදු කරන්න අපිට හැකියාව ලැබේවි.

31/01/2024
Leprosy leaflet distribution Ragama Railway station
31/01/2024

Leprosy leaflet distribution Ragama Railway station

Leprosy leaflet distribution @ Narahenpita
31/01/2024

Leprosy leaflet distribution @ Narahenpita

Leprosy leaflet distribution  # Maunt Lavinia
31/01/2024

Leprosy leaflet distribution # Maunt Lavinia

Leprosy leaflet distribution in Kolonnawa MOH area
31/01/2024

Leprosy leaflet distribution in Kolonnawa MOH area

Leprosy leaflet distribution at Gampaha Railway station
31/01/2024

Leprosy leaflet distribution at Gampaha Railway station

Address

Anti Leprosy Campaign

Telephone

+94705307621

Website

Alerts

Be the first to know and let us send you an email when LIFE Sri Lanka Leprosy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share