VOG.LK On Dr ChamindaMathota අනූමන්දාකිණි

  • Home
  • VOG.LK On Dr ChamindaMathota අනූමන්දාකිණි

VOG.LK On Dr ChamindaMathota අනූමන්දාකිණි ආදරණීය අම්මලා තරුණියන් Page Like කර එකතුවෙ?

 #කන්යා_පටලය_ගැන_ඇත්ත #දැන_ගන්නබොහෝ දෙනෙක් කන්යා පටලය හා කන්යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ...
04/10/2019

#කන්යා_පටලය_ගැන_ඇත්ත
#දැන_ගන්න
බොහෝ දෙනෙක් කන්යා පටලය හා කන්යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්යා මත රැසක් තිබෙන නිසා කන්යා පටලය පිළිබඳ විද්යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්.
ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ පිටත කෙළවරට මදක් ඇතුළතින් තුනී පටලයක් හඳුනා ගන්න පුළුවන්. මෙය කන්යා පටලය (H***n) ලෙස හඳුන්වනව. මානව පරිනාමයේදී මෙම කොටසට වෙන් වූ විශේෂ කර්තව්යයක් හඳුනා ගෙන නැහැ. සමහර කාන්තාවන්ට උපතින් ම කන්යා පටලයක් පිහිටන්නෙ නැහැ. සාමාන්යයෙන් කන්යා පටලය මැද ඔසප් වන රුධිරය සහ යෝනි මාර්ගයේ ස්රාවයන් පිටතට පැමිණීමට හැකි වෙන පරිදි විවරයක් තිබෙනව. මෙම විවරයේ විශාලත්වය සහ ස්වරූපය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම පටලයෙන් යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන්නෙ නැහැ.
පලමු ලිංගික සංසර්ගයේ දී කන්යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවිය යුතු බවට මතයක් පවතිනවා. ලිංගික එක් වීමේදී කන්යා පටලය හෝ යෝනි මාර්ගයේ අැතුලත බිත්තියේ ඉරීමක් අැතිවීමට ඉඩ තිබෙනව. එ් නිසා රුධිර වහනයක් විය හැකියි. නමුත් කන්යා පටලයක් පිහිටා නැති කාන්තාවකට පලමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. විවරය වටා වල්ලක් ලෙස මෙම පටලය පිහිටා ඇති නම් පමණක් ලිංගික සංසර්ගයක දී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු කරන විට දී මෙම පටලය ඉරී යාමට හැකියාවක් තිබෙනව. එවැනි කාන්තාවන් ගෙනුත් යම් ප්රතිශතයක ගේ කන්යා පටලය ඇදෙන සුළු නිසා එහි ඉරීමකින් තොරව සංසර්ගයේ යෙදීමට හැකියාව තිබෙනව. එවිටත් රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පලමු ලිංගික සංසර්ගයේ දී රුධිර වහනයක් අනිවාර්යයෙන් සිදු විය යැයි පවතින මතය විද්යාත්මක නැහැ. මේ ගැන නිවැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැතිකම නිසා උපතින් ම කන්යා පටලයක් නොමැති කාන්තාවන් අධික මානසික පීඩනයකට ලක් වෙන අවස්තා බහුලව දක්නට ලැබෙනව.
තවත් සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන ලෙස කන්යා පටලය පිහිටනවා. ඒ වගේ අවස්ථාවක ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට නො හැකියි. එවැනි කාන්තාවන්ට ශල්ය කර්මයක් මගින් කන්යා පටලයේ සිදුරක් ඇති කර ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට සැලැස්වීම අවශ්ය වෙනව.
බොහෝ දෙනෙකු විමසන තවත් ගැටළුවක් තමයි වෛද්ය පරීක්ෂණයක් මගින් කන්යා භාවය පරීක්ෂා කල හැකි ද යන වග. පර්යේෂණ වලින් සොයා ගෙන ඇති පරිදි කන්යා පටලය සාමාන්ය ලෙස පිහිටීම මගින් කලින් ලිංගික එක්වීමක් සිදුව නැති බව තහවුරු කරන්න බැහැ. කන්යා පටලය ඇදෙන සුළු නම් සංසර්ගයේ දී එයට හානියක් නොවීමට ඉඩ තිබෙනව. ඒ වගේම මෙම පටලයේ ඇති වෙන සියුම් ඉරීමක් නැවත යා වීමට ඉඩකඩ තිබෙනව. තවත් පර්යේෂණයක් මගින් සොයා ගෙන ඇති පරිදි කලින් ලිංගික ව එක් වී ඇති කාන්තාවන් ගෙන් 52%කට කන්යා පටලයේ කිසිම ඉරීමක සලකුණු හඳුනා ගෙන නැහැ. ඒ නිසා කන්යා පටලය පිහිටා තිබීම හෝ නො තිබීම මගින් කාන්තාවක් කලින් ලිංගික එක්වී ඇති බව සොයා ගන්න බැහැ.
කෙසේ වෙතත් තවමත් සමහර රටවල කාන්තාවගේ කන්යාභාවය පලමු සංසර්ගයේ රුධිර වහනය මගින් මැන බලන බව රහසක් නොවෙයි. ඒ නිසාම කලින් ලිංගික එක්වීමක් නිසා කන්යා පටලයට හානිවු කාන්තාවන් කන්යා පටලය නැවත සකස් කල හැකි දැයි විමසා සිටිනව. එලෙස කන්යා පටලය නැවත සකස් කිරීමට සැත්කමක් තිබෙනව. මෙය hymenoplasty ලෙස හඳුන්වනව. නෙදර්ලන්තයේදී කරන ලද වෛද්ය පරීක්ෂණයකට අනුව මෙම සැත්කම සාර්ථක බව තහවුරු වී තිබෙන නමුත් අත්යවශ්ය නොවන මෙවැනි සැත්කමකට යොමු නොවී සිටීම වඩාත් සුදුසුයි. සැත්කමක් අවශ්ය වුවත් එය සුදුසුකම් නොලත් පුද්ගලයන් ලවා කරවා ගැනීම ඉතාමත් අවදානම්. එවැනි ස්ථාන වලින් සැත්කම් සිදු කරගත් කාන්තාවන්ට විෂබීජ ආසාදන වැනි සංකූලතා සමග රෝහල් ගතවීමට පවා සිදුව තිබෙනවා...

04/10/2019

#ගර්භණී_සමයේ_ලිංගික_එක්වීම_අවදානම්ද?
ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැටළුව නිතරම ‍වෛද්ය වරුන් වෙත යොමු වෙනව.
මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම දරුවාගේ වර්ධනය සහ විකසනයටත් වැදගත් වෙනව. ගර්භණී වීමත් සමග කාන්තාවකට ඇතිවෙන ඕක්කාරය, පියයුරුවල තද ගතිය, මානසික වෙනස්කම් වැනි රෝග ලක්ෂණත් සමග මුල් මාස කිහිපය තුල ලිංගික ආශාවන් අඩු වීම සාමාන්ය තත්වයක්. ඉන් පසු යම් යම් අවස්තා වලදී ලිංගික ආශාවන් අඩු හෝ සාමාන්ය වෙන්න පුළුවන්.
ගර්භාෂය තුල දරුවා සිටින්නෙ තරල පිරුණු අවකාශයක් වන water bag එක ඇතුළත නිසා පිටත ඇතිවෙන කම්පනයන් සහ ගැස්සීම් වැනි දේ දරුවාට දැනෙන්නෙ ඉතා සුළු වශයෙන්. ඒ වගේම ගැබ් ගෙල සම්පූර්ණයෙන් වැසී ඇති විට water bag එක සහ ගැබ් ගෙල අතර සෙන්ටි මීටර් 2 1/2කට වැඩි දුරක් තිබෙනව. වෙනත් කිසිම සංකූලතාවයක් නිසා වෛද්ය වරු ලිංගික එක්වීමෙන් වැළකී සිටීමට ඔබට උපදෙස් ලබා දී නොමැති නම්, ගර්භණී කාලයේ ලිංගික එක්වීම හෝ සුරාන්තයට පත් වීම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.
නමුත් ලිංගික එක්වීම දරු ගැබට මෙන්ම මවටත් අවදානම් විය හැකි සංකූලතා තත්වයන් තිබෙනව. පහත සඳහන් තත්වයන් ඔබට ඇති බව වෛද්ය වරු දැනුම්දී ඇති නම් ලිංගික එක්වීමෙන් වැළකී සිටිය යුතු වෙනව.
1. වැදෑමහ පහතින් පිහිටීම
ගර්භණී කාලයේ රුධිර වහනයට අවදානමක් තිබෙන Placenta previa (වැදෑමහ පහතින් පිහිටීම) තත්වය ඇති විට ලිංගික එක් වීම අවදානම්. මේ තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට මාස 7ක් පමණ වෙන විට ගර්භාෂය විශාල වීමත් සමග වැදෑමහ ඉහලට ගමන් කරන නිසා මෙම ගැටළුව දිගටම පවතින්නෙ නැහැ. ඒ බව නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා තෙක් ලිංගික එක්වීමෙන් සම්පූර්ණයෙන් වැලකීම අවශ්ය වෙනව.
2. කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාම
කළලාවාරික පටලය (වෝටර් බෑගය) බිඳී යාමක් සිදුවූ විට ගැබ් ගෙල හරහා දරු ගැබට විෂබීජ ඇතුළු වීමට අවදානමක් තිබෙනව. ඒ නිසා ලිංගික එක්වීම සුදුසු නැහැ.
3. ගබ්සා වීමට හෝ කලින් දරුවා බිහි වීමට අවදානම් තත්වයක් ඇති විට
රුධිර වහනය, ගැබ් ගෙල විවෘත වීම, විටින් විට ඇති වෙන වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විට වෛද්ය වරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අවශ්ය වෙනව. එවැනි අවස්ථාවක ලිංගික එක්වීමෙන් වැලකී සිටීම සුදුසුයි.
ගර්භණී කාලය තුල ලිංගික සංසර්ගයේ යෙදීම නිසා සාමාන්ය දරු ප්රසූතිය පහසු වෙන බවට මතයක් තිබුනත් එහි විද්යාත්මක පදනමක් නැහැ.
ගර්භණී කාලයේ මව සහ පියා දෙදෙනා ම සහයෝගයෙන් මවගේ මානසික තත්වය ඉතා හොඳින් පවත්වා ගැනීම කුස තුල සිටින දරුවාගේ නිසි වර්ධනයට සහ විකසනයට අත්යවශ්ය කරුණක්. ගර්භාෂය විශාල වීමත් සමග මව උඩුබැලි අතට සිටීම සුදුසු නැති නිසා ලිංගික එක්වීමේදී වෙනත් පහසු ඉරියව්වක් යොදා ගැනීම අවශ්ය වෙන අතර ලිංගික එක්වීම අහිතකර බවට ඔබේ වෛද්ය වරයා නිර්දේශ කර නොමැති නම් ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.

කොළඹ මරිනෝ බීච් හෝටලයේදී 2019 අගෝස්තු 8 වන දින පැවති BestWeb 2019 සම්මාන උලෙළේ දී සෞඛ්ය වෙබ් අඩවි අංශය යටතේ ශ්රී ලංකාවේ ...
04/10/2019

කොළඹ මරිනෝ බීච් හෝටලයේදී 2019 අගෝස්තු 8 වන දින පැවති BestWeb 2019 සම්මාන උලෙළේ දී සෞඛ්ය වෙබ් අඩවි අංශය යටතේ ශ්රී ලංකාවේ ජනප්රියම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ද හොඳම වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානයෙන්ද VOG.LK වෙබ් අඩවිය පිදුම් ලැබීය.

VOG.LK වසර කිහිපයක් තුල ලංකාවේ ඉතාමත් ජනප්රිය වූ වෙබ් අඩවියක්. 2019 වසරේදීත් ලංකාවේ ජනප්රියම සෞඛ්ය වෙබ් අඩවිය ලෙස VOG.LK...
04/10/2019

VOG.LK වසර කිහිපයක් තුල ලංකාවේ ඉතාමත් ජනප්රිය වූ වෙබ් අඩවියක්. 2019 වසරේදීත් ලංකාවේ ජනප්රියම සෞඛ්ය වෙබ් අඩවිය ලෙස VOG.LK සම්මාන ලැබූ බව ඔබ දන්නව. මෙම ජනප්රියතාවය නිසාම බොහෝ දෙනෙක් මෙය අනුකරණය කරන බව අපි දැක තිබෙනව. VOG.LK නමින් ෆේස්බුක් සමාජ, පිටු, ජංගම දුරකතන යෙදුම් රාශියක් දැනටමත් මෙලෙස සකස් කර තිබෙනනේ ඔවුන්ට තමන්ගේම සන්නාම නාමයක් යටතේ ඉදිරියට පැමිණීමට අපහසු දුර්වල පිරිසක් නිසයි. මේ දක්වා මේ ගැන අප විසින් කිසිදු ක්රියාමාර්ගයක් නොගත්තේ ඉන් අප වෙබ් අඩවියට හෝ සන්නාමයට කිසිම හානියක් නොවේ යැයි අප විශ්වාස කරන නිසයි. නමුත් දැන් බොහෝ දෙනෙක් අප වෙත පැමිණිලි සිටින්නේ මෙවැනි දේ නිසා නිවැරදි VOG.LK Facebook සමාජය සොයා ගැනීමට නොහැකිව අතරමං වන පරිශීලකයින් සිටින බවයි.
අන් පුද්ගලයන්ගේ සමාජ ජාල ක්රියාකාරිත්වයන් පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ. එබැවින් අපගේ වෙබ් අඩවිය සම්බන්ධ සියලුම ෆේස්බුක් ක්රියාකාරිත්වයන් මින් ඉදිරියට අප වෙබ් අඩවියේ නිර්මාතෘ විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට නමින් පවත්වා ගෙන යාමට තීරණය කළෙමු.
අපගේ VOG.LK page එක සහ VOG.LK Facebook group එක VOG.LK On Dr. Chaminda Mathota අනූමන්දාකිණි ලෙස අද සිට වෙනස් කරනු ලබන්නේ විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට මහතාගේ උපදෙස් පරිදියි. මෙම පිටු දෙකට අමතරව VOG.LK නමින් කිසිම ෆේස්බුක් සමාජයක් හෝ වෙනත් අන්තර්ජාල සමාජයක් අපි විසින් පවත්වා ගෙන යනු නො ලැබේ.

Address


Alerts

Be the first to know and let us send you an email when VOG.LK On Dr ChamindaMathota අනූමන්දාකිණි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share