17/02/2024
"මහත්තයා මට තුවාල වේලෙන කරල් දෙන්න"
" මහත්තයා මට සෙමට ඇමොක්සලින් කරල් ටිකක් දෙන්න"
" මහත්තයා මාගේ ලමයට මෙන්න මේ බෝතලේ තියෙන සිරප් එක දෙන්න"
"සමාවෙන්න, නිසි වෛද්‍යවරයකු ගේ නිර්දේශයක් නැතුව, කිසිම ප්‍රතිජීවකයක් අපි නිකුත් කරන්නේ නෑ.. "
මේම ෆාමසියේ ඇහෙන ප්‍රශ්නවලට අපි ලබාදෙන උත්තරේටනම් බොහෝ අය දක්වන්නේ හොද ප්‍රතිචාර නම් නෙමෙයි.,
සමහර අය වෙලාවකට බැන බැන යනවා. " තුවාලේ වේලෙන්න කරල් ටිකක් දුන්නේ නෑ, සෙමට බෙහෙත් ටිකක් ගන්න බැරි ෆාමසිය " කියලා.
මේ නිසාම අපි හිතුවා, ඇයි අපි ප්‍රතිජීවක වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව නිකුත් නොකරන්නේ කියලා ටිකක් පැහැදිලි කරන්න..
ඔබ දන්නවද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස කියලා..”
2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවනවා.
ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන්, බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා.
ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගවලට. වෛරස් මඟින් වැළඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ නෑ.. එත් වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තියෙනවා. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” කියලා...
“ ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි.
තවත් සරලවම කියනවනම්...
ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්නත් වෙනවා.
මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති නිසා.
ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති නිසා. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීම. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී තියෙනවා . එම නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව තමයි පෙනී යන්නේ..
එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම බොහෝමයකට පවා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයක්..
මේ නිසා අද ඉදන්වත්, හිතුමතේට ප්‍රතිජීවක ලබා ගැනීමක් කරන්න එපා. සරලව කියනවනම් පොලෙන් බඩු ගන්නවා වගේ ප්‍රතිජීවක අවභාවිත කරලා, ඔබත්, අපත් , මුලු ලෝකයක් අවධානමකට ලක් කරන්න එපා. වැඩිවිස්තර අවශය නම් එන්න අපේ ගෝල්ඩන් කෙයාර් ආයතනයට . ඇවිල්ලා අවශ්‍ය දේවල් අහල දැනගන්න..
Copied
දර්ශන ප්‍රේමරත්න
(සංස්කරණයකි)