Suwa Jeewa - සුවජීව - SRI LANKA

Suwa Jeewa - සුවජීව - SRI LANKA Ayurveda Heath and Beauty Care Treatment Center in SRI LANKA

21/08/2025

Suwa Jeewa Ayurveda Medical Center
Where wellness meets luxury

Gym යන්න /  Excercise කරන්න වෙලාවක්  නැද්ද..?ස්නේහ හා ස්වේද කර්ම ප්‍රතිකාර වල ගුණ ඔබත් අත්විදින්නසර්වාංග ස්වේද ( Steam b...
21/02/2025

Gym යන්න / Excercise කරන්න වෙලාවක් නැද්ද..?

ස්නේහ හා ස්වේද කර්ම ප්‍රතිකාර වල ගුණ ඔබත් අත්විදින්න

සර්වාංග ස්වේද ( Steam bath )

ස්වේද යනු ඩහදිය යි.ශරීරයෙන් දහඩිය උපදවන හෙවත් ඩහ ගන්වන ක්‍රියා ස්වේද කර්ම කර්‍ම යයි කියනු ලැබේ.

යම් කිසි ද්‍රව්‍යයක උපයෝගයෙන් ශරීරයේ බර බව, තද ගතිය, ශීතය යන මේවා නැති කරයිද ඒ ද්‍රව්‍ය ස්වේද ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.

මෙහිදී....

පළමුව සුදුසු ආයුර්වේද තෙල් වර්ගයක් ශරීර අභ්‍යංග කර දෙවනුව වාෂ්ප කුටීරය තුළට රෝගියා යොමු කරයි. මෙහිදී රෝගයන්ට අදාළ වන ඖෂධ වර්ග රත්කර හුමාලය හරහා ශරීරයට වැටීමට සලස්වයි .

මෙහිදී රෝගියාගේ රෝගී තත්ත්වය, වයස රෝගියා ගේ බලය ,ශක්තිය මත ඖෂධ හා තෙල් වර්ග තීරණය කරයි.

ස්වේද යේ ප්‍රධාන ගුණ ලෙස

1. ශරීරයේ මෘදු බව ඇති කිරීම.
2. ශරීර අපද්‍රව්‍ය බැහැර කරවීම සඳහා උපකාරී වීම.
3. සමේ වර්ණය ගෙනදීම හා තරුන බව රැකදීම ( රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස )
4 අග්නිය දීප්තිමත් වීම.
5 ආහාර රුචිය ඇතිවීම.
6 අධික නිදිබර ගතිය අඩුවීම.
7 සන්ධිවල තද ගතිය අඩුවීම.
8 ශරීරය හා මනස සැහැල්ලු වීම.
9. අක්‍රමවත් හෝමොන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වීම

වැනි ප්‍රතිලාභ දැක්විය හැක.

ඉතා සාර්ථක වාෂ්ප ස්වේදනයක් සදහා ,

*බෙලි කොළ
*පාවට්ටා කොළ
*හින් මදුරු තලා
*නික කොළ
*කොහොඹ කොළ
*යකි නාරන් කොළ
*බෙහෙත් එඩරු කොළ ආදී ඖෂධීය කොල වර්ග යොදා ගනියි

ශාරීරික මානසික සුවතාවයකින් යුක්තව ,ප්‍රබෝදමත් බවකින් ආත්ම විශ්වාසයකින් යුතු ක්‍රියාශීලී දිවිපෙවෙතක් උදෙසා මෙම මහගු ප්‍රතිකාරය ඉතා ආරක්ශාකාරී පරිසරයක සුවපහසු ලෙස අප
වෛද්‍ය මධ්‍යස්තානයෙන් ලබා ගත හැක.

Hotline - 0777 - 071817

Suwethama Ayurveda Medical Center
655/1 /A
Gilbert Edirisinghe Mawatha
Arawwala, Pannipitiya

Colombo area only ...📌️📌️Call us for more information..0777  071817
21/02/2025

Colombo area only ...📌️📌️
Call us for more information..
0777 071817

12/02/2025

ස්නේහ හා ස්වේද කර්ම ප්‍රතිකාර වල ගුණ ඔබත් අත්විදින්න

............ ඔබ..........

📌️අධික තරබාරුවෙන් පෙලෙන කාන්තාවක් ද ?

📌️සමේ දුර්වර්ණතා හා වියලි බව තිබෙනවාද ?

📌️ සංධි වේදනා කැක්කුම් වලින් පෙලෙනවාද.?

📌️කාර්‍යබහුල රැකියාවක නිරත වන්නෙක් ද ?

📌️අධි රුධිර පීඩනයෙන් පෙලෙන කෙනෙක් ද ?

📌️ ඔසප් චක්‍රයෙ අක්‍රමිකතා වලින් පෙලෙන කාන්තාවක්ද ?

සර්වාංග ස්වේද ( Steam bath )

ස්වේද යනු ඩහදිය යි.ශරීරයෙන් දහඩිය උපදවන හෙවත් ඩහ ගන්වන ක්‍රියා ස්වේද කර්ම කර්‍ම යයි කියනු ලැබේ.

යම් කිසි ද්‍රව්‍යයක උපයෝගයෙන් ශරීරයේ බර බව, තද ගතිය, ශීතය යන මේවා නැති කරයිද ඒ ද්‍රව්‍ය ස්වේද ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.

මෙහිදී....

පළමුව සුදුසු ආයුර්වේද තෙල් වර්ගයක් ශරීර අභ්‍යංග කර දෙවනුව වාෂ්ප කුටීරය තුළට රෝගියා යොමු කරයි. මෙහිදී රෝගයන්ට අදාළ වන ඖෂධ වර්ග රත්කර හුමාලය හරහා ශරීරයට වැටීමට සලස්වයි .

මෙහිදී රෝගියාගේ රෝගී තත්ත්වය, වයස රෝගියා ගේ බලය ,ශක්තිය මත ඖෂධ හා තෙල් වර්ග තීරණය කරයි.

ස්වේද යේ ප්‍රධාන ගුණ ලෙස

1. ශරීරයේ මෘදු බව ඇති කිරීම.
2. ශරීර අපද්‍රව්‍ය බැහැර කරවීම සඳහා උපකාරී වීම.
3. සමේ වර්ණය ගෙනදීම හා තරුන බව රැකදීම ( රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස )
4 අග්නිය දීප්තිමත් වීම.
5 ආහාර රුචිය ඇතිවීම.
6 අධික නිදිබර ගතිය අඩුවීම.
7 සන්ධිවල තද ගතිය අඩුවීම.
8 ශරීරය හා මනස සැහැල්ලු වීම.
9. අක්‍රමවත් හෝමොන ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වීම

වැනි ප්‍රතිලාභ දැක්විය හැක.

ඉතා සාර්ථක වාෂ්ප ස්වේදනයක් සදහා ,

*බෙලි කොළ
*පාවට්ටා කොළ
*හින් මදුරු තලා
*නික කොළ
*කොහොඹ කොළ
*යකි නාරන් කොළ
*බෙහෙත් එඩරු කොළ ආදී ඖෂධීය කොල වර්ග යොදා ගනියි

ශාරීරික මානසික සුවතාවයකින් යුක්තව ,ප්‍රබෝදමත් බවකින් ආත්ම විශ්වාසයකින් යුතු ක්‍රියාශීලී දිවිපෙවෙතක් උදෙසා මෙම මහගු ප්‍රතිකාරය ඉතා ආරක්ශාකාරී පරිසරයක සුවපහසු ලෙස අප
වෛද්‍ය මධ්‍යස්තානයෙන් ලබා ගත හැක.

සියලු ප්‍රතිකාර උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියගේ අදීක්ෂණය යටතේ සිදු වන අතර කාන්තා හා පිරිමි දෙපාර්ශවය සදහා සුදුසුකම් ලත් තෙරපිවරයෙක් හා තෙරපිවරියක් විසින් ප්‍රතිකාර කටයුතු සිදු කරයි.

මෙම සත්කාරය සදහා පැය 1 විනාඩි 30ක පමණ කාලයක් ගත වන අතර වෙලාවක් වෙන්කරවාගෙන පැමිනෙන්න.

Hotline - 0777 - 071817

Suwethama Ayurveda Medical Center
655/1 /A
Gilbert Edirisinghe Mawatha
Arawwala, Pannipitiya

අක්‍රමවත් ඔසප් චක්‍රය ⛔කාන්තාවකගේ මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා කාලය තුල ඔසප් වීම් චක්‍රයක ආකාරයට සිදුවේ.ඔසප් චක්‍රය ශර...
29/10/2023

අක්‍රමවත් ඔසප් චක්‍රය ⛔

කාන්තාවකගේ මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා කාලය තුල ඔසප් වීම් චක්‍රයක ආකාරයට සිදුවේ.

ඔසප් චක්‍රය ශරීරයේ හෝමොන මට්ටම වල වෙනස්වීම මගින් පාලනය වන්නකි.
මෙම චක්‍රයෙ කාලසීමාව දින 21 සිට 25 අතර වෙනස් විය හැකි වුවත් බොහො කාන්තාවන්ට දින 28 වරක් ඔසප් වීම සිදුවේ

දින 21 වඩා අඩු කාලයකින් හෝ දින 35 වඩා ප්‍රමාද වී ඔසප් වීම අසාමාන්‍ය තත්වයකි.

ඊට අමතරව ⤵️

📌️ රුධිර වහනය වන දින ගනනේ වෙනස්කම් ( දින 3 වඩා අඩුවීම හෝ දින 7 වඩා වැඩිවීම )
📌️ රුධිර ප්‍රමානයෙ අඩු වැඩි තත්ව ( අධික රුධිර වහනය හෝ සුලු රුධිර වහනය)
📌️ වර්ණය වෙනස් වීම හො රුධිරය කැටිති ලෙස පිටවීම
📌️ අසාමාන්‍ය වේදනාව
📌️ අසාමාන්‍ය ගන්ධයක් පැවතීම

අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්ශන වේ

සමහර අවස්තා වල විවිධ හේතු නිසා ඔසප් චක්‍රයෙ තාවකාලික වෙනස් විම් සිදුවිය හැකිය.

උදාහරණයක් ලෙස⤵️

📌️ අධ්‍යාපනික කටයුතු
📌️ රැකියා වල වෙනස්වීම්
📌️දේශගුනික තත්ව වෙන්ස්වීම්

නමුත් දිගින් දිගටම පවතියි නම් ඔසප් චක්‍රයෙ අක්‍රමිකතා සදහා අපගෙ වැරදි ජීවන රටා මෙන්ම විවිධ රෝග තත්ව බලපායි⤵️

📌️අධික ස්ථූලභාවය
📌️ මානසික ආතතිය
📌️ අධික ව්‍යායාමය
📌️ වැරදි ආහාර රටා
📌️ උපත් පාලන බෙහෙත් වර්ග
📌️ ගර්භාශගත / ඩිම්බකෝශගත ගෙඩි
📌️ තයිරොයිඩ් / පිටියුටරි ග්‍රන්ථියේ ගැටලු
📌️ දියවැඩියාව
📌️ PCOD
📌️Endometriosis
📌️pelvic inflammatory Disease

මෙම අක්‍රමිකතා දීර්ඝ කාලීනව පැවතිම නිසා විවිධ සංකූලතා වලට මුහුණ දීමට හැකිය.⤵️

📌️ මදසරුභාවය
📌️ අස්ථි පද්දතිය ආශ්‍රිත ගැටලු
📌️ හෘද රෝග

කලාතුරකින් වවත් මෙම තත්ව ගර්භාශගත පිලිකා තත්වයන් දක්වාද වර්දනය විය හැක.
මෙ නිසා ආර්තව චක්‍රයෙ පවතින ගැටලු වලට නිසි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.

(ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කරවාගෙන පැමිනීම අනිවාර්‍ය බව කරුනාවෙන් සලකන්න.)


ආයුර්වේද වෛද්‍ය එම් ඩී වත්සලා
සුවෙත්මා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

වේලාවක් වෙන් කරවාගැනිමට අමතන්න 0778205519

මදසරුභාවය ⛔මදසරුභාවය  යනු නිතිපතා සිදුවන අනාරක්ශිත ලිංගික සංසර්ගයෙන් වසරකට පසුවත් ගැබ් ගැනීමට අසමත් වීමයි.මේ තත්වය සදහා ...
30/09/2023

මදසරුභාවය ⛔

මදසරුභාවය යනු නිතිපතා සිදුවන අනාරක්ශිත ලිංගික සංසර්ගයෙන් වසරකට පසුවත් ගැබ් ගැනීමට අසමත් වීමයි.
මේ තත්වය සදහා කාන්තාවගෙ , පුරුශයාගේ හෝ ශාරීරික හා මානසික තත්වයන් බලපායි

📌️කාන්තාවගේ හෝ පුරුශයාගේ ප්‍රජනක පද්දතියෙ ඇති ව්‍යුහාතමක ගැටලු
📌️හෝමොනමය ගැටලු
📌️මානසික ගැටලු
📌️ විවිද රැකියාමය තත්ව
📌️අහිතකර ජීවන රටාව මේ සදහා හේතු විය හැක.

මේ සදහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඉතා සාර්තක චිකිත්සා පද්දතියක් පවතියි.

ඔබත් මෙවැනි ගැටලුවකින් පෙලෙන්නෙ නම් ඔබට දැන් අප වෙතින් සාර්තක ප්‍රතිකාර ලබා ගත හැක.

(ප්‍රතිකාර සදහා දෙදෙනාම පැමිනීම අනිවාර්‍ය බව කරුනාවෙන් සලකන්න.)


ආයුර්වේද වෛද්‍ය එම් ඩී වත්සලා
සුවෙත්මා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

වේලාවක් වෙන් කරවාගැනිමට අමතන්න 0778205519

මර්ම ප්‍රතිකාරයමර්මයක් යනු මාංස, සිරා, ස්නායු, අස්ථි , සන්ධි    යන මේ සියලු දේ එකිනෙකට සම්මිශ්‍රණය  වූ ස්ථානයක් වේ.මර්ම ...
18/09/2023

මර්ම ප්‍රතිකාරය

මර්මයක් යනු මාංස, සිරා, ස්නායු, අස්ථි , සන්ධි යන මේ සියලු දේ එකිනෙකට සම්මිශ්‍රණය වූ ස්ථානයක් වේ.
මර්ම ස්ථානයන් හී වීශේෂ වශයෙන් ප්‍රාණය පිහිටා ඇත.
එම නිසා මර්ම ස්ථාන පීඩාවට පත්වීමෙන් බොහො රෝග පීඩ ඇතිවිය හැක.
එමෙන්ම මර්ම ස්ථාන නිවැරැදිව උත්තේජනය කිරීම මගින් බොහෝ රෝගි තත්ව වලක්වා ගැනීමටත්, සුවකරගැනීමටත් හැකියාව ලැබේ.

මෙම ප්‍රතිකාරය මගින්,

📌️ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.
📌️ශරීර ශක්තිය වැඩිදියුණු කරයි
📌️මානසික ආතතිය දුරලයි
📌️ශරීරය හා මනස සැහැල්ලු කරයි
📌️ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරයි
📌️ශරීරයේ වේදනාවන් සමනය කරයි
📌️ආහාර ජීර්නය ක්‍රමවත් කරයි
📌️නිරෝගී දීප්තිමත් සමක් ලබාදෙයි
📌️තරුන බව රැකදෙයි
📌️ලිංගික ශක්තිය වර්ධනය කරයි
📌️ශරීරයේ හෝමොන සමතුලිතතාවය ඇති කරයි
📌️ස්නායි රෝග , සන්ධි රෝග , අතිස්ථූලභාවය , පීනස ආදී රෝග සදහා යෝග්‍ය වේ

සුවෙත්මා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

වේලාවක් වෙන් කරවාගැනිමට අමතන්න 0778205519

16/07/2023

කොදුඇට පෙල ආශ්‍රිත සියලුම රොග සදහා ප්‍රතිකාර

සුවෙත්මා ආයුර්වේද
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

අමතන්න 0778205519

Send a message to learn more

30/05/2023

සියලුම සන්ධි රෝග සදහා ප්‍රතිකාර

සුවෙත්මා ආයුර්වේද
At 655/1A,
ගිල්බට් එදිරිසිංහ මාවත , ඇරැව්වල
පන්නිපිටිය

අමතන්න 0778205519

වාශ්පස්වේදය හෙවත් ස්ටීම් බාත් ( Steam Bath ) ප්‍රතිකාරයආයුර්වේදය එන පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයේ එක් පූර්ව කර්ම කොටසක්  ලෙස...
31/01/2023

වාශ්පස්වේදය හෙවත් ස්ටීම් බාත් ( Steam Bath ) ප්‍රතිකාරය

ආයුර්වේදය එන පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයේ එක් පූර්ව කර්ම කොටසක් ලෙස දැක්විය හැක.
මෙහිදී ඖෂධීය තෙල් ඇග ගල්වා මෘදු සම්බාහනයක් සිදුකර වාශ්පස්වේද යන්ත්‍රයට රෝගියා ඇතුල් කරනු ලබයි
එමගින් ශරීරයට දහඩිය දැමීමට සලස්වයි.

මෙහි ප්‍රයොජන ලෙස ..

* වේදනා සමනය වීම
* ශරීරය සැහැල්ලු වීම
* ප්‍රසන්න භාවය හා සමෙහි වර්ණය ඇතිවීම
* ස්ථූලභාවය අඩු වීම
* මාංශ පේශී ශක්තිමත් වීම
* ඉන්ද්‍රියන් හොදින් ක්‍රියාකිරීම
* අධි රුධිර පීඩනය අවම වීම
* ආයුශ වැඩි වීම
යන කාරනා දැක්විය හැක

මෙම ප්‍රතිකාරය දැන් ඔබට අප වෙතින් සුදුසුකම් ලත් වෙෙද්‍යවරියකගෙ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

Suwethama Ayurveda Medical Center
655/1 /A
Gilbert Edirisinghe Mawatha
Arawwala, Pannipitiya

Hotline - 0778205519

( කරුනාකර පැමිනීමට පෙර වෙෙද්‍යතුමිය අමතා වේලාවක් වෙන්කරවාගන්න )

Address

Pannipitiya

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 06:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Jeewa - සුවජීව - SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram