Ayurweda community medical unit athuraliya's

Ayurweda community medical unit athuraliya's සායන පැවැත්වීම රෝග හඳුනාගැනීම නිසි ප්‍රතිකාර සඳහායොමු කිරීම, බෝ නොවන රෝග පාලනය කරීම,

26/04/2023
අතුරලිය ආයුර්වේද ප්‍රජාසෞක්‍ය වෛද්‍ය තුමියන්ලා විසින් පැවැත්වූ, ස්වභාවික රූ සපුව සුරැකීමේ වැඩමුලුව,2023/03/10
13/03/2023

අතුරලිය ආයුර්වේද ප්‍රජාසෞක්‍ය වෛද්‍ය තුමියන්ලා විසින් පැවැත්වූ, ස්වභාවික රූ සපුව සුරැකීමේ වැඩමුලුව,
2023/03/10

09/03/2023

බෝ නොවන රෝග පිලිඹඳ දැනුවත් කිරීම අතුරලිය කොට්ඨාසයේ පෝර්තොට සර්වෝදය ශ්‍රමදාන සමිතියේ පවත්වමින් දේශිකා අතුරලිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉනේකා අමරරත්න මැතිනිය ,👩‍⚕

Copiedහොඩ පර ඇඹුල ..............................................🌷🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈හෙළයන්ගේ ආහාර අතරින් මෙවැනි දෑ  සුවිශේශී තැ...
04/02/2023

Copied

හොඩ පර ඇඹුල ..............................................🌷🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈හෙළයන්ගේ ආහාර අතරින් මෙවැනි දෑ සුවිශේශී තැනක් ගන්නා බැවු මීට ඉහතදීද කතාකර ඇත....අදවනවිට අනවබොදය හා පර සිරිත් විරිත් කූට ලෙස ජාතියට පුරුදු කෙරවූ ආහාර,රටාවන් නිසා ගිලිහී ගොසිනි. එහෙත් තවමත් අප වටපිටාවේ බොහෝ අපූරුවට හොදින් යහමින් වැඩෙමින් ඇති මෙවැනිම සොභාවික පරිසරයෙන් අපට සපයාගත හැකි ඉහල ඔසුගුණයක් මෙන්ම ඉහල පොෂණ ගුණයක් ඇති ආහාර විශාල ප්‍රමාණයක් ඇත..🤔හොඩපර යනු බොහෝ ඉහල ඔසු ගුණයක් ඇති දිය පහරවල් ගංගා ඇල දොල ආශ්‍රිතව වියළි කලාපයේ සහ තෙත්කලාපයේ දෙකෙහිම වැඩෙන අපේ රටට ආවේනික පර විශේශයකි.මීටර් පහළොවක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයක් ලෙස හොඬපර ශාකය පෙන්වා දිය හැකිය. මෙම ශාකය වම්පර ලෙස ද හඳුන්වනු ලබයි. හොඩපර ශාකය උද්භිද ගණයට අයත් තවත් පර දෙවර්ගයක් පවතී. ..
මෙහි යුශවලට අස්ථි වර්දනය හා කාටිලේජ වර්ධනයට,හා ශිරුරේ අහිතකර තෙල් මේදය ඉවත් කිරීමට හැකියාව ඇත. ඒ සදහා පුරානයේ දි මේ යුෂ මී පැණියෙන් පාණය කල බවට මා ලිපියක කියවා ඇත.මේවා බොහෝ විශලවන අතර නෙලාගත්පසු දිනක් ඇතුලත ඔසු සදහා ගැනීමයි සුදුසුම ඒ කෙමෙන් කෙමෙන් මෙය අභ්‍යන්තර තරලය නරක්වන බැවින් ජලයේ දමා අවැසිනම් දින දෙක තුනක් පහසුවෙන් කල්තබාගත හැක
ආතරයිටීස් රොගීන්ට මේ ආහාරය ඉතාමත් ගුණදායකයි....🙏 පිළියෙල කරනා ආකාරය ~
වැඩුනු ගෙඩි කිහිපයක් ගෙන සෝදා දෙපළු වනසේ කපාගන්න පසුව එහි මැද ඇති කොටස හා නටුව ආසන්න කොටස කපා ඉවත්කර ගන්න පසුව කහ දියකරගත් ජලය බාජනයක් ගෙන පෙරදී පළු කපාගත් ගෙඩි කුඩා කොටස්වලට කපා දමාගන්න කහට පිපීම වැලකීම සදහායි මෙසේ කහ දියට,දමනුයෙ පසුව උනුදිය බාජනයකට කපාගත් සියල්ල දමා විනාඩියක් පමණ තබා එයින් ගොඩගෙන එයට කහ තුනපහ ලුණු කුරුදු ,ගම්මිරිස් කොච්චි දමා බාජනයක් ගෙන ලිපතබා කරපිංචා අඹ සුදුළූණු තෙම්පරාදුකොට එහි තෙම්පරාදුකොට මිටිකිරි දමා පිස බාගන්න මෙය අඹ ,ඇඹරැල්ලා ඇඹුල මෙන්ම ඇඹුල් ආහාරයකි....................🌿🌿🌿🌿 කැලනි ගග අසබඩ මේවා ඇති අතර ලොකු අම්මාගේ ආතරයිටීස් රෝගයේ බෙහෙතට මා සොයාගත්තේ කලකට ඉහතදීය...තරමක් විශාල ඇපල් ගෙඩියකට වඩා විශාලත්වයෙන් මේවා සෑදේ...තරමක් බරින් යුතුයි...විදයාත්මක නාමය Dillenia indica සාමාන්‍යය වයවහාරයේ හොඩපර,වම්පර ,අලි ඇපල්,ඉන්දියන් කැට්මොන් කියලත් විවිධ ප්‍රදේශ වල හදුන්වනවා. ( මෙම හොඬපර , ගොඩ පර කුලයේ යෝදයා යැයි කීවොත් නිවැරදි වන අතර , එක් අතකින් ඇල්ලීමටද නොහැකි තරම් විශාල සොබාවයක් ගන්නා අතර බරෙන්ද යුක්තයි,) මාතර ගාල්ල වැනි දිස්ත්‍රික්ක තුල බහුලව දැකියහැකිය ) #හොඬ_පර_සොයන්නෙකු_සිටීනම්_මෙහි_comment_ටුවක්_දමන්න.

2022/12/13 තිබ්බොටුවාව තලගස්ස වැඩිහිටි සමිතියේ ⁣මවුපියන් 50කට අදික සංක්‍යාවක් ඉලක්ක කරගනිමින් සිදුකල බෝ නොවන රෝග සායනය ම...
13/12/2022

2022/12/13 තිබ්බොටුවාව තලගස්ස වැඩිහිටි සමිතියේ ⁣මවුපියන් 50කට අදික සංක්‍යාවක් ඉලක්ක කරගනිමින් සිදුකල බෝ නොවන රෝග සායනය මගින් රෝගීන් කීප දෙනෙකු හඳුනාගත් අතර, පෙරාතුව නිසි උපදෙස් පිලිපැද නීරෝගී වූවන්ද හමුවීම වෛද්‍යවරුන්ගේ සතුටට හේතු විය 🙏

08/12/2022

බලන්න පොලොස්වලින් කල හැකි වික්‍රමය මිනිසුනේ 👇

07/12/2022
අතුරලිය MDTF නව රැල්ල  #කටරොලු  #වදමල්   #කිරිබතෙන්  #තැනෙන  #උපන්දින  #කේ්කය⁣අතුරලිය බහුකාර්ය සංවර්ධන නිලධාරී ඉඳුනිල් අ...
07/12/2022

අතුරලිය MDTF නව රැල්ල #කටරොලු #වදමල් #කිරිබතෙන් #තැනෙන #උපන්දින #කේ්කය
⁣අතුරලිය බහුකාර්ය සංවර්ධන නිලධාරී ඉඳුනිල් අබේගුණසේකර මැතිදුන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම වෙනස සිදුකරන ලදි 👇2022/12/07 මේක shear කරමු සමාජෙට දෙමු 💝

06/12/2022

පින්වත් ඔබට හිතන්න යමක්.....🙏

ඕනෑම කැස්සක් පටස් ගාලා හොඳ කරන විශ්මිත බිලිං සහ මහදුරු ඔසුව..බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්ස...
06/12/2022

ඕනෑම කැස්සක් පටස් ගාලා හොඳ කරන විශ්මිත බිලිං සහ මහදුරු ඔසුව..

බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල කාමරංගා වලට සමාන නොවන තද ඇඹුල් රසක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒවගේම, ලොවපුරා විවිධ ඉයුම් පිහුම් කටයුතු සදහා බිලිං භාවිතා කරනවා. බිලිං කියන්නේ උෂ්ණාධික දෙයක්විදියට තමයි සැලකෙන්නේ. විටමින් B සහ C යකඩ, පොස්පරස් සහ විශාල ප්‍රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ පළතුරේ නිජභූමිය වෙන්නේ පිලිපීනයයි. මේ බිලිං කියන පළතුර ලොවපුරා වගා කරන අනෙත් පළතුරු වර්ග තරම්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතන තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුල අන්තර්ගත වනවා. බිලිං භාවිතයෙන් අපට ලබාගත හැකිසෞඛ්‍යය වාසි වලින් ඉතාමත් වැදගත් වන සෞඛ්‍යය වාසි කිහිපයක්.

කැස්සට ඖෂධයක් ලෙස : මහදුරු ඇට කිහිපයක් සමග බිලිංගෙඩි තුනක් සහ සීනි එක්කර මිශ්‍රණයක් භාවිතා කරලා ඔබට පුළුවන් ලේසියෙන්ම කැස්ස සුවකරගන්න. මේ මිශ්‍රණය නටන උණු ජලයේ හොදින් තම්බාගෙන පැය කිහිපයක් වාෂ්ප වෙන්න ඉඩ හරින්න. ඊළඟට මේ මිශ්‍රණය හරි අඩ බැගින් භාජන දෙකකට දමාගෙන එක් කොටසක් උදෑසනම හිස්බඩ පානය කරන්න. ඉතිරි කොටස සන්ද්‍යා කාලයේදී පානය කරන්න.

දියවැඩියාව සුව කරන ඖෂධයක් ලෙස : දියවැඩියා රෝගීන්ට බිලිං විශාල ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඔබත්දි යවැඩියාව රෝගයෙන්පී ඩා විදින අයෙක් නම් බිලිං ගෙඩි 6 ක් ගෙන තලා වතුර වීදුරුවකට එක්කර වතුර පැසෙන කල් රත්කර නිවාගෙන දවසට දෙවරක් පානය කරන්න.

කුරුලෑ වලට සුවය දෙන ඖෂධයක් ලෙස : බිලිං තුල අන්තර්ගත වන ආම්ලික ද්‍රාවන නිසා ඵලදායීව කුරුලෑ සුවකර දීමේ හැකියාව තිබෙනවා. බිලිං ගෙඩියකින් කුඩා කැබැල්ලක් කපාගෙන ආසාදනය ඇති වූ ස්ථානයේ තබා සුවවීමේ ක්‍රියා වලිය සිදු වන තුරු විනාඩි කිහිපයක් සිට එම ස්ථානය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

උගුරේ ඇති වෙන උල්ලෝගම සදහා ප්‍රතිකාර සිදු කිරීමට : (මෙය දිලීර වර්ග නිසා මුඛයේ සහ උගුරේ ඇති වෙන ආසාදන තත්වයකි. මෙය ඇති වූ විට මුඛය තුල සුදුපැහැති ලප ඇතිවේ.) මේ ප්‍රතිකාර ක්‍රමය තරමක් වේදනාකාරී වුවත් බිලිං තුල අන්තර්ගත වන ආම්ලිකතාවයනිසා මෙය ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් වනවා. ඔබටත් මේ ආසාදන තත්වය ඇතිවෙලා නම් බිලිං ගෙඩියක් තලා ආසාදනය ඇතිවූ ස්ථාන වල තබන්න.

රූමැටික් : වරින් වර ඇතිවෙන සන්ධි වල වේදනාව සුවකර ගැනීමට බිලිං පත්‍ර මිටක් ගෙන හොදින් අඹරා ජලය මිශ්‍ර කර මිශ්‍රණයක් සකස් කරගෙන ආසාදිත තත්වය ඇති ස්ථානයේ දිනකට දෙතුන් වතාවක් ආලේප කරන්න.

මාංශපේශි තද ගතියට ප්‍රතිකාර සිදු කිරීමට : බිලිං පත්‍ර මිටකට බිලිං ගෙඩියක්, සුදුළුනු බික් දහයක්, ගම්මිරිස් ඇට පහළොවක් සහ විනාකිරි ස්වල්පයක් එකතු කර හොදින් අඹරා මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මෘදු මිශ්‍රණය මාංශ පේශි වල තද ගතිය ඇති ස්ථාන වල ආලේපකරන්න.

දත් කැක්කුමටප්‍රතිකාර ක්‍රමයක් ලෙස : ඔබට දත් කැක්කුමක් ඇති වූ අවස්ථාවක තලා ගත් බිලිං ගෙඩියකින් ස්වල්පයක් වේදනාව ඇති දතේ තබාගන්න. මේ සරල ඖෂධය ෆාමසි වලින් ලබාගන්න තිබෙන වේදනා නාශක වලට වඩා ප්‍රභල ඖෂධයක් වේවි.

Copied

 #හෙරලිය නොහොත් කොස් ආශ්‍රිත කරගනිමින් බලකාවල ආර්ථික සංවර්ධන නිලධාරී තුමියත් ග්‍රාම නිලධාරී තුමියත් එක්ව සංවිධානය කර තිබ...
29/11/2022

#හෙරලිය නොහොත් කොස් ආශ්‍රිත කරගනිමින් බලකාවල ආර්ථික සංවර්ධන නිලධාරී තුමියත් ග්‍රාම නිලධාරී තුමියත් එක්ව සංවිධානය කර තිබූ ආහාර සුරක්ෂිතතාවය පිලිඹඳ වැඩසටහන, 2022/11/29 දින අති සාර්ථකව සිදුකල අතර, එහිදී ⁣ගැට පොලොස් බාවිතයෙන්,
1 පොලොස් රොටී,
2 පොලොස් වඩේ,
3 පොලොස් පිට්ටු,
4 පොලොස් ඩෙවල්,
5 පොලොස් කට්ලට්,
වැනි ආහාර රාශියක් ප්‍රනීත ලෙස සකසන්නට අවැසි දැනුම වෛද්‍ය p i අමරරත්න මැතිනිය විසින් ලබාදෙන ලදි 🙏

22/11/2022

Address

තිබ්බොටවාව
Timisoara
3166

Telephone

+40773914844

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurweda community medical unit athuraliya's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurweda community medical unit athuraliya's:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram