Wataddara Weda Hamuduruwo - වටද්දර වෙද හාමුදුරුවෝ

  • Home
  • Sri Lanka
  • Veyangoda
  • Wataddara Weda Hamuduruwo - වටද්දර වෙද හාමුදුරුවෝ

Wataddara Weda Hamuduruwo - වටද්දර වෙද හාමුදුරුවෝ " හෙළ ඔසුවයි, සුව දිවියයි "

💐වටද්දර  ඇස් වෙදකම වළගම්බා රජ සමයේ සිට පැවත එන්නක් බව ජනප්‍රවාද වල පැවසෙනවා.💐80 දශකයේ මුල අපේ වෙද හාමුදුරුවන් පිරිවෙන් හ...
19/09/2025

💐වටද්දර ඇස් වෙදකම වළගම්බා රජ සමයේ සිට පැවත එන්නක් බව ජනප්‍රවාද වල පැවසෙනවා.
💐80 දශකයේ මුල අපේ වෙද හාමුදුරුවන් පිරිවෙන් හා ප්‍රාචීන දහම් දැනුම ප්‍රගුණ කර සිය ගුරුදේවයන් වහන්සේ පරිශීලනය කල පුරාණ පුස්කොළ පොත් ගවේෂණය කරමින් ආයුර්වේද වෙදකම පිළිබඳ නව පර්යේෂණ සිදු කිරී ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පාරම්පරික ඇස් වෙදකම සඳහා උපදෙස් කෙම් ක්‍රම රහස් කෙම් ක්‍රම සහිතව උන්වහන්සේගේ නව ප්‍රතිකාර ක්‍රම සුවහසක් රෝගීන් සුවපත් කරනවා.
💐මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ජර්මනිය ප්‍රංශය ඉතාලිය ස්වීඩනය ඩෙන්මාර්කය ස්විස්ටර්ලන්තය ඔස්ට්‍රියාව ආදී යුරෝපා රටවල මෙන්ම නවසීලන්තයේ ජපානය ඕස්ට්‍රේලියාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල ප්‍රතිකාර කර ඇත.
💐වර්තමානයේ මෙම පුරාණ විහාරස්ථානයේ වැඩ වසන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේලාද ගුරු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව යමින් ශාස්ත්‍රවේදය මුල අකුරු හදාරන්නට ආරම්භ කර ඇත.
උන්වහන්සේලා විසින් දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන් හට උපස්ථානය සඳහා අවැසි ඔසු සපයන්නට අලුයම කාලයේ සිටම වෙහෙස වෙනවා.
විහාරස්ථානය වටා තිබෙන දුර්ලභ ඔසු සහිත භූමිය සැකසෙන්නේ ද උන්වහන්සේලාගේ කැපවීම මතය.
💐 37 වසරකට අධික පළපුරුද්දක් ලද මාඉඹුලේ නන්දාරාම හිමිපාණෝ සිය සතර පේරුවේ දායක කාරකාදීන්ගේ නොබඳ සහය ලබමින් නූතන සමාජයේ වැඩවසන ජීවක පරපුරේ සංඝ පීතෘන් වහන්සේ නමකට කදිම ආදර්ශයකි.

09/09/2025
09/09/2025

Address

Sri Sumanarama Purana Rajamaha Viharaya , Wataddara
Veyangoda
11100

Telephone

+94714493350

Website

Alerts

Be the first to know and let us send you an email when Wataddara Weda Hamuduruwo - වටද්දර වෙද හාමුදුරුවෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wataddara Weda Hamuduruwo - වටද්දර වෙද හාමුදුරුවෝ:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram