22/03/2024
🍉🍉🍌🍿🍜 *අපි ගන්නා ආහාර🍛* 🍜🍜🍜🍳🍽️
🌿ආහාර යනු සියළුම ජීවින්ගේ ප්‍රාණය හා සමාන දෙයක් ප්‍රමාණවත් පෝෂදායී ආහාර ශරීර වර්ධනයට එදිනෙදා කාර්යයන් කිරීමට සහ සෞඛ්‍ය සෞඛ්යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ එනම් ආහාර බඩගින්න නිවීම සඳහා ම පමණක් නොවේ.
🌿අප ගන්නා ආහාර වල අවශ්‍යතාව අපගේ ජීවිතේ විවිධ අවස්ථාවල, විවිධ අවධීන් වල විවිධාකාරයෙන් වේ.
🌿ළමා කාලයේ දී ශරීරයේ වර්ධනයට සහ සෞඛ්යමත් පැවැත්මටත් ,ස්ත්‍රියක් නම් ගැබක් දැරීමට සුදුසු කාලයේ දී ගර්භයක් දැරීමට ගර්භය පෝෂණය කිරීමට ,ප්‍රසවයට, ප්‍රසවයෙන් පසු කිරි ලබාදීමට ආදී ක්‍රියාකාරකම් සඳහා පෝෂණය අවශ්‍යතාවය විවිධ වේ.
🌿වැඩිහිටි වියේදී සෞඛ දී සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමටත් ආහාර අවශ්‍ය වේ වැඩිහිටියන්ගේ දත් නොමැති වීම ආහාරය රස නොදැනීම ආදී හේතු කොටගෙන ආහාරය පෝෂණයට ප්‍රමාණවත් වේ.
🌿වර්ථමානයේ අප රට තුල පවතින්නාවූ ආහාර රටාවේ වෙනස්කම් සහ මූල්‍ය ගැටලු නිසා බොහොමයක් දෙනා පෝෂණ විෂමතා සහිත රෝගවලට ගොදුරු වේ.
🌿විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් නීරක්තියෙන් පෙළෙන බැවින් බිහි කරන්නා වූ දරුවන් අඩු බර දරු උපත් සහිත වේ.
ප්‍රමාණවත් ආහාර නොමැති නිසා ළමා කාලයේ දී,
🍁ළමයාගේ වර්ධනය සහ බර වැඩිවීම නියමාකාරව සිදු නොවීම
🍁නිරන්තර රෝගවලට ගොදුරු වීම සහ ඇතිවෙන රෝග සුව වීමට කල්ගත වීම
🍁 ක්‍රීඩාවට අකමැතත්ත.
🍁 කම්මැලි බව
🍁හිසකෙස්වල වර්ණය වෙනස් වීම 🍁හිසකෙස් තුනී වීම 🍁හිස කෙස් ගැලවීම
යනාදී ලක්ෂණ ද ලක්ෂණද වැඩිහිටි වියේදී පෝෂණය මදි වීමෙන්
🍁ශරීරයේ දුර්වල බව සහ මහන්සිය
🍁ක්ලාන්ත ගතිය
🍁මුඛය දෙපස තුවාල වීම
🍁දිවෙහි තුවාල ඇතිවීම
🍁අතුල් පතුල් දාහය හිරිය ආදී නොයෙකුත් සංකූලතා වැඩි වශයෙන් දැනීමට පටන් ගනී.
ආහාරයක තිබිය යුතු ගුණාංග නම්,
🍁වර්ණය
🍁රස
🍁ගන්ධය
🍁ස්පර්ශයට හිත බව
🍁ශරීරයට හිත බව
🍃වර්ණය 🍃
🍁විවිධ වර්ණවලින් යුක්ත වූ එළවළු වර්ග ආහාර වේලට එක්කර ගැනීමෙන් විවිධාකාර වූ ප්‍රධාන අප ශරීරයට ලැබේ ලැබේ එම විවිධ වර්ණ නිසා ආහාර ගැනීමට රුචියක් ඇතිවේ ආහාරය පවතින්නාවූ මෙම සිත් ඇදගන්නා සුළු බව බාල මහලු සියලු දෙනාටම වැදගත්ය.
🍁විවිධ වර්ණ වලින් ආහාර සකසා ගැනීම සඳහා කෘතිම වර්ණක යෙදීමට වඩා ඒවායේ ස්වභාවික වර්ණ රැකෙන පරිද්දෙන් පිළියෙල කිරීම සුදුසුයි
🍁එක් ආහාර වේලක් සඳහා එළවළු වර්ග තෝරා ගැනීමේදී වර්ණ තුන හතරකින් යුත් එළවළු වර්ග වීම වඩාත් සුදුසුයි.
🍃රස🍃
🍁විවිධ වර්ණ වලින් යුක්තව සකසා ගත් ආහාර වේලෙහි විවිධ රසයන්ට අඩංගු වන්නේ නම් ආහාර ගැනීම තවත් ප්‍රියජනක වේ.
🍁ආයුර්වේදෙට අනුව ආහාරයෙහි රස වර්ග හයක් දක්වයි.අප විසින් ගනු ලබන ආහාර වල මෙම රස හයම සුළු වශයෙන් හෝ අඩංගු විය යුතුයි
🍁ආයුර්වේදයට අනුව එකම රසයකින් යුත් ආහාර නිරන්තරයෙන් සේවනය කිරීම රෝග රෝග කාරක වන බවයි බවත් විවිධ රස වලින් යුක්තව සේවනය කරනු ලබන ආහාර මගින් ශරීර බලය වැඩි කරන බවත් දක්වා ඇත.
🍃ගන්ධය 🍃
🍁විවිධ සුවඳ වලින් යුක්ත වූ ආහාර ද්‍රව්‍ය ආහාර වේලට එක්කර ගැනීමට අප විසින් සැලකිලිමත් විය යුතුයි ,උදාහරණයක් ලෙස
හොද්දක්
බැදුමක්
මැල්ලුමක් සම්බෝලයක් වැනි විවිධ සුවඳ වලින් යුක්ත වූ ආහාර මගින් ආහාරය රුචිය වැඩි කිරීමක් සිදු කරන අතර ජීර්ණ ක්‍රියාවලිය සඳහා ද උපකාරී වේ.
🍃🍃ස්පර්ශයට හිත බව🍃🍃
🍁එනම් අප ගන්නා ලබන ආහාරය ඇල්ලීමට සහ සැපීමට පහසු දෙයක් විය යුතුය.
🍁අධික ශීත අධික වූ උණුසුම්උණුසුම් ඇලෙන සුළු ස්පර්ශයෙන් පසුව මුඛය හෝ අත් වල කැසීම් දැවිල්ල ඇති කරන ආහාර අනුභවය සඳහා යෝග්‍ය නොවේ.
🍃🍃ශරීරයට හිත බව🍃🍃
🍁සියලුම ගුණාංගයන්ගෙන් පොහොසත් ආහාරය ශරීරයට හිතකර වේ ආහාර ගැනීමෙන් පසු වමනය, බඩ යාම, පළු නැගීම, කැසීම වැනි අහිතකර ලක්ෂණ ඇති නොවිය යුතුයි.
🌿🌿කිරි වඩන ආහාර🌿🌿
🌾එළකිරි පොලොස් මිරිදිය මාළු සුදුළූණු හා සුදුලූනු හාතාවාරිය අල සහ කොළ
🌿🌿මලපහ කිරීම පහසු කරවන ආහාර🌿🌿
🌾පලා වර්ග කෙඳි සහිත අල වර්ග කොහිල නෙළුම් අල , හුලංකීරිය සියලු පලතුරු වර්ග
🌿මූතා වඩන ආහාර🌿🌿🌿🌿
🌾සාරණ පුහුල් කැකිරි රාබු
🌿🌿බඩගින්න වඩන ආහාර🌿🌿
🌾කරපිංචා සුදුළූණු සුදුලූනු ආහාරයට එක් කරන කුලුබඩු වර්ග
🌿🌿හෘදයට හිත ආහාර🌿🌿
🌾දෙළුම්, නාරං, අඹ, මසං, සුදුලූණු, මීපැණි
🌿🌿පණුවන් නසන ආහාර🌿🌿
🌾එරබදු කොළ බට කිරිල්ල දලු, ගොටුකොළ ,කිරි අඟුණ කොළ, ගොටුකොළ දඬු
🍃🍃ආහාරයේ ගුණ වැඩි කිරීමට කළ යුතු දේ...🍃🍃
🌿හොඳින් පිරිසිදු කර කොළ වර්ග අමුවෙන් සම්බෝල සෑදීමණ ගොටුකොළ මුකුණුවැන්න කතුරුමුරුංගා
🌿පලා වර්ග එකක් හෝ කීපයක් එක් කර මැල්කර මැල්ලුම් හෝ ව්‍යංජන සෑදීම
🌿ආහාර වර්ග කීපයක් එකතු කර ව්‍යංජන සෑදීම උදාහරණ පරිප්පු සමග සාරණ නිවිති හෝ වෙනත් පලා වර්ග යෙදීම පලා වර්ග සමඟ කොස් ඇට හෝ අල වර්ග යෙදීම.
🌿බත් සකස් කිරීමේදී බතට එළවළු යෙදීම පොල් තෙල් එළඟිතෙල්, බටර් ,තල තෙල් යොදා තෙම්පරාදු කිරීම
🌿තද ගතියෙන් යුත් මස් වර්ග බුරුල් කිරීම සඳහා සියඹලා , පැපොල්, විනාකිරි එක් කිරීම
🙄🙄ආහාරයේ පෝෂණ ගුණ හානි වීමට බලපාන හේතු..🙄🙄
🍃මස් මාළු එළවළු වර්ග කැපීමෙන් පසු සේදීම
🍃මැල්ලුම් අධික තාපයෙන් මැලවීම
🍃මැල්ලුම් හොදි වර්ග නිවෙන්නට පෙර දෙහි ඇඹුල් එකතු කිරීම
🍃කඩල මුං ඇට වැනි ධාන්‍ය තැම්බූ පසු වතුර පෙරා ඉවත් කිරීම.
🌿🌿 *සියලු දෙනාම නිරෝගී වේවා!* 🌿🌿