Healthy Eating Tips

Healthy Eating Tips 🍎 Eat right, feel bright! Discover smart food choices for a healthier tomorrow 🌿

🩸නිරෝගී වෙමු🩸⭕ කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි? 👉👉කොලෙස්‌ටරෝල්  කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ...
10/27/2025

🩸නිරෝගී වෙමු🩸
⭕ කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි? 👉

👉කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය.

👉කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. ශරීරය තුළදී කොලොස්ට්‍රෝල් නිපදවීම සඳහා අප ගන්න මේද අධික ආහාර මෙන්ම පිෂ්ඨය අධික ආහාර ද බලපායි.එබැවින් තෙල් කෑම පාලනය පමණක් කොලෙස්ටරෝල් අඩු කිරීම්ට ප්‍රමාණවත් නැත.අනවශ්‍ය ප්‍රමාණයට පිෂ්ඨය අධික ආහාර භාවිතයද වැළකිය යුතුය.ක්‍රියාකාරී ජීවන රටාව කොලෙස්ටරෝල් අඩු කිරීමට අත්‍යවශය.

🔥ඔබේ කොලෙස්ටරෝල් මට්ටම දැනගත යුත්තේ කෙසේද?

වයස අවුරුදු 30 ක් හෝ එයට වඩා වැඩි සෑම අයෙක්ම අවම වශයෙන් අවුරුදු 3 කට වරක් වත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කල යුතුවේ. ඒ සඳහා නිර්දේශිත පරීක්ෂණය, lipid profile ලෙස හැඳින්වේ. මෙම පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ගත යුත්තේ ආහාර පාන ගැනීමෙන් වැළකී පැය 12-14 ක කාලයකට පසුවය.

🔥කොලෙස්ටරෝල් පරීක්ෂාව
සාමාන්‍ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම්
✳️Total Cholesterol
✳️HDL - හොඳ කොලෙස්ටරෝල්
✳️LDL - නරක කොලෙස්ටරෝල්
✳️Triglycrides - මේද අම්ල

🥑LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්)
LDL අක්මාවේ සිට තෙල් අනිකුත් අවයව දක්වා ගෙන ගොස් තැන්පත් කිරීම් සිදු කරයි .ශරීරය තරබාරු කමට, හෘදයාබාධ අංශභාග වැනි රෝග තත්ත්වලට මූලික හේතුව LDL කොලෙස්ට්‍රෝල්ය.

🥑HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් කියා හදුන්වයි. එමගින් අනෙකුත් අවයව වල සිට තෙල් අක්මාව වෙත ගෙන එනු ලබයි. ඒ හරහා ශරීරයේ තෙල් තැන්පත් වීම අවම කරයි.

🔥කොලෙස්ටරොල් නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවා ද?

කොලෙස්‌ටරෝල් කාලයත් සමඟ රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහීනී බිත්තිය දුර්වල වී ලේ ගමනය අවහිරවෙයි .මෙසේ අවහිර වන රුධිරවාහිනිය පිහිටන ඉන්ද්‍රිය අනුව විවිධ රෝගාබාධ ඇති වේ.

🍓හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack)
🍓මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork)
🍓පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව (
Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene).
🍓වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකිය

🔥ඇයි හැමෝටම කොලොස්ටරෝල් ප්‍රශ්නයක් නොවන්නේ ?
කොලෙස්ටරෝල් තැන්පැන්පත් වීමට බලපාන ප්‍රධානම හේතුව අධික LDL ප්‍රමාණයයි. නමුත් ,

🍓දියවැඩියාව
🍓අධික රුධිර පීඩනය
🍓දුම්පානය
🍓ව්‍යායාම මඳිකම
🍓ජානමය තත්ත්වයන් සෘජුවම කොලෙස්ටරෝල් තැන්පත් වීමට බලපායි.

🔥සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය කුමක් ද?

රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වු විට රුධිරවාහීනීවල තැන්පත් වීම ද අඩු වේ. එම නිසා කොලෙස්ටරෝල් අඩු වන තරමට හොඳ ය. නිරෝගී තරුණ පුද්ගලයෙකුට තිබිය යුතු ප්‍රශස්ත මට්ටම නම්

LDL< 130 mg/dL
HDL> 45 mg/dL
Triglycrides < 150 mg/dL
Total Chorelrol < 230 mg/dL
🍓වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙති .එබැවින් කොලෙස්ටරෝල් වාර්තා බලා තමාම ප්‍රතිකාර නොගත යුතුය.
🍟🍟🍟

🔥කොලෙස්ට‍රෝල් අඩු කර ගන්නේ කෙලෙස ද?

කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීම,
දෛනික ව්‍යායාම කිරීම
පිටි සීනි බත් ඇතුළු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සීමා කිරීම

ඉහත සඳහන් ක්‍රමවලින් අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සහිතව ඖෂධ ගැනීම අවශ්‍ය වේ.
ව්‍යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම හා දහනය කර පවතින තෙල් ශරීරයෙන් පිට කිරීම ය.

🔥කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද?

ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය.

🔥කොලෙස්ටරෝල් පෙති නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද?

එය බොරු මිත්‍යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි.

🔥නරක කොලෙස්ටරෝල් බහුල ආහාර

🚫බදින ලද ආහාර🍟🍟🍟🍟🍟

බදින ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත හා ට්‍රාන්ස් මේද දෙකම ඉහළ වන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රයිඩ් චිකන් සහ ඩෝනට්ස් වැනි බදින ලද ආහාර සඳහා මේ උදාහරණ වේ. ඔබේ ආහාර බදිනවා වෙනුවට, ඒවා පිලිස්සීම හෝ ග්‍රිල් කිරීමට හෝ උත්සාහ කරන්න. මෙය ඔබගේ සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණය අඩුකර ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වේ.

🚫 සැකසූ මස්🍟🍟🍟🍟🍟

බේකන්, සොසේජස් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම්වලින් ඉහළ මට්ටමක පවතින අතර, මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

🚫 අධික මේද සහිත කිරි නිෂ්පාදන🍟🍟🍟🍟🍟

චීස්, හෙවික්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට, අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. එනම්, මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේයි.

🚫 බේක් කළ ආහාර🍟🍟🍟🍟🍟

කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද දෙකම පිරී පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකිය. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට, සම්පූර්ණ තිරිඟු පිටි, පලතුරු යුෂ සහ ස්වාභාවික රසකාරක වැනි විකල්ප අමුද්‍රව්‍ය භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න විකල්පයන් නිවෙසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න.

🚫 ක්ෂණික ආහාර🍟🍟🍟🍟🍟

ක්ෂණික ආහාරවල බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකි සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද අධික වේ. ඒ නිසා ඒ වෙනුවට, සරල ප්‍රෝටීන් සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් වැනි දෙයකින් ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරන්න.

🚫 රතු මස්🍟🍟🍟🍟🍟

haරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සංතෘප්ත මේදය අධිකවන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. මීට අමතරව, රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසිනු ලබන අතර, හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝග නිපදවිය හැකිය. රතු මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

තෙල්🍟🍟🍟🍟🍟
ආහාර පිසීමේදී virgin පොල්තෙල්, virgin ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද බහුල තෙල් භාවිත කිරීමට උත්සාහ කරන්න.

බිත්තර කහ මදය🍟🍟🍟🍟🍟
බිත්තර කහ මදය අධික කොලෙස්ටරෝල් පැවතියද එහි ඇති න්සයිම හා ප්‍රෝටීන මගින් අහිතකර භාවය අඩු කරයි. එම නිසා භාවිතය සුදුසුය.

🚫ස්නැක්ස් ෆුඩ්ස්🍟🍟🍟🍟🍟
චිප්ස් සහ පොප්කෝන් වැනි කෙටි ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද ඉහළ ය. මෙම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට, නැවුම් පලතුරු, එළවළු හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

🚫සීනි සහිත බීම🍟🍟🍟🍟🍟
සෝඩා සහ පලතුරු යුෂ වැනි සීනි සහිත බීම බොහෝ විට සීනි සහ කැලරි අධිකවන අතර එය බර වැඩි වීමට සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සීනි සහිත බීම වෙනුවට, පිපාසය සඳහා ජලය, පැණිරස නොකළ තේ හෝ පලතුරු යුෂ පානය කිරීමට උත්සාහ කරන්න.

මීට අමතරව කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීම තුළින් ඔබගේ ශරීරය තුළ කොලෙස්ටරෝල් නිපදවීම සිදුවේ...එබැවින් තමාගේ ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ගන්න.අනවශ්‍ය ලෙස ආහාර ගැනීමෙන් වළකින්න.

----------------------------------------------------------------------------------------------
🔥ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

👉 සන්තෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය, සහ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති ආහාර පරිභෝජනය අවම කරන්න.
👉කාබෝහයිඩ්‍රේට් අධික ආහාර භාවිතයෙන් වළකින්න...
👉 දියවන තන්තු (Soluble fibres) බහුල ආහාර වැඩිපුර ගන්න.
👉 ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩිකරන්න.
👉 ශරීරයේ බර වැඩි නම්, අඩු කරගන්න.
👉 දුම්පානයෙන් වළකින්න.
👉 මත්පැන් භාවිතයෙන් වළකින්න.
👉 වෛද්‍ය උපදෙස් අනුව, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.


🔥කොලෙස්ටරෝල් වලින් මිදීමට වෙනස් විය යුතු ආහාර රටාව

සංතෘප්ත මේදය❌❌🚫🚫
මස් වල තෙල් අඩංගු කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ,වැනි සත්ත්වමය ආහාර වල මෙන්ම, පොල් තෙල් සහ පාම් තෙල් වැනි ශාඛ තෙල් වලද, සංතෘප්ත මේදය බහුලව ඇත.

ට්‍රාන්ස් මේදය🚫🚫❌❌
ට්‍රාන්ස් මේදය මගින්, සංතෘප්ත මේදය සේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. ට්‍රාන්ස් මේදය, හයිඩ්‍රජනීකරණය වූ ශාඛ තෙල් වල බහුලව අඩංගු වේ. සකසන ලද ආහාර (Processed food), කෙටි ආහාර (Short eats), ක්ෂණික ආහාර (Instant food), ඇතැම් මස් වර්ග, මාගරින්, කිරි ආහාර, බිස්කට්, කේක්, බනිස් වර්ග, පාන්, වෙනත් බේකරි කෑම වර්ග, සහ හයිඩ්‍රජනීකරණය වූ තෙල් වලින් බදින ලද ආහාර වල ට්‍රාන්ස් මේදය බහුලව ඇත.

අසංතෘප්ත මේදය (Unsaturated fat)✅✅
මෙය හිතකර මේදය වර්ගයකි. අසංතෘප්ත මේදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, ඒක-අසංතෘප්ත මේදය (Mono-unsaturated fat) සහ බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) වශයෙනි. මේවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීමට උපකාරී වේ. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, රටකජු තෙල්, රටකජු, කජු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, අලිගැටපේර, තල, සූරියකාන්ත ඇට, සහ මේදය අඩංගු ලොකු මාළු වැනි ආහාර වල අසංතෘප්ත මේදය බහුලව ඇත.

දියවන තන්තු✅✅
දියවන තන්තු, එළවළු, පළතුරු, රනිල භෝග, කුරුට්ට සහිත ධාන්‍ය, සහ එවැනි ධාන්‍ය වලින් සාදන ලද ආහාර වල බහුලව පවතී. දියවන තන්තු මගින් ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන අතර, රුධිරයේ ඇති LDL මට්ටම පහත හෙලයි.

ස්ටැනෝල් සහ ස්ටෙරෝල්✅✅
එළවළු සහ පළතුරු වල බහුලව ඇත. මේවා ආහාරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය අඩුකරන අතර, රුධිරයේ LDL මට්ටම අඩුකරයි.

🔥ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වන්නේ ඇයි?

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම, ශරීරයේ බර පාලනයට මෙන්ම, රුධිරයේ ඇති LDL මට්ටම අඩුකිරීමට ද වැදගත් වේ. එය රුධිරයේ ඇති HDL මට්ටම වැඩිකරන අතර, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකරයි. දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් බැගින්, මධ්‍යම-තීව්‍රතාවයකින් යුතු වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, නර්ථනය, වත්තේ වැඩකිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් ව ල යෙදීම අවශ්‍ය වේ.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගත යුත්තේ ඇයි?

බර අධික වීම හෝ තරබාරු වීම, ඔබගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ LDL මට්ටම වැඩිකිරීමට හේතුවන අතර, HDL මට්ටම අඩුකරයි. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්, 24.9 ත් අතර පවත්වා ගත යුතුවේ.

🔥කොලෙස්ටරෝල් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
කොලෙස්ට්‍රෝල් පෙති වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව භාවිතා නොකරන්න. අනවශ්‍ය මාත්‍රාවන් අක්මාවට අහිතකරය.
ව්‍යායාම්, ක්‍රියාශීලි දිවි පෙවත හා ආහාර වෙනස ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනු ඇත.

Copied - Siwdesa News page 👍

゚viralシfypシ゚

අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.1.දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහි...
10/25/2025

අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.

1.දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.

2.ගැඹුරු තෙලේ බදින ලද shorteats වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ශනික අහාර හැකි තරම් අවම කරන්න.

3.හරක් මස්, ඌරු මස් ,ඉස්සන්,දැල්ලන්,කකුලුවන්,පොකිරිස්සන්,
වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

4.fried rice,කොත්තු,පරාට ,පාන්,ඉදි ආප්ප,වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.

5.කිරි පිටි,මුදවපු කිරි,බටර්,මාගරින්,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

6.හීං බෝවිටිය කොල බෙහෙත් හීනැටි සහල් සමග කොල කැද,මොනර කුඩුම්බිය කොල කැද,යකිනාරන් කොල කැද අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා වෙසෙසින් ගුණ දායකය.

7.අමතරව ගොටුකොල, කරපිංච කොල කැද පානය කිරීමද ඉතා ප්‍රයෝජනවත්‍ ය.

8.ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සදහා භාවිතය අවම කරන්න.

9.වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාව කින් ත්‍රිපලා පව්ඩර් හෝ ටැබ්ලට් පානය කරන්න.

10.රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිත කරන්න.

11.වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරීක්ශා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.

12.fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිපලය cirrhosis බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැද ගත්ය.

13.ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න.ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.

14.රුධිරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේශ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්නය අදුරු පැහැයට හුරු නම් ,ඔබට වෙනදාට වඩා වෙහෙස කාරි නම්, ඔබගේ අක්මාවා පරීක්ශා කර ගැනීම වටනේය.

15.ඔබ දිර්ග කාලීනව මත් පැන් භාවිත කරයි නම්,දුම් වැටි භාවිත කරයි නම් ඔබ අක්මාව පරීක්ශා කර ගත යුතුය.

16.ඔබ දීර්ග කාලිනව කිසියම් අසනීපයක් සදහා (විශේශයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිත කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කිරීම වටනේය.

17.ඔබ අතිස්ථූලතාවෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කර ගත යුතුය.

18.ඔබට cirrhosis වැනි රෝගී තත්වයක් හො fatty liver grade 2,3 මට්ටමේ ඇතිනම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුමය.

අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්‍යන් 500 කට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රිය කි.
ඔබගේ වැරදි අහාර පුරුදු, නිද්‍රශීලී ජීවන රටාව,දීර්ග කාලීන බටහිර ඖශධ ,දිය වැඩියාව ,කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව නිසා එය රෝගී විය හැකිය.

Copied-

නිරෝගී ගර්භණී අවධියක් පවත්වා ගැනීම  සදහා විටමින් හා ඛනිජ ලවණ වල අවශ්‍යතාවය 🤰🥰👉කාන්තාවක් ගර්භණීභාවයට පත්වීමට පෙර සිටම නිස...
10/25/2025

නිරෝගී ගර්භණී අවධියක් පවත්වා ගැනීම සදහා විටමින් හා ඛනිජ ලවණ වල අවශ්‍යතාවය 🤰🥰👉

කාන්තාවක් ගර්භණීභාවයට පත්වීමට පෙර සිටම නිසි පෝෂණ මට්ටමක් පවත්වා ගැනීම නිරෝගී ගර්භණී සමයක් හා සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලබා ගැනීමටත් දරු ප‍්‍රසූතියේදී ඇතිවන සංකූලතා අවම කර ගැනීමටත් මහඟු පිටිවහලක් වේ. 😇🤝

ගර්භණී සමයේදී මව විසින් පෝෂණ ගුණයෙන් අනූන ආහාර පරිභෝජනය නොකළහොත් දරු ප්‍රසූතියෙන් පසු මවද විවිධ පෝෂණ ඌණතා වලට ලක්වීමේ අවදානමක් පවතී. 🤕😓

ගර්භණී අවධියේ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරන විට බොහෝ විටමින් හා ඛනිජ ලවණ අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස වැඩි වේ. මේ හේතුවෙන් ගර්භණී කාන්තාවන්ට ක්ෂුද්‍ර පෝෂක අතිරේක භාවිතා කිරීමට උපදෙස් දෙනු ලැබේ. 💊💪

මෙසේ මූලික වශයෙන් අවශ්‍ය වන ක්ෂුද්‍ර පෝෂක වර්ග වන්නේ යකඩ, ෆෝලික් අම්ලය, කැල්සියම්, සින්ක්, අයඩින්, විටමින් A, විටමින් B සංකීර්ණය, විටමින් C, විටමින් D සහ විටමින් E වේ.

මේ එක් එක් ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීමේ වැදගත්කම, ඒවා අඩංගු ආහාර සහ ලබා ගත යුතු ප්‍රමාණයන් පිළිබඳව මෙහිදී සලකා බලමු.
🍎🍇🍉🥦🍠🌽🥛🥩🥗

🔴 ෆෝලික් අම්ලය

ෆෝලික් අම්ලය යනු ගර්භණී අවධියෙහි පසුවන මව්වරුන් අනිවාර්යෙන් ලබාගත යුතු ක්ෂුද්‍රපෝෂකයකි. කොළ පැහැති එළවළු, යීස්ට් සාරය සහ දොඩම් වැනි පැඟිරි පලතුරු 🥬🥦🍊🍋 වල බහුලව අඩංගු වන ෆෝලේට්, ජල ද්‍රාව්‍ය B විටමින් වර්ගයකි.
සමහර රටවල පාන් සහ ධාන්‍ය වර්ගද ෆෝලික් අම්ලය සමඟ එක්කර ඇත. (fortification)

DNA සහ ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය වන මෙය ඇමයිනෝ අම්ල පරිවෘත්තීය, ප්‍රෝටීන් සංස්ලේෂණය සහ සෛල ගුණනය වීම සඳහා ද, විශේෂයෙන්ම ගර්භණී සමයේ කළලයේ වේගවත් සෛල බෙදීම් සහ පටක වර්ධනය සඳහාත් වැදගත් වේ.

ෆෝලේට් ඌණතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ස්නායු නාලය නිසියාකාරව වර්ධනය නොවීම (Neural tube defects) වැනි භ්‍රෑණ විෂමතා ඇති විය හැකිය.
මේ සඳහා ෆෝලේට් ලබා ගන්නා කාල සීමාව ඉතා වැදගත්ය. එයට හේතුව වන්නේ දරුවාගේ ස්නායු නාලය වර්ධනය හා විකසනය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ ගර්භණී භාවයේ පළමු සති හතර තුළ බැවිනි. ගර්භණී සමය තුළ ආහාර වලට අමතරව ගත යුතු අතිරේක ෆෝලික් අම්ල ප්‍රමාණය දිනකට 400 mcg (මයික්‍රො ග්‍රෑම්) කි. අවම වශයෙන්, පිළිසිඳ ගැනීමට මසකට පෙර හා ගර්භණී භාවයේ මුල් මාස 3 අවසන් වනතුරු දිනපතා ෆෝලේට් ලබාගැනීම ඉතා වැදගත්ය.

කෙසේ වෙතත් ප්‍රජනන අවධියේ පසුවන සියලුම කාන්තාවන් තම එදිනෙදා ආහාර වේල තුලින් ෆෝලේට් අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වේ.

🔴 විටමින් A

විටමින් A මේද ද්‍රාව්‍ය විටමිනයක් වේ. විටමින් A හි ප්‍රභේද වන රෙටිනල්, රෙටිනොයිඩ් අම්ලය වැනි රෙටිනොයිඩ ලබා ගන්නේ බිත්තර, කිරි ආහාර, සත්ව අක්මා (පීකුදු) සහ මත්ස්‍ය තෙල් 🥚🥛🥩 වැනි ආහාර වලින් වන අතර බීටා කැරොටීන් අඩංගු ආහාර වන්නේ තද කොළ හා කහ පැහැති එළවළු වන තම්පලා, කතුරුමුරුංගා, නිවිති, මුරුංගාකොළ, තැඹිලි පැහැති බතල, වට්ටක්කා, කැරට්, කහ පැහැති බඩ ඉරිගු, අඹ, ගස්ලබු වේ. 🍠🥕🌽🥬🥭
කැරොටිනොයිඩ් සහිත ආහාර අක්මාවේදී විටමින් A බවට පරිවර්තනය වේ.

විටමින් A වල මූලික කාර්යයන් වන්නේ පෙනීම වැඩි දියුණු කිරීම, කළල වර්ධනය හා විකසනය, අස්ථි වල පරිවෘත්තීය, ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම මෙන්ම ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ලෙස කටයුතු කිරීමයි.

කළල සෙෙල හා පටක වර්ධනයට විටමින් A අවශ්‍යතාව වැඩි වුවද නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා විටමින් A ගැනීමෙන් දරුවාගේ විවිධ සංකූලතා (teratogenic effects) ඇති විය හැකිය. උදාහරණ ලෙස පැලුණු තොල්/තල්ල (Cleft palate/cleft lips). එමනිසා ගර්භණී සමයේදී වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් A පෝෂක අතිරේක (supplements) හා මත්ස්‍ය තෙල් (fish oil) ලබා ගැනීම නොසුදුසුය.

🔴 විටමින් B සංකීර්ණය (B1, B2, B3, B6, B12)

විටමින් B සංකීර්ණය ජල ද්‍රාවී විටමින් සමූහයකි. සෙෙල තුළ ශක්තිය නිපදවීම හා නිදහස් කිරීම සඳහා, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේද පරිවෘත්තීය සඳහා සහඑන්සයිමයක් (Co-enzyme) ලෙස ද රතු රුධිර සෙෙල නිපදවීම සඳහා ද විටමින් B සංකීර්ණය වැදගත් වේ.

ගර්භණී සමයේදී ශක්ති අවශ්‍යතාවය සාපේක්ෂව වැඩි බැවින් ඌණතාවයක් සිදු වුවහොත් සෙෙලීය වර්ධනයට මෙන්ම ස්නායු පටක වර්ධනයටද බලපෑම් ඇති කළ හැකිය.

විටමින් B සංකීර්ණය අඩංගු ආහාර ලෙස ප්‍රධාන වශයෙන් සත්ත්ව ප්‍රභේද නම් කළ හැක. එනම් සත්ත්ව මාංශ, මාළු, කිරි නිෂ්පාදන වේ. 🍗🥩🥛
ගර්භණී සමයේදී ශක්ති අවශ්‍යතාවය වැඩි බැවින් මෙම කාලයේදී විටමින් B ඉල්ලුමද ඉහළය.

විටමින් B1 (තයමීන්) කළල මොළයේ වර්ධනයට දායක වන අතර විටමින් B2 (Riboflavin) හා B3 (Niacin) ඌණතාවයන් නිසා අඩු බර සහිත දරුවන් බිහි වීමටත්, මවගේ රුධිර පීඩනය ගර්භණී සමයේදී වැඩිවීමටත් අවදානමක් පවතී. විටමින් B12 (Cyanocobalamin) ඌණතාවය හේතුවෙන් මළ දරු උපත් හෝ නොමේරූ දරු උපත් සිදු වීමේ අවදානමක් ඇත.

🔴 විටමින් C හා විටමින් E

විටමින් C ජල ද්‍රාවී විටමිනයක් වන අතර කොලැජන් ප්‍රෝටීනය නිෂ්පාදනය සඳහාත් යකඩ අවශෝෂණය වැඩි කිරීම සඳහාත් එමඟින් රක්තහීනතාවයේ අවදානම අඩු කිරීම සදහාත් උපකාරී වේ. බහුලවම විටමින් C අඩංගු එළවළු හා පලතුරු වන්නේ පේර, පැඟිරි සහිත පලතුරු (දොඩම්, නාරං) 🍊🍋, තක්කාලි, මල් ගෝවා වර්ගයක් වන බ්‍රෝකොලි (Broccoli) 🥦 සහ බොකුටු ගෝවා (Kale) වේ.

විටමින් E බහුලවම අඩංගු වන්නේ ආමන්ඩ්, රටකජු, එළවළු තෙල් හා පලා වර්ග 🥜🥬 වලය.

විටමින් C හා විටමින් E ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ලෙස ක්‍රියා කරන අතර එමඟින් උපත් දෝෂ ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය.

🔴 විටමින් D

ගර්භණී මව්වරුන්ගේ අස්ථි ශක්තිමත් කිරීමටත් දරුවාගේ අස්ථි හා කාටිලේජ වර්ධනයටත් විටමින් D උපකාරී වේ. ගර්භණී කාලයේදී මව විටමින් D ඌණතාවයකින් පෙලුනහොත් මවගේ සිරුරේ වැඩෙන කළලයට විටමින් D සැපයීම අඩු වෙයි. හිරු එළියට නිරාවරණය වනවිට සිරුර මඟින් විටමින් D නිපදවෙන අතර හිරු එළියට නිරාවරණය නොවන මව්වරු විටමින් D බහුල මාගරින් හා මාළු 🧈🥩 වැනි ආහාර හෝ අතිරේක විටමිනයක් ලෙස විටමින් D ශරීරයට ලබා ගත යුතු වේ.

🔴 කැල්සියම්

අස්ථි හා දත්වල අනිවාර්ය සංඝටකයක් වන කැල්සියම් දරුවාගේ හෘදය, ස්නායු පද්ධතිය හා මාංශ පේශි වර්ධනයට ද අත්‍යාවශ්‍ය වේ. කිරි, යෝගට්, මුදවපු කිරි, චීස් 🥛🧀 සහ අනෙකුත් කිරි ආහාර වල කැල්සියම් බහුලව ඇත. එසේම බිත්තර, වියළි හාල්මැස්සන්, මාළු (සාඩින්, සැමන්, ටූනා) 🥚🥩🦈 හා කොළ පැහැති එළවළු වන බොකුටු ගෝවා (Kale), බ්‍රෝකොලි (Broccoli) 🥦 හා නිවිති කැල්සියම් බහුල ආහාර වේ.

ගර්භණී කාලයේදී කාන්තාවන් කැල්සියම් අතිරේක පෙති ලෙසද ලබා ගතයුතු අතර දිනකට මවගේ කැල්සියම් අවශ්‍යතාවය 1000 mg - 1300 mg (මිලි ග්‍රෑම්) පමණ වේ. මව විසින් අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොගතහොත් මවගේ අස්ථි ප්‍රතිශෝෂණය (Resorption) කරමින් දරුවාට කැල්සියම් සැපයීම සිදුවේ.

🔴 යකඩ

යකඩ යනු රුධිරයේ අඩංගු ප්‍රධාන සංඝටකයක් වන හිමොග්ලොබින් නිපදවීම සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයකි. කායික හා බුද්ධි වර්ධනයටත් පුද්ගල ඵලදායිතාව ඉහළ නැංවීමටත් යකඩ වැදගත් වේ. ගර්භණී අවධියේදී යකඩ අවශ්‍යතාව ඉහළ යන්නේ, ඉහළ යන රතු රුධිර සෛල ප්‍රමාණය නිෂ්පාදනයට, කළලයේ වර්ධනයට, ගර්භාෂයේ පටක හා කළල බන්ධයේ වර්ධනයට යකඩ අත්‍යවශ්‍ය වන නිසාවෙනි.

ගර්භණී කාලයේ දෙවන ත්‍රෛමාසිකය ආරම්භ වන විට යකඩ අවශ්‍යතාව ඉහළ යෑමට පටන්ගෙන තුන්වන ත්‍රෛමාසිකයේදී එය උපරිම වේ. එම නිසා මෙම අවධිවලදී යකඩ අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ.

යකඩ අඩංගු ආහාර ලෙස රතු පැහැති මස්, සත්ත්ව අක්මා (පීකුදු), මාළු, කරවල, පලා වර්ග, පියලි හා ඇට වර්ග 🍖🥩🥬දැක්විය හැකිය. එනමුත් අධික ලෙස රතු පැහැති මස් ආහාරයට ගැනීම පිළිකා ඇතිවීමේ අවධානම වැඩි කළ හැකි බැවින් ඒවා නියමිත ප්‍රමාණ වලින් ගැනීම ඉතා වැදගත් වේ. එසේම විටමින් A බහුලව අඩංගු බැවින් සත්ත්ව අක්මා වැඩි වශයෙන් ගැනීම නුසුදුසුය. මෙම ආහාර සමඟ දෙහි යුෂ මිශ්‍ර කරන ලද සලාදයක්, කොළ මැල්ලුමක් 🥗 ආහාරයට එක්කර ගැනීම මඟින් යකඩ උරාගැනීම වැඩි කල හැක.

🚫ආහාර වේල ගැනීමත් සමගම තේ හෝ කෝපි පානය කිරීම යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි. එම පාන වර්ග ගන්නේ නම් අවම වශයෙන් ආහාර වේල ගැනීමට පැයකට පමණ පෙර හෝ පසුව ගැනීමට වග බලා ගත යුතුය. ☕‼️

🛑 නිර්මාංශ මව්වරුන්ට,

තම්පලා, සාරණ, ගොටුකොළ, කතුරුමුරුංගා 🥬🥗 වැනි පලා වර්ග දෙහි යුෂ මිශ්‍ර මැල්ලුම් ලෙසට සකස් කර ආහාරයට එක්කර ගැනීම මඟින් යකඩ අවශෝෂණය වැඩි කල හැක.

එසේම නෙලුම් අල, සෝයා බෝංචි, මුං, කඩල, කව්පි, පරිප්පු වැනි පියලි හා ඇටවර්ග ආහාරවේලට එක්කර ගත හැකිය. මෙම පියලි හා ඇට වර්ග පිළියෙල කිරීමට පෙර ප්‍රරෝහණය වීමට සැලැස්වීමෙන් ඒවායේ අඩංගු යකඩ ශරීරයට උරා ගැනීම පහසු කරවයි.

එසේම ගර්භණී අවධියේ පළමු සති 12න් පසුව දිනපතා 30 mg (මිලි ග්‍රෑම්) පමණ යකඩ අතිරේකයක් ලබා ගැනීමට නිර්දේශ කර ඇත.

🔴 සින්ක්

ගර්භණී අවධියේදී වැඩිපුර ලබාගත යුතු තවත් ඛණිජ ලවණයකි. සින්ක් කළලයේ වර්ධනයට හා විකසනයට සෛලවල ක‍්‍රියාකාරිත්වයට හා ප්‍රෝටීන නිෂ්පාදනයට මෙන්ම න්‍යෂ්ඨික අම්ල වල පරිවෘත්තියටද වැදගත් වේ. කළලයේ සින්ක් ඌණතාවය වර්ධනය බාල වීමට මෙන්ම දරු ප‍්‍රසූතියේදී ගැටළු ඇතිවීමටත් හේතු වේ. සින්ක් බහුල ආහාර අතර කුඩා මුහුදු මාළු, ඉස්සන්, හාල්මැස්සන් 🦈🥩🍤 ප්‍රධාන වේ.

🔴 අයඩින්

ගර්භණී සමයේදී ඇති වන අයඩින් ඌණතාවය දරුවාට අහිතකර බලපෑම් ඇති කල හැකිය. විශේෂයෙන්, මොළය වර්ධනය සදහා අවශ්‍ය ශක්ති නිෂ්පාදනයේදී අයඩීන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අයඩින් මිශ්‍ර ලුණු ආහාර පිළියෙල කරගැනීමට යොදාගැනීමත් මුහුදු මාළු 🦈🦈 ආහාරයට ගැනීමත් මඟින් ගර්භණී මවගේ අයඩීන් අවශ්‍යතාවයන් සපුරාගත හැක.

මෙම නිවැරදි පෝෂණවේදි උපදෙස් පිළිපදිමින් නීරෝගී ගර්භණී අවධියක් පවත්වා ගැනීමට කටයුතු කරන්න.😍🤝

Copied

💥හරි විදිහට diet කරන්නේ කොහොමද?ගොඩක් අය භාවිතා කරන වැරදි ක්‍රම මොනවාද?• අඩු කැලරි ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීම. ව්‍යායාම න...
10/14/2025

💥හරි විදිහට diet කරන්නේ කොහොමද?

ගොඩක් අය භාවිතා කරන වැරදි ක්‍රම මොනවාද?

• අඩු කැලරි ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීම.

ව්‍යායාම නොකරන එසේත් නොමැති නම් දවස පුරාම ඇදක් මත වැතිරී සිටින පුද්ගලයකුට වුවත් දිනකට අවශ්‍ය නියමිත කැලරි ප්‍රමාණයක් තිබේ. එම නිසා ඔබ ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ගැනීමෙන් ඔබට එදිනෙදා කාර්යයන් පවා සිදු කිරීමට අපහසු වෙනවා.
මෙම දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

• ව්‍යායාම නොකිරීම හෝ අධික ලෙස ව්‍යායාම කිරීම
ව්‍යායාම මගින් අමතර කැලරි දහනය කර දෙනවා සේම ඔබේ පරිවෘත්තීය වේගය වැඩි කරේ. තවද ව්‍යායාම ඔබේ මාංශ පේශී වර්ධනය කරයි.
නමුත් ඔබ අධික ලෙස ව්‍යායාම සිදු කර හොත් එමගින් ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් දහනය වේ. තවද එය හොර්මෝන අසමතුලිතතාවයකට හේතු විය හැකිය.

• Fad diets, keto diets, intermittent fasting, Mediterranean diet, වැනි විවිධ ආහාර රටාවන් අනුගමනය කිරීම.

මෙවැනි ආහාර රටාවන් මගින් බර අඩු කර ගැනීම කොපමණ කාලයකට සාර්තක ද යන්න පරීක්ෂණාත්මකව තහවුරු කර නොමැති නිසා සියලු පෝෂක නියමිත ප්‍රමාණයෙන් අඩංගු ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වනවා. මෙවැනි ආහාර හා ආහාර පුරුදු නිසාවෙන් ඔබේ බර පාලනය වීම වෙනුවට ඔබේ ශරීරයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට පුලුවන්.මෙවැනි ආහාර රටාවන් වලදී ප්‍රධාන වශයෙන්ම cabohydrate සීමා කිරීම සිදු වෙනවා. නමුත් මෙය ඔබේ ශරීරයට ඉතාමත්ම අහිතකර බව ඔබ දන්නවාද. carbohydrate යනු අපේ ශරීරයට අවශ්‍ය මහා පෝෂකයක්. ඔබ මේ ආකාරයෙන් carbohydrate සීමාකිරීමෙන් විවිධ අහිතකර බලපෑම් ඇතිවන බව දැන සිටීම ඉතාමත්ම වැදගත්. දිගින් දිගටම මෙලෙස carbohydrate ආහාරයට නොගැනීමෙන් මරණය පවා සිදුවිය හැකියි.

එසේම මෙවැනි ආහාර රටා අනුගමනය කීරීමේදී ඔබ අහාර ගන්නා අවස්තාවේදී ඔබ ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ආහාර මගින් ලබා ගැනීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි.මොකද ඔබ ආහාර වේල් මගහරිමින් සිටින නිසා ආහාර ලබාගන්නා අවස්තාවේදී ඔබ සිට්නේ දැඩි කුසගින්නක. එම නිසා ඔබ එම අවස්තාවේ පමනට වඩා ආහාර ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. එමනිසා මෙවැනි ආහාර රටා අනුගමනය කර සාර්තක වීම ගැටලු සහගතයි.

• අවශ්‍ය තරම් ප්‍රෝටීන බහුල ආහාර නොගැනීම.
ප්‍රෝටීන ආහාර රුචිය අඩු කිරීමටත්, බඩ පිරුණු ස්වභාවය පවත්වා ගැනීමටත්, පරිවෘත්තීය වේගය වැඩි කිරීමටත් වගේම මාංශ පේශී වර්ධනයටත් උපකාරී වෙනවා. එමනිසා බර පාලනය කිරීමට ප්‍රෝටීන බහුල ආහාර ගැනීම ඉතා වැදගත්.

එලෙසම සමහරැ Diet කිරීමේදී ප්‍රෝටීන් බහුල ආහාර පමණක් ලබා ගැනීමට පෙලබෙනවා. මෙය කොපමන දුරට සාර්තකද යන්නත් ගැටලු සහගතයි. මොකද ඔබ ප්‍රෝටීන් වැඩි වශයෙන් ආහාරයට ලබා ගන්නාවිට අතිරේකව ලබා ගන්නා ප්‍රෝටීන් ද මේදය බවට පත්වී මේද පටකයේ තැන්පත් වේ. කසේ නමුත් ඔබේ ආහාර වේල් ප්‍රෝටීන් මත පමනක් පදනම් නොකර ආහාර වේල් වල
ප්‍රෝටීන් යම් ප්‍රමාණයකට වැඩි කිරීම සුදුසු වනවා.

• අවශ්‍ය තරම් තන්තු සහිත ආහාර නොගැනීම.
තන්තුමය ආහාර දිරවීම සිදු වන්නේ සෙමින්. එමනිසා ආමාශය හිස් වීම සිදු වන්නේ ද සෙමිනි. මෙමගින් ඔබ වරකට ගන්නා ආහාර ප්‍රමාණයත් ආහාර වේල් ගණනත් සීමා වෙනවා. එමනිසා තන්තුමය ආහාර වැඩිපුර ගැනීම බර අඩු කිරීමට හොඳ පිළියමක්.

• රාත්‍රී ආහාර වේල මග හැරීම.
බොහෝ දෙනෙක් බර අඩු කරගැනීම සදහා රාත්‍රී ආහාරය නොගෙන සිටීමට පුරුදුව සිටිනවා. එය කිසිසේත් සිදු නොකළ යුතු අතර උදෑසන, දිවා හා රාත්‍රී ආහාරය නියමිත වෙලාවට ගැනීම වැදගත් වනවා.

• වෙළඳපොලේ පවතින ප්‍රමිතියකින් තොර පෙති වර්ග, ඖෂධ වැනි දේ වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිත කිරීම
මෙවැනි පෙති වර්ග, ඖෂධ වල diuretics හා laxatives අඩංගු බැවින් මෙවැනි දේ ප්‍රමාණය ඉක්මවා වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝ කාලීනව භාවිතා කිරීම නුසුදුසු වනවා.

බර අඩු කරගන්න හොදම විදිහ මොකක්ද?
1.කෑම වේල් මග හරින්න එපා!
ප්‍රධාන ආහාර වේල් මග හැරීම, බර අඩු කරගැනීමට කිසිසේත්ම උපකාරී වන්නේ නැහැ. ප්‍රධාන ආහාර වේල් මගහැරීම මගින් ඔබව නිතර නිතර වෙනත් සුළු ආහාර ගැනීමට පොළඹවයි. එමනිසා ඔබව තවත් තරබාරු වනවා හැරෙන්නට බර අඩු වීමක් සිදු වන්නේ නැහැ.☹️

2.කාබෝහයිඩ්ඩ්රේට, සංතෘප්ත මේද🍟 භාවිතය අඩු කරන්න.
තරබාරු බවට ප්‍රධානතම හේතුව වන්නේ කාබෝහයිඩ්රේට අඩංගු ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීමයි. අතිරික්ත කාබෝහයිඩ්රේට දහනයෙන් පසු මේදය ලෙස සිරුරේ තැන්පත් වීම සිදුවේ. එමනිසා ප්‍රධාන ආහාර වේල් තුනට ප්‍රෝටීන බහුල ආහාර🥚🍖 , එළවළු🥦🫑🥕🥬🥒 පලතුරු 🍎🍓🍌🥑🍇වැඩිපුර එක්කර ගන්න. එම ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය අඩු නිසා බර අඩු කරගැනීමට සාර්ථකව දායක වෙනවා.

3.සෑම දිනක්ම ක්‍රියාශීලීව ගතකරන්න🏃♂️🧘♀️
ප්‍රමාණවත් ව්‍යායාම , කැලරි දහනය වේගවත් කරනවා. අවම වශයෙන් මිනිත්තු 30 බැගින් සතියකට දින 5 ක් ඇවිදීම , දිවීම, බයිසිකල් පැදීම 🚴♂️වැනි ක්‍රියාකාරකම් වල නිරත වන්න. එවගේම මාංශපේෂින් ශක්තිමත් කරන ව්‍යායාම (muscle strengthening exercises)🏋️♂️වශයෙන් සතියට දිනක්වත් සිදු කරන්න.

4.වැඩිපුර ජලය පානය කරන්න.🥤
පිපාසයක් දැනුන විට සිසිල් බීම වෙනුවට හැකිතාක් පිරිසිදු ජලය පානය කිරීමට හුරු වන්න. එසේම වැඩිපුර ජලය පානය කිරීම ඔබට නිතර කුසගිනි ඇතිවීම වළක්වනවා.

5.තන්තු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට එක් කරගන්න.
තන්තු මගින් ආහාර දිරවීම ප්‍රමාද කරනවා සේම ආහාරයේ අඩංගු මේදය, සරල සීනි අවශෝෂණය වීම අඩු කරනවා.

6.කුඩා ප්‍රමාණයේ පිගානක් ආහාර ගැනීම සදහා භාවිතා කරන්න.
ප්‍රමාණයෙන් කුඩා පිගානක් භාවිතා කිරීම වරකදී ඔබ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරනවා. එවගේම අප ආහාර ගන්නා විට කුස පිරුණු බවට පණිවිඩයක් මොළයට 🧠ගමන් කිරීමට මිනිත්තු 20 ක් ගත වෙනවා. එනිසා සෙමින් ආහාර ගැනීමට අමතක නොකරන්න.

7.ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් අඩුකරන්න🍟🍔🚫

8.ඇල්කොහොල් භාවිතය හැකිතාක් අඩුකරන්න🍻🚫

9.සකස් කල ආහාර වල ලේබලයෙ අඩංගු කැලරි ප්‍රමාණය පිළිබද සැලකිලිමත් වන්න.

10. ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගන්න.(දිනකට පැය 7-8 ක් පමණ )

වඩාත්ම සුදුසු වන්නේ පෝෂණවේදියෙක් ආහාරවේදියෙක් (nutritionist / dietetian) හමුවී ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවය කොපමනද යන්න ගනගය කරගෙන ඔබට සුදුසු meal plan එකක් සකසා ගැනීමයි.මෙමගින් පෝෂණඋෟනතා හෝ වෙනත් ගැටලු වලට මුහුණ නොදී ඉතා සාර්තකව ඉක්මනින් ඔබට සාර්තක ප්‍රතිපල ලබා ගැනීමට හැකියි.

බර අඩු කරගැනීම සදහා උපකාර කරගතහැකි ආහාර

🔸 එලවලු 🥗 (පලා වර්ග , හතු, ලූණු, සුදු ලූණු , තක්කාලි )
🔸 පලතුරු 🥙(ඇපල්, අලිගැටපේර, කෙසෙල්, බෙරි වර්ග, මිදි, කොමඩු, දොඩම් )
🔸 ධාන්‍ය වර්ග 🍛(ඕට්ස් , රතු සහල්, බාර්ලි , බඩ ඉරිගු, කරල් බෝග )
🔸 ඇට වර්ග 🥜 (රට කජු , කජු, ආමන්ඩ්)
🔸 මාළු (සැමන්, බල මාලු) සහ බිත්තර 🍣
🔸 යෝගට්🥛

මෙලෙස නිවැරදි ⁣පෝෂණවේදී උපදෙස් අනුගමනය කිරීම තුළින් ස්ථුලභාවය නැමති තත්ත්වයෙන් මිදී සැහැල්ලු, ක්‍රියාශීලි,නි⁣රෝගි සහ හැඩැති සිරුරකට හිමිකම් කීමට ඔබටත් හැකිවනු නොඅනුමානය.💯

゚viralシfypシ゚

💥බීට් රූට් යුෂ වල සෞඛ්‍ය ප්‍රතිලාභ💥🏵️බීට් රූට් යනු බොහෝ මිනිසුන් කැමති  මිහිරි එළවළුවකි. එය අපිට අලුත් දෙයක් නොවේ, නමුත්...
10/10/2025

💥බීට් රූට් යුෂ වල සෞඛ්‍ය ප්‍රතිලාභ💥

🏵️බීට් රූට් යනු බොහෝ මිනිසුන් කැමති මිහිරි එළවළුවකි. එය අපිට අලුත් දෙයක් නොවේ, නමුත් එය පසුගිය දශකය තුළ සුපිරි ආහාර තත්ත්වය දක්වා ඉහළ ගොස් ඇත.

🏵️බීට් යුෂ හෝ බීට්රූට් යුෂ පානය කිරීම ඔබේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

🏵️බීට් යුෂ වල ප්‍රතිඔක්සිකාරක, කණිජ ලවණ (electrolytes ) සහ හෘදයේ සහ මොළයේ සෞඛ්‍යයට සහාය විය හැකි වෙනත් සංයෝග අඩංගු වේ.

1. රුධිර පීඩනය අඩු කිරීමට උපකාර වේ.

බීට් යුෂ ඔබේ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. 2022 මෙටා-විශ්ලේෂණ මූලාශ්‍ර සටහන් කරන්නේ බීට්රූට් යුෂ වල ඇති නයිට්‍රේට් අධි රුධිර පීඩනය ඇති වැඩිහිටියන්ගේ ආංකුච රුධිර පීඩනය (systolic blood pressure ) අඩු කළ බවයි.

නයිට්රේට් යනු බීට් යුෂ වල ඇති සංයෝගයක් වන අතර එය රුධිරයේදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පරිවර්තනය වන අතර රුධිර නාල පුළුල් කිරීමට සහ ලිහිල් කිරීමට උපකාරී වේ.

2. ව්‍යායාම ශක්තිය වැඩි දියුණු කළ හැක

බීට් යුෂ පානය කිරීමෙන් ප්ලාස්මා නයිට්‍රේට් මට්ටම ඉහළ නංවා භෞතික කාර්ය සාධනය ඉහළ නැංවිය හැක.

2017 පර්යේෂණයක් මගින් තහවුරු කළේ බීට්රූට් යුෂ (දින 5-6 කට වැඩි) දිගු කාලීන පරිභෝජනයෙන් පහත සඳහන් ප්‍රතිලාභ ලැබිය හැකි බවයි:

කාල අත්හදා බැලීම්වල කාර්ය සාධනය වැඩි කිරීම
වෙහෙසට පත්වීමට ගතවන කාලය වැඩි කිරීම
හෘද, ශ්වසන ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීම

3. හෘද රෝග ඇති පුද්ගලයින්ගේ මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කළ හැකිය

2016 අධ්‍යනයක ප්‍රතිඵල මූලාශ්‍රවලින් පෙනී යන්නේ සතියක් සඳහා දිනපතා බීට්රූට් යුෂ 70 mL (කෝප්ප 1/3) පරිභෝජනය කිරීම හෘදයාබාධ සහිත වැඩිහිටි වැඩිහිටියන්ගේ ව්‍යායාම කිරීමේ කාලය (exercise tolerance ) වැඩිදියුණු කළ හැකි බවයි.

පර්යේෂකයන් සඳහන් කළේ සහභාගිවන්නන්ගේ aerobic ව්‍යායාම විඳදරාගැනීම 24% කින් වැඩි දියුණු වූ බවයි.

4. නිරෝගී බරක් පවත්වා ගැනීමට ඔබට උපකාර වේ.

බීට් යුෂ කැලරි අඩු වන අතර ප්‍රායෝගිකව මේදය නොමැත. එය ඔබගේ උදෑසන ස්මූති (morning smoothie )සඳහා විශිෂ්ට විකල්පයකි. ඔබ ඔබේ දවස ආරම්භ කරන විට, එය ඔබට පෝෂ්‍ය පදාර්ථයක් සහ ශක්තියක් ලබා දෙනු ඇත.

නමුත් එහි ස්වභාවික සීනි අධික බව සලකන්න.

5. ඔබේ පිළිකා අවධානම අඩු කර ගැනීමට උපකාර වේ

බීට් වල සාරවත් වර්ණය ලැබෙන්නේ ජලයේ ද්‍රාව්‍ය ප්‍රතිඔක්සිකාරක වන බීටාලයින් වලිනි. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහ (anti inflamatory) ගුණ ඇති විශ්වාසනීය ප්‍රභවයක් වන අනෙකුත් ෆ්ලේවනොයිඩ් සහ පොලිෆෙනොලික් සංයෝග ද එහි අඩංගු වේ.

බෙටලයින් සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක, විශාල වශයෙන් ප්‍රදාහ තත්ව ප්‍රවර්ධනය කිරීමට සහ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරීමට හැකි නිදහස් රැඩිකලුන් (free radicals )හෝ අස්ථායී අණු සොයා ගැනීමට සහ විනාශ කිරීමට උපකාරී වේ.

6.රසායනික චිකිත්සාව (chemotherapy )අතරතුර ශරීරයේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට සහාය විය හැක

වෙනත් පර්යේෂණක් යෝජනා කරන්නේ බීට්රූට් යුෂ විභව රසායනික ආරක්ෂණ ගුණ ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ එය රසායනික චිකිත්සාව නිසා ඇතිවන අතුරු ආබාධ සහ ශරීරයට සිදුවන හානිය අවම කර ගත හැකි බවයි. මෙයට තෙහෙට්ටුව ඇතුළත් විය හැකිය.

කෙසේ වෙතත් කතුවරුන් සඳහන් කරන්නේ බීට්රූට් යුෂ රසායනික චිකිත්සාව සහ අනෙකුත් ඖෂධ සමඟ අන්තර්ක්‍රියා කළ හැකිද යන්න සොයා බැලීම සඳහා අතිරේක පර්යේෂණ අවශ්‍ය බවයි.

7. පොටෑසියම් සදහා හොඳ මූලාශ්රයක් වේ

බීට් යනු පොටෑසියම් වල හොඳ ප්‍රභවයක් වන අතර එය වන අතර එය ස්නායු සහ මාංශ පේශි නිසි ලෙස ක්‍රියා කිරීමට උපකාරී වේ. බීට් යුෂ මධ්‍යස්ථව පානය කිරීම ඔබේ පොටෑසියම් මට්ටම ප්‍රශස්ත ලෙස තබා ගැනීමට උපකාරී වේ.

පොටෑසියම් මට්ටම ඉතා අඩු නම්, තෙහෙට්ටුව, දුර්වලතාවය සහ මාංශ පේශි කැක්කුම ඇති විය හැක. ඉතා අඩු පොටෑසියම් ජීවිතයට තර්ජනයක් වන අසාමාන්‍ය හෘද රිද්මයකට හේතු විය හැක.

පොටෑසියම් මට්ටම ඉතා ඉහළ මට්ටමක පැවතීම ඒ සමාන රෝග ලක්ෂණම ඇති කරන අතර ජීවිතයට තර්ජනයක් විය හැකිය.

නිදන්ගත වකුගඩු රෝග සහ අවසන් අදියරේ වකුගඩු රෝග ඇති පුද්ගලයින්ට පොටෑසියම් අඩු ආහාර වේලක් අනුගමනය කිරීමට අවශ්‍ය විය හැකිය, එබැවින් බීට් යුෂ නිතිපතා පරිභෝජනය කිරීම හානිදායක විය හැකි බැවින් භාවිතය්ට පෙර සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් විමසන්න.

8. අනෙකුත් ඛනිජ වල හොඳ මූලාශ්රයක් වේ

අත්‍යවශ්‍ය ඛනිජ ලවණ නොමැතිව ඔබේ ශරීරයට නිසි ලෙස ක්‍රියා කළ නොහැක. සමහර ඛනිජ වර්ග ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන අතර අනෙක් ඒවා සෞඛ්‍ය සම්පන්න අස්ථි සහ දත් සඳහා සහාය වේ.

පොටෑසියම් වලට අමතරව, බීට් යුෂ විශ්වාසදායක ප්‍රභවයක් සපයයි:

🌺යකඩ
🌺මැග්නීසියම්
🌺මැංගනීස්
🌺සෝඩියම්
🌺සින්ක්
🌺කොපර්
🌺සෙලේනියම්

9. ෆෝලේට් සදහා හොඳ ප්‍රභවයකි

ෆෝලේට් යනු කොඳු ඇට පෙළ සහ ඇනෙන්ස්ෆලි වැනි ස්නායුක නල දෝෂ වැළැක්වීමට උපකාරී වන බී විටමින් වර්ගයකි. එය නොමේරූ දරු උපත් ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකිය.

බීට් යුෂ ෆෝලේට් සදහා හොඳ ප්‍රභවයකි. ඔබ ගැබ්ගෙන ඇත්නම්, ඔබේ ආහාර වේලට බීට් යුෂ එකතු කර ගැනීමෙන්, ගර්භනී පුද්ගලයින් සඳහා දෛනිකව නිර්දේශිත ෆෝලේට්ලබා ගත හැක.

🌹ඔබට අඩු රුධිර පීඩනයක් තිබේ නම්, බීට් යුෂ නිතිපතා පානය කිරීම ඔබේ පීඩනය ඉතා පහත වැටීමේ අවදානම වැඩි කරයි. ඔබේ රුධිර පීඩනය හොඳින් නිරීක්ෂණය කරන්න.

🌹ඔබ කැල්සියම් ඔක්සලේට් වකුගඩු ගල් වලට ගොදුරු වන්නේ නම්, ඔබ බීට් යුෂ පානය කිරීමෙන් වැලකිය යුතුය. බීට් වල ඉහළ ඔක්සලේට් ප්‍රමානයක් ඇත. ඔබේ මුත්‍රා වල ස්ඵටික සාදන ස්වභාවිකව ඇති ද්‍රව්‍ය වේ. ඒවා ගල් වලට තුඩු දිය හැකිය.

🏵️ඇත්තටම ඔබේ රුධිර පීඩනය අඩු කරනවාද?

ඔව්, බීට් වල නයිට්රේට් ඔබේ රුධිර පීඩනය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.

🏵️අමු බීට්රූට් යුෂ සහ පිසූ බීට් යන දෙකම රුධිර පීඩනය අඩු කිරීමට ඵලදායී බව සොයා ගත් අතර, අමු බීට් යුෂ වැඩි බලපෑමක් ඇති බව සොයාගෙන ඇත.

🌹දිනපතා බීට් යුෂ පානය කිරීම සුදුසුද?

බීට් යුෂ මගින් ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ වැනි ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ ලබා දිය හැක.

එය නිතිපතා පානය කිරීම ඔබේ සෞඛ්‍යයට සහාය වීමට, ප්‍රදාහය අඩු කිරීමට සහ ඔබේ ව්‍යායාම ශක්තිය වැඩි කිරීමට සහ අනෙකුත් ප්‍රතිලාභ අතරට උපකාරී වේ.

🌹බීට් යුෂ පානය කිරීමේ අවාසියක් තිබේද?

2020 අධ්‍යයනයකින් හෙළි වූයේ බීට්රූට් යුෂ වල ඉහළ නයිට්‍රේට් සාන්ද්‍රණයක් ඇති අතර එය පානය කිරීමෙන් පසු ශරීරය තුලදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පරිවර්තනය වන බවයි. නයිට්‍රික් ඔක්සයිඩ් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි, රුධිර පීඩනය අඩු කිරීම සහ මාංශ පේශි සහ අවයව වලට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දීම වැඩි කරයි.

ඔබේ නයිට්‍රේට් ප්‍රමාණය දෛනික නිර්දේශිත මට්ටමට වඩා වැඩි කිරීමෙන් විය හැකි අවාසි ඇතිවේ. මෙය පිළිකා කාරක ලෙස හඳුන්වන N-nitroso සංයෝග සෑදීම උත්තේජනය කළ හැකි අතර වෙනත් අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සඳහන් කළේ බීට්රූට් යුෂ වල ඍණාත්මක බලපෑම් පිළිබඳ පර්යේෂණ ප්‍රමාණය සීමිත බවත්, නිවැරදි අවදානම් තක්සේරුවක් සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවත්ය.

🌹බීට් යුෂ ඔබේ ශරීරය විෂ හරණය (detox) කරයිද?

බීට්රූට් යුෂ වැනි නිශ්චිත ආහාර වේලක් නොමැතිව ඔබේ ශරීරය ස්වභාවිකවම විෂ ඉවත් කරයි. ඔබේ වකුගඩු, අක්මාව, ආහාර ජීර්ණ පද්ධතිය සහ අනෙකුත් අවයව සාමාන්යයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට එකට වැඩ කරයි.

🌹කෙසේ වෙතත්, බීට් යුෂ සමබර ආහාර වේලක් සමඟ ඔබේ සමස්ත සෞඛ්‍යයට සහාය විය හැකි ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ.

🏵️බීට් යුෂ නිරන්තරයෙන් පානය කිරීමෙන්

🌹රුධිර පීඩනය අඩු කිරීම
🌹LDL එනම් අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම
🌹ව්‍යායාම ශක්තිය වැඩි දියුණු කරීම
🌹හෘදයාබාධ ඇති පුද්ගලයින්ගේ මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම
🌹නිරෝගී බරක් පවත්වා ගැනීම
🌹ඔබේ අක්මාව තුළ මේද තැන්පතු සෑදීම වැළැක්වීම හෝ අඩු කිරීම
🌹රසායනික චිකිත්සාව තුළ සමස්ත සෞඛ්‍යයට සහාය වීම සිදු වේ

🏵️ඔබ ඒවා කෙසේ සකස් කළත් බීට් රූට් පෝෂ්‍යදායී වේ.

🌹ඔබ ඔබේ ආහාර වේලට බීට් යුෂ එකතු කරන්නේ නම්, මුලින්ම එය සුලුවෙන් ගන්න. කුඩා බීට් භාගයක් යුෂ කිරීමෙන් ආරම්භ කර ඔබේ ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය බලන්න. ඔබේ ශරීරය සකස් වන විට, ඔබට වැඩිපුර පානය කළ හැකිය.

゚viralシfypシ゚

Address


Branford, FL
32008

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Eating Tips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram